Tuesday, March 17, 2026
spot_img

Latest Posts

“Why Order Vaccines Through Emergency Purchases If There Was No Shortage?”

An Analytical Report on the Substandard Medicine Case: Emergency Procurement, Statutory Provisions, and the Defense’s Cross-Examination

The trial regarding the importation of substandard ‘Human Immunoglobulin’ and ‘Rituximab’ vaccines under the Indian Credit Line scheme, during a period of severe national economic crisis, has reached a critical juncture before the Colombo Permanent High Court Trial-at-Bar.

The Attorney General has indicted former Health Minister Keheliya Rambukwella and 11 other accused on 13 charges, including the dishonest misappropriation of over Rs. 140 million in public funds. The trial proceedings yesterday (16th), driven by the prosecution’s evidence and the defense’s rigorous cross-examination, brought to light several crucial legal and administrative issues. The following is a logical, impartial analysis based strictly on the evidence and legal arguments presented in court.

1. The Context of Emergency Procurement and the Prosecution’s Stance

The initial evidence provided by Dr. Shirani Champika Wickramasinghe, Deputy Director General of the Ministry of Health, established how the $200 million Indian Credit Line was utilized to address the severe medicine shortage affecting both the state and private sectors. Led by the Deputy Solicitor General (DSG), the prosecution attempted to establish the legitimacy of the mechanism and the committee process involved in importing the relevant drugs.

2. Were Statutory Provisions Violated? The Defense’s Challenge

Through their cross-examination, the defense counsels heavily targeted the accuracy and legality of the administrative and legal procedures followed during the importation process. Senior Counsel Amitha Ariyaratne, representing the 11th accused, scrutinized administrative lapses in open court.

Defense Counsel:

“Doesn’t the law state that a Purchasing Order (PO) must be submitted before obtaining W.O.R. (Waiver of Registration) certificates? Have you acted beyond the statutory provisions?”

Witness:

“Yes, the guidelines state as such.”

Through this exchange, the defense sought to establish that recognized procurement rules were violated under the guise of an emergency, and that documentation procedures deviated from the standard legal framework.

3. Questioning the Premise of a “Drug Shortage”

The primary justification for any emergency procurement is an existing “shortage.” However, a critical question raised by Counsel Amitha Ariyaratne during cross-examination posed a significant challenge to the prosecution’s narrative.

Defense Counsel:

“By the date I mentioned earlier (September 24, 2022), was there a necessity to procure this vaccine?”

Witness:

“It cannot be said that there was a shortage of the Human Immunoglobulin vaccine at that time.”

This admission raises a severe legal and logical question before the court: If there was no shortage, why were these specific vaccines ordered through an expedited, emergency procurement process?

4. Dereliction of Duty and Signatures on Official Documents

The defense also focused heavily on the fact that responsible officials (such as Dr. Kapila Wickramanayake) were abroad during the relevant period, and that acting officials had signed critical documents. Counsel Harendra Banagala, representing the 1st accused, further highlighted the witness’s lack of knowledge regarding whether payments were actually made to the supplier and whether the company in question (Issolez Biotech Pharma) had made any medicine donations to the State Pharmaceuticals Corporation.

5. Upholding Legal Rights: The Stance of the Judiciary

A legal clash between the prosecution and the defense during the trial perfectly illustrated the judiciary’s commitment to a fair trial. When the defense attempted to conduct further cross-examination based on a newly submitted file, the DSG raised a preliminary objection.

Counsel Harendra Banagala:

“My Lord, I made this request from Your Honor because the document the defense intended to question this witness on was not available. The defense has that right.”

Overruling the prosecution’s objection, the three-judge bench allowed the defense to proceed with the cross-examination, firmly upholding the rights of the accused.

Summary

Reviewing the entirety of the day’s court proceedings, a clear dynamic emerges: while the prosecution attempts to outline the official mechanism of allocating state funds, the defense is meticulously exposing procedural loopholes, documentary discrepancies, and questioning the very definition of the “emergency requirement.” As the prosecution’s evidence continues to be heard in the coming days, this legal battle is expected to intensify further.

නඩු වාර්තාව

16/03/2026


රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයෙත් පවතින ඖෂධ හිඟය රටේ ඇති නැති සැමට දැඩිව බලපාන කරුණක් වන  බැවින් එයට විසඳුමක් ලෙස ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ දියත් කළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලින් බහුතරයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා පුද්ගලික අංශයට ලබා දීමට එකඟතාවය පළ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (16) ප්‍රකාශ කළාය.

