The Substandard Medicine Trial
The ongoing trial at the Colombo Permanent High Court at Bar, concerning the large-scale importation of substandard medicines, has exposed severe discrepancies and institutional negligence within Sri Lanka’s healthcare procurement process. Based on the testimony and cross-examination of the Medical Supplies Division’s (MSD) Chief Stock Controller, H.M.D.N. Bandara, on June 19, this critical analysis serves as a prelude to the upcoming July 8 hearing. It examines the structural vulnerabilities and evidentiary gaps observed in the proceedings thus far.
- The Defense’s Strategy: Systemic Flaws and the Deflection of Accountability-
Counsels representing the 6th and 7th accused strategically attempted to establish that the defendants did not act unilaterally. Instead, they argued that their clients operated under the directives of higher-ranking officials amidst a severe foreign exchange crisis and a prevailing national drug shortage. To build this narrative, the defense effectively capitalized on the glaring inefficiencies of the MSD’s ‘Pronto’ database system.
Key Trial Dialogues
Counsel Sathyajith Munasinghe (Representing the 6th Accused):-
“Since the inception of the Pronto system at the MSD in 2015 until May 31, 2023, while it remained active, it contained numerous inaccuracies. Do you agree?”
Witness
H.M.D.N. Bandara: “Yes, My Lord.”
Counsel Aravindu Manathunga Arachchi (Representing the 7th Accused): “Why was the national stock not taken into consideration [when preparing the orders]?”
Witness H.M.D.N. Bandara: “I did not receive instructions to do so. It was based on instructions from a discussion… Had this list been prepared considering the national stock, it would have created a discrepancy.”
Through this line of questioning, the defense highlighted how officials—including the stock controller—continually deflected responsibility. By claiming they were merely acting “upon instructions” from superiors (such as the Secretary and Additional Secretary of Health), they attempted to circumvent direct personal culpability.
- The Prosecution’s Counter-Offensive: –
Fabricated Shortages and Document Manipulation
The cross-examination led by Deputy Solicitor General (DSG) Lakmini Girihagama marked a critical turning point in the trial. Supported by hard documentary evidence, she systematically exposed how an artificial “supply gap” was fabricated on paper to justify emergency procurements, despite the absence of a genuine shortage of the drug in question.
Key Trial Dialogues:-
DSG Lakmini Girihagama: “Look at what is written just before the Deputy Director General’s signature on this minute.”
Witness H.M.D.N. Bandara: “It says, ‘to fill the SPC supply gap due to the essential item.'”
DSG Lakmini Girihagama: “Was there actually such a supply gap between January 12 and the months of February, March, April, and May?”
Witness H.M.D.N. Bandara: “The monthly requirement had been received. The monthly requirement is 7,500. By May 31, there was a stock of 11,440… Accordingly, there was no supply gap.”
The revelation that a stock of 11,440 units existed against a monthly demand of merely 7,500 units definitively proved that the “shortage” was artificially engineered. Furthermore, DSG Girihagama highlighted severe irregularities in the documentation process, noting that the supplier’s corporate identity inexplicably varied across official letters (e.g., Isolez Biotech Pharma Ltd versus Isolez Biotech Pharma Ag). This inconsistency points to a highly fraudulent and reckless procurement environment.
- Critical Analysis: Procedural and Evidentiary Vulnerabilities –
A critical evaluation of the trial proceedings reveals alarming systemic failures within the Ministry of Health, along with glaring weaknesses in the testimonies provided.
Billion-Rupee Decisions Based on Verbal Directives
The witness testified that he acted upon “verbal instructions” from the Deputy Director General, claiming that issuing verbal directives is a standard practice in day-to-day duties. However, executing highly sensitive and financially massive state procurements—such as bypassing national stock data or altering categorical codes (e.g., inserting the letter ‘V’)—without formal written authorization is a catastrophic administrative failure.
The Tragedy of the ‘Pronto’ System
The database’s inability to logically segregate usable, unusable, and quality-failed stocks creates an environment where obtaining an accurate assessment of the national drug inventory is practically impossible. This administrative blind spot has provided a fertile breeding ground for manipulation and corrupt practices.
The Witness’s Evasive Tactics
Throughout the testimony, the Chief Stock Controller frequently relied on evasive responses such as “I don’t remember” or “I didn’t receive instructions.” Despite denying direct involvement in drafting certain documents, he remains a central figure in the supply chain. His attempt to dilute personal responsibility by claiming actions were taken “with everyone’s knowledge” exposes a significant vulnerability in his overall credibility as a key witness.
