Latest Posts

Digital Evidence, Judicial Limitations, and the Defense’s Sharp Offensive

A Prelude to the Daily Proceedings of the Controversial Substandard Medicine Trial Before the Permanent High Court at Bar

The “substandard medicine” trial, which shook Sri Lanka’s healthcare sector, resumed before the Permanent High Court at Bar on June 3, marking a new chapter in the legal battle surrounding digital evidence and technical data. This day, where all three parties—the prosecution, the defense, and the judiciary—faced technical challenges, aptly demonstrated the practical difficulties of adducing digital evidence within a modern judicial system.

It is particularly tragic that this trial has highlighted significant weaknesses and a lack of organization on the part of the prosecution in leading evidence.

This analytical review provides an in-depth commentary on the core of the day’s proceedings, the legal arguments raised, and the unique interventions by the judiciary.

The Digital Challenge and the Court’s Practical Limitations

Mr. E.M.D.T.E. Udangamuwa, Senior Assistant Examiner of Questioned Documents at the Government Analyst’s Department, took the witness stand for the third consecutive day. Deputy Solicitor General (DSG) Lakmini Girihagama commenced leading evidence by projecting data contained in a compact disc (CD) onto an electronic screen via a projector.

However, a crisis unfolded when the prosecution attempted to mark these digital folders as case exhibits.

Presiding Judge Priyantha Liyanage:

“How can a digital folder within a compact disc be marked as a document?”

DSG Lakmini Girihagama:

“When folder ‘P 297 II’ is opened, what does it contain?”

Witness (Mr. Udangamuwa):

“The available daily stocks.”

Defense Counsel Asela Serasinghe immediately rose, pointing out that displaying electronic data was impractical and that hard copies (printouts) were essential for cross-examination. Although the judge concurred, what surfaced next was the tragic reality of state resource limitations.

Judge:

“A hard copy can be marked instead of a soft copy.”

DSG Lakmini Girihagama:

“The Department cannot print them. State funds are not allocated for printing these copies. I am printing them at my personal expense.”

When the playback of the compact disc was repeatedly interrupted due to technical glitches, the judge ordered the relevant data to be copied in the presence of the Court Registrar. However, the judge was forced to revoke this order upon realizing that the court itself lacked the necessary facilities for the task. This starkly highlighted the practical void existing within the entire judicial infrastructure.

The Defense’s Sharp Cross-Examination Offensive

Despite the technical hurdles in court, the defense counsels did not relent in challenging the accuracy and the fundamental basis of the witness’s reports.

Counsel Rahul Jayathilaka (appearing for the 9th Defendant): His questioning focused heavily on the security of the system’s data and the usage of the Oracle software.

Counsel Rahul Jayathilaka:

“Can the facilities provided to the users of the Medical Supplies Division be ascertained from it? Based on your experience, can you guarantee the security of this data?”

Witness:

“The data in the user accounts of that software cannot be altered. Users have not been granted the authority to remove or change them. Everything remained exactly as it was.”

Counsel Nuwan Jayawardena (appearing for the 6th Defendant): He rigorously questioned the decision to obtain a backup rather than extracting data from the live system, as well as the unexplained disappearance of certain data.

Counsel Nuwan Jayawardena:

“How did the quantities of four drugs fall short? Do you know the reason for this?”

Witness:

“According to the court order, I observed that the Pronto system data related to four SR numbers was missing… I did not investigate it, Your Honour.”

Through this crucial response, the defense successfully established that the Government Analyst had not investigated the technical reasons behind the missing data.

Key Interventions by Other Defense Counsels:

  • Counsel Harendra Banagala (for the 1st Defendant): Emphasized the limitations of the witness’s investigations, confirming that no inquiries had been conducted regarding the COVID-19 period.
  • Counsel Asela Serasinghe (for the 2nd Defendant): Brought to light that the witness was entirely unaware of the individuals who prepared the information lists or the primary objective of the report.
  • Counsel Isuru Jayawardena (for the 3rd Defendant): Pointed out the glaring omission that the report contained absolutely no mention of the “Usable Stock” within the system.
  • Counsel Amitha Ariyaratne (for the 11th Defendant): Challenged the formal integrity of the report by questioning its structure, specifically highlighting the lack of a proper cover letter and official letterheads.

Analytical Review

The trial proceedings on June 3 were not merely an examination of evidence; they mirrored the broader crisis faced by the Sri Lankan judicial system in managing complex technical data.

