විශේෂ දේශපාලන වාර්තාකරු – HariDeshayaLk
පාර්ලිමේන්තුවේ ගෞරවය, ප්රජාතන්ත්රවාදී සම්ප්රදායන් මෙන්ම ව්යවස්ථාපිත ආචාරධර්ම අමු අමුවේ කෙලෙසමින් කටයුතු කරන බවට චෝදනා කරමින් කතානායක ආචාර්ය ජගත් වික්රමරත්නට එරෙහිව සමගි ජන බලවේගය ගෙනා විශ්වාසභංග යෝජනාව, විවාදයට නොගෙන ‘දින නියමයක් නොමැතිව’ යට ගැසීමේ දැවැන්ත දේශපාලන ‘ඩීල්’ එකක් කරළියට පැමිණ තිබේ.

(SLLeader.lk වාර්තා කළ පරිදි) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය විසින් දැමූ ලණු ගිල දැමූ බලධාරීන් පෙන්වා දෙන්නේ, යෝජනාවේ ඇතැම් තාක්ෂණික කරුණු නිරාකරණයට නීතිපති උපදෙස් අවශ්ය බවයි. එහෙත් සැබෑ යථාර්ථය එය නොවන බවත්, විවාදයකට මුහුණ දී සභා ගර්භය තුළ රෙදි ගැලවී ආණ්ඩුව නන්නත්තාර වීම වළක්වා ගැනීමට කතානායකවරයාට ගෞරවනීය ලෙස ‘ඉල්ලා අස්වීමේ පසුපස දොරටුව’ විවර කර දීම මෙහි සැබෑ අරමුණ බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
චෝදනා ඔප්පු වී හමාරයි: කතානායක පුටුවෙන් පන්නන්න ආණ්ඩුවෙන්ම බලපෑම්!
විශ්වාසභංගයේ අඩංගු චෝදනා හුදු විපක්ෂයේ මඩ ගැසීම් නොවන බවත්, කතානායක ආචාර්ය ජගත් වික්රමරත්න අතින් සැබැවින්ම සිදු වූ බරපතළ ව්යවස්ථාපිත හා පරිපාලනමය වැරදි බව මේ වන විටත් තහවුරු වී හමාරය.
කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම ගෙන ගිය ඒකාධිපති සහ පක්ෂග්රාහී හැසිරීම් හමුවේ සභාව තුළ විවාදයක් පැවැත්වුවහොත් ආණ්ඩුවේ නිරුවත මහජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම හෙළිදරව් වනු ඇත. එබැවින් විවාදයක් දක්වා ගොස් ආණ්ඩුව තවදුරටත් අපහසුතාවට පත්වීම වැළැක්වීමට නම්, වහාම කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම බලධාරීන්ගෙන් ඔහුට මේ වන විටත් දැඩි පීඩනයක් හා බලපෑමක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
HariDeshayaLk Exclusive: පුද්ගලික හමුවකදී ප්රබල ඇමතිවරයෙක් අපේ ජ්යෙෂ්ඨ නියෝජිතයා හමුවේ සියල්ල වමාරයි!
මේ අතර, කතානායකවරයාගේ අත්තනෝමතික හැසිරීම පාර්ලිමේන්තු පරිපාලන ව්යුහය පවා බරපතළ අර්බුදයකට ඇද දමා ඇති අයුරු පිළිබඳව අතිශය තීරණාත්මක තොරතුරු රැසක් ‘HariDeshayaLk’ මාධ්ය කණ්ඩායමේ ජ්යෙෂ්ඨ නියෝජිතයෙකු වෙත විශේෂ හෙළිදරව්වක් කරමින් ආණ්ඩුවේ ප්රබල අමාත්යවරයෙකු විසින් අනාවරණය කර තිබේ. අපේ ජ්යෙෂ්ඨ නියෝජිතයා සමඟ පැවති අතිශය පුද්ගලික හා රහසිගත හමුවකදී එම ප්රබල අමාත්යවරයා මේ බව හෙළි කර ඇත.
ආණ්ඩුවේ ඉහළම අභ්යන්තරය දෙදරුම් කවමින් අප වෙත හෙළිදරව් වූ එම කරුණු මෙසේය:
- මහලේකම්වරියට කළ පහත් අපහාසය: පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියගේ ස්වාධීන රාජකාරිවලට කතානායකවරයා දිගින් දිගටම අනවශ්ය ලෙස අතපොවමින් බලපෑම් කර ඇති අතර, තම පෞද්ගලික ලේකම් ඉදිරියේ ඇයට අතිශය අපහාසාත්මක හා නින්දාසහගත අයුරින් කටයුතු කර තිබේ.
- පිටු 12ක ලිපිය සෘජුවම ජනපති අතට: මෙම දරාගත නොහැකි පරිපාලනමය තර්ජන සහ තමන්ට එල්ල වන පීඩනය පිළිබඳ සිය දැඩි කනස්සල්ල පළ කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් පිටු 12කින් සමන්විත දීර්ඝ රහස් ලිපියක් සෘජුවම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
- ඇමති මිතුරන් දෙදෙනා ඉදිරියේ ජනපති දැක්වූ දැඩි පිළිකුල: මෙම පිටු 12ක ලිපිය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා අතිශය කෝපයට පත්ව ඇති බව අප වෙත කතා කළ ප්රබල ඇමතිවරයා පැවසීය. ජනාධිපතිවරයා විසින් එම ලිපිය, ආණ්ඩුවේ ප්රබල ඇමතිකම් දරන කතානායකවරයාගේ අධිජාත මිත්රවරුන් දෙදෙනා වෙත පෙන්වා ඔවුන්ව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. එපමණක් නොව, “මහලේකම්වරියට මේ විදිහට අපහාසාත්මකව කටයුතු කරන වැඩවලට මම කොහෙත්ම කැමති නැහැ… කාන්තාවන්ට මෙහෙම සලකන පහත් මානසිකත්වයක් තියෙන මෙහෙම මිනිහෙකුද අද කතානායක පුටුවේ ඉන්නේ?” යනුවෙන් ප්රශ්න කරමින් ජනාධිපතිවරයා සිය දැඩි අප්රසාදය, කනගාටුව සහ කලකිරීම එම ඇමති මිතුරන් දෙදෙනා ඉදිරියේ කෙළින්ම ප්රකාශ කර ඇත.
