“අල්ලස්, කාමර අර්බුද සහ විභාග නැතිව දුන් උපාධි මාෆියාව වසන් කිරීමට උත්සාහයක්: රුපියල් ලක්ෂ 50ක වන්දි නඩුවේ තීරණාත්මක හැරවුම මෙන්න.”
අතීතයේ දකුණු ආසියාවේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ කොළඹ විශ්වවිද්‍යාලය, අද වන විට මුදල් අල්ලසට සහ අත්තනෝමතික පළිගැනීම්වලට උපාධි විකුණන ‘ලාභදායී ජාවාරම් බිමක්’ බවට ඇද වැටී ඇති ආකාරය තවදුරටත් රහසක් නොවේ. වත්මන් රජය රාජ්‍ය ආයතන තුළ පවතින දූෂණ හා වංචාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින පසුබිමක, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉහළ නිලධාරීන් විසින් සිදු කර ඇති බව කියන බරපතළ විභාග වංචාවන් සහ අල්ලස් සිදුවීම් පිළිබඳ නඩු විභාගය මේ වන විට අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
තමන්ගෙන් රුපියල් 80,000ක මුදල් අල්ලසක් ඉල්ලා සිටීම, කථිකාචාර්යවරියකගේ පෞද්ගලික ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් විභාගයෙන් අසමත් කර පළිගැනීම සහ කිසිදු විභාගයක් නොපවත්වා හිතවතුන් සමත් කර උපාධි ප්රදානය කිරීම හේතුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් නිරපරාදේ නාස්ති වූ බව පවසමින් කොළඹ සරසවි සිසුවෙකු වන සනත් කුමාර අතුකෝරළ මහතා විසින් ගොනු කරන ලද රුපියල් ලක්ෂ 50ක වන්දි නඩුව නුගේගොඩ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තීරණාත්මක අධිකරණමය නියෝගයක් ඉල්ලා සිටින ලදී.
ලිපිගොනු විනාශ කිරීමේ අවදානමක්: අධිකරණය හමුවේ කළ දැඩි ඉල්ලීම
නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරළ මහතා, නුගේගොඩ දිසා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙන් පැවැත්වූ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා 2022/2023 පාඨමාලාවට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් කිසිදු ලෙසකින් විනාශ නොකර සුරක්ෂිතව තබාගන්නා ලෙස වගඋත්තරකාර උපකුලපතිවරයා සහ කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනාට වහාම නියෝගයක් නිකුත් කරන ලෙසයි.
විභාග වංචාවන් සහ ප්‍රතිඵල ලේඛන සංශෝධනය කිරීම් පිළිබඳ තීරණාත්මක සාක්ෂි සඟවා දැමීමේ හෝ විනාශ කර දැමීමේ බරපතළ අවදානමක් පවතින බැවින්, මෙම අදාළ ලේඛන අධිකරණ භාරයට පත් වන තුරු විනාශයකින් තොරව ආරක්ෂා කර ගැනීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ:
- කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක
- හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
- කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක
- අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න
- කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි
- කථිකාචාර්ය ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න
- විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න
- නීතිපතිවරයා
රුපියල් 80,000ක අල්ලස සහ කිරිඇල්ලේ රිසෝට් එකේ කාමර අර්බුදය
පෙත්සම්කරු 2022/2023 වසර සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සමයේ, පාඨමාලාවේ 508 විෂය (කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය) ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය විසින් වෙනත් සිසුවකු මාර්ගයෙන් රුපියල් 80,000ක මුදලක් ඇගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කරන ලෙස ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වේ. අතුකෝරළ මහතා එම නීතිවිරෝධී ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් අනතුරුව, 2024 මැයි 18 සහ 19 දිනවල කිරිඇල්ල විජය රිසෝට් හි පැවැති දෙදින වැඩමුළුවකට පැමිණි එම කථිකාචාර්යවරියගේ සැමියාට, අතුකෝරළ මහතාගේ හෝටල් කාමරයේ නවාතැන් ගැනීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමටද ඔහු විරුද්ධත්වය පළ කර තිබේ. මෙම ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් ඇති කරගත් පෞද්ගලික වෛරය මත පදනම්ව, ඇය විභාග ප්‍රශ්න පත්‍ර වෙනත් සිසුන්ට කල්තියා හෙළි කර ඇති බවත්, අතුකෝරළ මහතාට සාධාරණ ලකුණු දීමේ ක්‍රමවේදයෙන් බැහැරව පළිගැනීමේ චේතනාවෙන් අඩු ලකුණු ලබා දී විභාගයෙන් අසමත් කර ඇති බවත් පැමිණිල්ලේ පැහැදිලිව සඳහන් වේ.
