කොළඹ, ඔක්තෝබර් 29
ජනාධිපති ධූරය දැරූ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (ඔක්තෝබර් 29) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ නඩුව කැඳවූ අතර, එහිදී වැඩිදුර විමර්ශන වාර්තා කැඳවීමට නියෝග කරමින් නඩුව 2026 ජනවාරි මස 28 වැනිදා පස්වරු 02:00 දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

නඩුවේ මූලික චෝදනාව
මෙම නඩුවට පාදක වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ධුර කාලය තුළ, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය බලා ගොස්, ඒ සඳහා රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද චෝදනාවයි.
අධිකරණයේදී දෙපාර්ශවය අතර ඇති වූ සංවාදය

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සහ සැකකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අතර පහත සංවාදය ඇති විය.
මහෙස්ත්‍රාත් ඉසුරූ නෙත්තිකුමාර මහතා: “හෘදයේ නාල වල අවහිරතාවයන් පිළිබද පරීක්‍ෂණ කළේ කොයි කාලේද? ඇප ගැනීමට පෙරද? පසුවද?”
ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා: “ඇප ගැනීමට පෙර, 2018 වසරේදී පමණ.”
ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ, තම සේවාදායකයා එංගලන්තයේ ‘වුල් හැම්ප්ටන්’ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගියාද? කියා සෙවීමට අවශ්‍ය නම් පොලිස් නිලධාරීන්ට එහි ගොස් විමර්ශන කිරීමට හැකියාව ඇති බවයි.

වෛද්‍ය වාර්තා සහ ඇප නියෝගය සම්බන්ධ තීරණ
කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුට ලබාදී ඇති ඇප අවලංගු කරන ලෙස පැමිණිල්ල (රජයේ නීතිඥවරු) විසින් ඉල්ලා සිටිය ද, එම ඇප නියෝගය කලින් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මේ අවස්ථාවේදී ඒ පිළිබඳ යළි සළකා බැලීමට අවශ්‍ය වන්නේ නැතැයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, සැකකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන්ගේ වාර්තාවල නිවැරදිතාවයන් පිළිබඳව වාර්තා කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.
එංගලන්ත සංචාරයේ නිල තත්ත්වය සහ විමර්ශන ප්‍රගතිය
නඩුවේ ප්‍රධාන කාරණය වන එංගලන්ත සංචාරය නිල සංචාරයක් ද පෞද්ගලික සංචාරයක් ද යන්න පිළිබඳව ද කඩිනමින් විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කෙරිණි.
මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට (CID) නියම කළේ, විමර්ශණ කඩිනමින් අවසන් කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගතයුතු සැකකරුවන් සිටීනම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඉදිරි නඩු දිනය සහ නියෝජනය
සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සඳහා පැමිණිල්ල ලබන 2026 ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියම කරන ලදී.
- පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ විශ්ව විජේසුරිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහත්වරු සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා පෙනී සිටියේය. රහස් පොලිසියේ අධ්‍යක්‍ෂක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පෙනී සිටියහ.
- සැකකරු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා සහ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.

පිළිතුරු ලබාදීමේ අයිතිය
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

