Saturday, February 14, 2026
spot_img

Latest Posts

Will the “Verdict” Signed by Society be Overturned in Court?

Treasury Bosses Who Learned of the Billion-Dollar Deal via “Newspapers” and the State Mechanism Stripped Bare!

From the very beginning, society viewed the “Immunoglobulin” case through a single lens: the simplistic conclusion that “politicians made money even off medicine.” Social media has already delivered its verdict in the court of public opinion. However, looking at the startling chain of evidence unfolding daily before the Colombo Permanent High Court, it appears the “truth” is trapped in a place far more complex, bitter, and different than society imagines.

We have heard of officials becoming political puppets. But when top officials managing a $1 billion loan—obtained while the country was in an economic abyss—claim ignorance of the very clauses of that loan agreement, is it merely corruption? Or is it criminal negligence that goes far beyond?

Yesterday (03), the court was left dumbfounded by the answers provided by the Director General of the Department of Development Finance, a man with 24 years of experience at the Ministry of Finance.

The “Treasury Testimony” That Silenced the Court

The following exchange between Attorney-at-Law Harendra Banagala, appearing for the 1st Accused, and this high-ranking state official (the Witness) served as a moment that displayed the “nakedness” of the entire state mechanism:

Counsel Harendra Banagala:

“Have you seen the specific loan agreement signed between the Secretary to the Ministry of Finance and the State Bank of India?”

Witness (Director General):

“No, I have not seen it. I learned about the conditions of that agreement through the media (newspapers). I did not receive that agreement.”

Counsel Harendra Banagala:

“You are a member of the committee that coordinated this credit line scheme. You have served the Finance Ministry for 24 years and drafted guidelines. Are you saying… you do not know the conditions contained in the agreement?”

Witness:

“I did not get the opportunity to study the loan agreement entered into between the Government of India and Sri Lanka…”

Counsel Harendra Banagala:

“Speaking from the Treasury, which is responsible for the country’s economy, are you saying you learned about it through the media?”

Witness:

“I did not get to see that agreement.”

This is not merely a trial; it is the tragedy of a collapsing state administration falling into the hands of puppet officials who “sign without seeing agreements.”

The “War of Words” That Heated the Court

Meanwhile, a heated exchange between the Deputy Solicitor General and Defense Counsel Amitha Ariyaratne during the early part of the trial also set the courtroom ablaze.

This clash between Counsel Amitha Ariyaratne and the Deputy Solicitor General (DSG) during the recording of evidence marked a decisive moment in the case:

Counsel Amitha Ariyaratne (Defense):

“Your Honour, regarding my client’s professional status, she cannot ask re-examination questions by assuming facts that do not exist.”

DSG Lakmini Girihagama (Prosecution):

“My learned friend is being instructed by a former Director [of the Health Ministry]… When the witness answers on a matter not falling within his official duties, I have the right under the Evidence Ordinance to question it.”

What is the truth? Is it just the politician? The official? Or is it the System itself?

Read the full investigative court report of yesterday’s proceedings below.

03/02/2026

court report

2022  වසරේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු රුපියල් මිලියන 1000 ණය මුදලින් රුපියල් මිලියන 200ක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කළ බව තමාට යම් අවබෝධයක් ඇතත් එයට අමතරව තවත් රුපියල් මිලියන 35ක මුදලක් ඒ සඳහා වෙන්කළ බවට තමා නොදන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂක ප්‍රසම්පාදන යුනූස් ලෙබ්බේ මොහම්මදු නවවි මහතා අටවන දිනටත් කොළඹ ස්ථීර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නැගූ නැවත ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වර්තමානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඒ මහතා එලෙස පැවසීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් (රු 144,293,357,32) වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. විත්තියේ නීතිඥවරුන් පෙර දිනවලදී එම සාක්ෂිකරුගෙන් අසන ලද හරස් ප්‍රශ්න සහ එකී හරස් ප්‍රශ්නවලට එම සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය දීර්ඝ ලෙස නැවත ප්‍රශ්න අසනු ලැබුවාය.

එම අවස්ථාවේදී 11 වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම සිදු කරන ආකාරය පිළිබඳ විරෝධතාවයක් මතු කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; මෙතුමිය නැවත ප්‍රශ්න අසන ආකාරයෙන් මම මෙම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසුවේ නෑ. එතුමිය ඒ විදිහේ හරස් ප්‍රශ්න නැගීමෙන් වෙන්නේ නැති කාරණා උපකල්පනය වෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මගේ උගත් මිත්‍රයාට උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වෛද්‍ය සැපයුම්, අංශයේ අධ්‍යක්ෂවරයෙක්නේ ?

