Latest Posts

ආනයන මුවාවෙන් ඩොලර් පිටරට යැවූ ජාවාරම: Seylan Bank, Sampath Bank, Union Bank සහ Nations Trust Bank නිලධාරීන්ට ඇප නෑ!

Nations Trust Bank

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික (ඩොලර් මිලියන 1000) දැවැන්ත මූල්‍ය ප්‍රමාණයක් විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනා ලබන මස 3 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම දැවැන්ත මූල්‍ය වංචාවේ තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් බැංකු නිලධාරීන්

ජාවාරම්කරුවන්ට අනුබල දෙමින් බැංකු පද්ධතිය අවභාවිත කළ බවට චෝදනා ලබා සිටින නිලධාරීන් මෙසේය:

  • ශිරාන් මරියෝ පෙරේරා – කළමනාකාර, සෙලාන් බැංකුව (Seylan Bank) බම්බලපිටිය ශාඛාව
  • උමේෂ් රන්දික ප්‍රනාන්දු – සම්පත් බැංකුව (Sampath Bank)
  • ධර්ම ලිංගම් ප්‍රනාන්දු – යූනියන් බැංකුව (Union Bank)
  • අමිල උදාර – නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (Nation Trust Bank)

මහ මොළකරු සහ ක්‍රියාත්මක වූ ආකාරය

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන්නේ ජෙෆ්රි මොහොමඩ් නැමැත්තෙකි. ඔහු ‘Investment Impact Pvt’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, පුද්ගලයින් 8 දෙනෙකුගේ නම් අයුතු ලෙස භාවිත කරමින් ව්‍යාජ සමාගම් 36ක් ලියාපදිංචි කර ඇත.

කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, අදාළ බැංකු නිලධාරීන්ගේ සෘජු සහාය ඇතිව ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය හරහා අවස්ථා 199කදී ඩොලර් බිලියන එකකට අධික මුදලක් පිටරටට යවා තිබේ. බැංකු වෙත සමාගම් හිමිකරුවන් හෝ ලේකම්වරුන් පැමිණ නොමැති අතර, ඩොලර් පිටරට යැවීමේ ඉල්ලුම්පත් පවා පුරවා ඇත්තේ අත්අඩංගුවට පත් බැංකු නිලධාරීන් විසිනි.

මීට අමතරව, අදාළ බැංකු නිලධාරීන් සෑම සිකුරාදා දිනකම ප්‍රධාන සැකකරු හමුවී රුපියල් ලක්ෂ 3, ලක්ෂ 10 ආදී වශයෙන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධීකරණය

ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුදල් සැපයීමේ නිරතව සිට ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ උපයාගත් රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් බැංකුගත කර ඇති බවට කරුණු හෙළිව තිබේ. ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු යොදමින් පවතී.

ජාවාරමට යොදාගත් ව්‍යාජ සමාගම් 36

අධිකරණයට ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව ජාවාරම්කරු විසින් නිර්මාණය කරන ලද අතථ්‍ය/ව්‍යාජ සමාගම් ලැයිස්තුව පහත දැක්වේ:

  1. AY Global Market (Pvt) Ltd
  2. Alan Trade Intranational (Pvt) Ltd
  3. Aspire Solution (Pvt) Ltd
  4. Cotton Legend Trade (Pvt) Ltd
  5. Exacq Technologies (Pvt) Ltd
  6. Faya Intranational (Pvt) Ltd
  7. Flourish Innovetions (Pvt) Ltd
  8. Global Ascend Lanka (Pvt) Ltd
  9. Pinnacle Lanka Global Hardware (Pvt) Ltd
  10. Prime Marcketing Solutions (Pvt) Ltd
  11. Proactive World Wide (Pvt) Ltd
  12. Sima Trading Company (Pvt) Ltd
  13. Sky Hight Cylon (Pvt) Ltd
  14. Supreme Multy Corner (Pvt) Ltd
  15. Target Focus (Pvt) Ltd
  16. Thrade Crafters (Pvt) Ltd
  17. Trumph Lanka (Pvt) Ltd
  18. Weave World (Pvt) Ltd
  19. A 2 World Company (Pvt) Ltd
  20. AY Global Grand Company (Pvt) Ltd
  21. Auto Infinyty Intranational
  22. Blue Wave Entrprises (Pvt) Ltd
  23. Brillaint Lighting Trade (Pvt) Ltd
  24. Dolco Attire (Pvt) Ltd
  25. Fushion Technologies (Pvt) Ltd
  26. Fusion Bynamics (Pvt) Ltd
  27. Inno Lanka (Pvt) Ltd
  28. King Food Lanka (Pvt) Ltd
  29. Mass Solutions Trade Int (Pvt) Ltd
  30. Master Fabric Line Intranational (Pvt) Ltd
  31. My Lanka Astute (Pvt) Ltd
  32. One Asia Hardward (Pvt) Ltd
  33. Renoeation Peak Station (Pvt) Ltd
  34. Richy Attraction (Pvt) Ltd
  35. Smart Fabrics (Pvt) Ltd
  36. Tech Born (Pvt) Ltd

අධිකරණ නියෝගය

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, බැංකු නිලධාරීන් මුදාහැරීමෙන් විමර්ශනවලට බාධා විය හැකි බව පෙන්වා දුන්නේය. මෙම සිදුවීමට අදාළ බැංකුවල ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් තිබේද යන්නත්, බැංකු මගින් ගෙන ඇති අභ්‍යන්තර ක්‍රියාමාර්ග පිළිබඳවත් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හරහා පරීක්ෂණ පවත්වන ලෙසත් නියෝග කෙරිණි.

Latest Posts

spot_imgspot_img