[විමර්ශනාත්මක පූර්ව සටහන]
"ක්‍රම වෙනසක්" අපේක්ෂා කළ රටක, ස්වාධීන ආයතනවල ඉහළම තනතුරු පෞද්ගලික පළිගැනීම් සඳහා බිලිදෙන ආකාරය අතිශය කණගාටුදායකය. විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති කාර්යාලය සහ ව්‍යවස්ථාදායක සභාව අතර ඇති වී තිබෙන "කඹ ඇදීම" පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය 'හරි දේශය' මෙසේ අනාවරණය කරයි.
රාජ්‍ය මූල්‍ය විනය රකින මුරදේවතා වන විගණකාධිපති ධුරය, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වාධීනත්වයේ සංකේතයකි. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සන්දර්භය තුළ මෙම ධුරය පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය, හුදු පරිපාලනමය ප්‍රමාදයක් ලෙස බැහැර කළ නොහැක. එය පිටුපස ඇති පෞද්ගලික පළිගැනීම්, දේශපාලන උපායමාර්ග සහ 'අදෘශ්‍යමාන හස්තයන්හි' ක්‍රියාකාරීත්වය පිළිබඳව 'හරි දේශය' සිදුකරන විශේෂ විමර්ශනයකි මේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ මුරදේවතා වන විගණකාධිපති ධුරය පිරවීම සම්බන්ධයෙන් මේ වන විට හටගෙන ඇත්තේ අමුතුම ආකාරයේ අර්බුදයකි. මෙහි ඇති විශේෂත්වය නම්, ජනාධිපතිවරයා විසින් සුදුසුකම් සහිත පුද්ගලයාට එම තනතුර නොදී සිටීම සඳහා එකකට පසු එකක් ලෙස ‘නුසුදුසු‘ නම් යෝජනා කරමින් කල් මැරීමයි.
ධර්මපාල ගම්මන්පිලට වැට බඳින ‘අධ්‍යාපනික’ සහ ‘මිලිටරි’ තුරුම්පු
හිටපු වැඩබැලූ විගණකාධිපති ගම්මන්පිල මහතා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත්, ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වුවද, ව්‍යවස්ථාදායක සභාවේ යෝජනාවද පසෙකට කරමින් ඔහුව ස්ථිර කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයා පියවර ගැනීම මේ වනවිට නොදන්නා කෙනෙකු නැත.
- පළමු උත්සාහය වූයේ විනය චෝදනාවක් සහිත වූ නියෝජ්‍ය විගණකාධිපතිවරියක් වූ ජයසිංහ මහත්මියගේ නම යෝජනා කර එවීමයි. ව්‍යවස්ථාදායක සභාව ඇය සම්බන්ධ චෝදනා කිහිපයක් පෙන්වාදෙමින් සහ ස්ථිර වශයෙන් මෙම පත්වීම සිදුකළ යුතු බව පවසමින් එය ප්‍රතික්ෂේප කරන ලද අතර අනතුරුව ජනාධිපතිවරයාගේ තුරුම්පුව වූයේ හමුදාවේ විගණන අංශයේ සේවය කළ ඔ.ආර්. රාජසිංහ නැමති හමුදා නිලධාරියෙකුගේ නමක් යෝජනා කිරීම. (මෙය ව්‍යවස්ථාදායක සභාව විසින් සෘජුවම ප්‍රතික්ෂේප කළේ ස්වාධීන විගණනයට මිලිටරි මැදිහත්වීමක් නුසුදුසු බැවිනි).
- ඉදිරි සතියේදී සිදුකිරීමට නියමිත මීළඟ උත්සාහය ගැන ඉඟිය වන්නේ: වෘත්තීය විගණන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නොමැති, විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන අනුර වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට සූදානම් වීම.
මෙහි පැහැදිලි අරමුණ වන්නේ, විගණන සේවයේ (Closed Service) වෘත්තීයවේදියෙකුට හිමි විය යුතු තනතුරට බාහිරින් පුද්ගලයන් ගෙනවිත්, ගම්මන්පිල මහතා ඉන් බැහැර කිරීමයි.
විගණකාධිපති ධූරයෙන් ගම්මන්පිල ඉවත් කිරීමේ පසුපස සිටින කොලීජියේ සිසුවෙකු වූ අතිරේක ලේකම්
මීට පෙර අවස්ථාවක ජනාධිපතිවරයා විසින්ම ගම්මන්පිල මහතාගේ සේවා දිගුව නිර්දේශ කර යවන ලිපිගොනුවට, දළදා මාලිගාවේ ටිකට්පත් 6ක් ලබාගත් බවට වන “අපහාසාත්මක සටහනක්” ඇමිණුවේ කවුද? මෙය ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ මහතාගේ සූක්ෂ්ම ක්‍රියාවක් බව එකගල මාධ්‍ය වාර්තාවන්හි පළ විය. 2022 වසරේදී රේගු විගණන අධිකාරීවරයෙකු ලෙස ධර්මපාල මහතාට සමගාමීව හෝ පහළින් සේවය කළ කුමාරසිංහ මහතා තුළ පවතින “වෘත්තීය ඊර්ෂ්‍යාව” සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති සගයෙකු වන විජිත හේරත් අමාත්‍යවරයාගේ දේශපාලන රැකවරණය මෙම “ටෝර්පිඩෝ” මෙහෙයුමට පදනම වී ඇතැයි එකී මාධ්‍ය වාර්තාවන් මගින් විමර්ශනය කර තිබුණි.
