Monday, April 6, 2026
spot_img

Latest Posts

චමිත්‍රි රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් සැණින් ඇප මත මුදාහරී: අධිකරණය හමුවේ සාක්ෂි නැති බව හෙළි වෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පියාට එරෙහිව පවතින නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණ සිටි අවස්ථාවේදී, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. හිටපු අමාත්‍යවරයා අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට (Money Laundering) ආධාර අනුබල දීමේ චෝදනාව ඇයට එරෙහිව එල්ල වී තිබුණි.

අධිකරණ තීන්දුව සහ මහේස්ත්‍රාත් නිරීක්ෂණය: පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නිල මැදිරිය වෙත සැකකාරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වැදගත් නිරීක්ෂණයක් සිදු කළේය. පැමිණිල්ල විසින් ඇයට එරෙහිව මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ බවට චෝදනා කළද, එම චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට නියෝග කෙරුණු අතර, නඩුව පෙබරවාරි 10 වන දින නැවත කැඳවීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img