- මාලිමාවේ කාන්තා මන්ත්රීවරියන්ගේ විරෝධය: මේ අතර, රාජ්යයේ ඉහළම තනතුරක් දරන කාන්තාවකට තම කාර්යාලය තුළදී කතානායකවරයා මෙලෙස නින්දාසහගත ලෙස සැලකීම පිළිබඳ තොරතුරු දැනගත් ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) කාන්තා මන්ත්රීවරියන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් සිය දැඩි පිළිකුල සහ කනගාටුව පළ කරමින් විරෝධය පා ඇති බව වාර්තා වේ.
ස්වාධීන නිලධාරිනියක් මෙල්ල කිරීමට දැරූ මේ පහත් ක්රියාව හමුවේ, කතානායකවරයා රැකීමට ගිය ඇමති මිතුරන්ටද ජනාධිපතිවරයා ඉදිරියේ නිරුත්තර වීමට සිදුව ඇති අතර, කතානායකගේ පුටුව මේ වන විටත් දෙදරුම් කා හමාරය.
නීතිපති පිට දමා ජනතාව ඇන්දවීමේ සූක්ෂ්ම උප්පරවැට්ටිය
ප්රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක පවසන්නේ නීතිපතිගේ උපදෙස් ලැබුණු පසු විවාදය සඳහා දිනයක් තීරණය කරන බවයි. නමුත් මෙහි ඇති සැබෑ කුමන්ත්රණය වන්නේ නීතිපතිගේ නම ඉදිරියට දමා ජනතාව අන්දවමින්, කතානායකවරයාට ගෞරවනීය ලෙස පැන යෑමට අවශ්ය තරම් කල් මරා ගැනීමයි.
නියෝජ්ය කතානායක ආචාර්ය රිස්වි සාලිහ්ගේ ප්රධානත්වයෙන් පසුගිය සිකුරාදා (16) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ලබන සතියේ න්යාය පත්රය සකස් කර ඇත්තේ මෙම බරපතළ ප්රජාතන්ත්රවාදී අර්බුදය සිතාමතාම යටපත් කරමිනි.
ඔක්තෝබර් 20 – 23 පාර්ලිමේන්තු න්යාය පත්රය: කතානායකගේ ගැලවීමේ සතිය
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර නිවේදනය කළ පරිදි එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ කාලසටහන පෙළගස්වා ඇත්තේ පහත පරිදිය:
- දෛනික කාලසටහන: සෑම සභා වාරයක්ම පෙ.ව. 9.30 ට ආරම්භ වේ. 9.30 – 10.00 ස්ථාවර නියෝග 22(1 සිට 6) කටයුතු සඳහාත්, 10.00 – 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහාත්, 11.00 – 11.30 ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහාත් වෙන් කර ඇත.
- ඔක්තෝබර් 20 (අඟහරුවාදා): පෙ.ව. 11.30 – ප.ව. 5.30: විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීම.
- ඔක්තෝබර් 21 (බදාදා): පෙ.ව. 11.30 – ප.ව. 5.00: රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ වන යෝජනාව සහ පරිපූරක ඇස්තමේන්තුව විවාද කර සම්මත කිරීම. ඉන්පසු ව්යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කිරීම සහ ප.ව. 5.00 – ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න.
- ඔක්තෝබර් 22 (බ්රහස්පතින්දා): පෙ.ව. 11.30 – ප.ව. 5.00: වස, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනත සංශෝධන පනත් කෙටුම්පත් දෙක (බිල්පත් 79 සහ 80) දෙවන වර කියවීම. ව්යවස්ථාපිත ආයතන පහක වාර්තා අනුමත කිරීමෙන් පසු ප.ව. 5.00 – ප.ව. 5.30 දක්වා විපක්ෂයේ සභාව කල් තැබීමේ යෝජනාව.
- ඔක්තෝබර් 23 (සිකුරාදා): පෙ.ව. 11.30 – ප.ව. 5.00: ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම. ප.ව. 5.00 – ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂයේ සභාව කල් තැබීමේ යෝජනාව.
විශ්වාසභංගයෙන් බේරීමට නීතිපතිගේ නම පලිහක් කරගෙන පැන යෑමට හැදුවද, පාර්ලිමේන්තු මහලේකම්වරියට කළ පහත් අපහාස පිළිබඳ පිටු 12ක ලිපිය හමුවේ “මෙහෙම මිනිහෙකුද කතානායක පුටුවේ ඉන්නේ” කියා ජනාධිපතිවරයා පවා ඇමති මිතුරන් දෙදෙනා ඉදිරියේ දැඩි පිළිකුල පළ කිරීමත් සමඟ කතානායක ජගත් වික්රමරත්නගේ සියලු දොරවල් වැසී අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ විවාදයකට මුහුණ දී පාර්ලිමේන්තුව තුළම නිරුවත් වනවාද, නැතහොත් ඊට පෙරම ලජ්ජා නැතිව පුටුව අතහැර පලා යනවාද යන්න පමණි.



