– An Analytical Review of the Permanent Trial-at-Bar Proceedings
The trial against former Health Minister Keheliya Rambukwella and 12 other defendants, concerning a fraud exceeding Rs. 140 million, is currently underway before the Colombo Permanent High Court at Bar. The case centers on the supply of 6,195 vials of substandard drugs—purported to be Rituximab and Immunoglobulin—to the Medical Supplies Division (MSD) amidst the economic crisis and foreign exchange shortage of 2022.

The recent evidentiary hearings before the three-judge bench comprising Justices Priyantha Liyanage, Viraj Weerasuriya, and Thilakarathne Bandara have raised critical questions regarding decisions made under “states of emergency” within the state apparatus and the subsequent legal accountability of those decisions.
The Legal Framework and Foundation
The central legal contention of this trial is whether the provisions of the National Medicines Regulatory Authority (NMRA) Act were appropriately implemented. Under standard legal procedures, any pharmaceutical drug imported into the country must undergo a rigorous Registration and Evaluation process.
However, the Board of Directors possesses the statutory authority to adopt flexible policies to safeguard public life during emergencies. In this context, the prosecution attempts to prove that this “flexibility” and the prevailing “state of emergency” were weaponized as a shield to commit criminal misappropriation and fraud against the state.
Key Revelations from the Witness Examination
The testimony provided by Mr. Chathura Parakrama Mohottigedara—Director General of Human Resource Management and Cabinet Affairs at the Ministry of Finance, and a former member of the NMRA Board of Directors—brought several vital points to light:

- Fast-Track Process Driven by Crisis: In September 2022, approval to import drugs by bypassing the standard registration protocols was granted due to the urgent necessity of procuring medicines under the Asian Development Bank (ADB) loan facility amidst the national crisis.
- Delegation of Responsibility: To prevent the violation of the NMRA Act, the then Chief Executive Officer (CEO) included specific clauses ensuring that the responsibility for the quality of the medicines fell entirely upon the importers and donors.
- The “Good Faith” Defense: The witness heavily emphasized that the Board of Directors granted the relevant approvals in “good faith,” relying on the formal requests made by the Secretary to the Ministry of Health and the Additional Secretary (the 12th accused).
Legal Arguments and Courtroom Clashes
The cross-examination conducted by Deputy Solicitor General (DSG) Lakmini Girihagama was highly incisive. Her primary objective was to establish that the Board of Directors made critical decisions based solely on the requests of Ministry Secretaries, without adequately scrutinizing the reports of the technical evaluation committees (WOR/MET).
- The Prosecution’s Attack: When the DSG asked, “Aren’t the recommendations issued with notes by the Additional Secretary and the Secretary… contrary to the existing system?”, the prosecution heavily implied a deliberate subversion of the established administrative process.
- The Defense’s Counterattack: Objecting to this line of questioning, Defense Attorney Amitha Ariyaratne stated, “It is wrong for the prosecution to declare it contrary. It is wrong to put such a suggestion to the witness.” This highlights the defense’s stance that putting conclusive words into a witness’s mouth is legally unacceptable during examination.
- Documentary Confusion: During a moment where the prosecution mixed up document exhibit numbers (P 197 and P 137/97), President’s Counsel Priyantha Nawana remarked, “The prosecution is constantly making mistakes now.” This exchange perfectly reflects the psychological warfare within the courtroom and the defense’s strategic efforts to undermine the prosecution’s accuracy and credibility.
Analytical Conclusion
A deep analysis of these trial proceedings reveals the precarious position of an institutional Board of Directors caught between maintaining the “status quo” and bypassing “expert committee recommendations” during a national crisis. Even if the Board determined that waiving registration was not strictly illegal under emergency provisions, the fact that systemic controls were fragile enough to facilitate a Rs. 140 million fraud remains a profound administrative tragedy.
Whether acting in “good faith” is a sufficient defense before the law, or whether public officials must exercise a much higher degree of Professional Due Diligence when making decisions involving public funds and human lives, will be the most crucial precedent this final verdict sets for Sri Lankan society.

නඩු වාර්තාව
24/02/2026
එකල රටේ පැවැති අයහපත් වාතාවරණය හා පැවති ආර්ථික අර්බුදය අනුව ඇතිවී තිබූ ඖෂධ හිඟය හා විනිමය අනුපාතය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයාගේ නිර්දේශය අනුව ලියාපදිංචිය මගහැර ඖෂධ ඇගයීම් කමිටුවේ, අනුමැතියට යටත්ව ඖෂධ ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අවසර ලබා දුන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
2022.09.16 වැනිදා පැවැති ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එවකට එම අධිකාරියේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එකී යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීම මත කර තිබූ බවත් එමඟින් ඖෂධ නියාමන පනත උල්ලංඝනය වීමක් නොවන බව මෙන්ම පැවැති වාතාවරණය මත එය යුක්ති සහගත ඉල්ලීමක් බවටත් පැවැති සාකච්ඡා වලින් අනතුරුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ඒ මහතා පැවසීය.
