Latest Posts

Injecting the Drug of Death While the ‘System’ Slept! Courtroom Dialogues from the Substandard Medicine Case Expose the Naked Truth of the State Machinery

The trial against 12 accused, including Sudath Janaka Fernando, the owner of Isolez Biotech Pharma, regarding the criminal misappropriation of over Rs. 140 million in public funds and the supply of substandard, counterfeit drugs to the Department of Health, was taken up for further hearing before the Colombo Permanent High Court at Bar yesterday (31st). The evidentiary hearing, which unfolded before the three-judge bench comprising Presiding Judge Priyantha Fernando, Judge Viraj Weerasuriya, and Judge Thilakarathne Bandara, revealed a horrific tragedy to society that extends far beyond a mere financial fraud. It demonstrated that this massive corruption occurred not as an isolated act by a few individuals, but because the entire state healthcare machinery is inherently weak, irresponsible, and structurally designed to allow corrupt elements to operate with impunity.

This systemic collapse was unequivocally proven through the testimony of Mahinda Premalal Katupelalla, a Pharmacist at the Medical Supplies Division (MSD) of the Ministry of Health.

A ‘Blind’ System Distributing Drugs Amidst Fatal Complications

Sharp questioning by Deputy Solicitor General Ms. Lakmini Girihagama revealed that, even while hospital authorities were fully aware that patients who received the drug were suffering from severe complications, the hospital machinery continued to issue the relevant drug to patients. The tragedy of officials waiting for notifications from the ‘computer system’ rather than acting to save lives is evident from the following dialogue.

  • Deputy Solicitor General: By August 20, 2023, you had received reports of complications regarding this drug. Why was it reissued?
  • Witness: The MSD (Medical Supplies Division) had not instructed us to halt it.
  • Deputy Solicitor General: By August 15, 2023, when 202 vials were issued to Counter No. 7, this situation already existed, didn’t it?
  • Witness: Yes, My Lord.

Even on September 1st, 2nd, and 17th, hundreds of vials under new batch numbers (e.g., 732230402) were repeatedly issued to the dispensing counters. This occurred because there was no automated mechanism within the system to halt the drug’s distribution until a formal notice was published on the ‘Swastha’ system. This directly illustrates how the system’s inefficiency played to the advantage of the corrupt.

Piercing Defense Arguments and Loopholes in Inventory Management

Through a series of cross-examination questions directed at the witness by Attorney-at-Law Harendra Banagala, representing the first accused, the appalling lack of standards in storing life-saving drugs was thoroughly exposed.

  • Deputy Solicitor General: You stated that a specified temperature is maintained. Are data loggers used here?
  • Witness: No.
  • Defense Counsel (Harendra Banagala): What is done with withdrawn drugs?
  • Witness: They are set aside. The stocks are removed. Since there is no other cold room, they have to be kept in the same one.
  • Defense Counsel: I suggest that storing withdrawn drugs in that manner violates standard procedures.

The absence of at least basic data logger technology in sensitive drug stores—which must be strictly maintained between 2-8 degrees Celsius—and having to store both withdrawn and regular drugs in the exact same compartment, creates a perfect haven for racketeers to easily mix substandard drugs back into the hospital system.

Arguments from Other Defense Parties Exploring Systemic Loopholes

The arguments raised by the other defense lawyers further confirmed that this corruption is deeply systemic.

• Attorney-at-Law Asela Serasinghe, representing the second accused, questioned the functioning of the ‘SAFREx’ committee and the notice issued on the ‘Swastha’ system. The witness’s lack of knowledge regarding exactly who made that decision clearly illustrated the severe confusion within the decision-making chain.
• Attorney-at-Law Ashoka Serasinghe, representing the fifth accused, questioned the instructions given over the phone on October 9th to prepare samples by an MSD Pharmacist named ‘Sujith’, who is also an accused. The fact that officials rely solely on phone calls to prepare vital test samples demonstrates the terrifying informality of the system.

