The ongoing trial before the Colombo Permanent Three-Member High Court regarding the misappropriation of over Rs. 140 million in state funds through the procurement of substandard injections is continuing to expose critical details about how the rule of law was circumvented within the state administrative apparatus.

Testifying as the 29th witness for the prosecution, a former Board Member of the National Medicines Regulatory Authority (NMRA)—who also served as an Additional Director General at the Finance Ministry—provided compelling documentary evidence revealing how high-ranking Health Ministry officials and former NMRA administrators violated legal frameworks and ethical obligations.
The Supreme Court Order vs. Administrative Overreach
A primary focal point of the trial is the intense push by Health Ministry officials to import drugs while blatantly disregarding a Supreme Court directive and the NMRA Act.
The Supreme Court had issued an explicit order to detain imported drug shipments at Sri Lanka Customs until their quality was thoroughly tested and verified, effectively freezing imports under the emergency procurement and Waiver of Registration (WOR) systems. Despite this, Health Ministry officials persistently lobbied to import drugs via the WOR. In response to this pressure, the NMRA Board of Directors made a collective decision on March 17, 2023, to halt the issuance of certificates under both the WOR and standard registration procedures.

Courtroom Revelations: The Paper Trail
The cross-examination between the Deputy Solicitor General and the witness painted a clear picture of direct, documented interventions by specific officials:
Deputy Solicitor General: “What was stated in the email sent by the 12th accused [former NMRA Chairman Vijith Gunasekera] approximately 18 days before the Board meeting?”
Witness: “He forwarded the previous request made by the Secretary to the Ministry of Health. He informed me that he agreed with the Health Secretary’s request to reconsider the previously suspended special methodology [WOR].”
A crucial revelation here is that the written directive to reinstate the WOR system was signed by the Secretary to the Ministry of Health. While the Secretary’s letter claimed this was based on instructions from the Minister of Health following a discussion, there was no written directive bearing the Minister’s signature. Consequently, the documented accountability for driving this administrative process rests squarely on the Health Secretary and the then NMRA Chairman who endorsed it.
Witness (continuing): “We [the Board] informed him that we did not agree to act in a manner that violates the order given by the Supreme Court and contradicts the NMRA Act… We collectively decided to seek the Attorney General’s advice regarding the Health Secretary’s request.”
Professional Violations and Ethical Breaches
The court proceedings highlighted several severe ethical and legal breaches by state officials:
- Promoting Unregistered Suppliers: A cabinet paper presented to the Board via the 12th accused sought approval to bypass the registration process for 38 life-saving essential drugs, explicitly allowing imports from “unregistered suppliers.” Handing over state funds and public health responsibilities to unverified suppliers is a severe administrative lapse.
- Ignoring Expert Medical Objections: Expert medical professionals on the NMRA Board, including Specialist Dr. Pradeep Kumarasinghe Silva and Dr. Kosala, submitted written objections against importing drugs outside the established procedures. Administrators blatantly ignored these professional red flags to push the process forward.
- Pressuring via Loopholes: After the NMRA Board decided to seek the Attorney General’s advice, the Health Secretary proposed creating a “new system” to replace the WOR. Legally, this appears to be a calculated administrative maneuver to bypass the existing judicial directives.
Looking Ahead
With Defense Counsel Harendra Banagala, representing the first accused, having commenced his cross-examination, it remains to be seen how these written records and administrative decisions will be challenged in the coming days.
This trial is doing more than prosecuting individuals; it is stripping away the curtain on how top-tier bureaucrats gambled with public health and circumvented highest court orders under the guise of an emergency. It stands to set a powerful precedent for administrative accountability and state procurement laws in Sri Lanka.

නඩු වාර්තාව
25/02/2026
ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව නිසි පරීක්ෂනයක් සිදුකර තම අධිකරණයට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන තුරු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය යටතේ ආනයනය කර තිබූ ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් නොකර රේගුව භාරයේම තබා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් කොට තිබුනේ යැයි මුදල් අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරන හා පාර්ලිමේන්තු කටයුතු හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා ඊයේ (25) පැවසීය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් හෙතෙම එලෙස පැවසීය. නීතිපතිවරයා විසින් අධිචෝදනා 13 ක් යටතේ පවරා තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.
එබැවින් විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය නියාමන අධිකාරිය ඉල්ලීමක් කොට තිබූ නමුත් විශේෂ ක්‍රමවේදය යටතේ හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය මත ( way of Registran) සහතික නිකුත් කිරීම නැවැත්වීමට 2023.03.17. වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාමූහික තීරණයක් ගත් බවද ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිල බලයෙන් පත්ව සිටි එම සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය.
එහිදී පැමිණිල්ලේ 29 වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරු මාර්ගයෙන් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය එකී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් යෝජනා හා අධ්‍යක්ෂ මණ්ඩල සටහන් අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පියවර ගත්තාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර තිබූ කරුණට අමතරව ඔබ සාමාජිකත්වය දැරූ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් වෙනත් තීරණ මොනවාද ? එදින නැවත විශේෂ ක්‍රමවේදය ගැන සාකච්ඡා වුණාද?
සාක්‍ෂිකරු ; අපි තීරණය කළා එහිදී ඩබ්ලිව් ඕ ආර් සහතික එම කමිටුව හරහා පමණක්ම නිකුත් කළ යුතුයි කියලා. ඒ වන විට විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ලිපියක් ලැබී තිබුණා. අපි ඒ ගැනත් සාකච්ඡා කළා. අපි එම ලිපිය දැක්කා. ඒක කියෙව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඉල්ලීම 2023.03.30 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ තමයි කර තිබුණේ. 2023.04.21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සලකා බලන ලෙසට මෙම නඩුවේ 12 වන විත්තිකාර එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා මටත් ඊමේල් පණිවිඩයක් මගින් 2023.04.03 වැනිදා යොමු කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය; අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින 18කට පමණ පෙර 12වන විත්තිකරු එවු' එම ඊමේල් පණිවිඩයෙන් මොකක්ද දන්වා තිබුණේ.
සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිව් ඉල්ලීම තමයි ඔහු එවා තිබුනේ. තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිවූ විශේෂ ක්‍රමවේදය නැවත බලන්න යැයි කියන ඉල්ලීමට එකඟතාවය දක්වන බව ඔහු මට දන්වා තිබුණා.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එයට පෙර එලෙස ඊමේල් පණිවිඩය මගින් ඔබට එවැනි ඉල්ලීමක් කර තිබුණාද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ඉල්ලීමට අත්සන් කර තිබුනා ඔහු ලේකම්වරයා දන්වා තිබුණා. 2023.03.27වැනිදා ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව එමඟින් දන්වා තිබුණා. එම රැස්වීමේදී විශේෂ ක්‍රමවේදය යටතේ නැවත ඖෂධ ගෙන්වීමට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන් බව තමයි එහි සඳහන්ව තිබුණේ. ඒ වන විට අපි නවත්වා තිබූ විශේෂ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්න බව තමයි එහි සඳහන්ව තිබුණේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; කවුද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ?
සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ 12වන චූදිතට ඒ ගැන පිළිතුරක් යැව්වාද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි එකඟ නොවන බව දන්වා යැව්වා. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත සේරසිංහ මහතා දන්වා සිටියා එම ඉල්ලීමට එකඟ නොවන බවට අපි සියලු දෙනා තීරණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට.
සාක්ෂිකරු ; පසුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට සෞඛ්‍ය ලේකම්වරයා යෝජනාවක් කර තිබුණා විශේෂ ක්‍රමවේදය වෙනුවට හදිසි අවස්ථාවකදී පාවිච්චි කළ හැකි අලුත් ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ ක්‍රමවේදය ඩබ්ලිව් ඕ ආර් කමිටුව, ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කරන්න සලකා බලන ලෙස අපිට දන්වා තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම නඩුවේ 29වන සාක්ෂිකරු දෙවන දිනටත් සාක්ෂි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේදී 12වන විත්තිකරු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් සාක්ෂිකරුගෙන් එහි සඳහන් කරුණු පිළිබඳව විමසීමක් කළ අතර ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 38ක් ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් මාර්ගයෙන් ආනයනය කිරීමට එමඟින් අනුමැතිය ලබා දී ඇතැයි හෙතෙම අනාවරණය කළේය. එකී ඖෂධ 38 සඳහා ඖෂධ ඇගයීම් කමිටු සහතික නිකුත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මගින් දැනගත් බවත් එහිදී සාක්ෂි දෙමින් පැවසූ පැවසූ එම සාක්ෂිකරු එම ක්‍රියාදාමයට එවකට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ සිල්වා මෙන්ම තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු වූ කෝසල මහතා ලිඛිතවම සිය අප්‍රසාදය පළ කළ බවද පැවසීය.
එකී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු සාමාජිකයන්ගේ අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පළවී ඇතිි බවත් 12වන චූදිතට දැනුම් දුන් පසු ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී ඒ පිළිබඳව සාකච්ඡා කරන ඔහු තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ පැවසූ බවද සාක්ෂිකරු පැවසීය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ඇතුළු මූල්‍ය පහසුකම් යටතේ ඖෂධ ආනයනය කිරීමට ලබා දී තිබූ ඖෂධ ඇගයීම් කමිටු සහතික සති 12 සිට මාස හය දක්වා දීර්ඝ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් එම සාක්ෂිකරු පැවසීය. ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එකී ඖෂධය ලබාගැනීමේ ක්‍රියාවලියකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවේ එවකට පැවැති වාතාවරණය කෙරෙහි සැලකිල්ලට ගෙන වන්නේ යයිද පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුම්වත් කළ යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැවසීය.
එකී විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගැයීම් කමිටු සහතික සහ රජයට සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් එකී අයදුම්පත් කැඳවිය යුතු බවට පමණක් කළ යුතු බවට එහිදී තීරණය කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
එම සාක්ෂිකරුගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම පස්වරුවේ අවසන් කළ අතර පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (26) වැනි දින පෙරවරු 10.00 දක්වා කල්තැබූ විනිසුරු මඩුල්ල තෙවන දිනටත් අද (26) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සාක්ෂිකරුට අවවාද කළේය.
මෙතෙක් දින නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ආරම්භ කොට තිබූ එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මේ වන විට ඉදිකරමින් පවතින මින් පෙර වසරක පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හතරවන මහලේ ශාලාවක ඊයේ (26) ආරම්භ කළේය.
වැඩිදුර විභාගය අද (26) දක්වා කල් තැබිණි.
සටහන - සුජීවා



