Latest Posts

Colombo Port City ‘Marina’ ව්‍යාපෘතිය – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟන නවතම පියවර

කොළඹ වරාය නගරයේ (Port City) මුහුදු තීරය ආශ්‍රිතව අලුතින්ම ආරම්භ කළ ‘ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබේ. මෙය හුදෙක් නිවාස සංකීර්ණයක් හැදීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම ව්‍යාපෘතිය රටට වැදගත් වන්නේ ඇයි?

මෙම සුඛෝපභෝගී නිවාස වැඩිපුර මිලදී ගන්නේ විදේශිකයන් සහ ආයෝජකයන් විසිනි. මේ හරහා රටට විශාල වශයෙන් ඩොලර් ලැබෙන අතර, එය අපේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට හොඳම විසඳුමකි.

මෙම ගොඩනැගිලි ඉදිකරන කාලය තුළ මෙන්ම, අනාගතයේදී එහි ඉදිවන හෝටල්, වෙළඳසැල් සහ සංචාරක සේවා හරහා ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා දහස් ගණනක් නිර්මාණය වේ. මේ දක්වා තේ සහ ඇඟලුම්වලට පමණක් සීමා වී තිබුණු ශ්‍රී ලංකාවේ නම, ඩුබායි සහ සිංගප්පූරුව වැනි නවීන සුඛෝපභෝගී නගර ලැයිස්තුවට එක්වීමට මෙය කදිම අවස්ථාවකී එමෙන්ම ‘ප්‍රයිම්’ (Prime) සහ ‘මෙල්වා’ (Melwa) වැනි ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් මීට සම්බන්ධ වීමෙන් පෙනී යන්නේ, වරාය නගරයේ අනාගතය පිළිබඳව ඔවුන්ට විශාල විශ්වාසයක් ඇති බවයි.

රජයේ කාර්යභාරය කුමක්ද?

මෙම ව්‍යාපෘතියෙන් රටට නියම ප්‍රයෝජන ගැනීමට නම්, පිටරටින් එන ආයෝජකයන්ට බියක් සැකක් නොමැතිව මුදල් යෙදවිය හැකි පරිසරයක් රට තුළ තිබිය යුතුය. ඒ සඳහා වෙනස් නොවන ස්ථාවර නීති රීති පැවතීම, ආයෝජකයන්ට පහසුවෙන් සහ ඉක්මනින් අනුමැතිය ලබාගත හැකි ක්‍රමවේදයක් රට තුළ තිබීම අත්‍යවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

පාලකයන් විසින් මෙය නිවැරදිව කළමනාකරණය කළහොත්, මෙම නව ‘Marina’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට යළිත් ඩොලර් ගෙන එන, රැකියා බිහිකරන සහ රටේ ආර්ථිකය නව මාවතකට ගෙන යන ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

Latest Posts

spot_imgspot_img