“හරි දේශය ගොසිප් කෝණරය“
දඹුල්ලේ ගොවි ජනතාවට අද වෙලා තියෙන දේ ඇහුවම ඇඟ සීතල වෙලා යනවා.
ඉන්දීය රජයේ රුපියල් මිලියන 500කට අධික ආධාරයෙන්, මුළු වියදම රුපියල් මිලියන 524ක් ඉක්මවන දැවැන්ත ශීත ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ හැදුවා.
මේක හදන්න මූලික යෝජනාව ගෙනාවේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
අරමුණ වුණේ රටේ කෘෂිකර්මයට අලුත් හුස්මක් දීම, ඒ කියන්නේ අස්වැන්න වැඩි කාලෙට අල-ලූණු කුණු වෙන්න නොදී ගබඩා කරලා, හිඟ කාලෙට පාරිභෝගිකයාට සහන මිලට දීම.
මෝදි සහ අනුර අතින් විවෘත කිරීමේ උළෙල!
ඔබට මතක ඇති, මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර දිසානායක මහත්වරු අතින් තමයි මේ ඓතිහාසික ගබඩා සංකීර්ණය උත්කර්ෂවත්ව විවෘත කළේ. මේක මෙරට තෙතමනය සහ උෂ්ණත්වය පාලිත පළමු කෘෂි ගබඩා සංකීර්ණයයි!
එදා හැමෝම කිව්වේ මේක ගොවි ජනතාවගේ ජීවිතයේ “නව්‍ය හැරවුමක්” කියලා. මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක්, විවිධ උෂ්ණත්ව මට්ටම් සහිත කොටස් හයක් මේකේ තියෙනවා.
විවෘත කළ දා සිටම ගේට්ටු වහලද?
හැබැයි! අන්න එතන තමයි සැබෑ ගැටලුව පටන් ගන්නේ. මේ දැවැන්ත ව්‍යාපෘතිය විවෘත කළ දා සිටම අද වන තුරුම අකර්මණ්‍ය තත්ත්වයක තමයි තියෙන්නේ කියලා ගොවි සංවිධාන සහ විපක්ෂ නියෝජිතයෝ චෝදනා කරනවා.
ගොවීන් කියන්නේ,
“මේ ගබඩාව අපේ අත ළඟ තිබිලත් වැඩක් නෑ. අදටත් අපිට අපේ එළවළු, අල, ලූණු සත්තුන්ට කන්න දෙන්න හෝ කසල ගොඩවල්වලට විසිකරන්න සිද්ධ වෙලා තියෙනවා.”
ලයිට් කපලා – ලක්ෂ 84ක බිලක්!
මේකේ ඇති ඊළඟ පුදුම ප්‍රවෘත්තිය තමයි විදුලි බිල. ගබඩාව ක්‍රියාත්මක වුණේ නැතත්, ඒ වෙනුවෙන් විදුලි බිලක් විදිහට රුපියල් ලක්ෂ 84ක් (8,409,000) ලැබිලා තිබුණා!
ගොසිප් කෝණරයට ආරංචි වුන හැටියට, ඒ මුදලත් ගෙවාගන්න බැරිව තිබුණු නිසා, පහුගිය මාස කීපයේදී ගබඩාවේ විදුලි සැපයුම පවා විසන්ධි කරලා තිබුණා. මේක රටේ බදු මුදල්වලින් සිදුවන නාස්තියට හොඳම උදාහරණයක් නේද?
ගොවීන්ගේ අවසාන බලාපොරොත්තුව: “ඉන්දියාවටම කියනවා”!
ගොවීන් මේ ගැන කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට වාර ගණනාවක් දැනුම් දුන්නත්, වැඩක් වෙලා නෑ.
පසුගිය කාලයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් මාධ්‍යවේදීන් මේ ශීත ගබඩාව ගැන ඇහුවම ඔහු දී ඇති පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ වගකිවයුතු බලධාරීන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇති පැහැදිලි අවිඥානිකභාවයයි.
ඔහු සඳහන් කර ඇත්තේ තමන් “රජයට අලුත්” බවත්, මෙම ගබඩාව ගැන තමන්ට ප්‍රමාණවත් දැනුමක් නැති බවත්ලු.
මේ නිසා දඹුල්ලේ ගොවි සංවිධාන නියෝජිතයන් ගත්ත තීරණය තමයි ඔවුන්ගෙ අන්තිම බලාපොරොත්තුව.
ඔවුන් තීන්දු කරලා තියෙනවා, ව්‍යාපෘතියට මුදල් දුන්නු ඉන්දීය රජය දැනුවත් කරන්න!
ඒ සඳහා කොළඹ ඉන්න ඉන්දියානු මහ කොමසාරිස් තුමාට තම ගැටලුව සඳහන් කරලා විශාල මහජන පෙත්සමක් භාරදීමට ගොවීන් ලෑස්ති වෙනවා.
මුදල් දීපු රටටම කරුණු කියන්න තරම් ගොවීන් අසරණ වෙලා කියන්නේ, මේක ඇත්තටම ජාතික ලැජ්ජාවක් නේද?
මයික් ඉස්සරහා හුගාක් අව්‍යාජ විදිහට මයික් පලන ලාල් කාන්ත ඇමතිතුමා මේක ඇත්තටම ලැජ්ජාවක් නෙවෙයි ද?

