Latest Posts

Substandard Drugs Case: “Never Seen Such Questioning in My Life!”

Prosecution Sternly Warned Amidst Fierce Defense Objections; Testimony Flouting Evidence Act Stricken from the Record

The ongoing trial before the Colombo Permanent High Court Trial-at-Bar against 12 defendants over the procurement of substandard counterfeit drugs is rapidly evolving into a watershed moment in the country’s jurisprudence. While social and mainstream media outlets have already run a parallel trial, pronouncing the accused guilty in the court of public opinion, the actual judicial proceedings are uncovering a starkly different reality.

The trial proceedings yesterday (27th) marked a historic turning point, decisively exposing critical investigative loopholes and prosecutorial gaps, while reaffirming the absolute impartiality of the trial bench.

Gaps in System Data and Forensic Integrity

The testimony of Mr. Mohamed Hijaz, an Information Technology Officer at the Ministry of Health and a key prosecution witness, raised reasonable doubt regarding the absolute integrity of the data reports (Exhibits P293 and P294) relied upon by the Criminal Investigation Department (CID) to build its case.

A pivotal courtroom exchange between the Deputy Solicitor General (DSG) and the witness laid bare these vulnerabilities:

Deputy Solicitor General: “You stated that document P294 was a computer-generated report. Why didn’t you write a query to generate a similar automated report for P293?”

Witness: “Because of the specific columns required.”

Deputy Solicitor General: “Then from where did you extract the data for columns 2, 3, 4, and 5 of P293?”

Witness: “Those were extracted manually by reviewing the pending backlogs.”

This admission confirms that crucial components of the evidence tendered against the defendants are not untampered, system-generated digital records, but rather data manually compiled by an officer from secondary sources. Furthermore, the witness’s confirmation that a third-party entity like EWIS had direct access to the Medical Supplies Division (MSD) database significantly weakens the prosecution’s stance, opening the door for the defense to argue potential data contamination and system breaches.

Defensive Objections and Strenuous Judicial Oversight

The proceedings yesterday proved that the Trial-at-Bar will strictly adhere to due process rather than accommodating prosecutorial overreach. The defense team drew a firm line when the DSG repeatedly interrogated the witness on the “buffer stock”—a domain completely outside his technical expertise.

Deputy Solicitor General: “You were questioned about the buffer stock, weren’t you?”

Witness: “I possess no knowledge on that matter.”

Counsel Amitha Ariyaratne (Interposing with a vehement objection): “The prosecution cannot pursue this line of questioning during re-examination. In my entire career, I have never witnessed such improper questioning in a court of law.”

The Presiding Judge’s subsequent stern warning to the DSG served as a definitive judicial rebuke, reinforcing that the court will not tolerate attempts to badger witnesses or elicit unauthorized testimony.

Adding to the prosecution’s setbacks, a major procedural intervention occurred during the testimony of Mrs. Diana Nishanthi, Accountant of the State Pharmaceuticals Corporation (SPC). Although her examination-in-chief had commenced earlier, the bench observed that the documents being introduced through her had not been properly tendered in compliance with the stringent provisions of the Evidence Ordinance. Consequently, the trial bench ordered that her entire prior testimony be struck from the record and mandated that her examination commence de novo (afresh), reflecting the uncompromising technical and legal precision governing this trial.

The Defense’s Narrative: Systematic Corruption or Sovereign Crisis Management?

Deconstructing the oversimplified media narrative of “malicious corruption for personal gain,” Defense Counsel Nayantha Wijesekera and Asela Serasinghe leveraged their cross-examination to contextualize the severe macroeconomic shocks and the acute foreign exchange crisis that crippled Sri Lanka in 2022.

Defense Counsel: “How did the prevailing national economic crisis impact the Corporation’s operations?”

Witness: “Suppliers who imported pharmaceuticals demanded payments in US Dollars. The local commercial banks had absolutely no dollar liquidity… We had to aggressively request Letters of Credit to secure foreign exchange.”

Defense Counsel: “The correspondence indicates that the General Treasury failed to release budgeted allocations timely. Could you elaborate?”

