Latest Posts

The Substandard Medicine Case: “How the Prosecution’s Evidence Crumbled”


Exposing the Weaknesses of the Prosecution’s Evidence-Gathering in a Publicly Funded Trial

The trial concerning the procurement of substandard medicines, heard before the Colombo Permanent High Court at Bar on June 4, 2026, marks a watershed moment in Sri Lanka’s healthcare and legal systems. Conducted at an immense cost to the public through a special High Court, this trial addresses a severe threat to public health. However, during the fourth day of the trial, the testimony provided by Senior Assistant Government Analyst E.M.D.T.E. Udugamuwa and the subsequent cross-examination by Defense Counsel Priyantha Nawana exposed multiple serious and astonishing flaws in the prosecution’s evidence-gathering process.

Based on the court proceedings of the day, this article analyzes the critical failures in the prosecution’s investigations and compilation of evidence.

  1. Issues Regarding the Preliminary Preparation and Accountability of Expert Committees
    Courts appoint expert committees with the expectation of a thorough, independent, and comprehensive investigation. However, the responses from the Government Analyst official regarding his preliminary preparation before investigating the Medical Supplies Division (MSD)—the very heart of the national healthcare system—were staggering.

Defense Counsel Priyantha Nawana:

“You visited the Medical Supplies Division. Did you conduct any preliminary research about the division before your visit?”
Witness E.M.D.T.E. Udugamuwa:

“No.”

Counsel Priyantha Nawana:

“Did you discuss the matter as a committee prior to your visit?”
Witness:

“No.”

Counsel Priyantha Nawana:

“When you went there, were you unaware of who the Director of the Medical Supplies Division was?”
Witness: “

No, I did not know.”

It is a massive blow to the credibility of the prosecution’s evidence when a lead investigator, in a highly expensive state-funded trial, initiates an investigation without basic knowledge of the institutional structure or the key personnel of the entity under scrutiny.

  1. Delegating Judicial Responsibilities to External Parties

  2. One of the most severe revelations during the trial was that the answers to crucial questions (Questions 6, 7, 8, and 9) posed by the Maligakanda Magistrate were provided by an external party—Nalaka Ranasinghe, an individual connected to the EWIS company—who was not a member of the appointed committee.

Counsel Priyantha Nawana:

“The answers to questions 6, 7, 8, and 9 in the fifth paragraph were provided by a person named Nalaka Ranasinghe. Can you bypass the Magistrate’s orders and allow a non-committee member to answer four crucial questions posed by the Magistrate?”

Witness

E.M.D.T.E. Udugamuwa: “I prepared the report by including the facts they provided.”

Counsel Priyantha Nawana:

“Do you admit that a non-member of the committee provided the answers to questions 6, 7, 8, and 9?”


Witness:

“Yes.”

When a court-appointed committee irresponsibly incorporates data from an external corporate entity into its report, it severely compromises the legal accuracy and impartiality of that data. Filing indictments based on such legally fragile committee reports creates a glaring loophole that invariably favors the defense.

  1. Breakdown of the Chain of Custody and the Physical Integrity of Productions
    In any criminal trial, securing case productions (sealing) and ensuring an unbroken Chain of Custody until the items are presented to the court is a fundamental responsibility of the prosecution. Yet, Witness Udugamuwa’s own admission confirmed that this critical procedure was completely violated during the acquisition of digital equipment, including the computer server.

Counsel Priyantha Nawana:

“The computer taken from their custody was not sealed with official seals?”


Witness E.M.D.T.E. Udugamuwa:

“From that point onwards, the police handled it.”

Counsel Priyantha Nawana:

“Who sealed it when it was seized from the Medical Supplies Division?”


Witness:

“We did not see. But when it was brought to us, the Criminal Investigation Department (CID) had sealed it.”

Furthermore, oversights such as typographical errors in the hard disk serial numbers (recording 61060-0462 instead of 61060-442) raise reasonable doubts regarding the exact identity and physical integrity of the productions. An expert witness stating, “We did not see it, we assume it was done legally,” presents an exceptionally weak legal position before a High Court.

  1. Unsuccessful Interventions by the Prosecution and the Stance of the Bench
    While Counsel Nawana was cross-examining the witness using reports prepared by the stock control officers of the MSD, Deputy Solicitor General (DSG) Lakmini Girihagama, appearing for the prosecution, attempted to raise an objection.

DSG Lakmini Girihagama:

“The prosecution objects at this stage, as this witness, being an expert witness, does not possess data regarding a report prepared by stock control officers during their routine duties.”


The Bench: “Since this document has been marked, the witness can testify according to his knowledge.”