Failure to Verify Corporate Identity
The fact that critical discrepancies in the supplier’s registered name (“Ltd” vs. “Ag”) went unnoticed—or were deliberately ignored—by MSD officials is highly alarming. Authorizing the procurement of 22,500 vials of medicine at $130 each without conducting basic due diligence on the supplier’s legal identity constitutes a severe violation of fundamental state procurement guidelines.
This trial transcends a mere localized financial fraud; it unmasks a deeply entrenched culture of collective negligence and a systematic evasion of accountability within the state healthcare machinery. The upcoming hearing on July 8 will be pivotal as the prosecution attempts to further cement its case regarding the artificially fabricated drug shortage. The ultimate test for the court will be whether the irrefutable documentary evidence and the complex web of bureaucratic complicity can pierce through the convenient shield of “verbal instructions.”
නඩු වාර්තාව
2026/06/19
බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුව ඊයේ (19) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ 10 වන දිනටත් සාක්ෂිය සඳහා කැඳවා තිබූ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච් එම් ඩී එන් බණ්ඩාරගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරන ලද්දේ 6 වන චූදිතගේ් නීතිඥ නුවන් ජයවර්ධන වෙනුවෙන් නීතිඥ සත්‍යජිත් මුණසිංහ විසිනි.
ඔහුගේ හරස් ප්‍රශ්න හමුවේ. සාක්ෂිකරු මෙසේද කීවේය.
නීතිඥ ; පැ 293 වම් පස සිට පස්වන තීරුවේ පෙන්ඩින් ඕඩර් ගැන කරුණු තියෙනවා. ඕඩර් ලිස්ට් එකක් ක්‍රියාත්මක වන ආකාරය කියන්න.
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි විසින් දත්ත ඇතුළත් කරද්දී වර්ෂය ආයතනය , ඉන් පසු අයිතමයට අදාළ ඇනවූම් ආකාරයට දත්ත , ඉන් පසු ප්‍රධානයක්ද මිලදී ගැනීමක්ද යන්න ඇතුල් කළ හැකියි.
එවිට අංකයක් ජෙනරේට් වෙනවා. ඒ අනුව පිරිවිතර ලැබෙන ඇණැවුම් ප්‍රමාණය ඇතුල් කළ හැකියි
නීතිඥ ; වෛද්‍ය සැපයුම් අංශය හැම අවුරුද්දකම ඇනවූම් ඉදිරිපත් කරනවද?
සාක්ෂිකරු ; පෙන්ඩින් සලකා බලා අවශ්‍යතාව මත ඇණවුම් කරනවා
නීතිඥ ; ඇතැම් අවස්ථාවල විශේෂ ඇනවුම් කරනවාා නේද?
සාක්ෂිකරු ; ඔව් ලබාගන්න තීරණ අනුව
නීතිඥ ; පැ 273 ලේඛනයේ බලලා කියන්න අයිතම අංක එක යටතේ පළමුව දකින්නට ලැබෙන 00541 ඇණවූම ගැන. මේක සාක්ෂිය අනුව 2020 වසරට ලැබෙන ඇණවුමක්ද? නැත්නම් ප්‍රොන්ටො පද්ධතියට 2020 ඇතුල් කරන එකක්ද?
සාක්ෂිකරු ; ප්‍රොන්ටෝ පද්ධතියට 2020 ඇතුල් කරන එකක්
නීතිඥ ; පැ 293 ලේඛනයේ තුන්වන අයිතමයේ 2022 වර්ෂය සඳහන්ව පටන් ගන්නා ඇනවුම් පද්ධතියට ඇතුල් කර ඇත්තේ 2022 වසරේදී
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 2022 වසරට අදාලව පෙන්ඩින් ඕඩර් කීපයක් තියෙන්න ඇති
සාක්ෂිකරු ; 2021 වර්ෂයේදී සාමාන්‍ය ඇනවුම් spc හරහා ලෝක බැංකු ප්‍රධානයකට ඉදිරිපත් කළ එකක් හා ICL යටතේ x ඇනවුමකුත් තිබෙනවා
නීතිඥ ; එකම වසරක ඇනවූම් හතරක් ඇයි?