The Judge’s Inquiry into the Timeline of Death

The most crucial intervention here was made by Judge Viraj Weerasuriya. The point he raised logically demonstrated the system’s severe operational delays.
Judge Viraj Weerasuriya: Was this adverse situation observed by the National Hospital a month prior to September 20, 2023? This adverse situation had been reported even before August 18th. A quality log had been entered regarding this drug. Witness: Yes, I entered the quality log on August 16th.

It is utterly terrifying that, despite officials being aware of Adverse Drug Reactions (ADRs) occurring in patients and officially entering a ‘quality log’ on August 16th, no formal notification was made through the ‘Swastha’ system until September 20th. The system itself allowed a lethal drug to flow freely into patients’ veins for over a month.

The Tragedy of Security Guards Holding the Keys

It was revealed through the second witness, Medical Supplies Assistant Darshana Bandara Rathnayake, that the keys to the life-saving cold drug storage are handed over to the security division after 4:00 PM. It goes without saying that managing the security and access of warehouses containing highly sensitive drugs worth millions so loosely paves the way for absolute irregularity.

The Rs. 140 million drug case is not merely a financial fraud. Through a storage system devoid of data loggers, a bureaucracy reluctant to take responsibility, and a digital network (‘Swastha’) that failed to halt drug issuance for an entire month after adverse reactions were reported, the naked truth of the system was perfectly proven in court yesterday. Corruption does not suddenly fall from the sky; this trial report has logically proven that the fertile environment for it to thrive has been meticulously created by the state healthcare machinery itself.

  • Source: Open Court Proceedings & Case Reports of the Colombo Permanent High Court at Bar
නඩු වාර්තාව

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා දී රුපියල් කෝටි 14 කට අධික ණය මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා  හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ 31 යළි විභාගයට ගැනිණි.

(ප්‍රියන්ත ප්‍රනාන්දු සභාපති විනිසුරු ) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩු  විභාගයේදී සාක්ෂි දීම සඳහා කැඳවා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ඖෂධ වේදියෙකු වන මහින්ද ප්‍රේමලාල් කටුපැලැල්ලය. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් ඔහු මෙසේ කීවේය. 

මම 1993 රාජ්‍ය සේවයේ ඖෂධ වේදියෙකු ලෙස බැඳී වසර පහක් පොලිස් රෝහලේ සේවය කිරීමෙන් පසු ජාතික රෝහලට මාරු වී ආවා. මුලින්ම එහි වායු සැපයුම් අංශයේ සේවය කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඖෂධ බෙදා හැරීම් බාරගත්තාද ? 

සාක්ෂිකරු ; නිතර නිතර එහෙම කළා

යෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ස්ථිරවම එම කාර්යය ඇරඹුවේ කවදාද?

සාක්ෂිකරු ; 2015 සිට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මොන ඖෂධ ද?

සාක්ෂිකරු ; ශීත ඖෂධ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ශීත ඖෂධ කියන්නේ මොනවද?

සාක්ෂිකරු ; සෙල්සියස් 2-8 අතර උෂ්ණත්වයක පවත්වාගෙන යා යුතු ඖෂධයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒවා ඔබට ලැබෙන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම් ඒකකයෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ රාජකාරිය වුනේ කුමක්ද?

සාක්ෂිකරු ; මා විසින් වෛද්‍ය සැපයීම් ඒකකයට ඇනවුම ඇතුල් කළ යුතුයි. එය එවකට සිදු කළේ ප්‍රොන්ටෝ පද්ධතිය හරහායි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුර පදය ඔස්සේ ප්‍රවේශ වෙලා, ඖෂධ ඉල්ලන්නේ කෙසේද? 

සාක්ෂිකරු ; අපට අදාල ඒවා ඉල්ලනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ගබඩාවෙන් ගේන්නේ කවුද?

සාක්ෂිකරු ; ලොරි රථවලින් ගෙනත් බානවා. නැත්නම් අපි රිජිෆෝම් පෙට්ටිවල දමලා අයිස් තබා ගේනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ගේන ඖෂධ කොහෙද තැන්පත් කරන්නේ?

