Sunday, March 15, 2026
spot_img

Latest Posts

Systemic Failure or Calculated Fraud? Inside Sri Lanka’s High-Profile Immunoglobulin Trial

special correspondent, COLOMBO —

The high-stakes trial involving 12 prominent figures, including Sri Lanka’s former Health Minister Keheliya Rambukwella, reached a critical juncture on March 13. The defendants face charges of criminally misappropriating LKR 144.4 million in public funds through the alleged fraudulent procurement of substandard Immunoglobulin vaccines.

However, recent proceedings before the Permanent High Court at Bar—particularly the cross-examination of the Acting Stock Control Manager of the State Pharmaceuticals Corporation (SPC)—have exposed deep-rooted vulnerabilities in the nation’s healthcare procurement process. The courtroom has now transformed into a legal battleground, pitting allegations of a calculated conspiracy against the defense’s narrative of a systemic collapse.

Based on the legal arguments and cross-examinations, here is an analytical breakdown of the core themes emerging from the trial:

1. The “9 to 11 Months” Delay: A Catalyst for Emergency Procurement?

A central point of contention is the extended timeline required for standard drug procurement (ICL). Testifying before the court, the witness conceded that importing a drug under standard procedures typically takes between 9 to 11 months, and occasionally over a year.

  • The Legal Battle Lines: The prosecution, led by Deputy Solicitor General Lakmini Girihagama, argues that the defendants maliciously bypassed this standard route, utilizing “Emergency (E) Procurement” as a loophole for personal gain. Conversely, defense attorneys, including Asela Serasinghe, contend that this inherent bureaucratic delay created an inescapable necessity. The defense posits that bypassing the standard route was not part of a conspiracy, but an urgent, mandatory executive measure taken to prevent fatal medical shortages.

2. The WOR Certificate and Allegations of Political Overreach

The court heavily scrutinized the Waiver of Registration (WOR) process, revealing potentially damning evidence regarding the circumvention of regulatory protocols.

  • Testimony confirmed that the then-Chief Executive Officer of the National Medicines Regulatory Authority (NMRA)—the 12th accused in the case—had signed off on the minutes of crucial WOR committee meetings.
  • Most controversially, it was revealed that while the Director General of Health Services (the primary technical authority) was absent from a special WOR meeting on September 14, 2022, the then-Health Minister was present.
  • The Legal Battle Lines: For the prosecution, the Minister’s presence serves as compelling circumstantial evidence of direct political interference in technical, administrative committees that are mandated to operate independently.

3. The LKR 51 Billion Debt: Challenging Criminal Intent (Mens Rea)

In a robust economic counter-narrative, the defense introduced the crippling financial reality of the state’s healthcare sector during the 2022 economic crisis.

  • Defense counsel Nayantha Wijesuriya highlighted that by 2022, the SPC had an outstanding overdraft of LKR 51 billion owed to registered suppliers, leading many to outright refuse further drug deliveries to the state.
  • The Legal Battle Lines: This argument is a strategic move to dismantle the element of mens rea (criminal intent). By highlighting the massive debt, the defense attempts to reframe the anomalous procurements not as a fraudulent scheme, but as desperate crisis management enacted to save a collapsing hospital network.

4. Challenging Witness Credibility

The defense vigorously attacked the credibility and reliability of the primary witness through intensive cross-examination led by counsels Rahul Jayawardena and President’s Counsel Priyantha Nawana.

  • The witness exhibited notable contradictions: stating at one point that she “does not handle emergency procurements as the Ministry handles them,” while later claiming she was testifying based on her knowledge of those very emergency procurement files.
  • The Legal Battle Lines: By establishing these inconsistencies, the defense seeks to significantly diminish the evidentiary weight of her testimony, arguing that she lacks the direct involvement required to accurately testify on the executive decisions in question.

5. Incomplete Evidence and the “Missing Files” Crisis

A significant procedural victory for the defense occurred when attorney Isuru Jayawardena pointed out that the prosecution had submitted only a few selected pages from massive procurement files as evidence.

  • The Legal Battle Lines: Highlighting that contextless, partial evidence severely undermines the right to a fair trial, the defense formally objected. Consequently, the Trial-at-Bar bench ordered the Chairman of the SPC to surrender the complete, unredacted files to the court by March 16.

