හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දුන්නේය.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමට ද මෙහිදී අවසර හිමි විය.
මනූෂ නානායක්කාරට එරෙහිව විමර්ශනයට හේතු වූ කරුණු
අධිකරණයේදී කරුණු දැක්වූ පොලිසිය සඳහන් කළේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ මනූෂ නානායක්කාරට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බවයි.
මනූෂ නානායක්කාර මහතා විසින් 2011, 2013, 2015 සහ 2022 යන වර්ෂවලට අදාළව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ‘දූෂණයට සහ අල්ලසට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ බැංකු ගිණුම් වාර්තා කැඳවයි
හිටපු අමාත්‍යවරයා සතු බැංකු ගිණුම්වල සිදුව ඇති ගනුදෙනුවල ස්වභාවය පරීක්ෂා කිරීම සඳහා එම ගිණුම් වාර්තා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දී තිබේ.