සාක්ෂිකරු ; ශීත ගබඩාවේ. ශීත ගබඩාව කියන්නේ අඩි 6*13 පමණ කාමර හතරක්. ඒවා ශීතාගාර.  වෙන් වෙන්ව ඇති මේ කාමර හතරට වෙන වෙනම ඉබි අතුරු තිබෙනවා.  ඖෂධ ගෙනත් එහි තැන්පත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ගබඩාවල වගකීම කාගෙද?

සාක්ෂිකරු ; මගෙත් භද්‍රා මිස්ගේත් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද භද්‍රා මිස් කියන්නේ?

සාක්ෂිකරු ; මා නැති අවස්ථාවල රාජකාරි කරන්නේ ඇයයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේවා ගැන විගණන සිදු කරනවද.

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සෙල්සියස් අංශක 2-8 පවත්වාගෙන යන්නේ කොහොමද?

සාක්ෂිකරු ; දවසට කීප වරක් සටහන් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; විදුලිය නැති වුණොත්?

සාක්ෂිකරු ; ස්වයංක්‍රීයව ජෙනරේටර් පණ ගැන්වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නියමිත උෂ්ණත්වයක් පවත්වාගෙන යන බව කීවා. මෙහිදී, ඩේටා ලොගර් පාවිච්චි කරනවද?

සාක්ෂිකරු ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය.; ඖෂධ වල නියමිත උෂ්ණත්වය ආරක්ෂා කරගන්නේ කෙසේද?

සාක්ෂිකරු ; සෘජුව භාරගෙන ගබඩා කිරීමෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අතරමග කොතැන හෝ ගබඩා කරන්නේ නැද්ද?

සාක්ෂිකරු ; ශීත ඖෂධ එහෙම කරන්නේ නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවා නිකුත් කරන්න පෙර කුමක්ද කරන්නේ?

සාක්ෂිකරු ; ඖෂධ පොතට මුලින්ම ඒවා ඇතුළු කරනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023 ජූලි 25 දින MSD එකෙන් ඉල්ලුම් කළ ලේඛනයක්ද බලන්න මෙය.
(සාක්‍ෂිකරුට ලේඛනයක් පෙන්වයි)

සාක්ෂිකරු ; ඔව් පද්ධතිය හරහා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 500 ක් ඉල්ලුවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉල්ලූ ප්‍රමාණය ලැබුනද?

සාක්ෂිකරු ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කොච්චරද ලැබුණේ?

සාක්ෂිකරු ; වයර් 106 යි. ඒ 400mg ඒවා. 

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවා ඖෂධ කවුළුවලට බෙදුවේ කොහොමද?
මොන කවුළුවලටද බෙදුවේ?

සාක්ෂිකරු ; 4 කවුළුවට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟ අවස්ථාවේ කොපමණ ඉල්ලුවද?

සාක්ෂිකරු; වයල් දහසක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කීයක් ලැබුනද?

සාක්ෂිකරු ; 226ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවත් කවුළුවලට බාර දුන්නද?

සාක්ෂිකරු ; ඔව් අගෝස්තු පහළොස් වැනිදා භාර දුන්නා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එදින බාරදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 226 හි කාණ්ඩ අංකය කුමක්ද?

සාක්ෂිකරු ; 732230401 

නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය ; මේ 226න් 20 ක් NMQLR එකට දුන්නද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇයි එහෙම දුන්නේ

සාක්ෂිකරු ; වාට්ටු අංක 16 භාර විශේෂඥ වෛද්‍යවරයාගේ පැමිණිල්ලක් මත. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය දුන්නේ කාගේ අනුමැතිය මතද?

සාක්ෂිකරු ; ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ සාම්පල ලබාදෙන ආයතනය කුමක්ද ?

සාක්ෂිකරු ; වෛද්‍ය පීඨය, NMQLAR, MSD හි ෆාමකො අංශය ආදිය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ලේඛන ලැබුනේ කවදද?

සාක්ෂිකරු ; මේක මට ලැබෙද්දි අගෝස්තු විස්ස පමණ වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබ අධ්‍යක්ෂකගේ අවසර ඉල්ලා ගත්තද? 