රාජ්‍ය අංශයේ පවතින ඖෂධ හිඟය අවම කිරීම සිය වගකීමක් වන බවත් රාජ්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ප්‍රමාණයෙන් සියයට 50 ක්  පමණ පෞද්ගලික අංශයෙන්ද සේවය ලබා ගැනීමට පැමිණෙන නිසා අංශ දෙකටම සාධාරණ අයුරින් මුදල් වෙන් කිරීමට සිය අනුකමිටුව තීරණය කර ඒ බව ප්‍රධාන කමිටුවට දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ප්‍රමිතියෙන් තොර හියුමන් හිමියුනෝග්ලොභියුලීන් සහ රිටක්සිමැබ්  නමැති එන්නත් කුප්පි 6195  ක් සෞඛ්‍ය අංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ (16) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය 1981 වසරේදී වෛද්‍යවරියක ලෙස සුදුසුකම් ලබා වෘත්තීයට පිවිසි තමා 2002 වසරේදී වෛද්‍ය පරිපාලන සේවයට එක් වූ බව ප්‍රකාශ කළාය. 2021 වසරේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක ලෙස රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට තමා එක්වූ බවද එම මහත්මිය ප්‍රකාශ කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබගේ එම පත්වීමට අත්සන් කළේ කවුද ?

සාක්ෂිකාරිය ; එවකට රාජ්‍ය සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස  කටයුතු කළ ආර්.එම්.එස්.කේ.  රත්නායක මහතා මම එතුමාව අවුරුදු 20 ක කාලයක් තිස්සේ අඳුනනවා. එම සාක්ෂිකාරිය දහවන විත්තිකරුව හඳුනා ගනී. ඉන්දියානු ණය ආධාර මාර්ගෝපදේශ මුදල් අමාත්‍යාංශයේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධීකරණ කමිටුව විසින් සකස් කර තිබුණා. එම සම්බන්ධීකරණ කමිටුව යටතේ අනුකමිටු තුනක් තිබුණා. එකී ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළ ඉල්ලුම්පත්‍ර ලැබුණාම අපි ඒවා සලකලා බලලා අදාල ගොනු හදලා ප්‍රධාන කමිටුවට යොමු කරනවා. ප්‍රධාන කමිටුව අනුමත කළොත් ඊට පසු සම්බන්ධීකරණ කමිටුවට යොමු කර අනුමැතිය ලබා ගන්නවා. කමිටු සටහන් තබා ගන්නවා. තාක්ෂණ කමිටුවේ සභාපතිවරයා ඔහු තමයි ප්‍රධාන සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරක.

එම සාක්ෂිකාරියගේ සාක්ෂිය ආරම්භ වීමට පෙර පැමිණිල්ලේ 130 වන සාක්‍ෂිකාරිය ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන තොග පාලන කළමනාකාරිනී ක්‍රිෂානි මදුකා ලියනආරච්චි, මහත්මියගේ එකොළොස්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස  කටයුතු කළ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥවරයා ; ඔබ හඳුනා ගත් ඕඩර් ලිස්ට් එක කියන්නේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යම් ඖෂධයක් අවශ්‍ය බවට දැනුම් දීමේ ලේඛනය නේද?

සාක්ෂිකාරිය ; (සාක්ෂිකාරිය පැ 46 ලෙස ලකුණු කොට තිබූ එම ලේඛනය හඳුනා ගනී) එහෙමයි ස්වාමීනී. ඒක ඕඩර් ලිස්ට් එකේ කොටසක්. ඒක පරිගණක සටහනක්.

විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; එම ආවරණ ලිපියට (පැ 46) ඖෂධ ලැයිස්තුව අමුණා නෑ නේද?

සාක්ෂිකාරිය ; ඒකෙ තියෙන්නෙ කොන්දේසි ටික විතරයි. ඕඩර් ලිස්ට් එක රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලැබුණම ඒක සෘජුවම යොමු කරන්නේ අපේ සභාපතිතුමාට. ඊට පසු එය ප්‍රසම්පාදන අංශයට යවනවා. ප්‍රසම්පාදන අංශය අවසර ලැබුණට පසු ලන්සු කැඳවනවා. ලන්සු කැඳවීම හා සීමිත ලන්සු කැඳවීම සිදුවෙනවා. ලියාපදිංචි නැති ලන්සුකරුවන් සිටින විට විවෘත ලන්සු කැඳවීමක් සිදුවෙනවා.

විත්තියේ නීතිඥවරයා ; ඩබ්ලිව් ඕ ආර්  ලබාගන්න පර්චසින් ඕඩරය ඉදිරිපත් කරනවා නේද?