Conclusion: A System on Trial

What began as a straightforward anti-corruption prosecution has evolved into a complex legal autopsy of Sri Lanka’s public procurement mechanisms. The trial now hinges on a defining legal question: Were the actions of the accused a deliberate criminal conspiracy to siphon public funds, or were they the erratic, forced byproducts of navigating a bankrupt healthcare system? The forthcoming submission of the complete SPC files is expected to be a watershed moment in unraveling the true architects of this scandal.

නඩු වාර්තාව

13/03/2026


රජයේ රෝහල් වලට සහ ඔසුසල් වලට ලබාදීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය විසින් කරනු ලබන ඉල්ලීමක දී සැපයුම්කරුවකු තෝරාගෙන අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් අනුගමනය කරන ක්‍රමවේදය ඉක්මනින් ඖෂධ ගෙන්වා ගත නොහැකි ක්‍රමයක් වන අතර  එම ප්‍රසම්පාදන ක්‍රමය ඔස්සේ ඖෂධයක් ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර කාලයක් ගතවන බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (13) සඳහන්  කෙරිණි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ  130  වැනි සාක්ෂිකරු ලෙස, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩ බලන තොග පාලන කළමනාකාරිණියක වන නිෂානි මධූෂා ලියන ආරච්චි  සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මේ බව සඳහන් කරන ලදි .

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව සාමාන්‍යයෙන් අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා අවුරුද්දකට වැඩි කාලයක් වුවද ගතවිය හැකි බව  ඇය  එහිදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කළාය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න  බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය  තමන් WOR කමිටු රැස්වීම් සදහා ප්‍රසම්පාදන නිලධාරීනියක ලෙස සහභාගී වූ බව ත් එහි තොරතුරු ඇතුළත් සටහන් ඊ මේල් මගින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ගේ අත්සන සහිතව තමන් වෙත ලබා දෙන බවත් කියා සිටියාය

"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ට අදාළ ලේඛන ICL ලෙස නම් කර තිබුණා. ඒ අනුව එම ණය යෝජනා ක්‍රමය යටතේ දෙන ඇණවුම පිළිබඳව හදුනාගත හැකියි.

"හදිසි ප්‍රසම්පාදනයක් E ලෙස නම් කර තිබෙනවා. එම ප්‍රසම්පාදන කටයුතු අප සිදු කරන්නේ නෑ.එවිට ඒ සම්බන්ධයෙන් ගොනුවක් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය ට එය යොමු කරනවා.අදාළ ප්‍රසම්පාදනය සිදු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය එම අංශය විසින් අප වෙත දැනුම් දෙනවා."

යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.

"

ලියාපදිංචි නැති ඖෂධයක් ලියාපදිංචිය

මුදා හැරීමේ  සහතිකයක් යටතේ ගෙන්වීම සඳහා තෝරාගත් වූ විට කොන්දේසි තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරය සඳහන් කළේ ඒ සඳහා වන කොන්දේසි ගැනුම් ලේඛනය සමඟ ලබා දෙන බවය.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඇණවුමක් ලැබුණු විට  සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කිරීමට  WOR කමිටුවට සහභාගී වන ලෙස දන්වා පණිවිඩයක් ලැබෙනවා.  කමිටුවේ න්‍යාය පත්‍රයද ඊට ඇතුළත් වෙනවා.

එලෙස ලැබුණු ඊමේල් පණිවිඩයක් මත ක් 2022 10.13 දින ය පැවැති  WOR කමිටුවට සහභාගී වුනා . ඊට අදාල මිනිට් සටහන් ඊමේල් මගින් දැනගැනීමට ලැබුණා එම මිනිට් සඳහා අවසන් වශයෙන් අත්සන් තබා තිබුණේ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි  විජිත් ගුණසේකර මහතායි"  යනුවෙන් සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.

"ඔහු මෙම අධිකරණයේ සිටිනවාද?  හඳුනාගත හැකිද ?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්‍ෂිකාරිය ගෙන් විමසා සිටි අතර  මෙම නඩුවේ දොළොස් වැනි චූදිත ලෙස ඔහු අධිකරණයේ සිටින බව සාක්ෂිකාරිය විසින් හඳුනා ගන්නා ලදි.

