Friday, December 19, 2025
spot_img

Latest Posts

“මෙම ක්‍රියාව රටට සිදු කළ දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේද?” – සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පිළිතුරු ලිපියක්!

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පත්කිරීම සම්බන්ධයෙන් ‘හරි දේශය’ වෙබ් අඩවිය පළ කළ ප්‍රවෘත්ති වාර්තාවට අදාළව, ඔහු විසින් එවන ලද පිළිතුරු ලිපියක් මෙහි දැක්වේ.  

ඔහු සිය ලිපිය මගින් කියා සිටින්නේ, හරි දේශය විසින් 2025 නොවැම්බර් 13 සහ 17 යන දිනවල පළ කරන ලද තොරතුරු ඒකපාර්ශ්වික, සාවද්‍ය සහ ද්වේෂ සහගත බවයි. ඔහු තම පාර්ශ්වයේ කරුණු දැක්වීම සිදු කරමින්, මෙම සාවද්‍ය ප්‍රවෘත්ති ඉවත් නොකළහොත් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවටද අනතුරු අඟවා තිබේ.  

හරි දේශය වෙබ් අඩවිය හරහා තවත් පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයාට මූලිකම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුයැයි පිළිගනිමින්, ඔහුගේ ලිපිය පහතින් පළකරන්නෙමු.

අපගේ විමර්ශනාත්මක මාධ්‍ය මෙහෙවර තුළ නීතිමය පියවර ගැනීම් දෙස බලා මාධ්‍ය වාර්තාකරණයන් හකුලා ගැනීම් සිදු නොකරන බවද දැනුම් දෙමු.

📃 කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ලිපියේ සාරාංශගත සටහන

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ, ඔහු සිවිල් ගුවන්සේවා අධිකාරියට පත් වූයේ නිසි ක්‍රමවේදයන් යටතේ සුදුසුකම් පරික්ෂා කර සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා බවත්, වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධුරය කැබිනට් අනුමැතියෙන් පත් කර ඇති බවත්ය.  

තවද, මෙතෙක් ඉතිහාසයේ අධ්‍යාපනික සහ වෘත්තීමය වශයෙන් ඉහළතම සුදුසුකම් ලද ගුවන් යානා පියාසර කරවීමේ (Airbus Ratings) ප්‍රායෝගික යෝග්‍යතාවයන් තමා සතු බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද තම සුදුසුකම් සනාථ කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය හරහා පළ කිරීමෙන් රටට හානි සිදුවන බවත්, මෙම ක්‍රියාව රටට සිදු කළ දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේදැයි ප්‍රශ්න කරන බවත්ය

ඔහුගේ ලිපිය අවසාන කරමින්, පලකළ තොරතුරුවල සඳහන් සියලුම සුදුසුකම් පිළිබඳව තමන් වෙත හෝ තොරතුරු වාර්තා කළ තැනැත්තෙකුට අධිකාරියට පැමිණ සෘජුවම පරික්ෂා කිරීමට හැකි බව ද සඳහන් කරමින්, මෙම ප්‍රවෘත්තිය නිවැරදි කර පලකරන ලෙස ඉල්ලා සිටියි.

සම්පූර්ණ ලිපිය පහතින්…

සබැඳි පුවත්

Latest Posts

spot_imgspot_img