දළදා මාලිගාවේ ටිකට්පත් සහ ‘සෙල්ෆ්-සැබොටේජ්‘ (Self-sabotage)
මෙම පත්වීම වටා ඇති අතිශය සැකසහිත සිදුවීම වන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශය සමඟ අමුණා තිබූ ‘රහස් සටහනයි’. වැඩබලන විගණකාධිපතිවරයා දළදා පෙරහැර නැරඹීම සඳහා රාජ්‍ය බැංකුවකින් ටිකට්පත් හයක් ලබාගත් බවට වන චෝදනාවක් එහි ඇතුළත් විය.

තමන් විසින්ම සේවා දිගුවක් නිර්දේශ කරන අතරතුර, එම පුද්ගලයාටම පහර වැදෙන ආකාරයේ ලියවිල්ලක් ඊට ඇමිණීම රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ දැකිය හැකි විහිළු සහගතම සිදුවීමකි. මෙය ජනාධිපතිවරයාගේ අනුදැනුම මත සිදුවූවක්ද, නැතහොත් ඔහුගේ කාර්යාලය තුළ සිටින ‘අදෘශ්‍යමාන හස්තයක්’ විසින් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කිරීමට කළ උපායක්ද යන්න බරපතළ ප්‍රශ්නයකි.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ‘පැරණි අරියාදුව’
අපගේ විමර්ශනවලදී හෙළිවන පරිදි, මෙම ගැටලුව පිටුපස අතීත පෞද්ගලික සබඳතා සහ වෘත්තීය ඊර්ෂ්‍යාවන් ගැබ්ව ඇත.
- වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත්,
- ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ,
- වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල,
යන තිදෙනාම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුන්ය. කුමාරසිංහ සහ විජිත හේරත් එකම පන්තියේ මිතුරන් වන අතර ධර්මපාල ඔවුන්ට වසරක් කනිෂ්ඨ සිසුවෙකි. 1995 වසරේ සිට විගණන ක්ෂේත්‍රයේදී ධර්මපාල මහතා යටතේ හෝ ඔහුට සමාන්තරව සේවය කළ කුමාරසිංහ මහතා, වර්තමානයේ ජනාධිපති කාර්යාලයේ බලගතු තනතුරක් දරමින් තම පැරණි වෘත්තීය ප්‍රතිවාදියාගෙන් පළිගනිමින් සිටින්නේ දැයි සැකයක් මතුවේ.
කැබිනට් ප්‍රකාශකගේ ප්‍රකාශය සහ ඇත්ත තත්ත්වය
පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යනලින්ද ජයතිස්සමහතා ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාගේ නිර්දේශ කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කරන බවයි. අමාත්‍යවරයා අඩ නින්දෙන් නැගිට්ටා සේ පවසන එම කතාවේ නමුත් සැබෑ තත්ත්වය වන්නේ:
- ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා සිටින්නේ “ස්ථිර පත්වීමක්” මිස තවදුරටත් “වැඩබලන පත්වීම්” නොවන බවයි.
- ජනාධිපතිවරයා යෝජනා කරන නම්වල ඇති වෘත්තීය නුසුදුසුකම් ගැන සභාව කරුණු දක්වා ඇත.
ඒ අනුව කැබිනට් ප්‍රකාශකවරයා ජනතාව හමුවේ පවසන කරුණු සහ ව්‍යවස්ථාදායක සභාවේ ස්ථාවරය අතර පවතින මෙම පරස්පරතාවයෙන් පෙනී යන්නේ, රජය විසින් සිතාමතාම ජනතාව නොමඟ යවන බවයි.
පැලවත්ත සහ ජනාධිපති කාර්යාලය අතර ඝට්ටනය
ජාතික ජන බලවේගයේ ‘පැලවත්ත’ මූලස්ථානයේ ක්‍රියාකාරීන් මෙම තත්ත්වය දකින්නේ පක්ෂයේ ප්‍රතිරූපයට සිදුවන දැවැන්ත හානියක් ලෙසයි. ජනතාව බලාපොරොත්තු වූ “ක්‍රම වෙනස” වෙනුවට, නායකයා වටා සිටින ගජමිතුරන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වීම ගැන පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
ඇයි 2026 ජනවාරි?
වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය 2026 ජනවාරි මස 04 වැනිදායින් අවසන් වේ. විශ්ලේෂකයින් පවසන රජයේ උපක්‍රමය වන්නේ එතෙක් විවිධ ‘නුසුදුසු‘ නම් යෝජනා කරමින් කල් මරා, පසුව තමන්ට අවනත නව සභාවක් පත්කරගෙන, තමන්ගේ හිතවතෙකු (ගජමිතුරෙකු) විගණකාධිපති ධුරයට පත් කර ගැනීමයි.
අවසාන නිගමනය:



