කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මහජන බදු මුදලින් ආනයනය කර ගොඩබෑම් කරන ලද ගල් අඟුරු නැව් දෙකක පිරිවැය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විද්‍යුත් තැපෑල මඟින් තොරතුරු අයදුම් කර තිබේ. 2026 මැයි මස 05 වන දින මෙම ඉල්ලීම සිදු කර ඇත.
ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ මහතා මගින් එහි තොරතුරු නිලධාරී දර්ශන තන්ත්‍රිගේ මහතා වෙත මෙම ඉල්ලීම යොමු කර තිබේ.


අදාළ ගල් අඟුරු නැව් ද්විත්වය:
මන්ත්‍රීවරයාගේ විමර්ශනයට ලක්ව ඇත්තේ පුත්තලමට පැමිණි පහත සඳහන් නැව් දෙක සම්බන්ධයෙනි:
- 2026 අප්‍රේල් 27 වන දින ගොඩබෑම කරන ලද Taranjoth MV Josco Huizhou නෞකාව.
- 2026 අප්‍රේල් 29 වන දින සිට ගොඩබෑම කරන MV Port Osaka නෞකාව.
හදිසි මිලදී ගැනීම් (Unsolicited) ගැන ප්‍රශ්න කිරීම්:
මෙහිදී විශේෂයෙන්ම පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, හදිසි මිලදී ගැනීම් සඳහා වන “Unsolicited” ක්‍රමවේදය යටතේ ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරයා තොරතුරු ඉල්ලා ඇත. ඒ සඳහා ලබාගත් කැබිනට් අනුමැතිය සහ එම ක්‍රමවේදයට යෝජනා ඉදිරිපත් කළ සැපයුම් සමාගම් වල නාම ලේඛනය ඔහු විසින් ඉල්ලා තිබේ.
මන්ත්‍රීවරයා විසින් ඉල්ලා ඇති අනෙකුත් ප්‍රධාන තොරතුරු සහ ලේඛන: මෙම ගනුදෙනුවලට අදාළව සහතික කළ ඡායා පිටපත් ලෙස පහත තොරතුරු ලබා දෙන මෙන් දයාසිරි ජයසේකර මහතා ඉල්ලා ඇත.
- සැපයුම්කාර සමාගම් සඳහා ලබා දුන් ටෙන්ඩර් ප්‍රදානය තහවුරු කිරීමේ ලේඛන.
- සියලුම Commercial Invoice (කොමර්ෂල් ඉන්වොයිස්) සහ ණයවර (LC) ලිපිවල සහතික කළ ඡායා පිටපත්.
- ආනයනය කිරීම් වලට අදාළ සියලුම නෞහාර පත්‍රිකා (Bill of Lading – B/L).
- ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා වන Load port Quality Report, Discharge port Quality Report සහ Out turn Report යන වාර්තා.
- BID evaluation Committee (ඇගයීම් කමිටුව) සඳහා තෝරාගත් සැපයුම් සමාගම් ලබාදුන් යෝජනා වලට අදාල මිල ගණන් සහිත ලේඛන.
- ටෙන්ඩර් ප්‍රදානයට අදාළ Performance Bond ලේඛනවල සහතික කළ ඡායා පිටපත්.
- කාර්යසාධන ඇගයීම් කමිටුව විසින් තෝරාගන්නා ලද ගල් අඟුරු සැපයුම් සමාගම් නාම ලේඛනය.
ඉහත තොරතුරු සඳහා අදාළ මුදල් ගෙවා තොරතුරු පනතේ විධිවිධාන වලට අනුව ලබා දීමට කටයුතු කරන මෙන් මන්ත්‍රීවරයා අදාළ නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.