නීතිඥ අමිත ආරියරත්න මහතා ; මගේ සේවා දායකයාගේ වෘත්තීය තත්ත්වය ගැන කියලා උපකල්පනය කර නැවත ප්‍රශ්න අහන්න බෑ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  අතිරේක ලේකම්වරයා ( සාක්ෂිකරු) ඔහුගේ රාජකාරියට නොවැටෙන කරුණක් ගැන උත්තර දුන්නාම මට ඒ ගැන අහන්න වෙනවා. මොන පර්යේෂණය යටතේද ඔවුහු විත්තියේ හරස් ප්‍රශ්නවලදී උත්තර දුන්නේ කියන එක අහන්න සාක්ෂි ආඥා පනත යටතේ මට පුළුවන්.

අධිකරණය ; තොග නොලැබීම පිළිබඳව මෙම සාක්ෂිකරු  පිළිතුරු දුන්නේ කුමන පදනමක් මතද කියලයි පැමිණිල්ල අහන්නේ. මොහු කැඳවා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යංශයේේ ප්‍රසම්පාදන ගැන සාක්ෂි දෙන්නයි. ප්‍රසම්පාදන ගණනය ගැන සාක්ෂි දී තිබීම අනුව එලෙස නැවත ප්‍රශ්න ඇසීම අනීතික නෑ.

එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කීපයක් ඇසූ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙරවරු 11.15ට පමණ එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කළේය. අනතුරුව පැමිණිල්ලේ 199 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා සත්‍ය ප්‍රකාශ කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥා දෙමින් සාක්ෂි ලබාදීම ආරම්භ කළේය. එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, එනම් ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව මූලික උපාධිය ලබා ගැනීමෙන්  අනතුරුව ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගැනීම හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව කෙටි සාක්ෂියක් හෙතෙම ලබා දුන්නේය.

මේ වනවිට තමා සේවය කරන මුදල් අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය භාරය වනුයේ රටපුරා විසිරීී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සහනාධාර ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම වන්නේ යැයි ද සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් හෙතෙම පැවසීය.

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ එම රටේ නිෂ්පාදනය කරන ඖෂධ, ආහාර ද්‍රව්‍ය එරට අපනයනකරුවන් මගින් මිලදී ගැනීම එකී ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ බවත් ඒ සඳහා එරට අපනයනකරුවන්ට ඉන්දියානු මුදලින් ගෙවීම් සිදු කිරීම සිදුකළ බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් එම සාක්ෂිකරු තමන් එකී සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවත් පැවසීය. එකල පැවති විවිධ ගැටලු නිසා ඇතිවී තිබූ විදේශ විනිමය ඉතිරි කර ගැනීම එමගින් සිදුවූ බව ද සාක්‍ෂිකරු කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වන ඉන්දියාව හා ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කර ඇතැයිද පෙන්වා දුන්නේය.

දේශීය ආනයනකරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු අපනයනකරුවන් සපයන ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව මගින් ණයවර නිකුත් කිරීමක් සිදු කරනා බවත්  ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරනා ආනයනකරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවත් සාක්‍ෂිකරු පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

ඖෂධ මිලදී ගැනීම සඳහා එකී ඇමරිකානු ඩොලර් මිලියන 1000 මුදලින් මිලියන 200ක්  ප්‍රථමයෙන් වෙන්කර තිබුනත් පසුව ස්ථිර කාර්යයක් සඳහා  නොයෙදූ ඇමෙරිකානු ඩොලර් 35ක මුදලද ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කළ බවද හෙතෙම පැවසීය.

පෙරවරු 2.28 ට පමණ පැමිණිල්ලේ මූලික හරස් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් පසුව පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා  එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥවරයා ; මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ අත්සන් කළ එකී ණය ගිවිසුම ඔබ දැක තිබෙනවාද ?

සාක්ෂිකරු ; නැහැ මම දැකලා නැහැ. මාධ්‍ය මගින් මම එම ගිවිසුමේ කොන්දේසි දැනගත්තේ. එම ගිවිසුම මට ලැබුණේ නැහැ. ඒ නිසා එම කොන්දේසි මොනවාද කියලා මට සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.

විත්තියේ නීතිඥ ; ඔබ එකී ණය යෝජනා ක්‍රමය ගැන සම්බන්ධීකරණය කළ කමිටුවේ සාමාජිකයෙක්. එම කමිටුව පත් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. වසර 24ක් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ඔබ එකී ණය යෝජනා ක්‍රමය සඳහා මාර්ගෝපදේශ සකස්කල කමිටුවේ සාමාජිකයෙක්. එහෙම අයෙක් වන ඔබ කියන්නේ එකී ගිවිසුමේ අඩංගු කොන්දේසි දන්නේ නැහැ කියලද ?