Although the prosecution made strenuous efforts to corroborate the accuracy of the data, the defense counsels meticulously exposed the loopholes within those systems—such as missing data, the failure to verify software licenses, and the reliance on backup data instead of a live database. This effectively highlighted the weaknesses in the prosecution’s submissions. The fact that the bench had to devise on-the-spot solutions for technical and infrastructural issues, alongside adjudicating legal matters, further intensifies the complexity of this landmark case.

Unfolding next is the complete trial report of the day, documented amidst these heated legal debates.

නඩු වාර්තාව

2026/06/03

බාල බෙහෙත් නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (03) යළි විභාගයට ගැනුණු අවස්ථාවේ, සාක්ෂි දීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව මහතා තෙවැනි දිනටත් කැඳවනු ලැබීය.

සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා විද්‍යුත් තිරයක් මතට සීඩී (CD) තැටියක තිබූ ලේඛන ප්‍රොජෙක්ටරයක් ඔස්සේ පතිත කළ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් සාක්ෂි මෙහෙයවනු ලැබුවාය.

එහිදී එම සීඩී පටයේ ඇති ලේඛන පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අංකනය කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය උත්සාහ ගත් අවස්ථාවේදී, සභාපති විනිසුරුවරයා අසා සිටියේ සංයුක්ත තැටියක් තුළ ඇති ඩිජිටල් ෆෝල්ඩරයක් ලේඛනයක් ලෙස අංකනය කරන්නේ කෙසේද කියාය. අනතුරුව දෛනික තොග සහිත ෆෝල්ඩරය '297 II' ලෙසත්, මාසික තොග සහිත ෆෝල්ඩරය '297 III' ලෙසත් ලකුණු කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 297 II ෆෝල්ඩරය විවෘත කළ විට එහි ඇත්තේ මොනවාද? සාක්ෂිකරු: දෛනිකව පවතින තොග.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 297 III විවෘත කළ විට එහි අඩංගු වූයේ මොනවාද? සාක්ෂිකරු: මාසික තොග ප්‍රමාණය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ජාතික තලයේ ඖෂධ ගැන මෙහි සඳහන් වෙනවාද? සාක්ෂිකරු: ඔව්.

මේ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා පෙන්වා දුන්නේ, විද්‍යුත් තිරයේ දත්ත ප්‍රදර්ශනය ප්‍රායෝගිකව ප්‍රශ්න ඇති කරන බවය. සාක්ෂි විමසා අවසන් වූ පසු සාක්ෂිකරුට ස්ක්‍රීන් ෂොට් එකක් පෙන්විය යුතු බවත්, හරස් ප්‍රශ්න ඇසිය යුතු බවත් ඔහු පෙන්වා දුන් අතර, විත්තියේ නීතිඥයන් සියලු දෙනා ඊට එකඟතාව පළ කළහ. හැකියාවක් ඇත්නම් ප්‍රින්ට් අවුට් (මුද්‍රිත පිටපත්) ලබා දෙන්නැයි විත්තියේ නීතිඥවරු ඉල්ලීමක් කළහ.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ෆෝල්ඩර්වලට අංක දමන්නයි අවශ්‍ය වුණේ? නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒවා මුද්‍රණය කරන්න දෙපාර්තමේන්තුවේ බැහැ. එම කොපි මුද්‍රණයට රජයේ මුදල් වෙන් වන්නේ නැහැ. මම පෞද්ගලික මුදලින් ඒවා මුද්‍රණය කරන්නේ. විනිසුරු: මෘදු පිටපත වෙනුවට දෘඪ පිටපත මාක් කළ හැකියි.

යළි නඩු විභාගය ආරම්භ විය. 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එහෙත් එම සංයුක්ත තැටිය ධාවනයේදී දිගින් දිගටම බාධා සිදුවන බව නිරීක්ෂණය වූ අතර, සමහර අවස්ථාවල එය විවෘත වූවත් තවත් අවස්ථාවල විවෘත නොවිණි. එය හුදෙක් යාන්ත්‍රික දෝෂ මත සිදුවන බවත්, පැ 297 I දත්ත දෝෂයකට ලක් වුවහොත් සාක්ෂි මෙහෙයවීම ව්‍යාකූල වනු ඇති බවත් මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එය වැදගත් සාක්ෂියක් බැවින්, සංයුක්ත තැටියෙහි ඇති දත්තවල දෘඪ පිටපත් එක්සෙල් (Excel) ගොනු ලෙස වගු වශයෙන් ලබාගෙන තබා ගැනීමටත්, එම දත්ත සහිත එක්සෙල් වගු අධිකරණයේ රෙජිස්ටාර් ඉදිරියේ පිටපත් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

