Sunday, April 19, 2026
spot_img

Latest Posts

ඩීසල් බැරලයෙන් මතුවන බිලියන 4.8 ක ප්‍රශ්නාර්ථය: හදිසි අවශ්‍යතාවක්ද? නැතහොත් සැලසුම් සහගත පාඩුවක්ද?


පූර්විකාව:
රටක බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයක මූලික වගකීමක් වුවද, ‘හදිසි මිලදී ගැනීම්’ යන ලේබලය යටතේ මහජන මුදල් අවභාවිත වන්නේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෑතකදී මෙරටට ගෙන්වන ලද ඩීසල් නැවක් සඳහා ලෝක වෙළඳපොළේ පවතින සාමාන්‍ය වාරික (Premium) අගය ඉක්මවා අතිවිශාල මුදලක් ගෙවීමට සිදුවීම හරහා රුපියල් බිලියන 4.8 කට අධික මූල්‍යමය බරක් රටට පැටවී ඇති බව මෙම ලිපියෙන් පෙන්වා දෙයි. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ‘මුහුදේ යන නැව්’ හරවා ගනිමින් සිදුකරන මෙම ගනුදෙනු පිටුපස පවතින තාක්ෂණික සහ පරිපාලනමය ගැටලු මෙන්ම, මෙහි වගකීම දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිදුකරන මෙම තර්කානුකූල අනාවරණය මෙරට දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්විය යුතු කරුණකි.


ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් හා එහි බලපෑම ගැන සංවාදයට විවෘත කිරීමට මෙය ලියන්නෙමි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකාරුණාගේ අප්‍රේල් 17 ප්‍රකාශයට අනුව, මාර්තු 31 සහ අප්‍රේල් 7 ලංකාවට ආපු නැව් දෙකේ දී ඩීසල් බැරල් එකකට ඩොලර් 285.28–288.06 අතර මිලක් ගෙවා ඇත. එ් අනුව HSBC ප්‍රධාන විධායක නිලධාරි CEO Georges Elhedery (අප්‍රේල් 14-16 හොංකොං ෆොර්ම් හි දී දැක්වූ “door-to-door” අදහස නිවැරදිය. ඇමති විජිත හේරත්ට අනුව එය මාර්තු 17 කැබිනට් අනුමැතිය සහිතව ලබාගත් ස්පොට් ටෙන්ඩරයකි. ඉන්ධන හිඟය නිසා හදිසි මිලදී ගැනීමක් ලෙස එය සිදු කර ඇත.

බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව මේ මිලදී ගැනීම 2026 අප්‍රේල් 2 (හෝ ආසන්නයේ) සිදු කර ඇත. ලංකාවට තෙල් නැවක් මිලදී ගත් විට ඇණවුම ලංකාවට පැමිණි දිනයට ආසන්නම දින 5 ක සිංගප්පුරුවේ වෙන්දේසි මිල පහෙන් බෙදලා (දින 5 ක සමාන්‍ය) අනුවයි. මේ ගණනය අනුව ඩීසල් බැරල් එකක මිල ඩොලර් 217.77 කි. (අපි ඩො. 218 ලෙස ගනිමු)

බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ‘ඩීසල් ඩොලර් 291 ට යද්දී තමයි අපි 286 ගත්තේ’ කියලා. එය සත්‍යයක් නොවේ. (කමෙන්ට් තීරුවේ තියෙනවා මිල දක්වා ඇත. (අප්‍රේල් 6 සිංගප්පුරුවේ වැඩිම ඩීසල් මිල ඩො. 232.57 වාර්තා විය)

මෙතන දුෂණයක්/වංචාවක්/පාඩුවක් වෙලා තියෙනවාද? යන්න සෙවිය යුත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නැතිනම් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්‍ මෙවැනි තත්වයක් දී අද වන විට දක්වන ප්‍රවේශයෙනි. [පරිපාලකයෙකු ලෙස මම මෙම ප්‍රවේශයට එකඟ නොවන නමුත්, අනාගතයේ දිනක කොමිසමක්, විමර්ශනයකින් සිදු වන්නේ මේ තර්කයෙනි]

යුද්ධය ඇරඹීමට පෙර සමාන්‍යයෙන් ප්‍රීමියම් එක ඩොලර් 4 යි. අපි 5 ක් කියමු. ලංකාව තෙල් ගන්නේ සිංගප්පුරුවෙන් නිසා ප්‍රවාහනය, රක්ෂණ වගේ බලපෑම ගල්ෆ් කලාපයට වඩා අඩුයි. අපි ඒක ඩොලර් 5 දෙගුණයක් කරලා ඩොලර් 10 කියමු.

