Saturday, April 4, 2026
spot_img

Latest Posts

The Substandard IVIG Scandal: State Officials Caught in the Crossfire as CID Lapses are Stripped Bare in Court

(Trial-at-Bar Analytical Review – March 24, 2026)

The high-profile Trial-at-Bar at the Colombo High Court, involving the misappropriation of over Rs. 140 million through the procurement of 6,195 vials of substandard Human Immunoglobulin (IVIG), has reached a critical juncture. The ongoing proceedings against former Health Minister Keheliya Rambukwella and 11 other defendants are increasingly exposing severe structural flaws within Sri Lanka’s criminal investigation mechanism, while simultaneously highlighting the extreme vulnerability of state officials navigating the judicial process.

An in-depth analysis of the March 23rd court records reveals several logical and legal focal points that are actively reshaping the trajectory of the trial.

1. The ‘Dream’ of Medical Reserves vs. Ground Reality Testifying before the court, Dr. Shirani Chandrika Wickremasinghe, Deputy Director General of Health Services, candidly noted that maintaining a three-month buffer stock of essential medicines remained a mere “dream” for health authorities, primarily due to the severe lack of secure storage facilities. This stark admission sets the essential backdrop of the case: a volatile environment plagued by dollar shortages and logistical crises, forcing public officials to execute emergency procurements under immense pressure.

2. The Defense’s Trump Card: Gross Negligence by the CID The most pivotal moment of the day occurred during the cross-examination led by Mr. Nuwan Jayawardena, counsel for the 6th accused, former Health Secretary Janaka Sri Chandraguptha. It was shockingly revealed in open court that the Criminal Investigation Department (CID) had recorded two separate statements from the key prosecution witness (on Jan 18 and Jan 29, 2024), but had only submitted one to the defense along with the indictment.

  • Legal Ramifications:

The defense swiftly capitalized on this, arguing a blatant violation of Section 52 of the Evidence Ordinance and the Code of Criminal Procedure. Denying the defense access to all statements severely infringes upon their fundamental right to build a comprehensive defense.

  • Prosecution’s Dilemma:

This omission caught the prosecution completely off guard. The Deputy Solicitor General (DSG) admitted her unawareness, stating, “Until the honorable court inquired, the prosecution did not know that this witness had given two statements.” Visibly frustrated by the investigating agency’s incompetence, she remarked, I do not like this at all, a statement that inadvertently highlighted the weakening foundation of the prosecution’s case.

3. The Psychological Toll on the Witness Stand The proceedings offered a rare glimpse into the intense psychological strain endured by state officials. Dr. Wickremasinghe actively requested the court’s permission to clarify her previous testimonies, stating, “I went home last Friday and thought about my testimony. I was worried my words might be misinterpreted.” This reflects the daunting reality for bureaucrats who, devoid of adequate legal counsel, face grueling cross-examinations where a single misplaced word regarding crisis-time decisions could be legally weaponized against them.

4. Chronological Discrepancies and Altered Signatures Defense attorneys are meticulously dissecting technical anomalies within the CID’s investigative notes.

  • Time Paradox:

The defense pointed out a glaring chronological error where the witness’s second statement was recorded as having commenced at 12:45 PM, yet she purportedly signed to verify its accuracy at 12:30 PM.

  • Documentary Inconsistencies:

The witness herself acknowledged a discrepancy in the signature on a copy of a vital reply sent to the Magistrate Court on Jan 16, 2023.

The defense is strategically utilizing these technical and administrative blunders to systematically dismantle the credibility of the evidence.

5. Bureaucrats in the Dark on Political Directives When questioned about a February 2022 meeting with the then Trade Minister (suspected by the witness to be Bandula Gunawardena) and Cabinet Memorandums from November 2022, the official admitted a stark lack of knowledge. Her response, “I know absolutely nothing about this Cabinet memo,” underscores a systemic issue: lower-tier officials are routinely tasked with executing high-level political and sub-committee decisions without being privy to the broader legal or strategic context.

Looking Ahead The mounting tension in the courtroom was palpable, perfectly encapsulated by the DSG’s sarcastic parting shot to a defense lawyer: “Hard to listen, and hard to bear, isn’t it?” However, the core takeaway from the March 23rd proceedings is undeniable. Regardless of the strength of the prosecution’s narrative, the CID’s glaring lapses in maintaining the chain of custody and proper documentation are handing the defense a massive strategic advantage. As investigative officers prepare to take the stand in the coming days, they will undoubtedly face a barrage of attacks based on these procedural loopholes. The court records make one thing chillingly clear: due to the sheer negligence of the investigative machinery, the real culprits behind a multi-million rupee health sector fraud might just find a legal avenue to walk free.

නඩු වාර්තාව
23/03/2026



ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආකාරයෙන් හෝ තොග පවත්වාගෙන යාම සෞඛ්‍ය බලධාරීන්ගේ එකම අභිලාෂය වුවත් එය යථාර්ථයක් බවට පත්  කර ගත නොහැකි සිහිනයක් පමණක් වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (23) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය. 


ඖෂධ රටට ආනයනය කරනුයේ සුරක්ෂිතව ඒවා ගබඩා කිරීමට ඇති ගබඩා පහසුකම් අනුව බවත් එහිදී ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී එම මහත්මිය ප්‍රකාශ කළාය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (23) කැඳවිණි. 

පැමිණිල්ලේ 203 වන සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ එම මහත්මිය ඊයේ (23) පස්වන දිනටත් විවෘත අධිකරණය හමුවේදී සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය. එම නඩුවේ, දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය කුසුම්සිරි රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි හංස විජේසිංහ මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ රවිහංස විජේසිංහ මහතා ;  10 වී 43 ලෙස නම් කර තිබෙන වෛද්‍ය සැපයුම් අංශ ලේඛනයේ 218 ලෙස නම්කර තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්  කියන ඖෂධ ඇත්තේ මාසයකට අඩු කාලයකට එනම් 018 කාලයකට ප්‍රමාණවත් වන අයුරින් පමණයි කියලා සඳහන් වෙනවා නේද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. මට ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට අවසර දෙන්න. මම පසුගිය සිකුරාදාත් උසාවිය හමුවේ සාක්ෂි දීල ගෙදර ගිහින් කල්පනා කළා. මම දෙන සාක්ෂි වැරදි ලෙස අර්ථකථනය වෙන්න පුළුවන් කියන එක. ඒ නිසයි ඒ ගැන පැහැදිලි කිරීමට ඔබතුමන්ලාගෙන් අවසර ඉල්ලා සිටින්නේ.  (සාක්ෂිකාරිය කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදීමෙන් පසුව ඇය පෙර සඳහන් කළ කරුණු දැක්වීම සිදු කළාය. 

පෙර සදහන් කළ 10 වි 43 දරන ලේඛනය විත්තියේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමෙන් අනතුරුව නීතිඥ රවි හංස විජේසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම අවසන් කළ අතර අනතුරුව හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; වෛද්‍ය තුමියනි ඔබතුමිය මෙම නඩුවට පාදක වූ විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීයක් දුන්නාද? 

සාක්ෂිකාරිය ; ප්‍රකාශ කීයක් දුන්නාද කියලා නම් මතක නැහැ. 

විත්තියේ නීතිඥවරයා ; ප්‍රකාශ ලබා ගැනීම සිදු කළේ ඔබතුමියගේ කාර්යාලයේදීද නැතිනම් සී.අයි.ඩී ය තුලදීද ? ඔබතුමිය ඒවා කියවා බලා අත්සන් කලානේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනි. මම අත්සන් කළා. ප්‍රකාශ ලබා ගත්තේ මගේ කාර්යාලය තුළදී.

විත්තියේ නීතිඥවරයා ; ස්වාමීනි පැමිණිල්ල විසින් විත්තියට පිටපත් ලබා දී තිබෙන්නේ ඇයගෙන් 2024.11.18 වැනිදා ලබාගත් ප්‍රකාශයේ පිටපත් විතරයි. නමුත් ඊට පසුවත් මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒකෙ පිටපත් විත්තියට දීලා නැහැ. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා කැඳවන්න පැමිණිල්ලට ලැබිලා තිබෙන්නෙත් එක ප්‍රකාශයක පිටපත් විතරයි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණ ශාලාව තුළට කැඳවා ප්‍රශ්න කරයි) මෙම සාක්ෂිකාරිය ප්‍රකාශ කීයක් ලබාදීලා තිබෙනවාද? 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා ; දෙකයි ස්වාමීනී 2024.01.18 වැනිදා හා 2024.01.29 වැනිදා ප්‍රකාශ ලබා දී තිබෙනවා. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ආස නෑ මේ වැඩේට.

