Latest Posts

බැසිල්ට දැල එළයි: නඩු ගොනු නීතිපති අතට – රතු නිවේදනයෙන් ලංකාවට කුදලාගෙන එන්න සූදානම්!

යහපාලන සමයේ මෙන්ම පසුගිය පාලන කාලවලදීත් නීතියෙන් රිංගා යමින් රටේ සම්පත් සූරා කෑ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ කෙරුවාවන් හමාර කරන්නට වත්මන් රජය දැවැන්ත නීතිමය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, බැසිල් රාජපක්ෂට එරෙහිව මෙතෙක් සිදු කළ සියලු විමර්ශනවලට අදාළ නඩු ගොනු සහ ලිපි ලේඛන කඩිනම් අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කළේය.

සංචාරක අරමුදල් ගිල දැමීමේ චෝදනාව

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති බරපතළ චෝදනාවකට අදාළව බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබුණි.

ඉන්ටර්පෝල් රතු නිවේදනයෙන් මෙරටට කුදලාගෙන ඒමේ සූදානමක්

විදේශගතව සැඟව සිටිමින් මෙරට නීතියෙන් ගැලවීමට දරන උත්සාහය ව්‍යර්ථ කරමින්, ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ඔහුට එරෙහිව රතු නිවේදනයක් (Red Notice) නිකුත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද අධිකරණය බලධාරීන්ට තරයේ දැනුම් දී ඇත.

CIDය අධිකරණය හමුවේ තැබූ සාක්ෂි මත පදනම්ව මෙම නියෝග ලබා දී ඇති අතර, නීතිය නමමින් මෙතෙක් කල් ගෙන ගිය දේශපාලන රැකවරණ යුගය අවසන් කරමින් බැසිල් රාජපක්ෂ මෙරටට ගෙනැවිත් කූඩු කිරීමේ සැලසුම මේ වන විට වේගවත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.

Latest Posts

spot_imgspot_img