Witness: “An allocation of Rs. 45,000 million had been approved for us. Although those funds were legally due, they had not been disbursed to our accounts even at the time this official letter was dispatched.”

Defense Counsel: “Briefly clarify the financial constraints outlined in the second paragraph of that document.”

Witness: “The institution was facing an imminent risk of insolvency. We owed over Rs. 40 billion to commercial banks. By March 2023, the SPC was saddled with an monthly interest burden of Rs. 300 million alone, pushing the corporation into severe financial deficit.”

Through this rigorous line of cross-examination, the defense is systematically constructing a justification of necessity: that in the absence of timely Treasury disbursements, state officials were forced to bypass conventional bureaucracy and navigate extreme financial risks purely to avert a total collapse of the healthcare system and ensure the “smooth supply” of lifesaving medicine.

A Landmark Precedent

Despite the public trial that has already vilified the defendants, the objective legal reality unfolding in the High Court is shifting the equilibrium of the case. The structural flaws in the CID’s digital forensics, the prosecution’s struggles within the rigid confines of the Evidence Ordinance, and the undeniable backdrop of a state-level economic emergency have collectively altered the trajectory of the trial.

The unraveling of state indictments under rigorous cross-examination underscores a broader lesson for future jurisprudence. This trial is rapidly transcending the boundaries of a standard pharmaceutical graft case; it is transforming into a landmark precedent that strictly scrutinizes the professionalism of state investigative apparatuses while vindicating the rule of law over trial-by-media.

නඩු විභාගය

2026/05/27

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීම් සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඊයේ (27) ආරම්භ වූ අවස්ථාවේ 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතාගේ උපදෙස් මත නීතිඥ චරිතා මධුවන්ති පෙනී සිටියාය.

නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් තමන් ඔහු වෙනුවෙන් පෙනී සිටින නමුත් විත්තියේ හරස් ප්‍රශ්න නොඅසන බවත්, විත්තිය වෙනුවෙන් අසා ඇති ප්‍රශ්න මත රඳා පවතින බවත්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් හිජාස් අබ්දුල් කාදර් මහතා සාක්ෂි දීමට පැමිණ සිටි අතර, විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් වූ බැවින් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, 4 වන චූදිත වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ 10v44 ලේඛනය පෙන්වා සිටියාය. එහි මිලදී ගත් ඒකක පෙන්වා සිටි අතර අයිසොලෙස් බයෝ ෆාමා එහි ඇතුළත් වී ඇති බව කීවාය. වෛද්‍ය සැපයුම් ඒකකය මේ ලේඛනය හදා ඇති බවත්, මෙහි මොඩියුල් එකේ සීල් තබා ඇති අන්දම පෙර සාක්ෂිවල කී බවත්, මිලදී ගැනීම් ඒකකයේ සැපයුම්කරුවන්ගේ නම ඇතුළත් කරන හැටි පැවසුවාය. පද්ධතියේ ඇතුළත් නම් ඩ්‍රොප් බොක්ස් එකෙන් ගන්න පුළුවන් බව පැවසුවාය.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලියාපදිංචි වී නැති සැපයුම්කරුවෙකු පද්ධතියට ඇතුළත් කළ නොහැකිද?

සාක්ෂිකරු: නොහැකි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අලුත්ම සැපයුම්කරුවෙකු ඇතුළත් කරන ක්‍රමවේදය කුමක්ද?

සාක්ෂිකරු: ඔහු අලුත් සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි කර ඉන්පසු ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකට ඇතුළත් කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කාටද අලුත් සැපයුම්කරුවෙකු ලියාපදිංචි කළ හැක්කේ?

සාක්ෂිකරු: ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයුම් අංශයට පුළුවන්. සැපයුම්කරුවන් ලැයිස්තුව ගැන මට දැනුමක් නැහැ. කවුද ඉන්නේ? කවුද නැත්තේ කියා මම දන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අලුත් නමක් නම් ලියාපදිංචි කරන්නම ඕනද නැත්නම් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් පෙන්වන්නේ නැද්ද?