සාක්ෂිකාරිය ; නෑ

විත්තියේ නීතිඥවරයා ; හොඳට කල්පනා කරලා උත්තර දෙන්න.  ඩබ්ලිව් ඕ ආර්  ලබා ගන්න ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද කියලා. ඔබලා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මවලා කටයුතු කරලා තිබෙනවා නේද ? ඩබ්ලිව් ඕ ආර්  සහතික ලබා ගන්න පෙර නීතිය අනුව පර්චසින් ඕඩර්ය ඉදිරිපත් කළ යුතු බව නීතියේ සඳහන් වෙනවා නේද ?

සාක්ෂිකාරිය ; ඔව් මාර්ගෝපදේශවල එහෙම සඳහන් වෙලා තියෙනවා.

විත්තියේ නීතිඥවරයා ; පර්චින් ඕඩරය කියන්නේ පරිගණක උත්පාදන ලේඛනයක් නේද? පරිගණක ලේඛන උඩුගත කළ අයගේ දැනුම මත හදන ලේඛනයක් නේ ඒක. ඒක උඩුගත කළ අයගේ නම එම පරිගණක ලේඛනයේ සඳහන් වෙන්නේ නෑ නේද?ඒක හරි වෙන්නත් වැරදි වෙන්නත් පුළුවන් නේද?

සාක්ෂිකාරිය ; ඒක සුපවයිසර් කෙනෙක් පරීක්ෂා කරනවා

විත්තියේ නීතිඥවරයා; පැ 172 සහ පැ 173  කියන්නේ ඕඩර් ලිස්ට් එකක කොටසක් නේද?

සාක්ෂිකාරිය ; ඔව්

විත්තියේ නීතිඥවරයා ; පැ 172 මගින් පෙන්වන්නේ 2022.09.24 දින වන විට එහි සඳහන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්  එන්නත තොග හිඟයි එය සපයා ගත යුතුයි කියන එක නේද ?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය  ; විත්තියේ නීතිඥ මහත්තයා සාක්‍ෂිකාරියගෙන් එකවර ප්‍රශ්න තුනක් ඇහැව්වා. ඒකෙන් මොන ප්‍රශ්නයටද උත්තර දෙන්න ඕනා.

විත්තියේ නීතිඥවරයා ; හරි මම ප්‍රශ්න වෙන් වෙන් කරලා අහන්නම්කො. මා පෙර සදහන් කළ දිනය වන විට එම එන්නත සපයා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා නේද?

සාක්ෂිකාරිය ; හියුමන් හිමියුනෝග්ලොභියුලීන්  එන්නත ඒ වනවිට හිඟයක් තිබුණා කියලා කියන්න බෑ.

විත්තියේ නීතිඥවරයා ; හිඟයක් තියෙනවා නම්, තොග මට්ටම අඩු නම් ඉදිරි කාලෙට අවශ්‍යතාවයක් වෙන නිසා නේද ඇනවුම් කරන්නේ? පැ 173 ලේඛනයේ සඳහන් රිටොක්සිමැබ්  ඖෂධයත් 2022.09.26 වැනිදා වන විට යම් අවශ්‍යතාවයක් තිබෙන නිසානේ එවැනි ඕඩර් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්නේ?

සාක්ෂිකාරිය ; ඖෂධ සැපයුම් අංශය අපිට එහෙම දැනුම් දෙන්නේ සපයා ගැනීමේ අවශ්‍යතාවය නිසා තමයි.

විත්තියේ නීතිඥ ; පැ 172 හා 173 ලේඛන අත්සන් කර තිබෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය චන්දන විජේසිංහ බව මා ඔබට යෝජනා කරනවා. ඔබ ඔහුව දන්නවද ?

සාක්ෂිකාරිය ; මම ඔහුව දන්නේ නෑ.

විත්තියේ නීතිඥවරයා ; ඒ සමයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක රට ගොස් සිටි බවවත් ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; මම දන්නේ නෑ.

විත්තිය නීතිඥ අමිත ආරියරත්නන මහතා.; වෛද්‍ය කපිල වික්‍රමනායක විදේශගතව සිටින සමයේ වැඩ ආවරණ රාජකාරී කළ වෛද්‍ය චන්දන විජේසිංහ විදේශගතව සිටින බවවත් ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; නෑ මම දන්නෙ නෑ.

පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා; 2019.09.01 වැනිදා ඩබ්ලිව් ඕ ආර්  නිකුත් කර තිබුණේ අධිකරණයට ඉදිරිපත් කළ ඔය ගොනුවේ තිබෙන එක ඖෂධයක් සඳහා විතරද?

සාක්ෂිකාරිය ; ඔව්

විත්තියේ නීතිඥවරයා ; අදාල ලේඛනයේ තිබෙන්නේ ඖෂධයක්ද නැතිනම් උපකරණයක්ද?

සාක්ෂිකාරිය ; ඒක යම් ද්‍රව්‍යයක් සකස් කිරීමට භාවිතා කිරීමට ගන්නා පව්ඩර් එකක්.