සාක්ෂිකරු ; ඔව් ඒ සඳහා පිටපත් පහකින් ලියුම හැදුවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; 2023/08/15 වෙද්දි හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 226ක් තිබුණත්  ෆෝරමයේ වයල් 206 ක් විතරක් ලියා ඇත්තේ ඇයි?

සාක්ෂිකරු ; මට මතක් වෙන්නේ නෑ

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ ලිපියේ කුමක්ද සඳහන්

සාක්ෂිකරු ; ලයිව් හෙල්ත් බයෝ ෆාමා පෞද්ගලික සමාගම නමින් ලියුම හැදුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කොහෙන්ද ඒ තොරතුරු?

සාක්ෂිකරු ; ලේබලයෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඇති සංකූලතා සඳහන් කොයින්ද ඒ තොරතුරු?

සාක්ෂිකරු ; පැමිණිල්ලෙන් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි වෛද්‍යවරුන් ගැන විමසුවා

සාක්ෂිකරු ; වාට්ටු අංක 16 හි විශේෂඥ වෛද්‍යවරයා වන ගාමිණී පතිරණ මහතාගෙන්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ෆෝරමය පුරවා ඉදිරිපත් කරන්නේ කවුද?

සාක්ෂිකරු ; මම 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සතුව ලයිව් හෙල්ත් බයෝ ෆාමා පුද්ගලික සමාගමේ නිෂ්පාදන ලෙස ලැබුණ වයල් 226න් 20 ක් MSD යවා ඉතිරි 206 තියෙනවා. එයින් යළිත් නිකුත් කළාද?

සාක්ෂිකරු ; ඔව් 202ක් යැව්වා  

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; කුමන කවුළුවටද?

සාක්ෂිකරු ; අංක 8 කවුළුවට 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ නිකුත් කිරීමට අදාළ Issue note එකක් පද්ධතියට ඇතුලත්ද?

සාක්ෂිකරු ; ඔව් 2023/08/31 ඇතුලත් කලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට මේ ඖෂධය සම්බන්ධයෙන් 2023 අගෝස්තු 20 වන විට සංකූලතා වාර්තා වී තිබුණා. ඇයි එය නැවත නිකුත් කළේ?

සාක්ෂිකරු ; MSD එකෙන් නතර කරන්න කියා තිබුනේ නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/08/15 වන විට කවුළු අංක 7 ට වයල් 202 ක් භාර දෙද්දිත් තිබුණ නේද මේ තත්ත්වය. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ 8/15 ඖෂධ නිකුත් කළ පසු 8/20 වාර්තා ආවේ. ඔබ පද්ධතියට නිකුත් කලේ 8/31 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුළුවලින් වාට්ටුවලට යන එක 8/31 වන විට හෝ නතර වී තිබුණද.?

සාක්ෂිකරු ;  ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය. ; 2023/08/30 වන විට ඔබ ඉල්ලා තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රමාණය කොපමණද?

සාක්ෂිකරු ; දහසක් ඉල්ලා තිබුණා 

යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 732245203 යටතේ කීයක් ලැබිලද?

සාක්ෂිකරු ; 364 ක්‍.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 732230401 යටතේ කීයක් ලැබුනද? 

සාක්ෂිකරු ; 14 යි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කටුපැළැල්ල යනුවෙන් ඇත්තේ ඔබ ගැන විස්තරද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;  මේ වයල් 364 බාරගත් පසු පැක් කරන්නේ කොහේ තබාගෙනද?

සාක්ෂිකරු ; MSD cool room එකේ 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවාත් කවුළුවලට බෙදුවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමන කවුළුවට කවදද භාර දුන්නේ?

සාක්ෂිකරු ; 2023/09/01 දින කවුළු අංක 4 ට වයල් 160 ක් බාර දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ වනවිට හෝ එම ඖෂධ නැවැත්වීමට දැන්වීමක් ලැබී තිබුණද?

සාක්‍ෂිකරු ; නැහැ.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබටත් බෙදා හැරීමට අදාළ Issue note එක පද්ධතියට ඇතුල් කළාද ?

සාක්ෂිකරු ; ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සැප්තැම්බර් පළමු වැනිදා නිකුත් කොට ඇත්තේ ඔබට ලැබුණ වයල් 360 න් මොන කාණ්ඩයේ ඒවාද?