ඒ අනුව අධිකරණ කටයුතු පෙරවරු 11.45 දක්වා කල් තැබුණු අතර, යළි 11.45 ට එහි කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අවස්ථාවේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අධිකරණයේ රෙජිස්ටාර් ඉදිරියේ එසේ පිටපත් ලබා ගැනීමට අධිකරණයේ පහසුකම් නොමැති බවය. එවැනි පහසුකම් ලබාගත හැක්කේ පෞද්ගලික අංශයෙන් බව පෙන්වා දුන් විනිසුරුවරයා, ඒ සඳහා වියදම් දැරීමට පාර්ශ්වයක් නොවන බවද ප්‍රකාශ කළේය. එබැවින් රෙජිස්ටාර් ඉදිරියේ ඡායා පිටපත් ගැනීමට කළ නියෝගය අහෝසි කරන ලදී.

යළිත් විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ: 297 III ෆෝල්ඩරයට ඔබ ඇතුළත් කර තිබූ එක්සෙල් ෆයිල් දෙක ගැන කියන්න. සාක්ෂිකරු: ජාතික තොගයේ තිබූ ඖෂධ 182ක් හා ජාතික තොගයේ තිබූ ඖෂධ 229ක්, 2021 ජනවාරි සිට 2024 ජනවාරි දක්වා (ජනවාරි මාසයද ඇතුළත්ව) මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය විසින් එවන ලද ඖෂධ 182 මාසික තොගය වෙනමම ගණනය කර, වෛද්‍ය සැපයුම් අංශයේ මාසික තොගය, ආයතනික මට්ටමේ මාසික තොගය හා එහි එකතුව වන ජාතික තොගය ගණනය කර ඉදිරිපත් කළ ඒවා එහි තිබෙනවා.

නීතිඥ: ඖෂධ 229 ලැයිස්තුව කුමක්ද? සාක්ෂිකරු: එම එක්සෙල් වගුව විවෘත කළ විට, පෙර කී පරිදි මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය පෙර පරිදිම එවන ලද 2021 ජනවාරි සිට 2024 ජනවාරි දක්වා වන දත්ත ඇතුළත් ගොනුවක්.

නීතිඥ: මහේස්ත්‍රාත්තුමිය විසින් 1 ලෙස එවූ ලේඛන 206 I ලෙසද, අනෙක් ලැයිස්තුව 229 E 3 සහ 229 E 4 ලෙසද හඳුන්වා තිබෙනවා. සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

නීතිඥ: 7 වන ඡේදයේ ඇති කාරණය කුමක්ද? සාක්ෂිකරු: මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය එවන ලද ප්‍රශ්නවල 6, 7, 8 ප්‍රශ්නවලට පිළිතුරු දීම සිදුකර ඇති ආකාරයයි.

නීතිඥ: ඔබ ඊයේ කිව්වා 6, 7, 8, 9 අංක යටතේ ඇත්තේ, ඉවිස් (Ewis) ආයතනය ලබා දුන් මෘදුකාංගයට අදාළ ගිවිසුම පිළිබඳවයි කියලා. සාක්ෂිකරු: එකඟයි ස්වාමීනි.

නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයේ පරිශීලකයන්ට ඇති පහසුකම් දැනගන්න පුළුවන්ද ඒකෙන්? සාක්ෂිකරු: අපි නිරීක්ෂණය කළා. ඉවිස් ආයතනයට මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වය ගැන මනා දැනුමක් තිබුණා. ඒ නිසා මෘදුකාංග පාලනය වෛද්‍ය සැපයුම් ඒකකය යටතේ පවතින බව ඇතුළු කරුණු නිරීක්ෂණය කළා. අධිකරණ නියෝගවලට අදාළව ලිපියක් ගොනුකර ඇති බවත්, ඉවිස් මෙයට සහභාගි නොවන බවත් දැනුම් දුන්නා.

නීතිඥ: එම 297 වාර්තාවේ 2 හා 3 අත්සන් කාගෙද? සාක්ෂිකරු: පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සඳසිරි සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ජයසිංහ.