සභාපති විනිසුරු ; ඒ ප්‍රකාශ දෙකෙන් එක ප්‍රකාශයක් විතරනේ විත්තියට ලබා දීලා තියෙන්නේ. එම දෙවන ප්‍රකාශයේ පිටපත් ද වහාම විත්තියට ලබාදිය යුතුයි. පැමිණිල්ල වගේම විත්තියටත් අධිකරණය සාධාරණය ඉටුකළ යුතුයි. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනි මෙම නඩුවේ 203 වන මෙම සාක්ෂිකාරිය 2026.03.13 සිට මේ දක්වා ඔබතුමන්ලාගේ අධිකරණය හමුවේ හමුවේ සාක්ෂි දීලාතිබෙනවා. පැමිණිල්ල විසින් අධි චෝදනා පත්‍රය සමඟ විත්තියට අවශ්‍ය ලේඛන සැපයීමේ අරමුණ සාක්ෂි ආඥා පනතේ 52 වගන්තියට ප්‍රකාරව අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව විත්තියට විත්ති වාචක ගොඩනැගීමට අවශ්‍ය පහසුකම ලබාදීමයි මෙම මූලධර්මයට අවනත නොවී පැමිණිල්ල ඉතාමත් පුදුම සහගත ලෙස මෙම සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා.   සීඅයිඩීය සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා. එය පුදුම සහගතයි. සී අයිඩී දන්නවා මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ කීයක් ලබාගෙන තිබෙනවාද කියන එක. ලේඛන ලැබෙන ලැබෙන විදියට විත්ති වාචක ගොඩනැගීමට සිදුවීම මගින් විත්තියට දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවෙනවා. මෙම සාක්‍ෂිකාරියගේ දෙවන සාක්ෂිය නඩුවේ හරයටම බලපාන්න පුළුවන්  කරුණක් විය හැකියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ගරු අධිකරණය ප්‍රශ්න කරනතුරු පැමිණිල්ල දන්නේ නෑ මෙම සාක්ෂිකාරිය දෙවරක් ප්‍රකාශ ලබාදී ඇති බව පැමිණිල්ලට කිසිම දැනුම් දීමක් නැතුව විත්තිය විසිනුත් අධිකරණයට විවිධ ලේඛන ඉදිරිපත් කරනවා. පැමිණිල්ල ඒවාට විරුද්ධ උනේ නෑ. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනී මට උගත් මිතුරියගේ කරුණු දැක්වීමට පිළිතුරු දීමට අවශ්‍යයි. 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; නෑ නෑ ඒක 
අවශ්‍ය නෑ රිප්ලයි දෙන්න ගියොත් ආයෙත් ඒකටත් රිප්ලයි එන්න පුළුවන්. එතකොට දිගටම රිප්ලයි තමයි. 

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන එකී පැමිණිල්ලේ සාක්ෂිකාරියගෙන් ලබා ලබා ගත් ප්‍රකාශ වලට අදාළ මුල් ගොනු නිල මැදිරියට කැඳවා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නඩු විභාගය පස්වරු 1.00 දක්වා එනම් පැය දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය. 

සභාපති විනිසුරුවරයා ; සාක්ෂිකාරිය අමතමින් ඔබ සීඅයිඩී යට ප්‍රකාශ කීයක් දුන්නාද? ප්‍රකාශ ලබා දුන්න දින මතකද? 

සාක්ෂිකාරිය ; මතක නෑ ස්වාමීනී 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;  සීඅයිඩී ය සඳහන් කරන දින දෙකට අමතරව ඔබ තවත් ප්‍රකාශ ලබා දුන්නාද? 

සාක්ෂිකාරිය ; මතක නෑ ස්වාමීනී 

සභාපති විනිසුරු ; ඔබගෙන් ලබාගත් සියලු ප්‍රකාශ සීඅයිඩී සටහන් කළාද ? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

 අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා. ; ස්වාමීනි, එම ප්‍රකාශයේ පිටපත්, අධ්‍යයනය කිරීමෙන් පසුව හරස් ප්‍රශ්න ඇසීම සඳහා වෙනත් දිනයක නඩුව කැඳවන ලෙස ඉල්ලා සිටිනවා. 