සාක්‍ෂිකරු ; 732230402 කාණ්ඩයේ ඒවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම කාණ්ඩ 2 ම ඒවා ඔබ නැවත කවුළුවලට නිකුත් කරලා. 

සාක්‍ෂිකරු ; ඔව්, 09/02  දින 7 වන කවුලුවට වයල් 100ක් නිකුත් කලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; බලන්න ඔබ නැවතත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඉල්ලලා තියේද කියලා.

සාක්ෂිකරු ; ඔව් 9/8 දා 500 ක් ඉල්ලුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයින් කීයක් ලැබිලද?

සාක්ෂිකරු ; 400 ක් ලැබී තිබුණා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයින් කීයක් නිකුත් කලාද?

සාක්ෂිකරු ; 90 ක් වාට්ටු අංක 01 ට නිකුත් කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 9/12  දින වන විටත් මේ අයිතමය වාට්ටුවලට  නිකුත් කිරීම නවත්වා තිබුණද ?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ නැවත 9/17 දින ඖෂධ නිකුත් කළේ කුමන කවුළුවටද?

සාක්ෂිකරු ; කවුළු අංක 7 ට 160 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අතරේ කිසිම වෙලාවක ලයිව් හෙල්ත් බයෝ ෆාමා වලින් ඖෂධ ගන්න එක නවත්වන්න කිව්වෙ නැද්ද?

සාක්ෂිකරු ; ස්වස්තා, නෝටිස් බෝඩ් එක හරහා තමයි දැන්වීම ආවේ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම නෝටිස් එක ස්වස්තා පද්ධතියේ කොහොමද පේන්නේ? 

සාක්ෂිකරු ; මුර පදය ඇතුල් කර පද්ධතියට පිවිසෙන විටම පේනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කරුණු විසි හයක් අඩංගු ලේඛනයක් 

සාක්ෂිකරු ; පරිගණක තිරය මත ඩ්‍රොප් ඩවුන් ආකාරයට බැලිය හැකියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලයිව් හෙල්ත් බයෝ ෆාමා නමින්ද පෙනුනේ?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ දැන්වීම දුටුවම ඔබ කවුළුවලට දැනුම් දුන්නේ කුමක්ද? 

සාක්ෂිකරු ; වාට්ටු වලට යැවීම නතර කිරීම හා වාට්ටුවල භාවිතය නතර කිරීමට. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ලිඛිතවත් දැනුම් දෙනවා කිව්වා.

සාක්ෂිකරු ; ඔව් වාට්ටු වලට ඒවා ඉක්මනින් සීතාගාරයට යැවීමට අවශ්‍යයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; R 29 හි මුල් ලේඛන තබා ගත්තෙ කොහෙද?

සාක්ෂිකරු ; මුල් පිටපත මගේ ෆයිල් එකේ තබාගෙන ඡායා පිටපත් දුන්නා.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දැන් ඒක තියෙනවද ?

සාක්ෂිකරු ; මම විශ්‍රාම යද්දිත් මගේ ගොනුවෙ තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ එය ලේඛනයකිනුත් දැනුම් දුන්නද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අනුව ඒවා ලැබුනේ කොහෙන්ද?

සාක්ෂිකරු ; කවුළු අංක 8 න්, 9/21 දින වයල් 182 ක් , 9/22 තව වයල් 128 ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒවා බාරගත් බවට අත්සන් තිබේද? 

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ප්‍රශ්නගත අයිතමයට අදාළව තව ලැබී තිබේද?

සාක්ෂිකරු ; 10/07 දින 193 ක් කවුළු අංක 8 න් ලැබී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023/10/07 වන විට වාට්ටු වලින් වයල් 403 ක් ලැබිලා තිබෙනවා. ඒවා පාවිච්චි කරපුවාද නොකරපුවද? 

සාක්ෂිකරු ; පාවිච්චි නොකරපුවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පෙට්ටි මුද්‍රා කරපු ඒවද ආපසු බාර ගත්තේ?