සාක්ෂිකරු: පෙන්වන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුළු විය හැක්කේ කාටද? තත්ත්ව පරීක්ෂාවට පමණක් ද ඔවුන්ට ඇතුළු විය හැක්කේ?

සාක්ෂිකරු: තත්ත්ව පරීක්ෂාවක් කර නුසුදුසු නම් ඉවත් කරලා ඔවුන් බ්ලොක් කළ හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට ඉහළින් සහකාර අධ්‍යක්ෂ කෙනෙක් ඉන්න බවත් ඔහු සන්දරප්පෙරුම මහතා බවත් ඔබ කීවා. දෙවැන්නා කවුද?

සාක්ෂිකරු: අපි 6 දෙනෙක් ඉන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වැඩිම පළපුරුද්ද තියෙන්නේ කාටද?

සාක්ෂිකරු: මට.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට වාර්තා හදන්න බලය දුන්නේ කවුද?

සාක්ෂිකරු: මට හදන්න කිව්වා. ඒ කාලේ වාර්තා හදන්න දන්නේ මම විතරයි. දැන් තව කෙනෙක් පුරුදු කරන්න මට කලින් කෙනෙක් හිටියා. මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහු දැන් නැහැ. මාරු වෙලා ගියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් අංශයටත් ඔබ වාර්තා හදලා තියෙනවා ද?

සාක්ෂිකරු: ඔව් හදලා තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒවාට අත්සන් කරනවාද?

සාක්ෂිකරු: ඉල්ලුවොත් මම හදලා අත්සන් කරලා දෙනවා. නැත්නම් පිටපත යවනවා. අල්ලස් කොමිසම වගේ තැනකට යවන්න නම් සන්දරප්පෙරුම මහතා අත්සන් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔහුට මේ පද්ධතියට ඇතුළු වී ක්වරි (Query) එකක් ලියා පද්ධතියේ තොරතුරු ලබාගත හැකිද?

සාක්ෂිකරු: බැහැ, මට විතරයි පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 වාර්තාවේ ප්‍රොන්ටෝ පද්ධතියෙන් දත්ත ලබාගත් බව ලියලා නැහැ කිව්වා.

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ මේක හැදුවේ 2020 සැප්තැම්බර් දත්ත පදනම් කරගෙන. 2023 මැයි දක්වා වෛද්‍ය සැපයුම් ඒකකයට තිබුණ පද්ධතිය කුමක්ද?

සාක්ෂිකරු: ප්‍රොන්ටෝ පද්ධතිය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඊයේ කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවූ ලියුමේ දිනයක් නැහැ කියලා. නමුත් ලැබුණු බවට අත්සන් කළ තැන දිනයක් තියෙනවා. ඒ ඔබේ අත්සනද?

සාක්ෂිකරු: ඔව්.

(එම කරුණ සම්බන්ධව විත්තියේ නීතිඥවරයාගේ විරෝධය මතුවේ.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පෙන්වූ ලිපියට අත්සන සහිතව දිනයක් දමා තිබෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ සකස් කළ යුත්තේ මොනවාදැයි කියලා තියෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඉල්ලූ දේවල් ද හැදුවේ?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලිපිය ලබා දුන්නද? ලිපිය සමඟ ප්‍රකාශයකුත් දුන්නද?

සාක්ෂිකරු: දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 294 ලේඛනය පරිගණකයෙන් ජෙනරේට් කළ එකක් බව කීවා. ක්වරි (Query) එකක් ලියා පැ 293 ට මේ වගේ එකක් හැදුවේ නැත්තේ ඇයි?

සාක්ෂිකරු: තීරු ටික නිසා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මොන තීරුද?

සාක්ෂිකරු: සැපයුම්කරුගේ නම, GRN ප්‍රමාණය ආදිය ප්‍රොන්ටෝ එකේ තිබුණේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 2,3,4,5 තීරුවලට තොරතුරු ගත්තේ කොහෙන්ද?

සාක්ෂිකරු: ඒවා ගත්තේ පොරොත්තු ලේඛන බලලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ 182 ක ලැයිස්තුවක් තිබුණද?

