[The Admiral]
“හරක් නිදහස් කරලා හැදෙන්නේ නැති දෝෂ සහ නීතියේ විනාශය”
පසුගිය සතියේ අපි කිව්ව එක මතකද?
තුනෙන් දෙකේ චණ්ඩිකම පෙන්නලා, අධිකරණය තමන්ගේ සාක්කුවට දාගන්න හදන හොර ගේම් එක!
මෙන්න මෙහෙමයි ඒ නාට්‍යයේ ඊළඟ ජවනිකාව දිගහැරෙන්නේ.
මුළු රටම, නීතිඥයෝ, ආගමික නායකයෝ, ජනතාව එකහෙළා එපා කියද්දීත්… මුන් බලහත්කාරයෙන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කරන්න දඟලනවා!
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නායකයෝ මහනායක හාමුදුරුවෝ හමුවෙලා මේ අනතුර ගැන පැහැදිලි කරනවා. නීතිඥ ප්‍රජාවම පාරට බැහැලා මේකට විරෝධය පානවා.
ඒ විතරක්ද? 1953 ඉඳන් පැවතෙන, ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් “ජාත්‍යන්තර විනිසුරු සංගමය” (IAJ) එළිපිටම කියනවා—”ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට හානි කරන මේ ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගනු!” කියලා.
ලෝකයම කියනවා මේක වැරදියි කියලා! හැබැයි අපේ ‘වෙනස්’ ආණ්ඩුවට ඒ කිසිම හඬක් ඇහෙන්නේ නැහැ. උන්ට ඕනේ මොන ක්‍රමයෙන් හරි තමන්ගේ බලය තහවුරු කරගන්න විතරයි!
අනිත් පැත්තෙන් අපේ අධිකරණ ඇමතිවරයාගේ අසාර්ථකත්වයේ දිග පළල!
පසුගිය බන්ධනාගාර කෝලාහලයෙන් පස්සේ මොකද වුණේ? මිනිහා කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ වැඩේ හරියට කරන එක නෙවෙයි… හරකෙක් නිදහස් කරලා, ඒක ටීවී එකේ, ෆේස්බුක් එකේ දාලා “අමාත්‍යාංශයේ දෝෂ ඇරියා” කියලා සෝ එකක් දාන එක!
අනේ අම්මපා! අමාත්‍යාංශයේ දෝෂ අරින්න හරක් නිදහස් කරපු එකම රට ලංකාව වෙන්න ඇති!
දැන් මෙන්න මහර බන්ධනාගාරයේත් අලුතින්ම කෝලාහලයක් පටන් අරන්!
දැන් මහර බන්ධනාගාර කෝලාහලයෙන් පස්සේ දෝෂ අරින්න අධිකරණ ඇමතිතුමා මොකද කරන්න යන්නේ?
මං කියන්නේ… පොඩ්ඩක් පරිස්සමින් ඉන්න සහෝදරවරුනි! හෙට අනිද්දා වෙනකොට අධිකරණ ඇමතිතුමා “මී හරකෙක්” නිදහස් කරලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මොත්… මුළු ආණ්ඩුවේම මානසික මට්ටම ලෝකය ඉස්සරහා නිරුවත් වෙනවා නොඅනුමානයි!
Admiral විදියට මම එක දෙයක් සෘජුවම කියනවා. ඇමතිතුමා මී හරක් නිදහස් කළත්, ගොන්නු නිදහස් කළත්… එතුමාගේ දෝෂවත්, ඔයගොල්ලන්ගේ දෝෂවත් කවදාවත් කැපෙන්නේ නැහැ!
ඇත්තටම මේ රටේ දෝෂය කපන්න ඕන නම් කරන්න තියෙන්නේ එකම එක දෙයයි…
ඒ තමයි, ඔය අධිකරණ ඇමතිවරයාව අමාත්‍ය මණ්ඩලයෙන් නිදහස් කරන එක!
එතකොට මුළු රටේම දෝෂය කැපිලා යාවි!
හැබැයි, මේ විදියටම මහජනතාවගේ සහ ජාත්‍යන්තරයේ හඬට පයින් ගහලා, අධිකරණය විනාශ කරන ව්‍යවස්ථා සංශෝධනය ඉස්සරහටම ගෙනිච්චොත්…
මං කියන්නේ, මුළු අමාත්‍ය මණ්ඩලයම නිදහස් කළත් ආණ්ඩුවේ දෝෂය නම් කවදාවත් කපන්න හම්බවෙන්නේ නැහැ!
බලයට එන්න කලින් කිව්වේ “අපි විද්‍යාත්මකව රට පාලනය කරනවා” කියලා. දැන් කරන්නේ බන්ධනාගාර අස්සේ මිනිස්සු මැරෙද්දී, නීතිය නැමෙද්දී, ජාත්‍යන්තරයෙන් චෝදනා එද්දී… හරක් නිදහස් කරලා දෝෂ අරින එකද? මේකද ඔබ අපේක්ෂා කරපු වෙනස? මේකද ඔබ ඉල්ලපු නව දේශපාලන සංස්කෘතිය?
දැන්වත් ඇහැරෙන්න!
නීතියේ ස්වාධීනත්වය කියන්නේ දේශපාලනඥයන්ට ඕන ඕන විදියට නමන්න පුළුවන් රබර් පටියක් නෙවෙයි!
හරක් නිදහස් කරලා රටක නීතිය සහ සාමය රකින්න බැහැ! අසාර්ථක ඇමතිවරුන්ගේ මාධ්‍ය සංදර්ශනවලට තවදුරටත් රැවටෙන්න එපා!
පරණ එකයි, අලුත් එකයි දෙකම එකයි!
වෙනසක් නැති, දෝෂ අරින නාට්‍යවලට තවදුරටත් රැවටෙන්න එපා!
දැන්වත් ඇහැරෙන්න!
අධිකරණයේ ස්වාධීනත්වයට අතදාන ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගනු ලෙස ඉල්ලන්න!
මාධ්‍ය සංදර්ශන වෙනුවට… සැබෑ වගවීම ඉල්ලන්න!
අසාර්ථක ඇමතිවරුන් ගෙදර යවනකල්…
දැන්වත් කොන්ද කෙළින් තියාගෙන හඬ නඟන්න!
“රටක් විනාශ වෙන්නේ නරක මිනිස්සු කරන වැරදි නිසා විතරක් නෙවෙයි…
හොඳ මිනිස්සු ඒ වැරදි දිහා නිහඬව බලන් ඉන්න නිසයි.”
අද අපි නිහඬ වුණොත්, හෙට නීතියක්, අධිකරණයක් නැති මහ පාරේ
අපේ දරුවන්ටත් වහලුන් වගේ ජීවත් වෙන්න සිද්ධ වේවි.
මේ ප්රශ්නය දේශපාලනය ගැන නෙවෙයි…
ඔබේත් මගේත් අනාගතය සහ ආත්මගෞරවය ගැනයි.



