Latest Posts

හිටපු ඇමති එස් බී නීති විරෝධීව  දියවන්නාවේ ගොඩ කළපහත්  බිම් අක්කර තුන සමාගමකට විකුනන් සැලසුමක්

හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා සිය බලය යොදමින් මිටවසර විස්සකට පෙර කෝට්ටේ රණවිරු ප්‍රභාත් මාවතේ නීතිවිරෝධීව   දියවන්නාව අවට කඩොලාන ශාඛ පද්දතිය සහ වගුරුබිම් විනාශ කරමින්  ගොඩකරන ලද අක්කර තුනක (3) ක පමණ  බිම් ප්‍රමාණය සමාගකට අලෙවි කිරිමට සැලසුම් කර ඇති බවටතොරතුරු වාර්ථාවේ.

 මෙයට අවුරුදු කීපයකට පෙර ( හිටපු ජනාධිපති චන්ද්‍රිකාකුමාරතුංග යුගයේදී ) හිටපු අමාත්‍ය S B දිසානායක විසින් සියඅමාත්‍ය බලය යොදවා නීති විරෝධීව   දියවන්නාව අවටකඩොලාන ශාඛ පද්දතිය සහ වගුරු බිම් විනාශ කරමින්  අක්කරතුනක (3) ක පමණ  බිම් ප්‍රමාණයක් අනවසරයෙන් ගොඩකරගෙන ඇත. කෝට්ටේ රණවිරු ප්‍රභාත් මාවතේ පිහිටා මෙඉඩමට වරිපනම්අංකය 126/15  යටතේ  නගර සභාව විසින් එය රුපියල් 52,066 කට තක්සේරු කර ඇති අතර වරිපනම් ලෙස කාර්තුවකට රුපියල්2733.47 බැගින් වර්ෂය සඳහා රුපියල් 10933.88 අය  කරගනඇත.

දිසානායක මහතාට ඉහත ඉඩමේ ඇති නියම අයිතිය වන්නේඔහුගේ මාමණ්ඩිය වන සිය බිරිඳ වන තමරා දිසානායකගේපියාගේ නමට ලියා ඇති බව සදහන්වේ.ඒ  අවට සිටි  අනවසරපදිංචි කරුවන්ගෙන් ලියාගත් පර්චස් හතක (07) බිම් ප්‍රමාණයපමණී . අදාළ පදිංචිකරුවන්ට  හිටපු ඇමති දිසානායක විසින්බියගම ප්‍රදේශයේ රජයේ වියදමින් ඉඩම් ලබා දී ඇත. මොහුටබලය උපරිමව තිබු අවධියේ පර්චස් හතක (07) අයිතිය ඇතිඉඩම අක්කර තුන (03) දක්වා ගොඩකර එයට හොර ඔප්පුපමණක් නොව පිබුරු පත්  පවා වංචනික ලෙස සදා ගෙන ඇත. එදා මෙදා තුර නාගරික සංවර්ධන අධිකාරිය (UDA ) , ඉඩම්ගොඩ කිරීමේ මණ්ඩලය , වන ජීවී දෙපාර්තමේන්තුව  හෝ  පරිසර අධිකාරිය  යන රජයේ ආයතන කිසිවකකින් මේ සදහාඅනුමැතිය ලබා ගෙන නොමැත.

මීට වසර කීපයකට පෙර මෙම ඉඩමෙන් පර්චස් විසි පහක් (25) පමණ කෝට්ටේ ප්‍රදේශයේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ඇමතිවරයෙකුගේ මස්සිනා කෙනෙකුට මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා විකුණා ඇත. මොහු විසින් එම ව්‍යාපෘතිය ආරම්භ කරනුලැබුවත් එයට පිවිසීමට මාර්ගයක් නැති කමින් අවශ්‍ය අනුමැතියනොලැබීම හේතුවෙන් ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුව  ඇත.

මේ  අතර කාලයේදී හිටපු ඇමැති දිසානායක මහතාගේවැඩිමහල් පුත් නාරද  දිසානායක විසින් මෙහි කාර් රේස් ධාවනපථයක් පවත්වාගන යනු ලබයි. මෙම ඉඩමේ ඇති සියළුම බඩු  භාණ්ඩ  දිසානායක මහතා සහඔහුගේ බිරිඳ පැමිණ විශාල ලොරි වලින් බත්තරමුල්ලකොබ්බැකඩුව මාවතේ ඇති ඔවුන්ගේ ගෙදරට රැගෙන ගොස්  ඇත. මොවුන් දෙදෙනා මෙම ඉඩමට අවශ්‍ය ප්‍රවේශය මාර්ගයලබා ගැනීම සඳහා අවට ඇති ඉඩම් කිහිපයක් මිලදී ගැනීමකටයුතු කරමින් සිටින බව වාර්ථාවේ.

ප්‍රවේශය මාර්ගයට ඉඩම් මිලදී ගැනීම සඳහා පමණක් දැනටරුපියල් ලක්ෂ දෙදාහක් (2000) පමණ වියදමක්  දරා ඇති අතරහෝමාගම  පදිංචි ආනන්ද මාතරආරච්චි නැමැතිමිනින්දෝරුවරයෙකු ලවා යෝජිත ඉඩමේ සහ ප්‍රවේශ මාර්ගයසඳහා මිලදී ගත්  ඉඩම් වල මැනුම් කටයුතු සිදු කරන බවසදහන් වේ.

නව රජය බලයට පත් වීමත් සමග මෙම ඉඩමේ සියලු තොරතුරුහෙළිවී ඉඩම රාජ්‍ය සන්තක වේ යයි බියට පත් වී ඇති මොහුමෙය ප්‍රකට ඉඳිකිරීම් සමාගමකට විකුණා දැමීමට සැලසුම් කර ඇත.

Latest Posts

spot_imgspot_img