සාක්ෂිකරු: ඔව්, ඒ අයිතමවලට අදාළව 2,3,4,5 තීරු මැනුවල් ලයිස්තුවෙනුත් බලාගත හැකි වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 294 ලේඛනයේ පළමු පිටුවේ තිබෙන්නේ දෛනික තොග ලැයිස්තුව. මාසේ පළමු වැනිදා සිට 30 වැනිදා දක්වා ද තියෙන්නේ?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 7, 8 තීරු වලට තොරතුරු ගන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු: මැනුවල් චෙක් කරලා ගන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලැබුණු දිනය ගන්නේ කොහොමද?

සාක්ෂිකරු: ප්‍රොන්ටෝ පද්ධතියෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 294 සම්පූර්ණයෙන්ම ජෙනරේට්මද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 හා පැ 294 ලේඛනවල අත්සන් කාගෙද?

සාක්ෂිකරු: මගේ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග පාලන නිලධාරීට පද්ධතියට ඇතුළු විය හැකිද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, ඔහුට බලන්න පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මිලදී ගැනීම් ඇනවුම බැලිය හැකිද?

සාක්ෂිකරු: සියලු තොරතුරු බැලිය හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ අයට අවශ්‍ය අවස්ථාවල ඔබ ගිහින් උදව් කරනවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇවෝඩ් ප්‍රයිස් (Award price) වලට ඔබට ඇතුළු විය හැකිද?

සාක්ෂිකරු: නැහැ. මම ඒක දැක නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කිසිම තැනක මිල ගණන් දැක නැද්ද?

සාක්ෂිකරු: නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩිට් ලොග් (Audit log) ගැන ප්‍රශ්න ඇසුවා. ඔබ කිව්වා ඒ මෙම පද්ධතිය ඇතුළේ තියෙන ඇක්ටිව් ලොග් එක කියලා. මේ පද්ධතිය භාවිතා කරන්නන්ට එහි ඇතුළත් කළ දත්ත පරීක්ෂා කරන්න හැකියාවක් තිබේද?

සාක්ෂිකරු: නැත ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වැරදි දත්ත ඇතුළත් වුණොත් නිවැරදි කළ හැකි වෙරිෆිකේෂන් ටීම් එකට ඇතුළු විය හැකිද?

සාක්ෂිකරු: එහෙම එන්න බැහැ. අපි එයාලට කිව්වොත් පමණයි ඔවුන් එන්නේ. එහෙම ලිව්වම එයාලා දිනයක් දෙනවා එන බව කියලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ හරහා ද ඒ අවසර ගන්නේ?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩිට් ලොග් එක බැලුවම පද්ධතියේ වෙනස්කම් කර තිබේදැයි බැලිය හැකිද?

සාක්ෂිකරු: පෙර තොරතුරු (History) බලන්න පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඉදිරිපත් කළ වාර්තාවේ නිවැරදි බව ඕඩිට් ලොග් එකෙන් බලන්න බැරිද?

සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊවිස් (Ewis) සමාගමට බැරිද වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්තවලට ඇතුළු වෙන්න?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පොරොත්තු ඇනවුම්වල තොරතුරු ගැන වෛද්‍ය සැපයුම් ඒකකයේ බලන්නේ කවුද?

සාක්ෂිකරු: තොග පාලන නිලධාරී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 ලේඛනයේ 2v28 තීරුවේ 6 හි 2022 සැප්තැම්බර් 30 වෙනිදා වන විට ඖෂධ ඒකක 4500ක් තිබිලා තියෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 ඔක්තෝබර් 30 වෙද්දි 9111ක් තිබිලා. මාසෙකට ඕන 7500යි.

සාක්ෂිකරු: ඔව් නොවැම්බර් අන්තිම වෙද්දි 1500ක් තිබිලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 16557 ඉතිරි වෙලා තිබිලා තියෙනවා නේද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හැම මාසයකම අවසන් දිනයේදී රටේම තියෙන ප්‍රමාණය පෙන්වා දෙනවාද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: බෆර් ස්ටොක් (Buffer stock) ගැන ඇහුවා නේද?