සාක්ෂිකරු ; වාර්ෂික ඇනවුම්වලට අමතරව විශේෂ ඇණවුම් තුනකුත් ඇවිත්
නීතිඥ ; අයිතම අංක හතරක්ද
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; අයිතම අංක 4 ට අදාළව ඉදිරිපත් වූ ඇණවුම් තුනම වාර්ෂික අදාළ ඇනවුම්
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; අයිතම අංක 6 යටතේ ඉදිරිපත් වූ ඖෂධ ඇනවුම් 3 ක්ද 2022 ට අදාළව තිබෙනවා. එයින් දෙකක් විශේෂ ඇනවුම්
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; 2022ට අදාළව ඇනවූම් හයක් ඉදිරිපත් වෙලා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; එහි වාර්ෂික ඇනවුම් පහයි. පරිත්‍යාගයකුත් තිබෙනවා
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; පැ 293 සලකා බැලීමේදී 2022ට අදාල විශේෂ ඇනවුම් තිබෙනවාද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එහෙම වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
සාක්ෂිකරු ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්න අවස්ථාව ලැබුණා. ලෝක බැංකුව යටතේ මිලදී ගන්න ලැබුණා. පරිත්‍යාග ලැබුණා
නීතිඥ ; එසේ විවිධ ආයතන ඇනවූම් ඉදිරිපත් කරන්න හේතු මොනවාද?
සාක්ෂිකරු ; මූල්‍ය ණය හා ප්‍රධාන වලට සමාන්තරයි
නීතිඥ ; වාර්ෂික ඇනවුම් වලට අමතරව විශේෂ ඇණවුම් ඉදිරිපත් වෙන්නෙ එක හේතුවක් තමයි ඖෂධ සංස්ථාවට ණයවර ලිපි විවෘත කර ගැනීමට විදේශ මුදල් හිඟවීම?
සාක්ෂිකරු ; ඒක ඒ අදාල ආයතනයෙන් තහවුරු කරගත යුතුයි
නීතිඥ ; මෙම නඩුවට අදාළ විමර්ශනයේදී, ප්‍රකාශ තුනක් ලබා දුන්නා නේද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; 2024/5/28 , 8/7, 8/27 දිනවලදී එම ප්‍රකාශ ලබා දුන්නේ
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; 8/27 දින MSD එකේදී විමර්ශන නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයෙන් විදේශ මුදල් හිඟයක් ඇතිවූ හෙයින් යනුවෙන් සඳහන් කර තිබෙන බව පිළිගන්නවද?
සාක්ෂිකරු ; ප්‍රකාශයක් කරල තියේ නම් හරි
නීතිඥ ; spc ආයතනයට ණයවර ලිපි විවර කරන්න විදේශ මුදල් හිඟයක් තිබුණද නැද්දවත් දන්නේ නැද්ද? ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට අවධානයක් තිබුණා යනුවෙන් ඔබ එහි සඳහන් කර තිබෙනවා.
සාක්ෂිකරු ; මගේ දැනුම අනුව කීවා. spc ආයතනයෙන් එය තහවුරු කරගත යුතුයි. ඒක කිව්වේ ඒ දවස්වල
නීතිඥ ; දැන් දරන්නේ වෙන මතයක්ද?
සාක්ෂිකරු ; ඒ ස්ථාවරය අනුව පැහැදිලි කළේ
නීතිඥ ; spc හරහා විමර්ශන ඇනවූම් ගනිද්දී විදේශ මුදල් නැතිවීමේ අවධානමක් තිබුණා නම් එය පිළිගන්නවද?
සාක්ෂිකරු ; මගේ දැනීමේ හැටියට මම එය කියලා තියෙන්නේ. ඔව් එසේ තිබෙනවා නම් පිළිගන්නවා
නීතිඥ ; පැ 293 ලේඛනය අනුව වම් පස සිටියේ 6 තීරුවේ ජාතික තොගය සම්බන්ධයෙන් තොරතුරු සඳහන්.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ආයතනික තොගය තුළ ඖෂධ වර්ග ගණනක් භාවිතා කිරීමේ හැකියාව මත කාණ්ඩ කර තිබෙනවා. ඖෂධ වර්ග ගත්තම එය usable, Unusable, quality faild, withdrawal, with hold ආදී වශයෙන් තොග තුළ කාණ්ඩ පවතින්නේද?
සාක්ෂිකරු ; ඔව් පද්ධතිය තුළ තිබෙනවා
නීතිඥ ; ආයතනික තොගය තුළ මම ඉහත කී සියල්ල නිරූපණය වෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඒ කියන්නේ පද්ධතිය තුළ භාවිතා කළ හැකි නොහැකි සියල්ල එකට පවතිනවා
සාක්ෂිකරු ; ඔව්, ඒ දත්තත් නිරූපණය වෙනවා
නීතිඥ ; ප්‍රොන්ටො පද්ධතිය 2015 දී MSD එකේ ආරම්භ කළ අවස්ථාවේ සිට 2023/05/31 දක්වා එය සක්‍රීයව පවතිද්දී වැරදි තොරතුරු ගණනක් එහි තිබිලා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ප්‍රොන්ටෝ පද්ධතියට පිවිස SR අංකය හෝ බෙහෙතක නමක් ඇතුල් කරන අවස්ථාවේ තොරතුරු වෙනස්ද?
සාක්ෂිකරු ; සර්ච් කරලා ගන්න පුළුවන්
නීතිඥ ; ඕනෙම ඖෂධයක් සර්ච් කරලා ගත්තම itam movement කියලා එකක් තියෙනවද?
සාක්ෂිකරු ; තිබුණා
නීතිඥ ; ඊට ඇතුල් වුනාම මොනවද වෙන්නේ?
සාක්ෂිකරු ; බෙදිලා ගිය අන්දම පෙන්වනවා
නීතිඥ ; පද්ධතියට ඇතුල් වී පසුපසට අදාළ විස්තර කරා යන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; එහෙම පහසුකමක් තිබුණා
නීතිඥ ; අයිතම ලැබීම හා බෙදාහැරීම තුළ තොග ශූන්‍ය නම් සඳහන් වන්නේද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ප්‍රොන්ටෝ තුළට ඖෂධ SR අංකය හා drop down list සහ Lager repeat එකක් ලබාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; මම යෝජනා කරනවා ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුල් කරන ලද ඖෂධයකට අදාළව ලැබිය යුතු කාල සටහන ලබාගත හැකිය කියා
සාක්ෂිකරු ; මම එය ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; CID ය MSD එක තුළදී ඔබෙන් ප්‍රකාශ ගනිද්දි තොග පාලක විසින් ගෙන එන ගොනුව ගැන විමසුවා
සාක්ෂිකරු ; මගෙන් එහෙම විමසීමක් කලේ නැහැ
නීතිඥ ; ප්‍රාදේශීයව කරන මිලදී ගැනීම් ගැන ඔබෙන් විමසුවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; යම් ආයතනයක තොග අවම හෝ ශූන්‍ය මට්ටමකට පැවතිය ඇත්නම් කුමක්ද කරන්නේ?
සාක්ෂිකරු ; එවිට ඒ ආයතනය MSD එකට දැනුම් දෙනවා. MSD එක සොයා බලා ලබා දෙන අනුමැතිය මත මට ප්‍රාදේශීය මිලදී ගැනීමක් කරනවා.
නීතිඥ ; මම යෝජනා කරනවා ප්‍රාදේශීය මිලදී ගැනීමකට MSD ය අවසර දෙන්නේ , MSD තොග ශූන්‍ය වී ආයතන වලත් තොග ශූන්‍ය වුනොත් පමණයි කියා.
සාක්ෂිකරු ; අසල රෝහල්වලින් තොග බලලා එන්න තියෙන ඇනවුම්ද බලලා ලබාගත යුතු ප්‍රමාණය දැනුම් දෙන්නේ
7 වන චූදිතගේ නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි
නීතිඥ ; පැ 260 ලේඛනය හැදුවේ ඔබ. එය හදද්දි ජාතික තොගය සැලකිල්ලට ගත්තද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී
නීතිඥ ; ඇයි ජාතික තොගය සැලකිල්ලට නොගත්තේ?
සාක්ෂිකරු ; මට එහෙම උපදෙස් ලැබිලා තිබුණේ නැහැ
මසකට අඩු කාලයක් සඳහා ඒ ලැයිස්තුව හැදුවේ, 2 Month delay කියන පදනම මත ගනිද්දි මාස දෙකක අයිතම ලැයිස්තුවක් ඉවත් වෙනවා. ඒ නිසා out of stock ලැයිස්තුවක් වැඩක් නැහැ. මේ නිසා රැස්වීම්වලදිත් MSD තොග සලකා ඉදිරිපත් කර තිබුණා. ජාතික තොගය ද සලකා මේ ලැයිස්තුව හැදුවා නම් පරස්පර එකක් වෙනවා. එහෙමනම් ඒ සඳහා වෙනම උපදෙස් දෙන්නන ඕන.
නීතිඥ ; ඔබේ තීරණය මතද ජාතික ලැයිස්තුව ඉවත් කර ලැයිස්තුව හැදුවේ
සාක්ෂිකරු ; නැහැ. සාකච්ඡාවේ උපදෙස් මත
නීතිඥ ; 7 චූදිත ජාතික තොගය සලකා බලන්න එපා කියලා. සඳහන් කර නැහැ
සාක්ෂිකරු ; එය හැමදෙනාම දැනුවත්ව හදපු එකක්
නීතිඥ ; එම සාකච්ඡාවට හත් වන චූදිත සහභාගි වුණාද?
සාක්ෂිකරු ; මතක නැහැ
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ කිසි වගකීමක් නොගන්න නිලධාරියෙක් කියා
සාක්ෂිකරු ; මම ප්‍රතික්ෂේප කරනවා කරනවා. මෙය සියලු නිලධාරීන්ගේ අනු දැනුම මත හැදුව එකක්
නීතිඥ ; ඔබේ යටතේ සිටින තොග නිලධාරීන්! වෙන වෙනමද ද ලැයිස්තු හදලා දෙන්නේ? ප්‍රසම්පාදන වලදිත් වෙන වෙනමද දෙන්නේ?
සාක්ෂිකරු ; ඔව් වෙන වෙනම
නීතිඥ ; ඔබලා ලෝක බැංකුව වැනි ආයතන සමගත් කටයුතු කරනවා. එවැනි අවස්ථාවලත් දෙන්නේ වෙන වෙනම ෆයිල් ද?
සාක්ෂිකරු ; උපදෙස් පරිදි කටයුතු කරනවා
නීතිඥ ; ඇයි සෙපරේට් ෆයිල් ඉදිරිපත් කරන්නේ
සාක්ෂිකරු ; සියලු ඇනවුම් එකතු කර එස්පීසි එකට යවනවා. ඇනවුම් ලැයිස්තු ගොනු සමඟයි. spc යට දෙන්නේ.
නීතිඥ ; 71 ගොනුවේ තිබෙන 305, 306, 307 ලේඛන පෙන්නුවා නේද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබට මේ ලේඛන තුන ලැබුණද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඒක ලැබෙන විට ප්‍රසම්පාදන අවසන්ව සැපයුම්කරු තෝරාගෙනත් අවසන්ද?
සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ගේ ලේඛන අපට ලැබෙන්නේ ප්‍රසම්පාදන අවස්ථාවේදී.
නීතිඥ ; මිල තීරණය කරන අවස්ථාවෙද? ප්‍රමාණය තීරණය කරන අවස්ථාවෙද?
සාක්ෂිකරු ; මිල හා ප්‍රමාණ තීරණය කරන අවස්ථාවේ.
නීතිඥ ; 72 ගොනුවේ පැ 264 ලේඛනය බලන්න ඒ ගැන ඔබ දැනුවත්ද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; මෙය MSD ආයතනයට යවා තිබෙනවා. ඔබට ලැබුණේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; මේ ලේඛනය ඔබට, ඔබේ අනෙක් නිලධාරීන්ට, අධ්‍යක්ෂ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට සෞඛ්‍ය ලේකම් මගින් ලැබුණා කියා මම යෝජනා කරනවා
සාක්ෂිකරු ; ලේකම් එහෙම කියනවා නම් එහෙම වෙන්න ඇති
නීතිඥ ; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මහතාගෙන් වාචික උපදෙස් ලැබුණු බව ඔබ කීවා
සාක්ෂිකරු ; ප්‍රසම්පාදන කටයුතු වලට අදාල ලිපි ලබා දී මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කලා. 305 අපට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මගින් ලබා දුන්නා. මේක සංකීර්ණයි. කොටස් දෙකකට කරන්න ඕන කියා වාචිකව දැනුම් දුන්නා. අපි කටයුතු කළේ 305 ලිපියට අදාලව. අපට පැහැදිලි කිරීම් කළා. අපි ඒ අනුව කටයුතු කළා
නීතිඥ ; වාචික උපදෙස් මත කටයුතු කළා කීවා.
සාක්ෂිකරු ; ඔව් ලේඛනවල ගැටලු ඇති තැන් ගැන කතා කළා
නීතිඥ ; ඔබ යටතේ ඇති තොග පාලන නිලධාරීන්ට වාචික උපදෙස් දෙනවද?
සාක්ෂිකරු ; එදිනෙදා රාජකාරී වලදී වාචික උපදෙස් දීම සාමාන්‍ය දෙයක්
නීතිඥ ; මම යෝජනා කරනවා පෙර දිනක ඔබ කී පරිදි කිසිම වාචික උපදෙසක් ඔහු නොදුන් බව.
සාක්ෂිකරු ; උපදෙස් දුන්නා
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ගැටලුවක් ඇතිවුන අවස්ථාවේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා කියා මතකද?
සාක්ෂිකරු ; අවස්ථා කිහිපයක සාකච්ඡා තිබුණා.
(සාක්ෂිකරුට ලේඛනය පෙන්වයි)
සාක්ෂිකරු ; මේකෙ මගේ නම තියෙනවා
නීතිඥ ; එහි සාකච්ඡා වුණ දේවල් මතකද?
සාක්ෂිකරු ; අවුරුදු 3 ක් වෙනවා. දැන් මතක නැහැ
නීතිඥ ; මම යෝජනා කරනවා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රශ්නය දැනගත් පසු නව ක්‍රමවේද හඳුනා ගැනීමට ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට හත්වන චූදිත කටයුතු කළ අතර ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දෙමින් කටයුතු කර ඇති බවට
සාක්ෂිකරු ; උපදෙස් නිකුත් කර තිබෙනවා ස්වාමීනි
නීතිඥ ; සාක්ෂිකරුට මම යෝජනා කරනවා හත්වන චූදිත තමන් උපදෙස් නිර්මාණය නොකළ අතර ලේකම් අතිරේක ලේකම් ඇතුළු ඉහල නිළධාරීන්ගේ උපදෙස් මත කටයුතු කළා කියා.
සාක්ෂිකරු ; එවන් උපදෙස් ලබා දී ඒ මත කටයුතු කරන්න කියන්න ඇති ස්වාමීනි
නීතිඥ ; කිසිදු අවස්ථාවක හත්වන චූදිත වරදක් නොකළ අතර නිසි පරිදි රාජකාරී ඉටුකළ බවට මම යෝජනා කරනවා
සාක්ෂිකරු ; ඒ මත කටයුතු කරන්න ඇති කියා මම හිතනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; E01 ක්‍රමවේදය ඔස්සේ යමින් ඖෂධ භාර ගැනීම ඔබ පුද්ගලිකව කළාද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇණවුමක් ඉදිරිපත් වුනාම තමයි ප්‍රසම්පාදන කටයුතු කරන්නේ කියා ඔබ කිව්වා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලාට උපදෙස් ලැබුණේ ප්‍රසම්පාදනයටයි. ප්‍රධානය කළාට පසු ඇනවූම කරන්නේ ඇයි කියා දන්නවද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනී
විනිසුරු ; ඇණවුම් ලැයිස්තුවක් හදන්නේ ඇයි?
සාක්ෂිකරු ; spc එකට අදාලව පිරි විතර නිකුත් කර මිල කැඳවනවා
විනිසුරු ; අවශ්‍යතාව මතද?
සාක්ෂිකරු ; ඔව් ස්වගිරිහාගම
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 3 චූදිත හා 7 චූදිත ප්‍රශ්න කළා වාචික උපදෙස් ගැන. ඔබ මේ ලිපියේ උපදෙස් ප්‍රකාරව ඇනවුම් ලැයිස්තු සකස් කළා කීවා. පැ 291 MSD V ආවෙ කොහෙන්ද කියන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; බැහැ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; check by කියන තැන අත්සන් කරද්දි MSD V ආවෙ කොහොමද කියලා කිව්වෙ නැද්ද?
සාක්ෂිකරු ; V අක්ෂරය නියෝජ්‍ය අධ්‍යක්ෂ ගේ උපදෙස් මත හැදුවේ. ලෝකල් කැටගරියට ඇතුල් කරන්න කියා උපදෙස් දුන්නා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 7 චූදිත විසින් ලබා දුන් උපදෙස් මත 305, 306, 307 ලේඛනවලට 'V' අක්‍ෂරය ඇතුළත් කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට පුළුවන්ද කියන්න ඇනවුම් දැම්මේ මොන පදනමින්ද කියා?
සාක්ෂිකරු ; උපදෙස් පරිදි
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; MSD මඟින් ඇනවුම් ඉදිරිපත් කරද්දී ලැබේවකැටගරිය සිතනා තොග ගැන නොසලකා කටයුතු කරන්න කියා කී නිසා එසේ කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අතේ ඇති හා ලැබෙතැයි සිතන තොගය සලකා බලනවා. මේ අවස්ථාවේ තොග පාලන නිලධාරීන් විනය පරීක්ෂණවලට ලක් වුණාද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 291 හැදුවේ පැ 306 මිනිට් එක ප්‍රකාරවය කිව්වා මතකද.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 308 ලේඛනය හැදුවේ ඔබද?
සාක්ෂිකරු ; නැහැ
(3V8 සටහනට සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ සටහන 5 චූදිත තබා ඇතැයි පිළිගත්තා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි දකුණු පැත්තේ ඇති අත්සන කාගෙද?
සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායකගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 3V8 මිනිත් සටහනට අදාලව අනුමැතිය ලබා ගැනීම සිදුවන්නේ වමේ සිට දකුණටද දකුණේ සිට වමට ද?
සාක්ෂිකරු ; වමේ සිට දකුණට
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ADC කියන තැන අත්සන කාගෙද?
සාක්ෂිකරු ; සොලමන්ස් මහත්මියගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනට කලින් ලියා ඇති දේ බලන්න
සාක්ෂිකරු ; toto fill the spc supply gap due to the essential item කියා ලියා තියෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වැඩ බලන අධ්‍යක්ෂ ඉන්පසු කියනවා ඔබේ අත්සනට හා අනුමැතියට යොදනවා කියා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහකාර අධ්‍යක්ෂවරයා අත්සන් කරල
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඉන්පසු කපිල වික්‍රමනායක වෛද්‍යවරයා අත්සන් කරලා
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔය කියන විදියේ ගැප් එකක් ජනවාරි 12 සිට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි යන කාලයේ තිබිලා තියෙනවද?
සාක්ෂිකරු ; මාසික අවශ්‍යතාව ලැබී තිබුණා. මාසික අවශ්‍යතාව 7500 යි. 5/31 දිනට 11440ක් තිබිලා තියෙනවා. ජනවාරි 30න් පසු තොග දෙකක් ලැබී තිබෙනවා. මාසික අවශ්‍යතාවයට වැඩිය තිබෙනවා. ඒ අනුව සප්ලයි ගැප් එකන් නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 291 ප්‍රකාරව තමයි පැ 310 සැකසුනේ කියා ඔබ පිළිගත්තා
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 310 ලේඛනය සඳහා පුද්ගලිකව දායක වුණාද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය. ; එහෙම කියන්නේ කොහොමද?
සාක්ෂිකරු ; නොවැම්බර් මාසයේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අත්දැකීම් පදනම් කරගෙන සාක්ෂි දුන්නා. ගැනුම් ඇණවුම් ගැන අවබෝධයක් නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කරුණාකර අධිකරණයට කියන්න පැ 294 ලේඛනයේ සෞඛ්‍ය ලේකම් යැවූ ලිපියට අදාලව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 22500ක් ඇමරිකානු ඩොලර් 130 ක් සඳහන් කර ඇති සැපයුම්කරු කවුද කියා?
සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා Ag LTD
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 310 බලන්න. එය කාටද නිකුත් කර තිබෙන්නේ?
සාක්ෂිකරු ; අයිසොලස් බයෝ ෆාමා Ag
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබද මේ ලියුම හැදුවේ
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලියුම් දෙක හැදුවේ එක ආයෙක් නෙවෙයි කියා දන්නවද?
සාක්ෂිකරු ; ඔව් එකක ltd නැහැ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 191, 192, 193, ලිපි වලට අනුව අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ලිමිටඩ් ද Ag ද ලියුම ඉදිරිපත් කරන්නේ?
සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා. නමුත් ලිපි ශීර්ෂයේ Ag තිබෙනවා.
පැමිණිල්ලේ හරස් ප්‍රශ්න තවදුරටත් විමසීමට නියමිතය. ජූලි 8වැනිදා යළි මෙම නඩුව විභාග කෙරේ.