සාක්ෂිකරු ; ගත්තු හැම එකක්ම පෙට්ටිය නොතිබුණත් මූඩිය සිල්, වයර් එකේ උඩ ඇති ප්ලාස්ටික් කෑල්ල ගැලවී නැත්නම් තමයි බාරගත්තේ. 

නියෝජ්‍ය සොලප්‍රශ්නය ජෙනරාල් වරිය ; NMQLR එකට 90 ක් බාර දුන්නේ ගිහින්ද?

සාක්ෂිකරු ; නැහැ ඔවුන් ඇවිත් ලබා ගත්තා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ කවුරු හරි ඒ සමග NMQLR ගියාද?

සාක්ෂිකරු ; කපිල නමැති සුළු සේවක යැව්වා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කාණ්ඩ අංක 30 බැගින් හැදුවේ ඇයි ?

සාක්ෂිකරු ; ශීත කාමරයේ තබන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ වයල් 90 යොමු කුවිතාන්සිය ඔබට හැඳිනිය හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ යැවූ වයල් 90 NMQLR එකට බාරගත් බවට සහතිකයක් තිබේද? 

සාක්ෂිකරු ; ඔව් 2023/10/10 දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය.; පැ 403 පෙට්ටිය දෙද්දී එහි වයල් තිබුණද?

සාක්ෂිකරු ; ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ වයල් එක එළියට ගත්තද?

සාක්ෂිකරු ; නැහැ මම එළියට ගත්තේ නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ වගේම ඔබ පැ 418 කියන වයල් එක අදාල  කාටුන් එකත් සමග භාර දුන්නද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 අගෝස්තු 01 සිට ඔක්තෝබර් 07 වෙනතෙක් රාජකාරි කළේ කවුද?

සාක්ෂිකරු ; සාමාන්‍ය රාජකාරි කළා. ලිපි ගොණු ඉදිරිපත් කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; MSD අධ්‍යක්ෂකගේ ලිපි ලැබිලා තියේද?

සාක්ෂිකරු ; ජාතික රෝහලේ අධ්‍යක්ෂ හරහා ලැබිලා තියෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අනුව අත්සන හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද අත්සන් කරලා තියෙන්නේ

සාක්ෂිකරු ; වෛද්‍ය වික්‍රමනායක

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය හඳුනන්නේ කෙසේද?

සාක්ෂිකරු ; ලැබෙන ලිපිවලින්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු දැක්කොත් හැඳිනිය හැකිද?

සාක්ෂිකරු ; බැහැ

පස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ හරස් ප්‍රශ්න නගයි.

නීතිඥ ; ඔබ කිව්වා 2023/10/10 වෙද්දි හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල 90 ක් NMQLR වෙත යවන්න දැන්වීමක් ලැබුනා කියා.

සාක්ෂිකරු; ඔව්

නීතිඥ ; 10/09 වැනිදා MSD දැනුම් දුන්නා කීවා NMQLR යැවීමට සාම්පල 30 බැගින් සූදානම් කරන්න.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඒ පුද්ගලයා කවුද කියා ඔබ සීඅයිඩීයට හෙළිකළා. කවුද ඒ? 

සාක්ෂිකරු ; සුජිත්. මම දැකල නෑ. MSD එකේ ඖෂධවේදියෙක්

නීතිඥ ; පසුකාලීනව හෝ ඔහු ගැන අසා තිබේද?

සාක්ෂිකරු ; පුවත්පත්වලින් තොරතුරු දැනගත්තා. මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධ මූලික කටයුතු කළා කියා දැනගත්තේ. 

නීතිඥ ; නඩුව ගැන දන්නේ නැද්ද? මේ නඩුවේ විත්තිකරුවකු ලෙස දන්නෙ නැද්ද?

සාක්ෂිකරු ; දන්නවා

නීතිඥ ; ඔබට දුරකථන ඇමතුම දුන් සුජිත් විත්තිකරුවෙක් බව   දන්නවා. 

සාක්‍ෂිකරු ; ඔව් 

නීතිඥ ; ඔබ ගිහින් MSD එකෙන් භාණ්ඩ ගත්තේ

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔබෙන් තමයි කවුළුවලට යන්නේ?