සාක්ෂිකරු: ඒ ගැන මම මොනවත් දන්නේ නැහැ.

(විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා එම ප්‍රශ්නය ගැන විරෝධය පළ කරයි)

නීතිඥ: නැවත ප්‍රශ්න ඇසීමේදී ඔහොම අහන්න එපා. මම ජීවිතේට උසාවියක මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් දැකලා නැහැ.

මෙහිදී සභාපති විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට අවවාද කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන් ගන්න පද්ධතියෙන් ඩ්‍රොප් ඩවුන් (Drop down) කරලා විතරද ගන්න පුළුවන්?

සාක්ෂිකරු: නැහැ, සර්ච් කරන්න පුළුවන්. ෆයින්ඩ් (Find) කියලා බොත්තමක් තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩර් ලිස්ට් එකේ v අකුර කුමක්ද? කවුද එය ක්‍රියේට් කළේ?

සාක්ෂිකරු: ඊවිස් ආයතනය. අපේ ආයතනයේ 2022 දී පමණ මගේ අනෙක් නිලධාරියාගේ ඉල්ලීමකට.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති දේව සුරේන්ද්‍ර මහත්මිය සාක්ෂි දීම සඳහා කැඳවන ලදී.

සාක්ෂිකාරියගෙන් පෙර සාක්ෂි ලබාගෙන තිබුණද ඇය මගින් අධිකරණයට භාරදෙන ලේඛන සාක්ෂි විධිවිධාන පනත ප්‍රකාරව ආරම්භ කර නොමැති බැවින් පෙර සාක්ෂිය සම්පූර්ණයෙන් නොසලකා සාක්ෂිකාරියගෙන් නැවත සාක්ෂි ආරම්භ කිරීමට විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ මොන වර්ෂයේද පත්වීම ලැබුවේ?

සාක්ෂිකරු: 2000 වසරේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෙනත් ආයතනයකත් සේවය කළාද?

සාක්ෂිකරු: නැහැ, සංස්ථාවටමයි ආවේ. ආදායම් අංශයටයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊට අදාළ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

සාක්ෂිකරු: වරලත් ගණකාධිකාරී, වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඒ සුදුසුකම ලබා ගත්තේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ සංස්ථා ආදායම් අංශය තුළ තවත් අංශ තිබේද?

සාක්ෂිකරු: නැහැ, මම මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ගිණුම් අංශය තුළ ඇති තවත් අංශ මොනවාද?

සාක්ෂිකරු: ගෙවීම් අංශය, ඔසුසල මෙහෙයුම්, වැටුප්, ආදායම් ඇතුළු අංශ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ගෙවීම් අංශයේ ප්‍රධාන කාරණය කුමක්ද?

සාක්ෂිකරු: ඖෂධ සංස්ථාවේ සියලු ගෙවීම් අංශයෙන් කරන්නේ. චෙක්පත් මගින් ගෙවීම් කරන එක. ගෙවීම් චෙක්පත් මඟින් ණයවර ලිපි සඳහා ගෙවීම් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මොන ඔපරේෂන් (Operation) සඳහාද?

සාක්ෂිකරු: රජයට බෙහෙත් සපයන ක්‍රියාවලිය සහ විවෘත වෙළඳපොළ සම්බන්ධ ක්‍රියාවලිය සඳහා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ සඳහා මුදල් කොහෙන්ද?

සාක්ෂිකරු: අයවැයෙන් වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය සෘජුවම මහා භාණ්ඩාගාරයෙන් ඔබට දෙනවාද?

සාක්ෂිකරු: 2014 ට පෙර සෘජුවම දුන්නා. දීලා රේඛීය අමාත්‍යාංශය දැනුවත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එක අවස්ථාවක මහා භාණ්ඩාගාරයෙන් ලැබුණ බව කිව්වා නේද?