The fact that the judicial bench overruled the prosecution’s objection regarding their own witness indicates that the data and documents in question are deemed essential to the trial. Additionally, technical glitches encountered in the courtroom while presenting digital evidence (the CD marked P. 297) further reflect the prosecution’s lack of pre-trial preparation. It was precisely due to this technical failure that DSG Girihagama was compelled to request the court to secure a backup copy.

Conclusion
It is the collective expectation of the nation to see the law strictly enforced regarding the “substandard medicine procurement” scam, which plunged the entire public healthcare system into crisis and cost billions in taxpayers’ money. Uncovering the true perpetrators is the absolute responsibility of the prosecution. The State incurs massive financial costs to maintain these Special Trials-at-Bar.

Despite this, responsible state apparatuses such as the Criminal Investigation Department and the Government Analyst’s Department have severely weakened the prosecution’s case by:

Failing to adhere to proper protocols (Chain of Custody) when seizing and handling case productions.

Delegating judicial responsibilities entrusted to a specific committee to unauthorized external parties.

Initiating critical investigations without conducting preliminary foundational research.

Defense Counsel Priyantha Nawana, a skilled attorney, is effortlessly exposing these legal loopholes precisely because of the professional negligence exhibited by the investigating officers. The proceedings of this trial day serve as clear proof that if justice is to be adequately served, the prosecution’s investigative and evidentiary processes must be executed with a significantly higher degree of transparency, technical precision, and professional accountability.

බාල ඖෂධ මිලදී ගැනීමේ නඩුව:
2026/06/04, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාගය

 

බාල ඖෂධ මිලදී ගැනීම පිළිබඳ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ, සාක්ෂි දීම සඳහා සිව්වන දිනටත් පෙනී සිටි සැකකටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව මහතාගෙන්, 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න ඇසීම

නීතිඥ: මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය ඔබ වෙත එවූ ප්‍රශ්නාවලිය මට පෙන්විය හැකිද? (නීතිඥවරයා එම ලිපිය ලබාගෙන පරීක්ෂා කරයි)

නීතිඥ: මෙය ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වශයෙන් ඔබට පෞද්ගලිකව කර ඇති ඉල්ලීමක්. ඔබ වසර කීයක් සේවය කර තිබෙනවාද?

සාක්ෂිකරු: වසර දහයක්.

නීතිඥ: එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ පසු ඒ ගැන සලකා බලා කටයුතු කරන්නේ කෙසේද?

සාක්ෂිකරු: විශ්ලේෂණ වර්ගය අනුව අදාළ විද්‍යාගාරයට යවනවා. රස පරීක්ෂකවරයා විසින් නම් කිරීමක් කරන්නේ නැහැ.

නීතිඥ: දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් වූ විට අදාළ විෂයට නිපුණතා ඇති නිලධාරියා නම් කරනවා නේද?

සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

නීතිඥ: මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය ඔබගෙන්ම මේ ඉල්ලීම කරලා තියෙන්නේ ඇයි? එවකට ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු: ජේ. ආර්. එම්. ජයසුන්දර මහතා.

නීතිඥ: මීට වසරකට පෙර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා. එතකොට ඔබ මේ ධුරාවලියේ සිටියේ කොතැනද?

සාක්ෂිකරු: ඒ වන විට හත්වන ස්ථානයේ.

නීතිඥ: ඉහළම තනතුරට එන්න අවුරුදු විසි පහක් විතර යනවා. 2024 වන විට ධුරාවලියේ 7 වන තැන සිටි, සේවා කාලය වසර අටක් වූ ඔබට පෞද්ගලිකව එම ප්‍රශ්නාවලිය එව්වේ ඇයි?

සාක්ෂිකරු: ඊට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය විශේෂඥ කමිටුවකට කෙනෙක් නම් කරන ලෙස කළ නියෝගයක් අනුව ජයසුන්දර මහතා මා නම් කර තිබුණා. මා වෙත පෞද්ගලිකව එව්වේ ඒ නිසා විය යුතුයි. (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය එම ප්‍රශ්නය පිළිබඳ විරෝධය පළ කරයි)

නීතිඥ: මෙම කමිටුව පත් කළේ මහේස්ත්‍රාත්තුමියද?

සාක්ෂිකරු: මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

නීතිඥ: එම පත්කිරීමෙන් පසු කරුණු නවයක් ගැන ඉල්ලීමක් කර තිබුණා. එහි ඔබ විසින් වාර්තා කළ යුතු කරුණු ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් ඉල්ලා තිබුණා නේද?

සාක්ෂිකරු: එසේය ස්වාමීනි.

නීතිඥ: ඔබ වෛද්‍ය සැපයුම් අංශයට ගියා. යන්න පෙර හොයලා බැලුවද එම අංශය ගැන?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

නීතිඥ: එහි යන්න පෙර කමිටුවක් ලෙස සාකච්ඡා කළාද?

