Latest Posts

ෂැංග්‍රිලා මඟුලේ වටගල ‘ඇරෙස්ට්’ ටෝක් එක සහ බුලත්සිංහලදී මූණ එල්ලාගත් හැටි!

“හරි දේශය ගොසිප් කෝණරය”

පසුගිය 22 වැනිදා රෑ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණේ ‘කළු රංජි’ ගේ පුතාගේ මඟුල් ගෙදරයි. කළු රංජි කිව්වාම බොහෝ දෙනෙක් දන්නේ මර්වින් සිල්වාගේ සමීපතමයෙක් විදිහට වුණත්, මිනිහා විජය කුමාරතුංග යුගයේ සිටම දේශපාලන හයියක් තිබුණු, බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව ඉදිරිපිට ප්‍රකට වාහන ව්‍යාපාරිකයෙක් ලු. මේ මංගල්‍යයට දේශපාලනඥයන් පෝලිමට ආවේ මනාලිය පළාත් සභා මන්ත්‍රී සමන් අබේගුණවර්ධනගේ දියණිය වූ නිසා ආරංචියි.

“හෑවාද? නැද්ද?” වටගලගේ ටිකලෝ සන්තෑසිය!

එදා රෑ සෝෂල් මීඩියා උඩුයටිකුරු කරමින් පැතිරුණේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙඩිම ‘හෑවා’ කියායි. හැබැයි පාටියේ ආරංචි මාර්ග පවසන පරිදි, එතැන ලොකු රණ්ඩුවක් වෙලා නැහැ. වටගල කියන්නේ දයාසිරිලා, දිලිත්ලා එක්ක කැම්පස් එකේ එකට හිටපු, කරන දෙයක් එළිපිට කරන ‘ටිකලෝ’ (Tika-Law) කෙනෙක් ලු.

රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, පියල් නිශාන්ත සහ විජයදාස රාජපක්ෂ හිටපු මේසයට සුදසිංහ මහතාගේ බෑනා පැමිණි අවස්ථාවේදී වටගලට ටිකක් ‘මළ පැනලා’ ලු. තමන් පොලිසිය භාර ඇමති බව අඟවමින්, “මට පුළුවන් උඹව දැන් ඇරෙස්ට් කරන්න, උඹ හිතන්නේ දැන් බෑ කියලද?” වැනි සැර ටෝක් එකක් වටගල එතැනදී දීලා ආරංචියි. හැබැයි පුදුමය කියන්නේ, ඒ සැරෙන්ම රාජිත දෙසට හැරුණු වටගල “මේ ඉන්නේ රත්තරන් මිනිස්සු” කියලා රාජිතව අගය කිරීමයි. කළු රංජිගේ ‘ගෝල්ඩ් ලේබල්’ විස්කි එකෙන් එකක් දෙකක් දාගත්තට වටගලගෙන් ගැටලුවක් නැහැ කියලා එතැන හිටපු විජයදාස රාජපක්ෂත් සහතිකයක් දීලා ලු.

📞 ‘පැළවත්තෙන්’ ආපු ඕඩර් එක සහ බුලත්සිංහල අප්සට් එක!

ෂැංග්‍රිලා සීන් එකෙන් පස්සේ ඊළඟ දවසේ මංගල සාදය තිබුණේ බුලත්සිංහල, රාජිතගෙ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වෙලා හිටපු මංජුල රණවකගේ දියණියගේ. මේ සාදයට රාජිත සේනාරත්නයි, නලින්ද ජයතිස්සයි කලින්ම ඇවිත් හිටියා. හැබැයි වටගල එනකොට දවල් එකත් පහු වෙලා ලු.

වටගල පරක්කු ඇයි කියලා නලින්ද එයාගේ ආරක්ෂක අංශයෙන් අහද්දී ලැබුණු උත්තරය තමයි මරු! ෂැංග්‍රිලා එකේ සද්දේ නිසා වටගලට ‘පැළවත්තට’ (ජවිපෙ මූලස්ථානයට) එන්න කියලා හදිසි ඇමතුමක් ලැබිලා ආරංචියි. පාටියේ ආරංචි මාර්ග පවසන පරිදි, පැළවත්තෙන් හොඳ ‘පෝරියල් එකක්’ කාලා තමයි වටගල බුලත්සිංහලට ආවේ. ඒ නිසා එනකොට මනුස්සයාගේ මූණ එච්චර හොඳ නැහැ ලු.

රූපවාහිනී චෙයාර්මන් සහ නලින්දගේ නඩුව!

බුලත්සිංහල මඟුල් ගෙදරදී තවත් අපූරු සිද්ධියක් වුණාලු. ප්‍රකට රූපවාහිනී නිවේදක සමිත දුටු නලින්ද, “ඇයි දැන් ප්‍රෝග්‍රෑම්වල පේන්න නැත්තේ?” කියලා අහලා තියෙනවා. එතකොට සමිත කෙළින්ම කියලා තියෙන්නේ, “ඔයාලගේ චෙයාර්මන් තමයි මාව කැපුවේ, පැළවත්තෙන් ආපු ඕඩර් එකක් කියලා චෙයාර්මන් කියනවා” කියලයි. නලින්ද ඒකෙන් ඇඟ බේරගත්තේ “මම ඕවට ඇඟිලි ගහන්නේ නැහැ” කියලා සද්ද නැතුව මාරු වෙමිනුයිලු.

අන්තිමේදී වටගල ගිය තැන

පැළවත්තෙන් බැනුම් අහලා, මූණත් එල්ලගෙන බුලත්සිංහලට ආපු වටගල, රාජිත එක්ක සුහදව කතා කරලා කෙළින්ම ගියේ මංජුල රණවක VIP අමුත්තන්ට ලෑස්ති කරපු බාර් එක පැත්තට ලු.

කොහොම වුණත් සුනිල් වටගල ගැන එක දෙයක් නම් කියන්නම ඕනේ. මිනිහා සාම්ප්‍රදායික ජවිපෙ කාරයෙක් වගේ හැංගි හොරා වැඩ කරන්නේ නැහැ. බනින එකත්, බොන එකත්, රණ්ඩු වෙන එකත් ඔක්කොම එළිපිට ලු!

කොහොම උනත් මාර වැඩේ ආණ්ඩුවට උනේ..

හරි දේශය ගොසිප්.

Latest Posts

spot_imgspot_img