සාක්ෂිකරු ; ඔව්

පළමු චූදිත වෙනුවෙන් නීතිඥ හරේන්ද්‍ර බානගල හරස් ප්‍රශ්න නගයි 

නීතිඥ ; ඔබ විසින් සලකා බලන කූල් රූම් වෙන වෙනම හඳුනාගන්නේ  කෙසේද ?

සාක්ෂිකරු ; අංක කර තිබෙනවා

නීතිඥ ; මේ ලේඛනය දිහා බැලුවම ආයතනය පරීක්ෂා කරන කෙනෙකුට තමයි හඳුනාගත හැකි. වෙන සටහන් හෝ කිසිම කාරණාවක් නැහැ. ඔබේ ආයතනයේ පහසුව සඳහා සවිකිරීමක් මිස ඒවා සවිකළ ආයතනයේ නමක් වත් නැද්ද? 

සාක්ෂිකරු ; නැහැ මේවා පාලනය කරන්නේ විදුලි බල මණ්ඩලය මගින්

නීතිඥ ; මේ සටහන් බලල කියන්න මේවා ගත්තේ කවුද කියා

සාක්ෂිකරු ; මේවා පවත්වා ගත්තේ මමත් සහායකයත් විසින්

නීතිඥ ; මේ ඉලක්කම් හැරුණු විට ඔබද අනෙක් තැනැත්තාද කියා මේක බලලා කිව හැකිද?

සාක්ෂිකරු ; මම නැති දවසට වැඩ බලන එක්කෙනා

නීතිඥ ; ඔය ලේඛන මත තබා කිව්වේ දවසට දෙවතාවක් පාඨාංක ගන්න කියා. මේක කළමනාකරණය කරන්නේ කවුද?

සාක්ෂිකරු ; විදුලි බල මණ්ඩලය

නීතිඥ ; ශීතාගාර නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි

සාක්ෂිකරු ; ඔව් සොයා බලනවා

නීතිඥ ; මේ ඖෂධ කාණ්ඩයේ ඖෂධ තව කවුළුවල තිබී තියෙනවා. ඖෂධ 1000 ක් ඉල්ලුවම 22 ක් දීලා 08/11 ලැබිලා තියෙනවා. 

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 08/30 වැනිදා ඒක ඔබට 350 ක් හා 14 ක් ලෙස ලැබෙන්නේ?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔබ ඒ වෙද්දි ආපසු යවනවා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; මේ ඖෂධ වල සංකූලතා ගැන ඔබට දැනීමක් තිබුණාද?

සාක්ෂිකරු ; යම් තත්ත්වයක් දැන සිටියා

නීතිඥ ; අධිකරණයට භාර දුන් ඖෂධ කූල් පැක් නෙවෙයි තිබුණේ 

සාක්ෂිකරු ; නෙවෙයි ස්වාමීනී

නීතිඥ ; Withdraw  කරපු ඖෂධ මොකද කරන්නේ? 

සාක්ෂිකරු ; පැත්තකින් අයින් කරලා තියෙනවා. තොගවල් අයින් කරනවා. වෙන කූල් රූම් නැති නිසා ඒකෙම තමයි තියාගන්න වෙන්නේ. ඒවා ලේබල් කරලා තියෙන්නේ.

නීතිඥ ; මම යෝජනා කරනවා භාවිතයෙන් ඉවත් කළ ඖෂධ එහෙම තබා ගැනීම පටහැණියි කියා. 

සාක්ෂිකරු ; ලේබල් කර වෙන් කර තැබිය හැකියි. 

දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම අරඹයි

නීතිඥ ; 2023 අවුරුද්දේ සැප්තැම්බර් 20 වන විට ප්‍රධාන ඖෂධවේදී කවුද?

සාක්ෂිකරු ; ලසන්ත වැලිගම. මම ඔහු සමග දිගටම වැඩ කළා

නීතිඥ ; ඔබ සාක්ෂි දීමේදී, ලේඛනයක් පෙන්නුවා. එහි ඔරිජිනල් පිටපත දුටුවොත් හැඳිනිය හැකිද? 