නීතිඥ: 2015 හෝ 2016 දී වෛද්‍ය සැපයුම් ඒකකය ප්‍රොන්ටෝ (Pronto) මෘදුකාංගය පවත්වාගෙන ගොස් ඇත්තේ, තොග පාලනයට පමණක් බව කිව්වා. එම පද්ධතිය භෞතිකව භාවිතා වෙද්දී එයින් පැරණි තොරතුරු ගැනීමට පමණක් භාවිතා වන බවත්, දෛනික මෙහෙයුම් ස්වස්ථා (Swastha) මඟින් කරන බව නිරීක්ෂණය වුණා. සාක්ෂිකරු: එසේමයි ස්වාමීනි.

නීතිඥ: පරිශීලකයන්ට දී ඇති වරප්‍රසාද කියන කරුණු ගැන, ඔබට ඇති පළපුරුද්ද මත මෙම දත්ත සුරක්ෂිතතාවයට සහතික විය හැකිද? සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකය සෘජුව නිරීක්ෂණය කළා. එහි මෘදුකාංගයේ පරිශීලන ගිණුම්වල දත්ත වෙනස් කළ නොහැකියි. පරිශීලකයන්ට ඉවත් කරන්න හෝ වෙනස් කරන්න බලය දීලා නැහැ. වෛද්‍ය සැපයුම් ඒකකයෙන් හෝ ඉවිස් ආයතනයෙන් මෙම පද්ධතිවල දත්ත ඇතුළු සියල්ල තිබූ පරිදිම තිබුණා.

නීතිඥ: ඔරැකල් ඩේටා බේස් (Oracle Database) ඉහළ මට්ටමක ඇති බව කීවා. ප්‍රොන්ටොත් ඔරැකල්. ඔබ පරීක්ෂා කරද්දී සුරක්ෂිතභාවය පැවසුවා. සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. එම පරිශීලක ගිණුම් හරහාද ගොස් ඉවත් කරන්නට හෝ වෙනස් කරන්නට නොහැකි බව හෙළිවුණා.

නීතිඥ: රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හදන වාර්තාවල අංශ ප්‍රධානියා අත්සන් තැබීමේ ක්‍රමවේදය කුමක්ද? සාක්ෂිකරු: අප අංශයේ ඩිජිටල් අපරාධ විද්‍යා වාර්තා නවකයන් විසින් අත්සන් කරන්නේ නැහැ. වසරකට සියයක් පමණ නිකුත් කරනවා. විද්‍යාගාරයේ නවක නිලධාරීන් වන බැවින් සැකකටයුතු ලේඛන පරීක්ෂකගේ අත්සනට ඉදිරිපත් කරනවා.

නීතිඥ: එසේ ඉදිරිපත් කරද්දී අත්සන් කරන්නේ කොතැනද? සාක්ෂිකරු: හදන කෙනා දකුණු පස, නියෝජ්‍ය සැකකටයුතු ලේඛන පරීක්ෂක දකුණේ.

නීතිඥ: සාක්ෂි දෙන්නේ කවුද? සාක්ෂිකරු: සකසන කෙනා.

නීතිඥ: සර්වර් පරිගණකයේ දත්තවලින් පැ 297 ලේඛනය හැදුවේ. මෙම දත්ත පරිගණකයේ උත්පාදිත දත්ත යැයි කියන්නේ ඇයි? ඒවා ඩිජිටල් දත්ත ලෙස එළියට ගත්තේ පැ 197 බී යටතේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත ලබා ගැනීම ප්‍රොන්ටෝ පද්ධතියෙන් ගත්තා. ප්‍රොන්ටෝ පද්ධතියේ තිබුණේ එම දත්ත තමයි කියලා තහවුරු කර ගන්නේ කොහොමද? සාක්ෂිකරු: එස්.ආර්. අංශයෙන් අරන් තිබුණා. SL 12 ක්වෙරි (Query) එක මගින් ලබාගත් නිසා එසේ උත්පාදනය කරගත් බව දක්වා තිබෙනවා.

නීතිඥ: ඔබ SQL ක්වෙරි මගින් උත්පාදනය කරගත් දත්තවල නිරවද්‍යතාව සහතික කරන්නේ කෙසේද? සාක්ෂිකරු: පෙර කී පරිදි බැකප් සර්වර් එකට යනවා.

