බැංකුවල මුදල් බලය සහ සමාජයීය බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන නිහඬ කිරීමට බැංකු පරිපාලනයන් ගන්නා නින්දිත උත්සාහය, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා තවදුරටත් කියා සිටියේ,
“මෙම බැංකු ක්ෂේත්‍රයේ සිදුවන මහා පරිමාණ වංචාවන් සහ සයිබර් ප්‍රහාර පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීම සඳහා, අදාළ බැංකු ආයතන විසින් ඉතාමත් නින්දිත උපක්‍රමයක් භාවිත කරමින් සිටිනවා. ඔවුන් තමන්ගේ මූල්‍ය බලය පාවිච්චි කරමින්, මාධ්‍ය ආයතන වෙත ලබාදෙන සාමාන්‍ය වාණිජ වෙළඳ දැන්වීම් (Commercial Advertisements) සහ ඒ සඳහා ගෙවන මුදල් අත්හිටුවන බවට තර්ජනය කරමින්, මෙම පුවත් යටගැසීමට දැඩි උත්සාහයක නිරත වෙනවා.”
බැංකු හොරුන්ගේ මූල්‍යමය තර්ජනවලට සහ සදොස් බලපෑම්වලට කිසිසේත්ම යටත් නොවී, රටේ මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටින ‘හරී දේශය’ (Hari Deshaya) ඇතුළු නිදහස් ඩිජිටල් මාධ්‍ය අවකාශයන් රටට කරන සේවය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේ දී මෙසේ විශේෂ ඇගයීමකට ලක් කළේය.
“නමුත් මම මෙහිදී සිහිපත් කළ යුතුමයි: රටේ පවතින මෙවැනි මූල්‍ය මංකොල්ලකෑම් සහ බැංකු පද්ධතියේ බිඳවැටීම් හමුවේ නිහඬව සිටීමට අකමැති, කොන්දක් ඇති, නිර්භීත විමර්ශනාත්මක මාධ්‍යවේදීන් (Brave Investigative Media Persons) m සහ නිදහස් මාධ්‍ය වේදිකාවන් අදටත් අප රටේ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ‘හරී දේශය’ (Hari Deshaya), ‘ශ්‍රී ලංකා මිරර්’ (Sri Lanka Mirror) සහ ‘ශ්‍රී ලංකන් ලීඩර්’ (SL Leader) වැනි ඩිජිටල් මාධ්‍ය ජාලයන් මෙම බැංකු පද්ධතියේ සිදුවන වංචා දූෂණ පිළිබඳව දිගින් දිගටම රටට සත්‍ය හෙළිදරව් කරමින් සිටිනවා.”

එබැවින්, වෙළඳ දැන්වීම් ආදායම් කපා හරිමින් ස්වාධීන මාධ්‍ය දඩයම් කිරීමේ මෙම ක්‍රියාවලිය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්, බැංකු පද්ධතිය ඇතුළේ සිදුවන මේ මහා පරිමාණ දූෂණයන් වැළැක්වීමට වත්මන් රජය ඍජුව මැදිහත් විය යුතු බවත් පවසමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
තම ආයතනයට එල්ල වන චෝදනාවලට ඍජුව සහ නොබියව මුහුණ දෙනවා වෙනුවට, මාධ්‍ය ආයතන වෙත ලබාදෙන වෙළඳ දැන්වීම් අහෝසි කරමින් පාරිභෝගික ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතියට බලපෑම් කිරීම ‘හරී දේශය’ ලෙස අප දැඩිව හෙළා දකින්නෙමු. තමන්ට එරෙහිව චෝදනා එල්ල වූ පළමු අවස්ථාවේදීම වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස ඔවුන් ක්‍රියා කළේ නම්, වර්තමානයේ සිදුව ඇති මෙම දැවැන්ත කඩාවැටීම මඟහරවා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණි.