මෙම සටහන් ලැබීමෙන් සති දෙකක් තුනක් අතර කාලයකදී WOR  සහතිකය ලැබෙන බවත් ඊට අදාළව රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලැබෙන පිටපත ක් තමන් විසින් තබාගන්නා බවත්, ඇතැම් විට සැපයුම්කරු විසින් එම සහතිකය තමන් වෙත ලබාදෙන බවත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

අනතුරුව ගැනුම් ඇණවුමක් ද අදාල තෝරාගත් සැපයුම්කරුට නිකුත් කරන අතර එහිදී ලබාදිය යුතු ඖෂධය කාණ්ඩය , ප්‍රමාණය, දිය යුතු කාලය, යනාදී කොන්දේසි ඊට ඇතුළත් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඖෂධ සැපයම් කරුවෙකු වෙත ගැනුම් ඇණවුමක් නිකුත් කරන්නේ සැපයිය යුතු සහ අවශ්‍ය කරන ඖෂධ  මොනවාද යන්න තහවුරු කිරීමට බව ත් WOR  සහතිකය නිකුත් කරන තෙක් එම ගැනුම් ඇණවුම නිකුත් නොකරන බවත් සඳහන් කරමින් සාක්ෂිකාරිය කරුණු පැහැදිලි  කළාය.

අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අස්ථිතියක් ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාව නම්කර තිබෙන බවත් ඒ අනුව කටයුතු කරමින් ගැනුම් ඇණවුම නිකුත් කරන බවත් ඇය සඳහන් කර සිටියාය.

"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගැනුම් ඇණවුම් ථ හඳුනා ගැනීමේ සංකේතයක් භාවිත කළාද?" යනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළාය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ" ICL සඳහන් සංකේතයක් x  ඕඩර් යටතේ ඒ සඳහා භාවිතා කළ" බවය.

"එම ප්‍රසම්පාදන වලට අදාළව සැපය යුතු ඖෂධ මොනවාද යන්න සඳහන් වී තිබෙනවාද ?එය පැහැදිලි කරන්න" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරය සාක්ෂිකාරියට  දන්වා සිටියාය.

"ඔව් ,සැපයුම් කරුවෙකු තෝරා ගත් විට ඔහුට ලබාදෙන ගැනුම් ඇණවුමෙහි ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා. අදාළ සැපයුම්කරු දේශීය සැපයුම්කරුවෙකු නම් ගැනුම් ලේඛණයට අමතරව ග්‍රීන්චෙක්ලිස්ට් එකක් ඔහුට ලබා දෙනවා. එහි තීරුවක්

 සැපයුම්කරු විසින් පිරවීමට තිබෙනවා"යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.

එම කටයුතුවලින් අනතුරුව සැපයුම් අංශයට සැපයුම්කරු විසින් අදාළ ඖෂධ ලබා දෙන අතර  ඊට අදාළ ගෙවීම් වෛද්‍ය සැපයුම් අංශයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලැබෙන බවද ඒ පිළිබඳ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැපයුම්කරුට අදාළ ගෙවීම් සිදුකරන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඒ සම්බන්ධ ගොනුවක් ලිපිකරුවන් විසින් සකස් කරන අතර  තොරතුරු පද්ධතියටද ඇතුළත් කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

"අදාළ සැපයුම්කරු විසින් සපයන ඖෂධ නිවැරදි ප්‍රත්‍යක්ෂ සහ ආරක්ෂාකාරී බවට සහතික කරගන්නේ කෙසේද?"

 යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී විමසීමක් කළාය.