විභාග නොපවත්වා සමත් කිරීම සහ මුදලට විකිණෙන ව්‍යාපෘති
මෙම ආයතනික මාෆියාවේ වඩාත්ම භයානක හෙළිදරව්ව වන්නේ විභාග ප්‍රතිඵල මුදලට සහ හිතවත්කම්වලට වෙනස් කිරීමයි:
- විභාග නැතිව සමත් කිරීම: 2025 ජනවාරි මාසයේදී අසමත් බව ප්‍රකාශ කළ සිසුන් පිරිසක්, කිසිදු යළි විභාගයක් නොපවත්වාම 2025 අප්‍රේල් මාසයේදී සමත් වූ බව දක්වමින් අලුත් ප්‍රතිඵල ලේඛනයක් පාලනාධිකාරිය විසින් නිකුත් කර ඇත.
- විමර්ශන මැද උපාධි ප්රදානය: මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ සරසවි පාලනාධිකාරියට නිල පැමිණිලි ඉදිරිපත් කර විමර්ශන ක්‍රියාත්මක වෙද්දීම, විභාග අසමත් වූ සිසුන්ටද උපාධි ප්‍රදානෝත්සව පවත්වා සහතික පිරිනැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
- මුදල් ගෙවූ අයට සම්පූර්ණ ලකුණු: 510 විෂය (ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය) සඳහා සිසුවකුගෙන් රුපියල් 3,500 බැගින් එකතු කර කළ කණ්ඩායම් ව්‍යාපෘතියට කිසිදු සක්‍රීය දායකත්වයක් නොදැක්වූ සිසුන්ට පවා මුදල් දුන් පමණින් සම්පූර්ණ ලකුණු පිරිනමා ඇත.
ලිංගික අල්ලසේ සිට මුදල් අල්ලස දක්වා කොළඹ සරසවියේ පරිහානිය
කොළඹ සරසවිය තුළ සිදුවන මෙම අක්‍රමිකතා හුදකලා සිදුවීම් නොවේ. විභාග ලකුණු ලබා දීමට, පන්ති සාමාර්ථ (Classes) තීරණය කිරීමට සහ අධ්‍යයන වරප්‍රසාද ලබා දීමට ඇතැම් කථිකාචාර්යවරුන් සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් (Sexual Favors) ඉල්ලා සිටි අඳුරු ඉතිහාසයක් සරසවි පද්ධතිය තුළ පවතී. අතීතයේ ලිංගික අල්ලස් මත තීරණය වූ උපාධි, අද වන විට රුපියල් 80,000ක සොච්චම් මුදල් අල්ලසක් නොදුන් පමණින් පළිගන්නා, විභාග නැතිවම උපාධි විකුණන ‘මුදල් කඩයක්’ බවට පත්ව ඇත.
දූෂණ විරෝධී යුගයක රටේ ඉහළම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙලෙස ක්‍රියා කිරීම ජාතික මට්ටමේ අපරාධයකි. තම ජීවිතයේ වටිනා කාලය, මුදල් සහ ශ්‍රමය කැප කරමින් අධ්‍යාපනය හදාරන දක්ෂ සිසුන්ව සමාජය ඉදිරියේ සමච්චලයට ලක් කරමින් සිදු කරන මෙම මහා පරිමාණ විභාග වංචාව පිළිබඳව නුගේගොඩ දිසා අධිකරණයේ නඩු විභාගය හරහා සම්පූර්ණ සත්‍යය රට හමුවේ හෙළිදරව් විය යුතු අතර, සාක්ෂි ලේඛන විනාශ කිරීමට ඉඩ නොදී වහාම නීතියේ රැහැනට හසු කර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.