පස්වරු 1.00 ට නැවත නඩුව කැඳවීමෙන් අනතුරුව ඒවන විට හරස් ප්‍රශ්න ඇසීම සිදු කරමින් සිටි හයවන විත්තිකරුගේ නීතිඥවරයා පෙරවරු 11.30 වන විට අදාළ දෙවන ප්‍රකාශයේ පිටපත් ලැබී තිබීම හේතුවෙන් ඔහුගේ හරස් ප්‍රශ්න ඇසීම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ඒ වන විට එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසා නොතිබූ නීතිඥවරුන්ට අද (24) දිනයේ, හරස් ප්‍රශ්න ඇසීමටත් ඒ වන විට හරස් ප්‍රශ්න අසා තිබූ සෙසු විත්තිකරුවන්ට අවශ්‍ය නම් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමටත් අවසර ලබා දුන්නේය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; අද දින විත්තියට ලබා දුන් ඔබගේ දෙවන ප්‍රකාශයේ සඳහන් වෙනවා 2024.01.29 වැනිදා සී අයිඩීය ඔබගෙන් 12.45 ට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බව. නමුත් ඔබ එම ප්‍රකාශය කියවා බලා සත්‍ය බවට අත්සන් කරන විට අත්සන් කළ වෙලාව ලෙස සටහන් කර ඇත්තේ 12.30 ලෙසටයි. ඔබ ඔබගේ අත්සන් පිළිගන්නවාද? මම එලෙස යෝජනා කරනවා. 

සාක්ෂිකාරිය ; මට ප්‍රකාශය බලන්න ඕනා. (එම ලේඛනය පරීක්ෂා කළ සාක්ෂිකාරිය එහි ඇත්තේ තමාගේ අත්සන බවට හඳුනා ගනී) 

ඒ සම්බන්ධයෙන් එකිනෙකා සමග විනාඩි කීපයක් සාකච්ඡා කළ විනිසුරු මඩුල්ල එම ප්‍රකාශය සටහන් කළ පොලිස් නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර  ඇතිදැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගෙන් විමසා සිටි අතර ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළාය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනි, මෙම සාක්ෂිකාරියගෙන් ලබාගත් ලබා ගත් දෙවන ප්‍රකාශයට අදාළ සටහන් එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතින් ලියන ලද ප්‍රකාශයේ සටහන් ආරම්භ කළ වෙලාව ලෙස 12.45ත් අත්සන් කළ වෙලාව ලෙස 12.30 ත් ඇතුළත්. නමුත් එකී ප්‍රකාශය යතුරු ලියනය කර ලබාදීමේදී එහි අවසානයේ අත්සන් කළ වෙලාව සටහන් කර නෑ. 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එම ප්‍රකාශය සටහන් කළ නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබෙන බැවින් ඔහු සාක්ෂි දීමට පැමිණි දිනකදී ඒ පිළිබඳව විත්තියට හරස් ප්‍රශ්න ඇසිය හැකියි. 

විත්තියේ නීතිඥ ; 2024.01.31 වැනිදා අනුකමිටු සටහන්වල තිබෙනවා ඔබගෙන් දෙවන වරට ලබාගත් ප්‍රකාශය පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කිරීමට 2024.01.30 වැනිදාත් නැවත ප්‍රකාශ ලබා ගත් බව ඔබ එය පිළිගන්නවාද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

විත්තියේ නීතිඥ ; ඔබතුමිය කීවා ඉන්දියානු නය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා වෙන්කළ මුදල් වෙනත් කටයුතු සඳහා වෙන් කිරීමට තීරණය කළ බව. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්සන් කළ ගිවිසුමේ එහෙම සඳහන් වෙනවාද? 

සාක්ෂිකාරිය ; මම එම ගිවිසුම දැකලා නෑ.

විත්තියේ නීතිඥ ; ඔබතුමිය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත එම අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය පිළිබඳ වාර්තාව දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

විත්තිය නීතිඥ ; 2022.02.28 වැනිදා වෙළඳ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් ගැන එහි සඳහන් වෙනවා. ඒ වන විට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?

විත්තියේ නීතිඥ ; ඔබතුමිය සඳහන් කළා 2022.02.28 වැනිදා වෙළඳ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූවා කියලා. කවුද එවකට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ? 

සාක්ෂිකාරිය ; කවුද වෙළඳ අමාත්‍යවරයා කියලා මට හරියටම මතක නෑ. මම හිතන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා කියලයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම එම ප්‍රශ්නය නැගූ ආකාරයට විරුද්ධයි. 

සභාපති විනිසුරුවරයා ; ප්‍රශ්නය නිසි ලෙස අහන්න. 