සාක්ෂිකරු: මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් නිකුත් කරනවා. මහා භාණ්ඩාගාරයෙන් 2023 දක්වා අපේ ගිණුමට මාසිකව මුදල් දැම්මා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා මුදල් කොහෙන්ද?

සාක්ෂිකරු: අපි කිසිම අවස්ථාවක විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා රජයේ මුදල් යොදවන්නේ නැහැ. ඒවාට සංස්ථා ඉපැයීම් යොදවනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන්ට කරන ගෙවීම් ආරම්භ වෙන්නේ කොහොමද? මම අහන්නේ ආනයන කරන ඒවා නෙමෙයි. චෙක්පත්වලින් කරන දේශීය ගෙවීම්.

සාක්ෂිකරු: ප්‍රසම්පාදන අංශය විසින් ගෙවීම් කළ හැකි ඒවා කරන්න කියනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ සඳහා ලිපිගොනු සකසන්නේ කොහේද?

සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් අංශයට අපි හරපතක් දෙනවා. ඒක ඉන්වොයිසියක් හා සමානයි. පසුව බෙදා හැරීමේ අංශයට යවනවා. ඒ සමගම බඩු බෙදා හැරලද කියලා තහවුරු කරගන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත් එකතු කිරීමකදී ගෙවීම් අංශයේ රාජකාරිය කුමක්ද?

සාක්ෂිකරු: අපි ලැබීම් ගිණුම යථාවත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හැම මාසයක් අවසානයේදීම හරපත්වල වටිනාකම ඇතුළත් කරනවාද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත්වලට ගෙවීම් ලැබෙන්නේ වසර අවසානයේද?

සාක්ෂිකරු: නැහැ, වසර පුරාම.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත්වල සියලු වටිනාකම්වලට අනුව සියල්ල ලැබිලාද කියලා බලනවාද?

සාක්ෂිකරු: හැම වෙලේම ලැබිය යුතු ශේෂය වැඩියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊට හේතුව කුමක්ද? ඌණතාවක් පෙන්වනවාද?

සාක්ෂිකරු: ඔව්, ඒක ඉදිරියට යනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: යම් වසරක අලුත් සැපයීම් කරන්නත් සිද්ධ වෙනවාද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දෙද්දී ලැබීම් ගැන කරුණු කිව්වාද?

සාක්ෂිකරු: ලැබිය යුතු ශේෂය ආදිය කිව්වා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වාර්තාවට ඉදිරි වර්ෂයේ ගේන ශේෂය හදලා තියෙනවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සංස්ථාව වෛද්‍ය සැපයීම් කරන්නේ ඉල්ලීම්වලටද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අදාළ වර්ෂයේදී වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලන ඖෂධ ඔක්කොම දෙනවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතුයිනේ. ඒවා කරන්නේ ඔබ ආයතනයෙන්ද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මිලදී ගන්න මුදල් නැත්නම් මොකද කරන්නේ?

සාක්ෂිකරු: බැංකු අයිරා පහසුකම් ලබාගන්නවා. එයට රේඛීය අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබලා එය දැනුම් දෙන්නේ කාටද?

සාක්ෂිකරු: අමාත්‍යාංශ ලේකම්වරයාට, ඒ හරහා අමාත්‍යවරයාට. මුලදී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අයිරා පහසුකම් වැඩි කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. තීරණය අරන් ඇමතිතුමාට යවනවා. ඒ අනුමැතිය මහා භාණ්ඩාගාරයට යවනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලුවම අයිරා පහසුකම් මත හෝ ඔබ එය කරනවා.

සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 වසරේ ආරම්භක ශේෂය වශයෙන් රුපියල් මිලියන 52639ක් තිබිලා. ඒ වසරේ රුපියල් මිලියන 40627ක් සැපයුම් කරලා. එම හරපත් සඳහා රුපියල් මිලියන 41886ක් ඔබට ලැබී තිබෙනවා.

සාක්ෂිකරු: මෙහි ණය ගැති මුදල 52639ක් සමුච්චිත අගය දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු අගයකි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ ලේඛනයේ යටින් ඇති කොටුවේ සඳහන් අගයන් මොනවාද?