සාක්ෂිකරු: නැත ස්වාමීනි.

නීතිඥ: 2024 මාර්තු 14 වැනිදා වෛද්‍ය සැපයුම් අංශයට යන විට කමිටුව මේ ගැන මූලික අවබෝධයක් අරගෙනද ගියේ?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකය අයත් වන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් බව දන්නවද?

සාක්ෂිකරු: දැන සිටියා. නමුත් ඔහුගේ සේවා ධාරිතාව දැන සිටියේ නැහැ.

නීතිඥ: ඔබ දන්නවාද වෛද්‍ය සැපයුම් අංශය භාරව යම් නිශ්චිත අධ්‍යක්ෂවරයෙක් සිටින බව?

සාක්ෂිකරු: දන්නවා. නමුත් ඔහුගේ ධුරාවලිය දැන සිටියේ නැහැ ස්වාමීනි.

නීතිඥ: 2024 මාර්තු වන විට වෛද්‍ය සැපයුම් ඒකකය භාරව වැඩ බලන අධ්‍යක්ෂවරයෙක් සිටි බව දන්නවද?

සාක්ෂිකරු: ආයතන ප්‍රධානියෙක් සිටින බව දැන සිටියත්, ඔහු කවුද යන්න පෙර දැන සිටියේ නැහැ. මා ලියූ ලියුමකට වැඩ බලන අධ්‍යක්ෂගෙන් පිළිතුරු ලද නිසා පසුව දැනගත්තා.

නීතිඥ: පැ. 297 හදන විටත් ඔබ වෛද්‍ය සැපයුම් ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ ගැන නොදන්නා බවද කියන්නේ?

සාක්ෂිකරු: මගේ වාර්තාව 2024 මාර්තු 14 ස්වාමීනි.

නීතිඥ: ඔබ යද්දි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ ගැන දන්නේ නැද්ද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයට ගිහින් කවුද සම්බන්ධ කර ගත්තේ?

සාක්ෂිකරු: 2024/03/14 දින කමිටුවක් ලෙස එහි යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවෙන්, අපි එහි යන විටත් අදාළ ආයතන ප්‍රධානීන් හරහා අවශ්‍ය පහසුකම් සලස්වා තිබුණා. මේ නිසා කිසිවෙකු හමුවුණේ නැහැ.

නීතිඥ: ඒ වන විට පරිගණක අංශය භාර නිලධාරීන් ඉන්නා බව දැන සිටියාද?

සාක්ෂිකරු: නිලධාරීන් සිටිය යුතු බව දැන සිටියා ස්වාමීනි.

නීතිඥ: ඔවුන් හා සාකච්ඡා කර තොරතුරු සොයා බැලුවාද?

සාක්ෂිකරු: කමිටු සාමාජිකයන්ට වෛද්‍ය සැපයුම් අංශයේ සම්බන්ධ කරගත යුතු අය දන්වා තිබුණා.

නීතිඥ: එහි තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ සන්දරප්පෙරුම මහතා හමු වුණාද?

සාක්ෂිකරු: ඔහු 2024 මාර්තු 14 පැමිණ සිටියා. පසුව ඔහු ගියා.

නීතිඥ: මොහොමඩ් හිජාස් නැමැති නිලධාරියා සම්බන්ධ කර ගත්තද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. ඔවුන් අපට අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

නීතිඥ: මෙම ඖෂධ සැපයුම් අංශය දිවයින පුරා රෝහල් 1159 කට ඖෂධ සපයන බව දැන සිටියාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: රස පරීක්ෂක නිලධාරියෙක් වශයෙන් දන්නවා සෞඛ්‍ය පවත්වාගෙන යාමේ වැදගත්කම?

සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි.

නීතිඥ: ඔබ වාර්තාව ලිව්වේ වගකීමෙන්ද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: 2024 මාර්තු 14 දා එහි ගිය විට කමිටුව තීරණය කළා බැකප් සර්වර් (Backup server) එකක් ගෙන යා යුතුය කියා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: එය ගෙන ගියේ කවුද?

සාක්ෂිකරු: විද්‍යාගාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් භාරදී තිබුණා.

නීතිඥ: ඊට අදාළ ලියවිල්ලක් තිබේද?

සාක්ෂිකරු: සංදේශය භාරදී ඇති ස්වාමීනි.

නීතිඥ: ඔබ කියනවා ඔබ දෙපාර්තමේන්තුවට භාර ගන්නා ලද වෛද්‍ය සැපයුම් අංශයේ සර්වරය ඇතුළු භාණ්ඩ ගැන නිකුත් කළ සංදේශය පැ. 297A හි M3 ලෙස අංකිත සීරියල් අංකය නිරීක්ෂණය විය කියලා මුල් පිටපතේ තියෙනවා. එහි දෘඪ තැටිය (Hard disk) ගැන සඳහනක් නැහැ.