2022.09.02 වැනිදා හා 2023.09.04 වැනිදා කාලය අතරතුරදි කොළඹදී 2022.11.30 දිනැති අංක 131632 දරන ගැනුම් ඇනවුම ප්‍රකාරව සැපයිය යුතු රිටොක්සිටැබ් හා ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ඊයේ (14) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; ඔබට හඳුනාගන්න පුළුවන්ද 2022.09.16 වැනි දින පැවැති 84 වන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රය?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය; එම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ අටවන ඡේදයේ සඳහන් වෙනවා නේද අධ්‍යක්ෂ මණ්ඩල තීරණය. ඖෂධ ආනයනයට අදාළව යම් තීරණයක් ගැනීමේ සම්පූර්ණ බලතල තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන්නේ මාසයකට දවසයි. අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට පෙර ඖෂධ නියාමන අධිකාරිය තීරණයක් ගත්තොත් ඒ කියන්නේ පාර්ලිමේන්තුව තීරණයක් ගත්තොත් Note to board ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙනවා. ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ තිබෙන යම් ආයතනයකට සුදුසු තීරණයක් ගන්න පුළුවන් එවැනි හදිසි හා අත්‍යවශ්‍ය අවස්ථාවලදී. අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙනතුරු එම කරුණු ප්‍රමාද කිරීමට නොහැකි නම් එවැනි හදිසි තීරණයක් ගන්න පුළුවන්. රටේ පැවැති විදේශ මුදල් ගැටලුව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබුනා සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ( Past track) ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ ඖෂධ ගෙන්වීමට. එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒ බව දන්වා ලිපියක් යොමු කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය; අතිරේක ලේකම්වරයාට එහෙම ඖෂධ ගෙන්වන්න අනුමැතියක් දෙන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; ඖෂධ නියාමන පනත යටතේ එහෙම තීරණ ගන්න පුළුවන්. වෛද්‍ය සැපයුම් අංශයේ අනුමැතියට යටත්ව තමයි ඖෂධ ඇගයීම් ක්‍රමවේදය හදලා තිබුණේ. එකී මාර්ගෝපදේශ අනුව එකී ඉල්ලීම ඖෂධ නියාමන පනත උල්ලංඝනය වීමක් නොවන බවට අධ්‍යක්ෂ මණ්ඩලය නිරීක්ෂණය කළා. ඒ පිළිබඳව ඖෂධ ඇගයීම් කමිටුවේදී, සාකච්ඡා කළ බවත් සඳහන් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; මම ඇහුවේ සරල ප්‍රශ්නයක්. තේරුම් අරගෙන උත්තර දෙන්න. පැ 137 ලෙස නම් කළ ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සටහන් සහිතව නිකුත් කර තිබෙන එම නිර්දේශ පැවැති ක්‍රමයට පටහැනි නේද?
සාක්ෂිකරු; මම දැක්කා අතිරේක ලේකම්වරයාගේ හා ලේකම්වරයාගේ නිර්දේශ.
නීතිඥ අමිත ආරියරත්න මහතා; පටහැණියි කියලා පැමිණිල්ල කියන එක වැරදියි. එලෙස යෝජනාවක් සාක්ෂිකරුට කිරීම වැරදියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; හරි මම එම ප්‍රශ්නය මෙහෙම අහන්නම්. 2022.09.02 වැනිදා 12වන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන් සහිතව ඉදිරිපත් කළ ලිපිය ඔබ දැක්කාද? ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේ? ඔබලා ඒක සලකා බැලුවාද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. අපි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළා. විදේශ ආධාර මත ඖෂධ ලබාගැනීම ගැන, පැවැති ඖෂධ හිඟය ගැන සාකච්ඡා කළා. ඒ සියලු කරුණු සලකා බලා තමයි අපි සත්භාවයෙන් එම අවසරය ලබා දුන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; සත්භාවයෙන් ඒ ගැන සලකා බලන විට ලියාපදිංචිය මුදා හැර ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දුන්නේ කුමන මාර්ගෝපදේශ මතද? ඒ ගැන සලකා බැලුවද? මම අහන දේට උත්තර දෙන්න. 2022.09.12 වැනිදා එම සීඝ්‍රගාමී ක්‍රමවේදය ගැන සලකා බැලුවද?
සාක්ෂිකරු; එම ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගයීම් කමිටු සහතික නිකුත් කිරීම ගැන මට ගැඹුරු දැනුමක් තිබුනේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාලවරිය; ඩබ්ලිව් ඕ ආර් WOR කමිටුව MET මෙට් කමිටුව ගැන ඔබට දැනුමක් තිබුණාද?