සාක්ෂිකරු ; ඔව් පුළුවන්

නීතිඥ ; ඔබේ සේවා කාලය තුළ ඕනෑ තරම් ADR දැක ඇති. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ; එවැනි සංකූලතා තිබූ ඖෂධ මතකද ඔබට ?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; මෙවැනි සංකූලතා ඇති විට දැනුම් දෙනව නේද? 

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; NMRA යටතේ සෆ්රෙක් කියා කමිටුවක් තියෙනවා නේද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විරෝධය පළ කරයි 

නීතිඥ ; ඔබ පරිගණක තිරය මත 2023/09/21 දින නිවේදනය දුටු බව මම කීවොත් පිළිගන්නවද?

සාක්ෂිකරු ; ජාතික රෝහලෙන් දැන්වීම දැම්මා

නීතිඥ ; එය සෆ්රෙක් යටතේ NMRA ගත් තීරණයක් කීවොත් හරිද.? 

සාක්ෂිකරු ; තීරණය ගත්තේ කවුද කියා මා දන්නේ නැහැ.

විනිසුරු විරාජ් වීරසූරිය ; 405 ලේඛනයට ADR  කිහිපයක් තියෙනවා. 405, 405-4 , 405-5 ආදිය 8/16 දින නිකුත් කරන ලද සිද්ධීන්ට අදාළ වාර්තා. 2023/09 /20 දිනට මාසයකට කලින් සිට තමයි ජාතික රෝහලින් මේ අහිතකර තත්වය නිරීක්ෂණය කරන්නේ? 08/18 ට පෙර සිට මේ අහිතකර තත්ත්වය කියා තියෙනවා. මේ ඖෂධය පිටින් ගේන්න පුළුවන්කම තිබුණද?

සාක්ෂිකරු ; නැති වෙලාවට ගේනවා

විනිසුරු ; මේ ඖෂධය ගැන කොලිටි ලොග් එකක් දාලා තිබුණා

සාක්ෂිකරු ; ඔව් 8/16 කොලිටි ලොග් එක දැම්මේ මම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සුජිත් ගේ කටහඬ ඔබට මතකද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු විත්තිකාරයේ වුනා කියලා දන්නවද? 

සාක්ෂිකරු ; පස්සෙ කාලෙක දන්නවා. 

නීතිඥ ; 2023/10/09 දින කතා කළ සුජිත් ඔබ හඳුනන්නේ නැහැ.

සාක්ෂිකරු ; නැහැ 

වෛද්‍ය සැපයුම් අංශයේ  වෛද්‍ය සහකාර දර්ශන බණ්ඩාර රත්නායක සාක්ෂි සඳහා කැඳවයි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ශීත දාම අවශ්‍ය ඖෂධ අංක 6 ගබඩා මේ තිබුනේ?

සාක්ෂිකරු ; සෙල්සියස් අංශක 2-8 පවත්වාගෙන යා යුතු ඒවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කිව්වා සෙල්සියස් අංශක  25 ටත් ගබඩා තියෙන බව. 

සාක්ෂිකරු ; ඔව් ඒවාට වෙනම ගබඩා තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; යතුරු කා සතු ද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් සහකාරවරුන් සතුයි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රාජකාරී වේලාව කුමක්ද?

සාක්ෂිකරු ; 8-4 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රාත්‍රී සේවාවන් තියේද?

සාක්ෂිකරු ; හැමවිටම නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 4න් පසු යතුරු කොහෙද? 

සාක්ෂිකරු ; ඉබ්බන් සීල කර යතුරු ආරක්ෂක අංශයට භාර දෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පසුවදාට ගන්නේ?

සාක්ෂිකරු ; අපි අත්සන් කර ආරක්ෂක අංශයෙන් ගන්නවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් සහකාර යනු ගබඩා භාරකරු නේද?

සාක්ෂිකරු ; ඔව් පසුව නාමය වෙනස් කළා

නඩුව නැවත සැප්තැම්බර් 2 දින විභාගයට ගැනීමට නියමිතය

Latest Posts

spot_imgspot_img