සාක්ෂිකරු: ටර්ම් ලෝන් (Term loan) (2017-2018 දී ඇති වූ ඩිපෝසිට් මත ඇති වූ එකක්). කැබිනට් මණ්ඩල තීරණයක් මත ණය මුදලක් බවට පත් කළා. එය වාරිකව ලැබුණේ කොටස් ලෙස ගෙවාගෙන ගියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලෝක බැංකු ආධාරත් ලැබිලා තිබෙනවා. ඒවා අඩු කර තිබෙන්නේ ඇයි?

සාක්ෂිකරු: ලෝක බැංකුවෙන් අපේ සැපයුම්කරුවන්ට ගෙවනවා. ඒ නිසා ඒවාත් ලැබීම් සේ සලකනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022-2023 වසරවලට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකය ඇනවුම්වලට අමතරව සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම් ගැන ගැටලුවක් තිබුණාද?

සාක්ෂිකරු: ගෙවීම් කරන්නේ ලැබෙන මුදල්වලින්. දෙසැම්බර් බැංකු අයිරාව වැඩි කරගෙන තිබුණා. ලැබුණු මුදල වැය කළා.

(8 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසේකර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)

නීතිඥ: රටේ පැවති අර්බුදය සංස්ථාවට බලපෑවේ කොහොමද?

සාක්ෂිකරු: ආනයනය කර සපයන සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවිය යුතුයි. බැංකුවල පවා ඩොලර් තිබුණේ නැහැ.

නීතිඥ: ඩොලර් හිඟය කොපමණ කල් බලපෑවාද?

සාක්ෂිකරු: මාස හතරක් පහක්. අපි විසඳුම් සොයා ගත්තා. අපි ණයවර ලිපි ලියා ඩොලර් ඉල්ලා ගත්තා.

නීතිඥ: කොයි කාලේද?

සාක්ෂිකරු: 2022 මාර්තු, අප්‍රේල් වගේ.

නීතිඥ: එවකට සභාපතිවරයා සරත් ලියනගේ මහතාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඔහු කොපමණ කල් වැඩ කළාද?

සාක්ෂිකරු: අවුරුද්දක් පමණ.

නීතිඥ: ඒ කාලයේ ඔහු හා වැඩ කරද්දී රාජකාරිමය ලිපි ගනුදෙනු වුණාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඔබට ඔහුගේ අත්සන දැකලා පුරුදු ඇති.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 2022 ඔක්තෝබර් 04 දිනැති ලිපියක් තිබෙනවා. එය අත්සන් කර ඇත්තේ කවුද?

සාක්ෂිකරු: එවකට සභාපති සරත් ලියනගේ මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ඇමතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට යැවූ එකක්.

නීතිඥ: ඔය ලියුමේ පළමු ඡේදයේ සඳහන් එය ලියන්නේ සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අපහසුතා ගැන දැනුවත් කිරීමට බව.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: එහි තුන්වන ඡේදයේ සඳහන් ඒ අවස්ථාව වන විට සංස්ථාව මිලියන 16000ක බැංකු අයිරා මත සිටි බව.

සාක්ෂිකරු: ඔව්, ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබා ගත් බැංකු අයිරා දෙකක එකතුව.

නීතිඥ: 2022 අගෝස්තු වන විට බැංකු අයිරාවේ පොලිය පමණක් රුපියල් මිලියන 1668ක් ගෙවිය යුතු බව සඳහන්.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: මෙය ආයතනයට දැරිය නොහැකි වියදමක්.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: මහා භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ප්‍රතිපාදන නොලැබෙන බව කියැවෙනවා. එය පැහැදිලි කරන්න.

සාක්ෂිකරු: අපට රුපියල් මිලියන 45000 දීලා තිබුණා. එයට අදාළව මුදල් ලැබිය යුතු නමුත් මේ ලියුම ලියද්දීත් ලැබිලා නැහැ. මුදල් ලබා ගැනීමේ අරමුණින් ලියුම යැව්වා.