සාක්ෂිකරු; ඔව් ඒවා ව්‍යවස්ථානුකූලව පිහිටවූ කමිටුනේ. ඒ බව මට දැනුමක් තිබුණා. ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ආනයනකරුවන්ට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන බව එහි පැහැදිලිව සඳහන්ව තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය; ඖෂධ නියාමන කමිටුවට (MET) අමුනා ඉදිරිපත් කර තිබෙන පැ 197 ලේඛනය ගැන ඔබට දැනුමක් තිබෙනවාද?
විත්තියේ නීතිඥවරුන්; පැ 197 කියන්නේ එයට අදාළ ලේඛනයක් නෙවෙයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; මට වැරදුනා.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා; පැමිණිල්ලට දැන් නිරතුරුවම වරදිනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; පැ 137 ලේඛන බලන්න ඒ පැ 97 ලේඛණයට සමාන ලේඛනයක්ද ?
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 95 ලේඛනය එම සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ නිකුත් කරන අනුමැතිය ලබා දුන් සියළුම අයදුම් පත්‍ර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය බව සඳහන් නේද?
සාක්ෂිකරු; ඔව් එම ලේඛනවලට ඖෂධ ඇගයීම් කමිටුව ඉදිරිපත් කළ පසු අනුමැතිය ලබා දුන්නත් ප්‍රතික්ෂේප කලත් ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; කොන්දේසි අංක අට අනුව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ තීරණය අවසාන තීරණය බව එහි සඳහන් වීම නීතියට පටහැනි නේද?
සාක්ෂිකරු; නෑ. ඖෂධ නියාමන පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට එම බලය ලබාදී තිබෙනවා. අදාළ අවශ්‍යතාවය අනුව පනතේ විදි විධානවලට යටත්ව පවතින අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න ප්‍රධාන විධායක නිලධාරියාට බලතල තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත 12වන චූදිත මෙම ඉල්ලීම කර ඇති බවට සෑහීමට පත්වුණේ ඇයි?
සාක්ෂිකරු; ඉදිරිපත්ව තිබූ ලිපි ලේඛන අනුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමට පත්වුණා. ඒක නිවැරදි ක්‍රමවේදය නිසා අපි එයට අනුමැතිය දුන්නා. එම ඉල්ලීම කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත බවට අපි සෑහීමට පත්වීම නිසා අනුමැතිය දුන්නා ඖෂධ ඇගයීම් කමිටු ප්‍රමාදයන් ගැන ලිඛිතව කරුණු දැක්වීමක් නොකලත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඒ ගැන වාචික කරුණු දැක්වීමක් කළා. පැ 95 ඖෂධ නියාමන පනතට පටහැනි නොවන බවට නිගමනය කරලා තමයි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ. එම ඉල්ලීමට අනුමැතිය දීමට රටේ එවකට පැවැති ගැටලුවලට විසඳුම් දෙන්න අපි සද්භාවයෙන් එලෙස අනුමැතිය දුන්නා. එලෙස ඖෂධ ආනයනය කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව වගකීමක් දැරිය යුතුයි. ආනයනය කරන ඖෂධ පිළිබඳව යම් ගැටලුවක් ආවොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය ඖෂධ නියාමන අධිකාරියට තිබෙනවා. ආනයනකරු සපයන ඖෂධවල ගැටලුවක් ඇති වුණාම විතරක් නෙමෙයි. පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ පිළිබඳවත් වගකීම ඖෂධ නියාමන අධිකාරියට තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය; ඔබ කියූ ඔය වගන්ති දෙක එම ලිපියට ඇතුළත් කළේ කවුද?
සාක්ෂිකරු; ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා තමයි එම වගන්ති දෙක ඒ කියන්නේ ආනයනකරු පමණක් නොව පරිත්‍යාගශීලීන් පවා ඔවුන් සපයන ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව වගකීම් දැරිය යුතුයි කියන වගන්ති දෙක ඇතුළත් කළේ 12 වන චූදිත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී කරුණු පැහැදිලි කළා. රටේ පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ හිඟය නිසා එකී සීග්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බවට එම ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ මගහැරෙනවා කියලා. ඔහු කීවේ නෑ.
වැඩිදුර සාක්ෂි විභාගය අද (25) දක්වා කල් තැබිණි. පැමිණිල්ලේ 33 වන සාක්ෂිකාරිය ලෙස නම් කර තිබූ ඖෂධ වේදිනී අමිලා කුමාරි ඒකනායක මහත්මියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී නැවත ප්‍රශ්න නැගූ අතර පැමිණිල්ලේ 52වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ඖෂධවේදී අයන්ත සඳරුවන් අබේවික්‍රම මහතාද එහිදී සාක්‍ෂි ලබා දුන්නේය.
සටහන - සුජීවා