සාක්ෂිකරු: M3 ලෙස සඳහන් වන්නේ දෘඪ තැටියයි. මුල් අවස්ථාවේ වෙනත් සීරියල් අංකයක් සඳහන් වුණ බව දුටු නිසා අප එය සඳහන් කර තිබෙනවා. එහි අංකය ලෙස ලේඛනයේ තිබුණේ 61060-442. නමුත් එහි සඳහන් වූ සීරියල් අංකය 61060-0462 බව නිරීක්ෂණය වුණා. මම එය මුද්‍රණ දෝෂයක් බව දැනගත්තේ, මා විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේදී මගේ සටහන් පොතේ ලියාගෙන තිබූ සීරියල් අංකය හා සැසඳීමෙන්.

නීතිඥ: කවුද එය මුද්‍රා තබා තිබුණේ?

සාක්ෂිකරු: මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගනිද්දී මුද්‍රා තැබුවේ කවුද?

සාක්ෂිකරු: අප දුටුවේ නැහැ. නමුත් අප වෙත ගෙන එද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබුණා.

නීතිඥ: අධිකරණයෙන් ආ මුද්‍රා කාගෙද?

සාක්ෂිකරු: මහේස්ත්‍රාත් අධිකරණයේ ඒවා.

නීතිඥ: මුද්‍රා සැසඳුවාද?

සාක්ෂිකරු: එසේය ස්වාමීනි. අධිකරණයෙන් මුද්‍රා තබා දුන් බව අපි නිරීක්ෂණය කළා.

නීතිඥ: එතකොට වෛද්‍ය සැපයුම් ඒකකයෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යද්දී මුද්‍රා තැබුවාද යන්න දන්නවද?

සාක්ෂිකරු: අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යම් ක්‍රමවේදයක් අනුව ගෙනගියා විය හැකියි.

නීතිඥ: පරිගණකය ගෙන යන්න 03/14 දින තීරණය කර තිබුණා. දත්ත බැකප් කර ඉන්ස්ටෝල් (Install) කරපු එකද අප්‍රේල් 8 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ?

සාක්ෂිකරු: අප කමිටු සාමාජිකයින් භාර දුන්නේ.

නීතිඥ: ඔබ භාර ගත්තා කියා වෛද්‍ය සැපයුම් අංශයේ කොහොමද සටහන් වන්නේ? ඔබ පරීක්ෂා කළාද? සුරක්ෂිත කළේ කොහොමද?

සාක්ෂිකරු: රෝ කවුන්ට් (Row count) මඟින් තහවුරු කර ගත්තා.

නීතිඥ: ඒක ඒ ආකාරයෙන්ම පවතින බවට මුද්‍රා තැබුවාද?

සාක්ෂිකරු: නිසි පරිදි ක්‍රියා විරහිත කොට අක්‍රිය කළා.

විනිසුරු: ඉන්පසු පරිගණක දත්ත වලට ප්‍රවිෂ්ට විය හැකිද?

සාක්ෂිකරු: නොහැකි ස්වාමීනි.

නීතිඥ: ඔබ එය හරි හැටි කළ බව කියන්න සමකාලීන වාර්තා තිබිය යුතුයි.

සාක්ෂිකරු: අපි කළ කටයුතු වෙනම සටහන් කර ගත්තා. ඒ ඇසුරින් වාර්තාව සකස් කළේ. පරිගණකය නඩු භාණ්ඩයක් වශයෙන් අරගෙන යන බව දැනුවත් කරලයි බැකප් පටන් ගත්තේ. අප්‍රේල් 8 වැනිදා වන විට එම කටයුතු අවසන්. මගේ දත්ත පිටපත් වූ පසු විශේෂ ක්‍රියාමාර්ග අරගෙන ක්‍රියා විරහිත කළා. අනතුරුව නඩු භාණ්ඩයක් ලෙස එහි සිටි නිලධාරීන්ට දුන්නා. ඔවුන් මුද්‍රා තබනවා අප දුටුවේ නැහැ. එය නීත්‍යානුකූලව කරන්න ඇති කියා අපි උපකල්පනය කරනවා.

නීතිඥ: එහි වෛද්‍ය සැපයුම් අංශයේ අයත් සිටියද?

සාක්ෂිකරු: හිජාස් සහ සන්දරප්පෙරුම මහත්වරු සිටියා.

නීතිඥ: පරිගණක ආශ්‍රිත කටයුතු කරන දෙපළක් ඔවුන්. ඔවුන්ගෙන් අත්සන් ගත්තද?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: ඔවුන් භාරයේ තිබී ලබාගත් පරිගණකය ඔවුන්ගේ මුද්‍රාවලින් මුද්‍රා තැබුවෙත් නැහැ?

සාක්ෂිකරු: එතනින් එහාට කටයුතු කළේ පොලිසිය.

නීතිඥ: මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රා තබා එවපු පරිගණකය ඇතුළු දේපළ වලින් 297A වාර්තාව දුන්නා කිව්වා. වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඉවත් කිරීමට පෙර එහි නිලධාරීන් ඉදිරියේ මුද්‍රා තැබීමක් කර තිබුණු බව හෙළි වුණාද?

සාක්ෂිකරු: මා එහිදී පරීක්‍ෂා කළේ නැහැ. පොලිසියට භාර දී අප පැත්තකට වුණා. නඩු භාණ්ඩ අප විද්‍යාගාරයට ආවාම එහි මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මුද්‍රාව සහ පොලිස් මුද්‍රාවක් තිබූ බව දැක්කා.

නීතිඥ: 4/17 වෛද්‍ය පර්යේෂණ අංශයෙන් තැබූ මුද්‍රාවක් නොතිබූ බව පිළිගන්නවද?

සාක්ෂිකරු: පිළිගන්නවා ස්වාමීනි.

නීතිඥ: ඔබ වාර්තාවේ ආවරණ ලිපියක්, 'උක්ත හතර ඡේදයේ වාර්තාව මේ සමඟ එවමි' කියා කියනවා. එහි කමිටු සාමාජිකයන් වන උඩංගමුව, සඳගිරි, අමරජීව, අනුජා ජයසිංහ යන අය සාමාජිකයින්. ප්‍රධානියා කවුද?

සාක්ෂිකරු: මා නමට අධිකරණය ආමන්ත්‍රණය කර තිබූ නිසා මම ප්‍රධානියා සේ කටයුතු කළා. නියෝගය අනුව මා ප්‍රධානත්වය දැරිය යුතු බව කමිටු සාමාජිකයින් තීරණය කළා. ඔවුන්ට ලැබී තිබුණු ලිපියේ පිටපත්.

නීතිඥ: හතර ඡේදයේ සඳහන් වාර්තාව කෝ?

සාක්ෂිකරු: වාර්තාව එහි අමුණා තිබෙනවා.

නීතිඥ: මේ වාර්තාවේ නම නොමැති EWIS අයගෙන් සහය ලබාගෙන තිබෙනවා නේද?

සාක්ෂිකරු: මමත් සඳගිරි මහතාත් අධිකරණ දත්ත බලාගෙන හැකි සේ සැකසුවා. අපේ විද්‍යාගාරයේ කළ ඒ කටයුත්තට සඳගිරි මහතා ආවා.

නීතිඥ: සාමාජිකයන් පස්දෙනෙක් ඉන්නවා. නම් කර ඇත්තේ ඔබත් සඳගිරිත් පමණයි. 4 ඡේදයේ අනික් අයගේ නම් නැහැ.

සාක්ෂිකරු: අනෙක් අයත් සහභාගී වුණා. නමුත් EWIS අය වෙනම වාර්තාවක් යවා ඇති නිසා ජයසිංහ, සඳගිරි හා මගේ අත්සන පමණක් තැබුවා.

නීතිඥ: වාර්තාව යැයි හඳුන්වන ලේඛනයේ පිටු තුනයි. එය සම්බන්ධ කළේ කොතැනින්ද?

සාක්ෂිකරු: 6 ඡේදයෙන්.

නීතිඥ: අත්සන් කරලා තියෙන්නේ පස් දෙනෙකුගෙන් තුන්දෙනයි.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: නිල මුද්‍රාවක් නැහැ?

සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි.

නීතිඥ: මහේස්ත්‍රාත්ගේ 6, 7, 8, 9 ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සැපයිය යුතුයි.

සාක්ෂිකරු: මෙම වාර්තාව සම්පාදනය කරන විට කමිටුවක් ලෙස ලබාදිය යුතු පිළිතුරු සාකච්ඡා කර තිබුණා. EWIS ආයතනයෙන් තොරතුරු ඉල්ලූ විට ඔවුන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ නිසා යළි අපේ වාර්තාවට අත්සන් කළ යුතු නැති බව දැන්වුවා.

නීතිඥ: පස්වන ඡේදයේ 6, 7, 8, 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයා තිබුණේ නාලක රණසිංහ නමැත්තෙක්. වැදගත් ප්‍රශ්න හතරකට කමිටු සාමාජිකයෙක් නොවන අයෙකුගෙන්, මහේස්ත්‍රාත් නියෝගයෙන් පිටගොස් මහේස්ත්‍රාත්තුමියගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔබට පුළුවන්ද?

සාක්ෂිකරු: ඔවුන් එවූ කරුණු ඇතුළත් කර මම වාර්තාව සකස් කළා.

නීතිඥ: කමිටුවට ඇතුළත් නොවන්නෙක් 6, 7, 8, 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව ඔබ පිළිගන්නවද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. (සාක්ෂිකරුගේ අවධානය මහේස්ත්‍රාත්තුමියගේ ප්‍රශ්නාවලියට යොමු කරවයි)

නීතිඥ: ඖෂධ 182 කට අදාළව ජාතික තොගය අහලා තියෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ජාතික තොගය ගැන දෙවැනි ප්‍රශ්නයෙනුත් අහනවා. ජාතික තොගය ලෙස සඳහන් වන්නේ රට පුරා මධ්‍යස්ථාන 1159 ක ඇති ප්‍රමාණයයි. වෛද්‍ය සැපයුම් අංශය එහි කේන්ද්‍රස්ථානයයි. ඔබ එම අංශයේ තොග ගැන බැලුවද?

සාක්ෂිකරු: නියෝගයේ ඉල්ලා ඇති පරිදි ලබා ගත්තා.

නීතිඥ: දිවයින පුරා ඇති තොගයට වඩා යම් ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවත්වාගෙන යන බව දැන සිටියාද? එම ප්‍රමාණය සාපේක්ෂව වැඩි බව දුටුවාද?

සාක්ෂිකරු: අධිකරණය ඉල්ලූ දත්ත ලබාදෙන්න අපි උනන්දු වුණා.

නීතිඥ: දත්ත වලට පිවිසිය නොහැකිව තිබුණාද කියලා අහලා තිබුණා.

සාක්ෂිකරු: 'හේතු දක්වන්න' කියලා තිබුණා නොහැකි නම්. හැකිවුණ නිසා හේතු දැක්වූයේ නැහැ.

නීතිඥ: ඖෂධ 182 කට අදාළව හතරකට එස්. ආර්. (SR) අංක තිබුණේ නැහැ කිව්වා.

සාක්ෂිකරු: ඔව්, පද්ධතිය තුළ SR අංක නැති බව හෙළිවුණේ 00904302, 00903201, 00901401 සහ 00300602 යන ඒවායි.

නීතිඥ: ඔබ වෙත එවූ ලැයිස්තුවේ ඖෂධ වල නම් හා අංක තිබුණද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. (10V37 හා 10V43 දක්වා ලේඛනවලට සාක්ෂිකරුගේ අවධානය යොමු කරයි. පැමිණිල්ල ඊට විරුද්ධ වෙයි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ස්වාමීනි, මේ අවස්ථාවේ සාමාන්‍ය රාජකාරී අතරේ තොග පාලන නිලධාරීන් සැකසූ වාර්තාවක් ගැන විශේෂඥ සාක්ෂි දෙන්නෙකු වන මෙම සාක්ෂිකරු සතුව දත්ත නැති බැවින්, පැමිණිල්ල විරෝධය පළ කරනවා.

විනිසුරු: මෙම ලේඛනය ලකුණු කර ඇති බැවින් සාක්ෂිකරුගේ දැනුම අනුව සාක්ෂි දිය හැකියි.

නීතිඥ: 10V38 බලන්න. අනු අංක 365 යටතේ ඔබ සඳහන් කළ SR අංකය ඇතුළත්ද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. (මෙසේ තොග පාලන නිලධාරීන් සැකසූ 10V38, 10V39, 10V40, 10V41 ලෙස ලකුණු කරන ලද ලේඛන පෙන්වා සාක්ෂිකරුගේ ලේඛනයේ නැති ඖෂධ එහි තිබේදැයි විමසනු ලැබූ අතර, ඒවා එම ලේඛනවල ඇතැයි සාක්ෂිකරු පිළිගත්තේය.)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම

(පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ප්‍රශ්න ඇසීම අරඹන ලදී.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 10V38, 10V40, 10V41 ලේඛනවලට මම ඔබේ අවධානය යොමු කරවනවා. 10V38I හි අවසානයේ ඇති SR අංක ගැන ප්‍රශ්න කළා.

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ පිළිගන්නවද ඔබට 297 A I හි සොයාගන්නට බැරිවුණ ඖෂධ එහි ඇති බව?

සාක්ෂිකරු: මෙය මට ආගන්තුක ලේඛනයක්. SR අංක වලට අදාළව පමණක් මම පිළිතුරු දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මෙය දෘඪ පිටපතක්. ඔබ ඩේටා බේස් (Database) එකෙන් වාර්තාව හැදුවේ. අධිකරණය හඳුනාගත් පැ. 229E 3 හා 229E 4 දත්ත පිටපත් කර දෙන්න කියා තිබුණා. ඒ 2022 සැප්තැම්බර් 01 සිට 30 දක්වා. 10V 38 හි දිනය බලන්න.

සාක්ෂිකරු: එහි දිනය 2022 ජුනි 19.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 10V39 ලේඛනයේ දිනය 22/6/17. 10V41 ට දිනයක් නැහැ.

සාක්ෂිකරු: නිවැරදියි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 10V40 හදා තිබුණේ කවර දිනයකටද?

සාක්ෂිකරු: 2022/7/23 දින.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 10V42 ඊමේල් පණිවිඩයේ දිනය කවදාද?

සාක්ෂිකරු: 2022/06/26.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ සියල්ල ඔබට වාර්තාවක් හැදීමට දුන් දිනවලට පෙර දිනයක් නේද?

සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: නඩු භාණ්ඩයක ඒකාග්‍රතාව ප්‍රශ්න කළා. මෙම නඩු භාණ්ඩ ද්‍රව්‍යමයද? ඩිජිටල්ද?

සාක්ෂිකරු: ස්වාමීනි, ඒවා ඩිජිටල් දත්ත ඇතුළත් නඩු භාණ්ඩ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ද්‍රව්‍යමය ඒවා විදියට ගන්න පුළුවන්ද?

සාක්ෂිකරු: ද්‍රව්‍යමය ඒකාග්‍රතාව විදියට ඩිජිටල් ඒවා දිහා බැලිය නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සක්‍රිය ප්‍රොන්ටෝ (Pronto) පද්ධතියකින් සර්වර් දත්ත ලබා ගැනීම තීරණය කළ අවස්ථාවේ, එහි දත්තවල ඒකාග්‍රතාව පරීක්ෂා කළේ කෙසේද?

සාක්ෂිකරු: එහි දත්ත දෘඪ තැටියකට ගෙන, යළි බැකප් එකට සහ එතැනින් වෝහාරික (Forensic) පරීක්ෂණයකට ගෙන යන නිසා පිටපත් වුණාද බලන්න යළිත් මුල් පරිගණකයේ රෝ කවුන්ට් බලා, බැකප් එකේ රෝ කවුන්ට් බලා තහවුරු කර ගත්තා.

විනිසුරු: වෛද්‍ය පර්යේෂණ ඒකකයේ සිට පරීක්ෂා කර තිබෙන කාලය දක්වා ප්‍රවේශයක් වෙලා තිබෙනවාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. එහෙම කරන්න පාස්වර්ඩ් (Password), යූසර් නේම් (User name) අවශ්‍යයි. දත්ත බැලීම සඳහා වෙනස් කිරීමට බලයලත් මුර පදයක් විය යුතුයි. එවැන්නක් වෙලා නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලයිව් (Live) පරිගණකයක බැකප් එක රෝ කවුන්ට් එකකින් සනාථ කරගත හැකිද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ඩේටා බේස් එකට ඇති ආරක්ෂාව කියන්න.

සාක්ෂිකරු: පරිශීලකයන්ට පවා ඩේටා බේස් එකක් බලන්න විතරයි අවසර තියෙන්නේ. එහි වෙනස් කිරීම්, එකතු කිරීම් හෝ මකා දැමීම් කළ නොහැකි බව නිරීක්ෂණය කළා. අප විද්‍යාගාර විවෘත කළ 2016 සිට මේ දක්වා විමර්ශන නිලධාරීන් සමඟ නඩු භාණ්ඩ ලබාගෙන මුද්‍රා තබා තිබෙනවා. අපරාධ ස්ථාන වලදී නඩු භාණ්ඩ අරන් එන්නේ නැහැ. එය පොලිසියට පවරනවා. ඔවුන් භාරයට ගෙන අධිකරණ නියෝගය සමඟ අපට එවන්න කියනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඒ දත්ත වලට ප්‍රවේශ වීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ප්‍රවේශ ඉල්ලා සිටියා. ඔබට මුරපදය ලැබුණ පසු ඒවා පරීක්ෂා කළාද?

සාක්ෂිකරු: මෙම දත්ත පද්ධතියට ප්‍රවිෂ්ට වීමට අවශ්‍ය පරිශීලක දත්ත වෙනස් කළ නොහැකියි. වෛද්‍ය සැපයුම් අංශයෙන් පරිගණකය රැගෙන ඒමෙන් පසු පරීක්ෂණ කටයුතුවලට පෙර රෝ කවුන්ට් සමඟ සසඳා බැලුවා. අනතුරුව පරීක්ෂණ දින කිහිපයක් කළා. Restart කරන්නත් වුණා. අවසන් අවස්ථාවෙත් අපි රෝ කවුන්ට් වලින් දත්ත සමාන බව තහවුරු කළා. එම දත්ත මේ වනතුරුත් වෙනස් වෙලා නැහැ. (මෙම සාක්ෂියට අදාළ සංයුක්ත තැටිය (පැ. 297) ක්‍රියාත්මක කළ අවස්ථාවේ යම් යම් බාධා ඇතිවූ බැවින්, එහි දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති පිටපත සුරක්ෂිතතාවය රැකෙන පරිදි තබන්නැයි නියෝග කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව විනිසුරු මඬුල්ල එම නියෝගය ලබා දුන්නේය.)
නව සාක්ෂිකරු කැඳවීම: තොග පාලන නිලධාරි

