Latest Posts

උද්දමනය ඉහල යෑමේ අවධානමක් ගැන, මහාචාර්ය ප්‍රසන්නගෙන් අනාවරණයක්

බදු සංශෝධන හරහා ආණ්ඩුව ජනතාව සහ ව්‍යාපාර තවදුරටත් දැඩි පීඩනයකට පත් කරන බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කරනවා.

රජයේ මෙම නව බදු සංශෝධන මගින් සුළු ව්‍යාපාරිකයාගේ සිට සාමාන්‍ය පාරිභෝගිකයා දක්වා බරපතළ පීඩනයකට පත්වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අවධාරණය කරන්නෙ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැට් බදු සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත හෙළීමෙන් දිනකට ලක්ෂයක් උපයන සුළු ව්‍යාපාරිකයන් පවා බදු දැලට හසු වී ඔවුන්ගේ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.

මූල්‍ය සේවා සඳහා දකුණු ආසියාවේ වැඩිම බදු අය කරන රට

මූල්‍ය සේවා බද්ද 20.5% දක්වා ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මූල්‍ය සේවා සඳහා වැඩිම බදු අය කරන රට බවට පත්ව ඇති බවත් ආර්ථික අර්බුදයකින් පසු මෙරටට පැමිණෙන ආයෝජනවලට මෙය මරු බවත් තරුණ ප්‍රජාව නියුතු ඩිජිටල් ක්ෂේත්‍රයේ, යටිතල පහසුකම් මත 18%ක වැට් බද්දක් පැනවීමෙන් කලාපීය රටවල් හමුවේ ශ්‍රී ලංකාවට තිබෙන තරඟකාරීත්වය අහිමි වී යන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කරනවා.

IMF මුවාවෙන් ජනතාවට බර පැටවීම

imf sri lanka

බදු වැඩි කිරීම IMF අවශ්‍යතාවයක් බව පැවසුවද, රජය IMF නිර්දේශවලටත් වඩා දරුණු ලෙස ජනතාව මත බදු පටවා ඇති බවට චෝදනා කරමින් ප්‍රසන්න පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නෙ මෙම අත්තනෝමතික බදු ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ජන ජීවිතයේ ගුණාත්මකභාවය තවදුරටත් කඩා වැටීමේ අවධානමක් තිබෙන බවයි.

Latest Posts

spot_imgspot_img