විත්තියේ නීතිඥ ; 22.02.28 වැනිදා පැවැති රැස්වීමට වෙළඳ අමාත්‍යවරයා සහභාගි වුණාද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

විත්තියේ නීතිඥ ; එම රැස්වීම පැවැත්වීමට හේතුපාදක වුනේ  මොකක්ද? 

සාක්ෂිකාරිය ; ඒවන විට රටේ පැවැති ඩොලර්  හිඟය නිසා අප රටේ අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර හා කර්මාන්ත උපකරණ රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය මගින් ආනයනය කිරීම එහිදී සාකච්ඡා වුණා. 

විත්තියේ නීතිඥ ; 2022.06.31 දිනැති 6 වී 8 ලෙස ලකුණු කර තිබෙන පැ 190 යටතේ ඇති මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළ සටහන් ඇතුළත් කිරීමට හේතුව මොකක්ද? 

සාක්ෂිකාරිය ; බෙහෙත් සැපයීමේ අවශ්‍යතාවය සලකා බලා එම ලිපිය ඉදිරිපත් කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; විත්තියේ නීතිඥ මහතා නැගූ ප්‍රශ්නයට සාක්ෂිකාරිය ලබා දුන් පිළිතුර ගැන මම විරුද්ධයි. වැරදි ලේඛනයක් ගැනයි විත්තිය අහන්නේ. 

විත්තියේ නීතිඥවරුන් දෙසට හැරුණ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය හිනාවෙන්න දෙයක් නෑ මේක නොමග යැවීමක්. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; මගේ උගත් මිතුරිය සාක්ෂිකාරිය පිළිතුරු දෙන්න පෙර පනිනවා. 2022.11.01 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශය ගැන සාකච්ඡා කර තිබෙනවාද? පැ 157 ලෙස නම්කර තිබෙන ලිපියේ අංක හතර අයිතමය අමාත්‍ය මණ්ඩල තීරණය ගැන දැනුමක් තිබෙනවාද? 

සාක්ෂිකාරිය ; මම මේ කැබිනට් සංදේශය ගැන මුකුත්ම දන්නේ නෑ. 

විත්තියේ නීතිඥ ; ඒ කැබිනට් මණ්ඩල සංදේශය ගැන අනුකමිටු රැස්වීමේදී කතා කරන්න පුළුවන්ද? 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඒ ගැන සාක්ෂිකාරියට මතයක් කියන්න බෑ. 

විත්තියේ නීතිඥවරයා ; මේක හරිම අසාධාරණ විරුද්ධවීමක් පැ 197 (1) ලෙස සලකුණු කර ඇති නිරීක්ෂණ අනුකමිටු වාර්තාවට ඇතුළත් කර තිබෙනවාද? 2022.11.11 වැනිදා අනුකමිටු රැස්වීමට  ඔබතුමිය සහභාගි වූ බව පිළිගන්නවාද? 

සාක්‍ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. 

විත්තියේ නීතිඥ ; එම සාකච්ඡාවේදී, සාකච්ඡා වූ කරුණු වලට එකඟයි කියලා සියලු සාමාජිකයන්  අත්සන් කර නෑ නේද? 

සාක්ෂිකාරිය ; ඒකට දැන් උත්තර දෙන්න නම් මට දැනුමක් නෑ. 

විත්තියේ නීතිඥ ; 2023.01.19 දිනැති ලිපියට පෙර 2023.01.16 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් එවන ලද ලිපිය අනුකමිටුවේදී සලකා බැලුවාද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. 

විත්තියේ නීතිඥ ; එක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව යවන ලද උත්තර ප්‍රකාශයේ පිටපතක් නේද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. නමුත් එහි අත්සනයේ වෙනසක් තිබෙනවා. මම දන්නේ නෑ ඒක කොහොම වුනාද කියලා. 

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; ස්වාමීනි, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින විට ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන් පොත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.20 වන දින අදාළ කාර්යය සටහන් විතරයි මේ දක්වා මට ලැබී තිබෙන්නේ. කාර්ය සටහන් ලැබීම ප්‍රමාද වන නිසා මුළු දවස පුරාම අධිකරණය තුළ රැඳී සිටීමට අපට සිදුවෙනවා. ඒක දුෂ්කර කාර්යයක්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අහගෙන ඉන්න අමාරුයි වගේම දරාගෙන ඉන්නත් අමාරුයි නේද? 

වැඩිදුර සාක්ෂි විමසීම හෙට (24) දක්වා කල් තැබිණි.

Latest Posts

spot_imgspot_img