(පස්වරුවේ සාක්ෂිය සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලන නිලධාරි හේරත් මුදියන්සේලාගේ මහේෂ් නන්දන බණ්ඩාර මහතා සාක්ෂි සඳහා කැඳවා තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීය.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකය යනු කුමක්ද?

සාක්ෂිකරු: රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත්, උපකරණ ආදිය ලබාදෙන ආයතනයයි. එහි අංශ රාශියක් තිබෙනවා. තොග පාලන, වාප්පු, මූල්‍ය, සැකසීම් ආදී අංශද, අභ්‍යන්තර ගබඩා ද තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නඩත්තුවන වාප්පු අංශයක් ද තිබෙනවා. මම 2010 දී තොග පාලන අංශයේ සේවයට බැඳුණු ඖෂධවේදියෙක්. දැනට එහි ප්‍රධාන තොග පාලක ලෙස කටයුතු කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග හඳුනා ගැනීමේ අංශයකුත් තිබේද?

සාක්ෂිකරු: නැත ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තවත් එහි සේවය කරන්නේ කවුද?

සාක්ෂිකරු: තවත් තොග පාලන නිලධාරීන් දහතුන් දෙනෙක් සිටිනවා. මට ඉහළ නිලධාරීන් වන්නේ සහකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදී ධුරාවලියයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සෘජු නියෝග ලැබෙනවද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග පාලන නිලධාරියකුගේ රාජකාරිය කුමක්ද?

සාක්ෂිකරු: ඇස්තමේන්තු පුරෝකථනය, වාර්ෂික අවශ්‍යතා, වාර්ෂික ඇණවුම් සකස් කිරීම, ඇණවුම්වලට අදාළව කාලසටහන් සකස් කිරීම ආදියයි. විවිධ කමිටුවලටත් සහභාගී වෙන්න සිදු වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: විගණන විමසුම් කරනවද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වාර්ෂික ඇස්තමේන්තුව යනු කුමක්ද?

සාක්ෂිකරු: රෝහල්වල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගෙන එන ඖෂධ ඇස්තමේන්තුව සැකසීමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකයේ කමිටුවක් වට්ටෝරුවක් සකස් කළොත් එය ලබා දෙන්නේ කවුද?

සාක්ෂිකරු: තත්ත්ව පාලන අංශය යටතේ ඒවා සිදුවන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ හා සම්බන්ධ SR අංකය කුමක්ද?

සාක්ෂිකරු: ඉලක්කම් අටකින් යුත් මේ අංකය විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන සෑම ඖෂධයකටම තිබෙනවා. මුල් ඉලක්කම් තුනෙන් අයත් වන රෝගය හැඳින්වෙනවා. උදාහරණ ලෙස 012 යටතේ පවතින්නේ මැලින්නන්ට් (Malignant) ඖෂධ. ඒවා පිළිකා රෝග සඳහායි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේවා තීරණය කරන්නේ කවුද?

සාක්ෂිකරු: වට්ටෝරු සමාලෝචන අංශයෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඉතිරි අංක 5 මොනවද?

සාක්ෂිකරු: Dosage form එක, Strength එක ආදිය එම ඉලක්කම්වලින් කියවෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 වෙද්දි ඖෂධ සමාලෝචන කමිටුව රෝහල්වලට අවශ්‍ය ඖෂධ කීයක් හඳුනාගෙන තිබුණාද?

සාක්ෂිකරු: 1346 ක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වර්ගීකරණ යටතේ කොපමණ තිබුණාද?

සාක්ෂිකරු: ජීවිතාරක්ෂක 14, ජීවිතාරක්ෂක අවශ්‍යතාව 675, අවශ්‍යතාව නොවන 657 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වර්ගීකරණය සඳහා වූ ලැයිස්තුව සකසන්නේ කවුද?

සාක්ෂිකරු: තත්ත්ව පාලන ඒකකයෙන්. ඔවුන් දත්ත සකසා පරිගණක අංශයේ ඇස්තමේන්තු ක්‍රියාවලියට ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මෙම ඖෂධ ලැයිස්තු ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට ඉදිරිපත් කර තිබුණාද?

සාක්ෂිකරු: ඔව්.

(නඩු විභාගය 05 දිනට කල් තැබිණි.)

Latest Posts

spot_imgspot_img