මිල ඩොලර් 218 යි. අතිරේක ඩොලර් 10 = 228 යි. එයත් අපි ඩොලර් 230 යැයි ගණනය කරමු.

ගෙවා ඇති මිල ඩොලර් 286 යි. නමුත්, සාමාන්‍ය පැවතිය යුතු මිල ඩොලර් 230 යි.

වෙනස හෙවත් ප්‍රීමියම් එක ඩොලර් 56 යි.

මේ නැවේ තෙල් බැරල් 280,000 ක් ආවේ යැයි අනුමාන උපකල්පනයක් කරමු. (නැව මෙයට වඩා කුඩා නම් අගය මෙයට වඩා අඩු වනු ඇත)
ඩො. 56 X 280,000 = 15,680,000
අතිරේකව ගෙවා ඇති මුදල [Market premium එක ඉහළට ගිය නිසා රටට බර] = ඩොලර් 56 වරක් 280,000 වරක් (විනිමය අනුපාතය = 310)
ඩොලර් 15,680,000 X 310 = රු. 4,860,800,000
මේ අවම ගණනය අනුව ඩීසල් නැව මගින් රටට සිදුවන පාඩුව හෝ දුෂණය [පරිපාලන භාෂාවෙන් “Market premium එක ඉහළට ගිය නිසා රටට බර”] රුපියල් බිලියන 4.8 කි.

අද මේ රට පවතින තත්වය අනුව, රාජ්‍යයට වැදගත්ම දේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ (ඉන්ධන) සැපයීම ය. නමුත්, විමර්ශකයින්ගේ වගකීම තෙල් හිඟය නොව, ගණුදෙනුවේ දී වංචාවක් සිදුව ඇති දැයි සොයා බැලීම ය. අද වන විට ටෙන්ඩරයක් පිරිනැමිය නොහැකි තැනකට, තාක්ෂණික කමිටුවක් පත් කර ගත නොහැකි තැනකට, පාලකයින්ට -- ආණ්ඩුකරණය කළ නොහැකි රටක් බවට පත්ව ඇත්තේ -- මේ නිසාය.

මෙතැනි යම් දුෂණයක්/වංචාවක්/අගතියක් [පරිපාලන භාෂාවෙන් “Market premium එක ඉහළට ගිය නිසා රටට බරක්”] සිදුව ඇතිදැයි කියන චිත්‍රය සම්පූර්ණ වන්න නම්, මෙවැනි වංචාවකට මාර්ග පෑදුණු ක්‍රමය කුමක්දැයි වැදගත් ය. එය, විජිත හේරත් අමාත්‍යවරයා ඊයේ පුවත්පත් සාකච්ඡාවේ දී පැහැදිලි කළ. -- මුහුදේ යමින් තියෙන නැවක්, වුතත් හරවා ලංකාවට ගෙන්න කැබ්නට් මණ්ඩලය අනුමැතිය දුන්නා. -- යන කරුණ ලෙස විමර්ශකයින් නොදකී ද? අනෙක් අතට, අල්ලස් කොමිසම කැබිනට් තීරණ පවා ප්‍රශ්න කරන පූර්වාදර්ශයක් මේ වන විටත් ලබා දෙමින් ඇති බව අමතක නොකළ යුතුය.

අනෙක් අතට, විමර්ශනයක දී ‘ලංකාව කලින් ඇණවුම් කළ (ටර්ම් ටෙන්ඩර්) ඩීසල් නැව දිවයිනට නොපැමිණෙන අතර, ස්පොට් ටෙන්ඩර් එකක් කැඳවනු ලබනවා. ‍ටර්ම් (ලොකු) ටෙන්ඩරේ බඩු වෙනුවට ස්පොට් ටෙන්ඩර් එකට ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රීමියම් එක (ඒ කියන්නේ වෙනදා ඩොලර් 4 ක් 5 ක් වුණ යුද්ධයට පෙර පැවති ප්‍රිමියම් එක වෙනුවට ඩොලර් 50 ඉක්මවනව ප්‍රීමියම් එකකට ටෙන්ඩර් එක යනවා.

කලාපයේ තෙල් මිල ප්‍රීමියම් එක ගැන යථාර්ථය තමයි ඩොලර් 40 – 45 කින් ඉහළ යාම. මාර්තු 17 ටෙන්ඩරයේ සියළුම සමාගම් ඩීසල් සඳහා ඉදිරිපත් කර ඇති උපරිම ප්‍රීමියම් එක ඩොලර් 43 කි. (ඇමුණුම බලන්න)
“Market premium එක ඉහළට ගිය නිසා රටට බර] රු. බිලියන 4.8 ක පාඩුවක් සිදුව ඇත. එය දුෂණයක් හෝ වංචාවක් ද, නැතිනම් අර්බුදය හේතුවෙන් අතරමැද සැපයුම්කරුවෙකු ලබාගත් ලාභයක් ද යන්න හෙළිකර ගත හැක්කේ අනාගතයේ විමර්ශනයකට පමණී.

ඇමරිකාව - ඊශ්රායලය ඉරානයට පහරදීම මගින් ඇතිවූ තත්වය නොවන්නට සිංගප්පුරු තෙල් වෙළදාමේ මෙවැනි උච්චාවචනයක් ඇති නොවන්නේය.

කතාව සරළව
ඩොලර් 286 ට ඩීසල් මිලදී ගෙන තිබේ ද? ඔව්
එය වෙළඳ පොල මිලට වඩා වැඩි ද? ඕව් ගොඩක් වැඩියි.
එම මිලදී ගැනීම සිදු කළ යුතුව තිබුණා ද? ඔව්. නැතිනම් තෙල් හිඟයක් ඇති වන්නට තිබුණා.
හිඟයක් ඇතිවුණේ කොහොමද? ටර්ම් ටෙන්ඩරයේ ඩීසල් ලැබුණේ නැති නිසා. හැබැයි ගිවිසුම උල්ලංඝනය ගැන කිසිම පියවරක් ගත් බව නම් තවම අනාවරණය වෙළා නෑ. (ගල් අඟුරුවලට නම් අවම වශයෙන් දඩයක් හෝ ගැහුවා)
ප්‍රීමියම් එක වැඩී ද? ඔව්. ලෝකයේ මට්ටමට, ආසියානු කලාපයේ මට්ටමට වඩා වැඩියි
පාඩූවක් වෙළා තියෙනවා ද? ඔව්
දුෂණයක් වෙලා තියෙනවා ද? විමර්ශනයකින් තීරණය කළ යුතුයි
ආණ්‍ඩුව හෙළිකළ යුතුයි. විපක්ෂය සොයාගත යුතුයි.
ටර්ම් ටෙන්ඩර් එකේ නැව වෙනුවට, පාරේ ගිය නැවක් වැඩි මිලට ගත්තා ද? ඔව්
මිලදී ගැනීමට වගකිව යුත්තේ කවුද? කියන හැටියට නම් කැබිනට් මණ්ඩලය -- අල්ලස් කොමිසමට කැබිනට් තීරණ ප්‍රශ්න කරන්න පුළුවන් කියන නිසා විමර්ශන කරන්න පුළුවන්

නැවේ සැපයුම්කරු කවුද? ආණ්ඩුවත්, විපක්ෂයවත්, දුෂණ විරෝධීන්වත් තවම සැපයුම්කරු කවුද කියලා වචනයක් කියන්නේ නෑ.

අර ඊයේ පුවත්පත් සාකච්ඡාව තිබපු ඇමතිවරු කිව්වා වගේ, හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි අමාත්‍යතුමා, අස්වුණු ලේකම්තුමා මේ වගේ වැඩක් අකටයුත්තක් කරයි කියලා හිතන්න බෑ.

ප්‍රශ්නය ‘මේ වගේ ගේමක් ගහන්න පුළුවන් කාටද’? කියන එකයි.


රජිත් කීර්ති තෙන්නකෝන්

Latest Posts

spot_imgspot_img