නීතිඥ: මහේස්ත්‍රාත් උසාවියෙන් එවූ ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. එම උත්තර පදනම්ව සංයුක්ත තැටිය ඉදිරිපත් කළේ. එය 297 I කියා ලකුණු කළා. සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

නීතිඥ: එම දත්ත ලබා ගන්නේ බැකප් සර්වර් එකකින් කිව්වා. යම් පද්ධතියක දත්ත කුඩා ෆෝල්ඩරයක දාලද තිබුණේ? සාක්ෂිකරු: නැත ස්වාමීනි. වෛද්‍ය සැපයුම් ඒකකයේ ක්‍රියාත්මක, ඉවිස් ආයතනයෙන් ලබා දුන් BAREOS යනුවෙන් සඳහන් මෘදුකාංගයක් මගින් එය භාවිතා කර දෘඪ තැටියකට බැකප් කරනවා. එය බැකප් සර්වර් එකට ඉන්ස්ටෝල් (Install) කර ගැනීමයි සිදුවන්නේ.

නීතිඥ: යම් පරිගණකයක ඒක තිබුණාද? සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ දත්තවලින් ගත්තේ.

නීතිඥ: ඒවා ඔරැකල් මෘදුකාංගවල තියෙන්නේ කියලා කියන්නේ මොකක්ද? සාක්ෂිකරු: ඔරැකල් සමාගමෙන් නිපදවන මෘදුකාංගයක්.

නීතිඥ: එය මොන වර්ෂයට අයත් එකක්ද? සාක්ෂිකරු: එය බැලුවේ නැහැ. ඒත් වර්ෂන් එක 10 බව මතකයි.

නීතිඥ: ලයිසන් එක පරීක්ෂා කළේ නැද්ද? සාක්ෂිකරු: නැහැ.

(පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.) නීතිඥ: ඔබ කර ඇතැයි කී වාර්තා සියල්ල පරිගණකද? සාක්ෂිකරු: සීඩී, ටීවී, දුරකථන ඇතුළු දත්ත ගබඩා වෙන උපාංග.

නීතිඥ: ඔබ කොවිඩ්වලට අදාළව කුමන හෝ පරීක්ෂණයක් කරලා තියෙනවද? සාක්ෂිකරු: නැත ස්වාමීනි.

නීතිඥ: පද්ධති ආශ්‍රිතව, පරිගණක ආශ්‍රිතව නිරීක්ෂණ කෙරෙනවා නම් ඔබේ දෙපාර්තමේන්තුව කරනවද? සාක්ෂිකරු: දෙපාර්තමේන්තුවටම ලැබෙන නඩු සම්බන්ධ නියෝග අනුව කරනවා.

නීතිඥ: ඔබ කියන්නේ ඔබේ අනුදැනුම නැතිව පරීක්ෂණ තිබිය හැකියි කියලද? සාක්ෂිකරු: තිබිය හැකියි.

නීතිඥ: මේ සාක්ෂි දෙන වාර්තාවට අදාළව ඒ ප්‍රශ්නාවලියට උත්තර දෙන්න කලින් ප්‍රොන්ටෝ පද්ධතිය ගැන අවබෝධයක් ලබා ගත්තා කිව්වා. සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඒ තුළ සැපයුම්කාර ලැයිස්තුවක් තිබුණාද? සාක්ෂිකරු: තිබුණා ස්වාමීනි.

නීතිඥ: ඔබ මේ නඩුවට අදාළ රාජකාරිය පැවරීමේදී බැකප් එකකට ඉන්ස්ටෝල් කළ බව කිව්වා. එය සරල රාජකාරියක්ද? සාක්ෂිකරු: සරල නැහැ. එය බරපතළ කටයුත්තක්.

(දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.) නීතිඥ: මේ ලේඛනවල තොරතුරු ලැයිස්තු හැදුවේ කවුදැයි ඔබ දන්නවද? සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: එම සකස් කළ නිලධාරී ගැන දන්නේ නැද්ද? සාක්ෂිකරු: අධිකරණ නියෝගයක් ආවා. ඒක ක්‍රියාත්මක කළා.

නීතිඥ: පැ 297 සැකසීමේ අරමුණ මොකක්ද? සාක්ෂිකරු: එය සම්පාදනය කළේ මාළිගාවත්ත මහේස්ත්‍රාත් නියෝගය අනුවයි.

නීතිඥ: එහෙම ඉල්ලා තියෙන්නේ ඇයි කියා දන්නේ නැද්ද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

(තෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න අසයි.)

