රාජ්ය ආයතනවල නීතිය හා සාධාරණත්වය සුරකින්නට පෙනී සිටිමින්, විවිධ නඩු විභාග සහ පරීක්ෂණ හමුවේ ‘අතිශය පිරිසිදු, සදාචාර සම්පන්න’ චරිත සේ පෙනී සිටි ඇතැම් නිලධාරීන්ගේ සැබෑ තරම හෙළිදරව් කරමින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවෙන් දැවැන්ත දූෂණ වංචාවක් කරළියට පැමිණ තිබේ.
සංස්ථාවේ නීති අංශයේ නීති නිලධාරී (I) ධුරය හොබවන එස්.ඒ.එන්.කේ. කරුණාරත්න හෙවත් නයනා කුමාරි කරුණාරත්න නමැති නිලධාරිනියගේ වැඩ වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සංස්ථා සභාපතිවරයා නියෝග කර ඇත.
කුමක්ද මේ ඉන්ධනහල් මගඩිය?
මෙම ආන්දෝලනාත්මක පියවරට මුල් වී ඇත්තේ බේරුවල ධීවර වරායේ ඉන්ධනහල මාසික කුලී පදනම මත බදුදීමේ ලංසු කැඳවීමේ ක්රියාවලියේදී සිදු වූ බරපතළ ගණයේ අක්රමිකතාවකි.

සංස්ථාවේ ප්රධාන අභ්යන්තර විගණකවරයාගේ වාර්තාවලින් අනාවරණය වූ කරුණු මත පදනම්ව සිදු කළ මූලික විමර්ශනයෙන් පසුව, අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව විධිමත් විනය පරීක්ෂණයකට යටත්ව මෙම වැඩ තහනම ක්රියාත්මක කර තිබේ.
චෝදනා පත්රය: රාජ්ය මුදල් හා දේපළ සාවද්ය පරිහරණය!
නීතිය දන්නා බව කියන මෙම නිලධාරිනියට එරෙහිව ආයතන සංග්රහය යටතේ එල්ල වී ඇත්තේ සාමාන්ය පරිපාලනමය දෝෂ නොවේ. ආයතන සංග්රහයේ II කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 31:1:08, 31:1:09, 31:1:10 සහ 31:1:12 වගන්ති යටතට ගැනෙන විෂමාචාර ක්රියා ඇය විසින් සිදු කර ඇති බවට නිල ලේඛන මගින් තහවුරු වේ.

වඩාත්ම බරපතළ කාරණය වන්නේ, 31:11:2 වගන්තිය යටතේ ගැනෙන “බරපතළ ගණයේ සැලකිය හැකි රජයේ මුදල් හා දේපළ සාවද්ය පරිහරණයට යෙදවීම, ඊට ඉඩහැරීම හෝ අනවධානයෙන්/අවධානයෙන් ඒවා විනාශ වීමට හෝ වටිනාකම අඩුවීමට ඉඩහැරීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමයි.
චෝදනාවල පවතින බරපතළ ස්වභාවය නිසාම, වැඩ තහනම් කර සිටින කාලය තුළ ඇයට කිසිදු වැටුපක් නොගෙවීමට ද සංස්ථා පාලනාධිකාරිය තීරණය කර ඇත.
මුරපද උදුරා කාර්යාල තහනම් කරයි: සාක්ෂි වෙනස් කිරීමට ඉඩ අහුරයි!
විමර්ශන කටයුතුවලට බාධා පැමිණවීම හෝ ලේඛන වෙනස් කිරීම වැළැක්වීම අරමුණු කරගනිමින් පාලනාධිකාරිය දැඩි පියවර ගෙන තිබේ:
- නීති අංශයේ පරිගණක මුරපද (passwords), සේවා හැඳුනුම්පත, මුදල්, භාණ්ඩ සහ සියලුම ලිපිගොනු වහාම භාර දෙන ලෙස ඇයට නියෝග කර ඇත.
- සභාපතිවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව සංස්ථා ප්රධාන කාර්යාලය ඇතුළු දිවයිනේ කිසිදු ධීවර වරාය පරිශ්රයකට හෝ වැඩබිමකට පය නොතබන ලෙසට ඇයට නියෝග නිකුත් කර තිබේ.
- ඇය ආයතනයට ඇතුළු වීම වළක්වන ලෙස ආරක්ෂක අංශ වෙත ද ලිඛිතව උපදෙස් ලබා දී ඇත.
HariDeshaya විශේෂ විග්රහය: ‘සුදන’ වෙස්මුහුණ පිටුපස සැබෑ ස්වරූපය
රාජ්ය ආයතනයක නීතිමය භාරකාරත්වය දරමින්, ආයතනයේ විනය රැකිය යුතු ප්රධාන නීති නිලධාරිනියක වන නයනා කුමාරි කරුණාරත්න මෙලෙස රජයේ මුදල් හා දේපළ සාවද්ය ලෙස පරිහරණය කිරීමේ බරපතළ චෝදනාවකට ලක්වීම සමස්ත රාජ්ය සේවයටම එල්ල වූ බලවත් පහරකි.
අධිකරණ හෝ පරීක්ෂණ හමුවේ අන් අයට එරෙහිව ඇඟිලි දිගු කරමින් ‘සුදනා’ චරිත රඟදැක්වූ පුද්ගලයන්ගේ ඇතුළාන්තය කෙතරම් ගැටලු සහගතද යන්න මෙම නිල විනය ක්රියාමාර්ගය මගින් මනාව හෙළිදරව් වේ. අනෙක් අයගේ විනය ගැන කතා කිරීමට පෙර, තමන් සේවය කරන ආයතනයේම ටෙන්ඩර් ක්රියාවලීන් හා මහජන දේපළ සම්බන්ධයෙන් මෙවැනි බරපතළ චෝදනා පත්රයක් අතට ගෙන වැටුප් පවා අහිමි කරගැනීමට සිදුවීම තුළින්, ඔවුන් මෙතෙක් සමාජය ඉදිරියේ මවාපෑ සදාචාරාත්මක ප්රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.
මෙවන් බරපතළ මූල්ය අවභාවිත චෝදනාවලට ලක්ව වැඩ තහනමට ලක් වූ අයෙකු නීතිය, යුක්තිය හෝ සත්යය වෙනුවෙන් පෙනී සිටීමට දක්වන විශ්වාසනීයත්වය සහ සදාචාරාත්මක සුදුසුකම කුමක්ද යන්න අද වන විට බරපතළ ලෙස ප්රශ්න කෙරෙමින් පවතී.



