ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 20 දෙනෙකු මිය ගොස් ඇති අතර හමාස් සහ ඊශ්‍රායලය එකිනෙකා සටන් විරාමය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ගනිමින් සිටියී. කෙසේ වෙතත් සටන් විරාමය තවමත් පවතින බව එක්සත් ජනපදය අවධාරනය කරයි.
දකුණු රෆා හි ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පලස්තීනයේ ගාසා තීරය වෙත “බලවත්” ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් පසුව, ඊශ්‍රායල හමුදාව ගාසා තීරය පුරා දියත්කළ ප්‍රහාරවලින් මෙම පලස්තීනුවන් 20 දෙනා ඝාතනය වී ඇති අතර, එහිදී එක් ඊශ්‍රායල සොල්දාදුවෙකු තුවාල ලබා ඇත.
පසුගිය ඔක්තෝබර් 10 වන දින යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයේ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව පසුගිය අඟහරුවාදා ප්‍රහාර එල්ල වූයේ නැවත එම ප්‍රචණ්ඩත්වයේ වඩාත්ම කැපී පෙනෙන පිපිරීම ලෙසය.
හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන කසාම් බ්‍රිගේඩ්ස්(Qassam Brigades), අංශය පවසන්නේ ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කළ අතර, ඔවුන් අතුරුදහන් වූ සිරකරුවෙකුගේ මළ සිරුර භාරදීමට සැලසුම් කර ඇති බව ද පැවසීය.තවදුරටත් මෙසේ සටන් වරාමය නොතකා ප්‍රහාරයන් එල්ල වුවහොත් “මළ සිරුරු සෙවීම, කැණීම් සහ නැවත ලබා ගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වනු ඇති අතර, එමඟින් මළ සිරුරු සොයා ගැනීම ප්‍රමාද වනු ඇත” යනුවෙන් ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත.
වොෂින්ටන් ඩීසී හි දී, එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අවධාරණය කළේ දෙපාර්ශ්වය විසින්ම සටන් විරාමය උල්ලංඝනය කිරීම් සිදු කර බවය. ඔහු තවදුරටත් පවසා සිටියේ සටන් විරාමය තවමත් ක්‍රියාත්මකව පවතින බවයි.
“එයින් අදහස් කරන්නේ එහි කුඩා ගැටුම් ඇති නොවන බව නොවේ,” යන්න වැන්ස් කැපිටල් හිල් හි වාර්තාකරුවන්ට පැවසීය.
“හමාස් සංවිධානය හෝ ගාසා තීරයේ සිටින වෙනත් අයෙකු ඊශ්‍රායල් සොල්දාදුවෙකුට පහර දුන් බව අපි දනිමු. ඊශ්‍රායල ජාතිකයන් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු, නමුත් එය නොතකා ජනාධිපතිවරයාගේ සාමය පවතිනු ඇතැයි මම සිතමි.” යනුවෙන්ද ඔහු පැවසීය.
මේ අතර රෆා ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එල්ලවන චෝදනාව ඔවුන් ප්‍රතික්ෂේප කරයි.
පිළිතුරු ලබාදීමේ අයිතිය
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