නීතිඥ: ඔබෙන් ඉල්ලූ දත්ත ලබා දුන්නාද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: එහි ඖෂධ 182ක් හා ඖෂධ 229ක් ගැන සඳහන්. සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: පද්ධතිය පරීක්ෂා කිරීමේදී භාවිතා කළ හැකි තොගයක් (Usable stock) තිබුණද? සාක්ෂිකරු: අවබෝධයක් නැහැ.

නීතිඥ: මහේස්ත්‍රාත් අධිකරණයෙන් විමසලත් නැද්ද? සාක්ෂිකරු: නැත ස්වාමීනි.

නීතිඥ: ඔබ දුන් වාර්තාවලත් යූසබල් ස්ටොක් ගැන හෝ ඉතිරිය ගැන සඳහනක් නැද්ද? සාක්ෂිකරු: නැත.

(6 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න අසයි.) නීතිඥ: මේ වාර්තාව සකසන්න වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහාය කර ගත්තාද? සාක්ෂිකරු: භෞතික පරීක්ෂාව වැනි දේට ඔවුන් සහාය කර ගත්තා.

නීතිඥ: එසේ සහාය ලබා ගත්තා කියා වාර්තාවට ඇතුළත් කළාද? සාක්ෂිකරු: සහාය ගත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ තාක්ෂණ නිලධාරීන්ගෙන් තොරතුරු ගන්න.

නීතිඥ: ඔබ කියන්නේ ඔබ එහි යද්දී ප්‍රොන්ටෝ සහ ස්වස්ථා පද්ධති දෙකම ක්‍රියාත්මකයි කියලද? සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඔබ ප්‍රොන්ටෝ බැකප් එකක් ගත්තා. සාක්ෂිකරු: ඔව්, එහි දත්තවල බැකප් එකක් ගත්තා.

නීතිඥ: මුල් අවස්ථාවේ ගන්න හැදුවේ සජීවී මෘදුකාංගයෙන්. සාක්ෂිකරු: එම මෘදුකාංගයේ ක්‍රියාත්මක වූ දත්තවලින්. ප්‍රතිඵල දෙන්න විශාල කාලයක් ගතවන බව පෙනී ගියා.

නීතිඥ: එම නිසා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගන්න හැදුවා. සාක්ෂිකරු: අපි පරීක්ෂා කළා. සුළු කාලයකින් ගත හැකි වන නිසා සජීවී පද්ධතියේ ඇති දත්ත ක්‍රියාත්මක කර බැකප් එකක් ගත්තා.

නීතිඥ: අඩු ඖෂධ හතර අඩු වුණේ කෙසේද? සාක්ෂිකරු: අධිකරණ නියෝගය අනුව මම එස්.ආර්. අංක 4කට අදාළව ප්‍රොන්ටෝ සිස්ටම් දත්ත නැති බව නිරීක්ෂණය කළා.

නීතිඥ: ඒ කුමන හේතුවක් මතද කියා දන්නවද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

නීතිඥ: තාක්ෂණිකව ඒක කිවහැකි කවර අන්දමින්ද? සාක්ෂිකරු: මම එය බැලුවේ නැහැ ස්වාමීනි.

(11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.) නීතිඥ: පැ 297 ලේඛනයේ කොළ කීයද? සාක්ෂිකරු: 5යි.

නීතිඥ: එහි මුල් පිටු දෙකේ ඔබ අත්සන් කර තිබෙනවා. සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 1 හා 2 වාර්තාවක්ද? කමිටු වාර්තාවට ආවරණ ලිපියක්ද? සාක්ෂිකරු: මුල් පිටු දෙක ආවරණ ලිපියක් පමණයි. තනතුරු නාමය පදනම් කරගෙන ඒ පිටු දෙක සැකසුවා.

නීතිඥ: අන්තිම පිටු ටික ආයතනය නියෝජනය කරන්නේ නැද්ද? සාක්ෂිකරු: නියෝජනය වෙනවා. නමුත් කමිටුවකින් හැදූ වාර්තාවක් නිසා ලිපි ශීර්ෂ යෙදුවේ නැහැ.

නීතිඥ: ප්‍රොන්ටෝ එකෙන් ඩේටා බැකප් කරගන්නේ කොහොමද? සාක්ෂිකරු: දෘඪ තැටියකට අරන්.

Latest Posts

spot_imgspot_img