සාක්ෂිකරු ; ඉන්දියාව හා ලංකා රජය ඇති කරගත් ණය ගිවිසුම මට අධ්‍යයනය කරන්න ලැබුණේ නැහැ. ඒවා පිළිබඳ යම් දැනුවත් කමක් තිබුණා.

විත්තියේ නීතිඥ ; මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය කියන්නේ මෙරට මූල්‍ය ප්‍රතිපත්ති හා රටේ ආර්ථිකය ගැන වග කිව යුතු ආයතනයනේ. එහෙම ආයතනයක වසර 24ක් සේවය කළ ඔබ කියන්නේ මාධ්‍ය මගින් තමයි ඒ ගැන දැනගත්තේ කියලද ? 

සාක්ෂිකරු ; මට ඒ ගිවිසුම දැකගන්න ලැබුණේ නෑ.

සාක්ෂිකරු ; එම ගිවිසුම ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුළුවන්.

එම ගිවිසුම ගැන නෛතික ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ එකී ණය යෝජනා ක්‍රමය ගැන මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර මට එම ගිවිසුම ලැබුණේ නැහැ.

හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥ ;  ඔබ අද මෙම අධිකරණය හමුවේ සාක්ෂි දෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයෙකු ලෙසටයි. ඔබ ඇතුළු 12 දෙනෙක් එම සම්බන්ධීකරණ කමිටුවේ  සාමාජිකයන් ලෙස කටයුතු කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරිය එම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළා.

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; එම සම්බන්ධීකරණ කමිටුවට අමතරව එයට සහය වීම සඳහා තවත් අනුකමිටු තුනක් ස්ථාපිත කර තිබුණා. ඖෂධ සැපයීමට අදාළ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය කටයුතු කළා නේද ?

සාක්ෂිකරු ; ඒක වෙනම අංශයක්. ඒ නිසා මට ඒ ගැන වැඩිය අවබෝධයක් නෑ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධීකරණ කටයුතුයි අපේ කමිටුව සිදු කළේ.

විත්තියේ නීතිඥ ; යම් ඖෂධයක් ආනයනය කිරීමට අදාල ඉල්ලීමක් එන්නේ ඖෂධ අනුකමිටුව හරහා නේද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි.

විත්තියේ නීතිඥ ; එම ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග, ආහාර වර්ග හා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපනයනය කරන්න ඇතිනේ. ඊට අදාළ ගොනු ඒවා කුමක්ද කොපමණ ප්‍රමාණයක්ද කියන එක පැහැදිලි කර ගන්න අදාල ලේඛනත් අරගෙනනේ ඔබතුමා අද සාක්ෂි දෙන්න ඇවිත් ඇත්තේ.

සාක්ෂිකරු ; කීපයක් අරගෙන ආවා. මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.

විත්තියේ නීතිඥවරයා ; ඔබට අධිකරණයෙන් සිතාසි ලැබුණේ පෙර කී සම්බන්ධීකරණ කමිටුව ගැන සාක්ෂි දෙන්න එන්න කියලනේ. එහෙම නම් ඔබ තීරණය කරලද ආවේ මම මේ ලිපි ගොනුවල තියෙන කරුණු ගැන විතරයි සාක්ෂි දෙන්නේ කියලා. ඔබ එහෙම තීරණය කරලද ලිපිගොනු කීපයක් විතරක් අරගෙන ආවේ.

සාක්ෂිකරු ; මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.

විත්තියේ නීතිඥ ; ඔබට කියන්න පුළුවන්ද අහවල් ඖෂධය මෙච්චරක් ගෙනාවා කියලා.

සාක්ෂිකරු ; එකී තොරතුරු සියල්ල අපේ දත්ත පද්ධතියේ තියෙනවා. ඒකෙන් බලාගන්න පුළුවන්. පැ 63 ලේඛනය කියන්නේ මුදල් අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක්නේ. 2022.10.10 වැනිදා වන විට එක් එක් මිලදී ගැනීම් සඳහා වෙන් කරන ලද මුදලින් කොපමණ ප්‍රතිශතයක් වියදම් කර ඇතිද කියලා ඔබට කියන්න පුළුවන්ද? එක් එක් අනුකමිටු බයිපාස් කරලා ප්‍රධාන කමිටුවට ඉල්ලුම් කරන්න අදාල අපනයනකරුවන් පුළුවන්ද?

සාක්ෂිකරු ; මගේ දැනුමේ හැටියට බෑ. එකී අනුකමිටු තුන නිර්දේශ කරලා එවන ඉල්ලුම් තමයි අපි සම්බන්ධීකරණ කමිටුව ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යවන්නේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුමත කලාට පසුව තමයි ඉතිරි කටයුතු කරන්න පුළුවන්.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 5 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.

#සටහන – සුජීවා

Latest Posts

spot_imgspot_img