ප්‍රධාන විධායක නිලධාරියා මගින් එය සහතික කරන බව ද, අදාළ ඖෂධ තොගයේ දෝෂ ඇත්නම් එය නිවැරදි කරන ලෙස දැනුම් දෙන අතර ඊට පසුවත් දෝෂ තිබේ නම් එම ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාදීමට අවසර නොදෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. තමන් විසින් සපයනු ලබන ඖෂධයට අදාල ලිය කියවිලි ලබා දීමේ වගකීමක් සැපයුම්කරුට ඇති බව ඇය කියා සිටියාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලංසු සුරක්ෂණයක් සහ කාර්ය සාධක සුරක්ෂණයක් ලංසුකරුගෙන් ලබා ගන්නා අතර හදිසි ප්‍රසම්පාදනයේදී ලංසු සුරක්ෂණයක් ලබා නොගත්ත ද කාර්ය සාධන සුරක්ෂණයක් ලබා ගැනීමට කටයුතු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

 WOR නිකුත් කිරීමට අදාළ  විශේෂ රැස්වීමක් 2022 සැප්තැම්බර් මස 14 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවැති අතර  තමන් ඊට සහභාගී වූ බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයකු වන  හේරත් මහතා එයට සහභාගිවී  සිටි බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය ඔහු මෙම නඩුවෙහි   චූදිතයකු ලෙස මෙම අධිකරණයේ සිටින බව හඳුනා ගත්තාය.

"එම රැස්වීම සඳහා ඒ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහභාගි වුණාද?"

 යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.

"නෑ ,එතුමා සහභාගි වුණේ නෑ. සෞඛ්‍ය ඇමතිවරයා ඊට සහභාගි වුණා. යනුවෙන් සඳහන් කළ සාක්ෂිකාරිය එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු  කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම නඩුවෙහි විත්තිකරුවකු ලෙස අධිකරණයේ පෙනී සිටින බවට හඳුනා ගත්තාය.

අදාළ රැස්වීම අවසන් වන තෙක් තමන් නොසිටි බවද WOR ලබාදීමක් එහිදී සිදු වී ඇති බවද පසුව දැනගත් බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළාය.

"සාමාන්‍යයෙන් ඖෂධ තොග  අවසන් වීමට කොපමණ කාලයකට පෙර  ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කරන්නේද?"යි නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටියාය .

"තොග ප්‍රමාණය අවසන් වීමට මාස තුනකට පෙර අදාළ කටයුතු සිදු කරනවා. ඇතැම් විට එම ඖෂධය අවසන් වී තිබෙන අවස්ථා ද තිබෙනවා. ඇතැම් අවස්ථා වලදී ඖෂධ බලාපොරොත්තු වූ පරිදි ලබාගත නොහැකි වූ අවස්ථා ද තිබෙනවා එවැනි අවස්ථාවක ගැප් එකක් තිබුනොත් පෞද්ගලික වෙළඳපොළෙන් මිලදී ගන්නවා එහිදී මිල  මිල ගණන් කැඳවීමක් සිදු කරනවා." යනුවෙන් සාක්ෂිකාරිය කරුණු පැහැදිලි කළාය.

ඖෂධ මිලදී ගැනීමට අදාළ MSR රැස්වීමකට තමන් සහභාගි වූ බවත් ඊට  වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ අතිරේක  අධ්‍යක්ෂ ජනරාල්වරියක වූ ශාන්තිනී නමැත්තිය සහභාගි වූ බවත් ඇය මෙම මෙම නඩුවට අදාළ විත්තිකාරියක ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින බවත්

 සාක්ෂිකාරිය එහිදී හඳුනා ගත්තාය .

ඒ සමඟම සාක්ෂිකාරියගෙන් මූලික ප්‍රශ්න කිරීම අවසන් කරන ලදී .

අනතුරුව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ අතර නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේ "2022 වසර වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ කවරෙක්ද?" යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ සභාපතිවරයා ලෙස සරත් ලියනගේ  කටයුතු කළ බවය.

"2022 ජූනි මස කැබිනට් තීණයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදන  කමිටු රැස්වීමක් තිබූ බව ඔබ දන්නවාද ?"යන යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකාරිය ඒ පිළිබඳව තමන් දන්නවා බවට ප්‍රකාශයක් කළාය .