නීතිඥ: 2022 ඔක්තෝබර් 04 වන විටත් එම වසරට ගෙවිය යුතු මුදල ලැබිලා නැහැ.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: රුපියල අවප්‍රමාණය වීමක් ගැන ද එහි සඳහන් වෙන්නේ? ඔබ ඒ ගැන දන්නවාද?

සාක්ෂිකරු: මෙය විදේශ මුදල් හිඟයක් ලෙස අපි දැක්කේ.

නීතිඥ: මේ ලියුමේ 5 වන ඡේදය විස්තර කරන්න.

සාක්ෂිකරු: මෙහි තියෙන්නේ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණයයි.

නීතිඥ: සංස්ථාවට තවදුරටත් ස්මූත් සප්ලයි (Smooth supply) කළ නොහැකියි කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු: බාධාවකින් තොරව සැපයුමක් කළ නොහැකි බවයි.

නීතිඥ: දැන් ඔබ ඉදිරියේ 2023 මාර්තු 16 දින එවකට සභාපතිවරයාගේ අත්සනින් යැවූ ලිපියක් තිබෙනවා. SPC ශීර්ෂය යටතේ තියෙන්නේ. 8v7 ලෙස සඳහන් ලිපියේ දකුණුපස ඉහළ කෙළවරේ අංකයක් තිබෙනවාද?

සාක්ෂිකරු: ගොනුගත කළ අංකය.

නීතිඥ: මූල්‍ය ප්‍රතිපාදන හා මූල්‍යමය තත්ත්වය ගැන ද එහි හෙළි කරන්නේ?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 2022 දෙසැම්බර් 11 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සංස්ථාවට රුපියල් බිලියන 51.3ක හිඟයක් තිබෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඔය ලියුමේ දෙවන ඡේදයේ තිබෙන කරුණු අධිකරණයට කෙටියෙන් පැහැදිලි කරන්න.

සාක්ෂිකරු: මේ පවතින තත්ත්වය හේතුවෙන් ආයතනය ලොස් වෙන්න පුළුවන්. බැංකුවලට රුපියල් බිලියන 40ක් ණයයි. බිලියනයක් කියන්නේ ලක්ෂ දස දහසක්. 2023 මාර්තු වෙද්දි සෑම මසක මිලියන 300ක් පොලී ලෙස ගෙවන්න වුණා. මේ නිසා ආයතනය පාඩු ලබන්න ඉඩ තිබෙනවා.

නීතිඥ: ණයවර ලිපි ගන්න සංස්ථාවට බැරිකමක් තිබුණාද?

සාක්ෂිකරු: බැරිකමක් නැහැ.

(දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම අරඹයි)

නීතිඥ: ඉන්දියානු ණය ආධාර ක්‍රමවේදය දන්නවාද?

සාක්ෂිකරු: ඉන්දියාවේ සිට ආනයනය කරන සැපයුම්කරුවන්ට එම ණය ආධාර ක්‍රමය ඔස්සේ කෙළින්ම ගෙවීම් සිදුවෙයි.

නීතිඥ: දේශීය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවනවාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ප්‍රතිපාදන නැති වුණොත් මොකද කරන්නේ?

සාක්ෂිකරු: මුදල් නැති වුණොත් අමාත්‍යාංශය දැනුවත් කරනවා මුදල් ලබා දෙන්න කියලා. එවිට අමාත්‍යාංශය මැදිහත්ව මුදල් ලබා දෙනවා.

නීතිඥ: මුදල් ගැන ඉහළම තනතුර අමාත්‍යාංශ ලේකම්. සැපයුම්කරුවන්ට ගෙවන්න ඔහුට මැදිහත් විය හැකිද?

සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනි. භාණ්ඩාගාරයෙන් ඉල්ලන්න ලේකම්ට මැදිහත් විය හැකියි.

නීතිඥ: ගෙවන්නේ නැතිව ඉන්න වෙලා තියෙනවාද?

සාක්ෂිකරු: එහෙම කරලා නැහැ.

නඩු විභාගය ජුනි පළමුවැනිදා යළි පැවැත්වේ.

Latest Posts

spot_imgspot_img