නීතිඥ චමින්ද අතුකෝරල මහතා; මේ නඩුව ඉවර වෙනකොට අපිටත් ෆාමසියක් දාගන්න පුළුවන් වේවි.

විත්තියේ නීතිඥවරයා ; ඒ පවුඩර් පාවිච්චි කරන්නේ කුමන එන්නත් වර්ගයක් හදන්නද?

සාක්ෂිකාරිය ; මට මතක නෑ. මම වැඩි කලක් රාජකාරි කළේ ප්‍රසම්පාදන අංශයේ.

විත්තියේ නීතිඥවරයා ; මතක නැතිද ඒ ගැන දැනීමක් නැතිද?

සාක්ෂිකාරිය ; මතක නෑ.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා ; ඔය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ භාණ්ඩ ගෙනත් භාරදී තිබෙනවාද?

සාක්ෂිකාරිය ; ගෙනත් භාර දී තිබෙන්නේ

විත්තියේ නීතිඥවරයා ; අදාල ගෙවීම් සැපයුම්කරුට ලබා දී තිබෙනවාද?

සාක්ෂිකාරිය ; ගෙවීම් සඳහා බැංකු අංශයට යොමු කර තිබෙන්නේ. ගෙව්වාද නැතිද කියා එහි සඳහන් වන්නේ නෑ.

විත්තියේ නීතිඥවරයා ; ඔබ ටෙන්ඩරය ප්‍රධානය කරලා තිබෙන්නේ මොන ආයතනයටද?

සාක්ෂිකාරිය ; සීදුව අයිසොලේස් බයෝටෙක් ෆාමා සමාගමට

විත්තියේ නීතිඥවරයා ; 2022,2023 කාලේ රටේ මූල්‍ය දුෂ්කරතා හා මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෛද්‍ය සැපයුම් හා ඖෂධ සැපයුම්කරුවන් නොපැමිණෙන වකවානුවේ ඔබ සඳහන් කළ අයිසොලේස් බයෝ ටෙක් සමාගම වර්ෂයකට ප්‍රමාණවත් එම ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ බව ඔබ දන්නවාද ?

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ.

විත්තියේ නීතිඥවරයා ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට එවැනි පරිත්‍යාගයක් කළොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුද කියලා ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; මට ඒ පිළිබඳ දැනීමක්  නෑ. ඩොනේෂන් කළොත් ඒවා බාරගෙන ඖෂධ සැපයීම් අංශයට භාර දෙනවා.

දොලොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; 2001 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවය කරන ඔබ පලපුරුදු නිලධාරිනියක්නේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥවරයා ;ඔබට ලබා දී තිබෙන නිල ඊමේල් පත ඔබට මතකනේ? මේක බලන්න මේ අංකය තියෙන ඊමේල් පත නේද ඔබ රාජකාරිමය ලෙස භාවිතා කරන්නේ. (සාක්ෂිකාරිය සිය රාජකාරි ඊමේල් පත හඳුනා ගනී)

විත්තියේ නීතිඥවරයා ; 2023.09.21 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ චන්ද්‍රිකා කුමාරි ඔබට එවපු ඊමේල් පත ඔබට හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

එම සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිය විසින් ඇයගෙන් අසනු ලැබූ හරස් ප්‍රශ්න ඉදිරිපත් කරමින් නැවත ප්‍රශ්න ඇසීම සිදු කළේය. නැවත ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් පසුව පළමුවන විත්තිකරුගේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා  විසින් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් ලබා දුන් නියෝගය ප්‍රකාරව එම සාක්ෂිකාරිය විසින් ලිපි ගොණුවක් ඉදිරිපත් කළේය. එම ගොනුව සාක්‍ෂිකාරියට පෙන්වා විත්තියේ නීතිඥවරයා විසින් නැවත හරස් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළාය.

නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ස්වාමීනි, විත්තියට ඒ සම්බන්ධයෙන් මෙම සාක්ෂිකාරියගෙන් ඇසීමට අදහස් කළ ලේඛණය නොතිබූ නිසයි මම ඔබ තුමාගෙන් එම ඉල්ලීම කළේ. විත්තියට එම අයිතිය තිබෙනවා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරියගේ එම මූලික විරෝධය ප්‍රතික්ෂේප කල විනිසුරු මඩුල්ල එකී හරස් ප්‍රශ්න නැවත ඇසීමට විත්තියට අවසර ලබා දුන්නේය.

පැමිණිල්ලේ 203 වන සාක්‍ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මියගේ වැඩිදුර මූලික සාක්ෂි විමසීම අද (17) දක්වා කල් තැබිණි.

Latest Posts

spot_imgspot_img