"එවැනි හදිසි මිලදී ගැනීම් සඳහා වන

ප්‍රසම්පාදන කමිටුවක් පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් ඇති බව  සාක්ෂිකාරිය දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර  එවැනි ක්‍රමවේදයක් ඇති බව තමන් දන්නා බව ඇය සඳහන් කර සිටියාය

"කැබිනට් තීරණයක් මත සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී අදාල ඖෂධය ලබාගන්නේ කාගෙන්ද, ලබාගන්නා ප්‍රමාණය කොපමණද, යන්න පිළිබඳව තීරණය කිරීම ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කල යුතු දැයි?"  නීතිඥවරයා සාක්ෂිකාරියකින් විමසා සිටි අතර  ප්‍රසම්පාදන කමිටුව විසින් එය සිදු කළ යුතු බවට සාක්ෂිකාරිය සඳහන් කළාය.

"මෙම හදිසි ප්‍රසම්පාදන කමිටුවට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ එවකට සභාපතිවරයා සහභාගි වූ ඇති බවත්, ආයතනයකය එවැනි ඉහළ නිලධාරියෙකු එවැනි රැස්වීමකට සහභාගිවීමට විශේෂ වැදගත්කමක් ඇති බවත් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කාර්යයේ නිරත වූ පලපුරුදු නිලධාරිනියක ලෙස තමන්ට අවබෝධයක් තිබිය යුතු යි නේද ?"යි නීතිඥවරයා එහිදී සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කර සිටියේය

එහිදී ඇය සඳහන් කර සිටියේ  පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර සමහර අවස්ථාවලදී ඉහළ නිලධාරීන් සහභාගී විය හැකි බවය. ප්‍රසම්පාදන අංශ දෙකක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ ඇති බවත් ප්‍රසම්පාදන කමිටු වලට අදාල කරුණු ඊට සම්බන්ධ වෙන්නේ ඕනෑම නිලධාරියෙකු හරහා  ලබා ගැනීමේ හැකියාව සභාපතිවරයාට ඇති බවත් හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.

"ප්‍රසම්පාදන කටයුතු කරන  විවිධ ක්‍රම තිබෙනවා,  ඖෂධ සංස්ථාව භාවිතා කරන ‍ ක්‍රමවේදය අනුව ඖෂධය ගැනීමට මාස නමයක් හෝ එකොළහක් පමණ ගතවෙනවා. ඊට වඩා කල්ගත වන අවස්ථා තිබෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් ගතවන අවස්ථාද තිබෙනවා ". යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය

"එය ඉතාම ඉක්මනින් ඖෂධ ගෙන්වා ගත හැකි ක්‍රමයක් නෙමෙයි" නේද සාක්ෂිකාරිය"  යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය.

2022 සැප්තැම්බර් මස 24 දරන ලේඛනයක් සාක්ෂි කාරියට ම ඉදිරිපත් කළ නීතිඥවරයා එහි  "අධ්‍යක්ෂ සැපයුම් ලෙස නම්කර සිටින්නේ සඳහන් කර ඇත්තේ කාගේ නම ද?"යි ප්‍රශ්න කර සිටියේය

වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ නම එහි ඇති බවත් ඔහු මෙම අධිකරණයේ සිටීදැයි ප්‍රකාශ කිරීමට තරම් තමන් ඔහු නොහඳුනන බව සාක්ෂිකරිය එහිදී ප්‍රකාශ කළාය.

"2022 වසරේදී ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වීම සඳහා සරත් ලියන ගේ ප්‍රසම්පාදන තීරණ ගත් බව ඔබ දන්නවාද?"

යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ" ඉන්දියානු ණය ආධාර යටතේ බඩු ගෙනාවා එවැනි අවස්ථා දෙකක් තිබෙනවා අපි මැදිහත් නොවී කෙලින්ම ලංසු කැඳවූ අවස්ථාවක් තියෙනවා"යනුවෙනි.

එම සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර  බානගල මහතා අධිකරණයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙම නඩුවට අදාළ ලේඛන  කිහිපයක් ඇතුළත් ගොනු තුනක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතුව ඇති බවය.

ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා නම් කර සිටින සාක්ෂිකාරියක මගින් එම  ලිපිගොනු ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න බව  නීතිඥවරයා සඳහන් කර සිටියේය.

