Sunday, March 15, 2026
spot_img

Latest Posts

‘ෂෙයිලොක්ලා යථාර්ථය පිළි අරන්’- විදුලිබල ඇමති

By Bingun Menaka Gamage

වැනීසියේ වෙළෙන්ඳා මෙන් හදවත ළඟින් ම මස් රාත්තල ඉල්ලා වර්ජනයට ගිය විදුලි වෘත්තිය සමිති යථාර්ථය අවබෝධ කරගෙන ඇතැයි බලශක්ති ඇමති කුමාර ජයකොඩි විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

ඇමතිවරයා මේ ප්‍රකාශය නිකුත් කළේ, විදුලි සේවක වර්ජනය අවසන් කිරීමෙන් පසුව ය.

ඇතැම් පෙදෙස්වල විදුලිය බිඳ වැටීම් හමුවේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වීම කණගාටුදායක නමුත් යථාර්ථය පිළිගෙන එම වෘත්තිය සමිති වර්ජන තර්ජන නවතා නැවත සේවයට වාර්තා කිරීම සතුටට කරුණක් යැයි ද ඇමතිවරයා සඳහන් කළේ ය.

සේවක අයිතිවාසිකම් රැකීම කෙරෙහි ඉතිහාසයේ කෙදිනකවත් නොතිබූ ඕනෑකමක් ඇති වැඩ කරන ජනතාවගේ රජයක් හැටියට ඉදිරියටත් සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර බලශක්ති දියුණුවේ ප්‍රතිලාභ රටටත් ජනතාවටත් ලබා දෙන්නේ යැයි ද ඇමතිවරයා කීය.

විදුලිබල ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය ජාතික ජනබලවේගයේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුවෙමින් ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Mawbima

Latest Posts

spot_imgspot_img