 එම ඉල්ලීමට  විරෝධතාවය පළ කළ නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය සඳහන් කලේ සාක්ෂිකාරියක මගින් නොව  සාමාන්‍යාධිකාරී මගින් එම ලිපි ගොනු ලබාගත හැකි බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මේ වන විට සාක්ෂි ලබාදෙන සාක්ෂිකාරිය ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සේවය කරන බැවින් ලබන මාර්තු මස 16 වැනිදා පෙරවරු දහය වන විට අදාල  ලිපිගොනු අධිකරණයට භාර දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා හෝ ලේඛන භාර නිලධාරීවරයාට  නියෝගයක් නිකුත් කළේය.

අනතුරුව මෙම නඩුවේ තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකාරියකින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

සාක්ෂිකාරියගෙන්  මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල විසින්  ප්‍රශ්න යොමු කළ  ලේඛන දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා එම ලේඛන දෙක  විශාල ලිපි ගොනු දෙකක  ඇතුළත් පිටු  කිහිපයකින් පමණක් සමන්විත වීම සහ එම ගොනු අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම  සම්බන්ධයෙන් සාක්ෂිකාරයකින් විමසා සිටියේය.

 මෙහි ඇත්තේ එම   පිටු දෙකක් සහ තවත් පිටුවක්  බවත් අදාළ ලිපිගොනු තමන් හමුවේ නොමැති බවත් සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක වූ චාන්දනී මහත්මිය MSR රැස්වීමට සහභාගී වූ බවය.

වෛද්‍ය සැපයුම් ඒකකයේ හේරත් විසින් ඖෂධ එකසිය අසූ දෙකකින් යුත් ලැයිස්තුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිට ලිපියක් සමග ලබා ඇති බවක් තමන් නොදන්නා බව සාක්‍ෂිකාරිය සඳහන් කර සිටියාය.

මෙම නඩුවෙහි අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට නීතිඥ නයන්න විජේසූරිය මහතා හරස් ප්‍රශ්න  යොමු කරමින් සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ" 2022 ජනවාරි මස වන විට  ඖෂධ  සංස්ථාවේ බැංකු අයිරාවක් තිබූ තිබීම සම්බන්ධයෙන්   දැනුවත්ව සිටින්නේද?" යන්න පිළිබඳවයි.

එය මූල්‍ය සම්බන්ධ කටයුතු කටයුත්තක් බැවින් තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.


2002 වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව ලියාපදිංචි සැපයුම්කරුවන්ට රුපියල් බිලියන පනස් එකක ණය අයිරාවක් ලබාදීමට තිබූ බව දන්නවාද?" යනුවෙන් එහිදී නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

තමන් ඒ පිළිබඳව නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

"ණය ලබාදීමට තිබූ නිසා  රාජ්‍යඖෂධ සංස්ථාවට බොහෝ ඖෂධ සැපයුම්කරුවන් ඒ වන විට ඖෂධ සැපයීම ප්‍රතික්ෂේප කර තිබූ බව වසර 25 ප්‍රසම්පාදනය අංශයේ අත්දැකීම් ඇති නිලධාරිනියක් ලෙස කටයුතු කළ ඔබ දන්නවද?"

 යනුවෙන්  නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයට තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

අනතුරුව නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  රාහුල් ජයවර්ධන මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කලේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ සැපයීමට අදාළව ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා වාර්ෂිකව ඇණවුම් 400ක් පමණ ලැබෙන බවය. එක් ඇණවුම ක් එක් අයිතමයක් හෝ කිහිපයක් සඳහන් වන බවද ,   ලේඛන නොමැතිව එය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවද ඇය ඇය සඳහන් කර සිටියාය.

මෙම නඩුවට අදාළව සාක්ෂි දීමට තම පැමිණියේ කිසිදු ලේඛනයක් නොමැතිව දැයි නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියකින් විමසා සිටියේය .

මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස සිතාසයකින් ලැබුණු කැඳවීමක් අනුව තමන් අධිකරණයට පැමිණි බව  සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය .

මෙම සිද්ධියට අදාළව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවත් එම කරුණු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට පැමිණි බවත් සඳහන් කළ සාක්ෂිකාරිය  රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු වල නිරත තමන්ට  වෙනත් ආයතන වල ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමේ හැකියාවක් නොමැති බව නීතිඥවරයා   මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.

"සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුමක් තිබෙනවාද?"

 යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී

ඖෂධ මිලදී ගැනීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම ප්‍රසම්පාදන අංශයක් ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය 2022 වසරේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු වූ බව තමන් දන්නා නමුත් එම ක්‍රියාවලියට සහභාගි නොවූ බව සඳහන් කළාය.

පැමිණිල්ල විසින් සිදුකළ මූලික සාක්ෂි විභාගයේදී එම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාක්ෂිකාරිය සාක්ෂි ලබා දන් බවත්,  එසේ නම් "තමුන් නොදන්නා ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සාක්ෂි දේ ලබා දෙන්නේ කෙසේද?"යි එහිදී  නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා  සිටියේය.

එම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලිපිගොනු තමන් දැක ඇති බවත් ,ඒ අනුව සාක්ෂි දීම සිදුකළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලිපිගොනු තමන් යටතේ සිටින ලිපිකරුවකු හරහා ලේඛනාගාරය ට යවන බවත් ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කටයුතු කළ බවත්, සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී නීතිඥවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ   "එම ප්‍රසම්පාදන ක්‍රියා වලියට අදාල ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කළේ නම් එම ක්‍රියාවලියට සම්බන්ධ නොවූ බවට ප්‍රකාශ කරන්නේ කෙසේද?" යනුවෙනි.

තමන්ට එම ලිපි ගොනු සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය  තමන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධීකරණයට අමතරව  තීරණ ගැනීම් සිදුකරන අවස්ථාද ඇති බව සඳහන් කළාය.

"

ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් අවසානාත්මක තීරණ ගැනීමේ බලයක් ඔබට නෑ" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "ඒ සම්බන්ධයෙන් අවසන් බලය අදාළ කමිටුව සතුවන"  බවද සාක්ෂිකාරිය කියා සිටියාය .

මෙම නඩුවේ දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා

 සාක්ෂිකාරිය ට හරස් ප්‍රශ්න යොමු කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලේඛන කිහිපයක් සම්බන්ධයෙන්  විමසා සිටි අවස්ථාවේදී තමන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව නොදන්නා බව ඇය සඳහන් කළාය

පැමිණිල්ල විසින් මූලික සාක්ෂි විමසීමේදී ඉදිරිපත් කරන ලද ලේඛන  අනුව "හදිසි ප්‍රසම්පාදන කමිටු තීරණයක් තිබේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි තීරණයක් ඇති බවත් එම තීරණයට ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සරත් ලියනගේ සහ අතුල කුමාර නිලධාරීන් විසින් අත්සන් තබා ඇති බව සාක්‍ෂිකාරිය ලේඛන පරිහරණය කරමින් සඳහන් කළාය.

"එහි අත්සන් තබා ඇති සරත් ලියනගේ කවුද?" යනුවෙන්  ජනාධිපති නීතිඥවරයා කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ ඔහු නීතිඥවරයෙක් වන අතර රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයෙක් ලෙස වාර දෙකක දී පත් වූ බව ය."ඔහුගේ අවසන් පත්වීම 2022 වසරේ සිදුව බව මතකයි, නමුත් ඔහු කොපමණ කාලයක් කටයුතු කර ඇතැයිද මතක නෑ" යනුවෙන් ඇය සඳහන් කළාය.

"ඔබ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන නොදන්නා බවට ප්‍රකාශ කළා නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙනවා."යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී  සාක්ෂිකාරිගෙන් විමසීමක් කළේය

මෙම ලේඛන සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය   විවිධ හේතූන් මත  ප්‍රසම්පාදන කමිටු තීරණ අහෝසි වන අවස්ථාද ඇති බව  තමාට ඇති පලපුරුදු සහ අත්දැකීම් අනුව ප්‍රකාශ කළ හැකි බවද සඳහන් කළාය.

ඒ සමගම සාක්ෂි කාරියගෙන් එදින  හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර වැඩිදුර සාක්ෂි විභාගය සඳුදා තෙක් කල් තැබීමට නියම විය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.

  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද

නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

Latest Posts

spot_imgspot_img