විශේෂ දේශපාලන විශ්ලේෂණයකි
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා (ACJU) සංවිධානයේ මහා ලේකම් අෂ්-ෂෙයික් අර්කම් නූරාමිත් මහතා ශුද්ධ වූ මක්කා නුවරදී සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ පුවත, හුදු ආගමික සිදුවීමකට එහා ගිය දැඩි දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික කැළඹීමක් ලංකාව තුළ නිර්මාණය කර ඇත.

රටවල් දෙකක නිල එකඟතාවයන් මත, ශුද්ධ වූ හජ් වන්දනාව සඳහා ගිය ලාංකික ආගමික නායකයෙකුව මිනා පිටියේදී මෙලෙස දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටුපස ඇත්තේ ලංකාවේ අභ්‍යන්තර රාජ්‍ය තීරණ පාවාදුන් නින්දිත ලාංකික කුමන්ත්‍රණයකි.
මෙය සෞදි අරාබිය විසින් ලංකාවේ ස්වෛරීභාවයට සහ පරිපාලන තීන්දුවලට කළ අතපෙවීමක්ද? නැතහොත් පටු පුද්ගලික පළිගැනීමක් වෙනුවෙන් සෞදි රජය පාවිච්චි කිරීමක්ද?
1. සෞදි පුරවැසි ලාංකිකයාගේ කුමන්ත්‍රණය සහ අසත්‍ය චෝදනා
මෙම නින්දිත ක්‍රියාවට මුල් වී ඇත්තේ සෞදි පුරවැසිභාවය ලබා සිටින, තමන් මක්කාවේ ලාංකික වන්දනාකරුවන්ගේ භාරකරු ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයෙකි. ඔහු විසින් සෞදි බලධාරීන්ට දුන් පැමිණිල්ල සෘජුවම ලංකා රජයට එරෙහි අභියෝගයකි.
- පොත් තහනම සහ රේගු ගැටලුව: සෞදියෙන් ලංකාවට එවූ ආගමික පොත් සහ අල්-කුර්ආන් පිටපත් ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමට ප්‍රධාන වගකිවයුත්තා ෂෙයික් අර්කම් බවට පැමිණිලිකරු චෝදනා කර ඇත.
- සැබෑ තත්ත්වය: ෂෙයික් අර්කම් යනු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ “ඉස්ලාමීය ග්‍රන්ථ සමාලෝචන කමිටුවේ” නිල සාමාජිකයෙකි. රට තුළට එන ආගමික මතවාද පරීක්ෂා කිරීම ලංකා රජයේ අයිතියකි. රජයේ නිලධාරියෙකු තම රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීන්දුවක්, වෙනත් රටකදී අපරාධයක් ලෙස පෙන්වීමට මෙම කුමන්ත්‍රණකරු උත්සාහ කර ඇත.
- ආගමික ලේබල් ඇලවීම: ෂෙයික් අර්කම් “වෙළුණු වහබ්වාදයට” පටහැනි “සුෆි” මතධාරියෙකු බවත්, ඔහු සෞදි මතවාදයට විරුද්ධව වන්දනාකරුවන් අතර මත ප්‍රචාරය කරන බවත් පවසමින් ඔහුව සෞදියෙන් පිටුවහල් කරන ලෙස හෝ සිරගත කරන ලෙස කුමන්ත්‍රණකරු ඉල්ලා ඇත.
2. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්ද?
ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) මඟින් ලංකාවට දෙන නිල හජ් කෝටාව යටතේ, වලංගු වීසා සහිතව ගිය ලාංකිකයෙකු, ලංකාව ඇතුළත කළ නිල රාජකාරියක් මුල් කරගෙන ප්‍රශ්න කිරීමට සෞදි බලධාරීන්ට කිසිදු සදාචාරාත්මක හෝ ජාත්‍යන්තර නෛතික අයිතියක් නැත.
දැඩි ස්ථාවරය: මෙය වෙනත් රටක අභ්‍යන්තර දේශපාලන හා පරිපාලන කටයුතුවලට සෞදි බලධාරීන් සෘජුවම මැදිහත් වීමකි. ලංකා රජයේ උපදේශක සභා සාමාජිකයෙකු මෙලෙස රඳවා තැබීම ශ්‍රී ලංකා රාජ්‍යයට කළ නිහඬ අපහාසයකි.
3. කොළඹ පාලනය නිද්‍රාවෙන් මිදිය යුතුය: ගත යුතු ක්ෂණික පියවර

මෙම සිදුවීමෙන් පසු ෂෙයික් අර්කම් නිදහස් කර තිබුණද, සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික හානිය සුළුපටු නොවේ. මේ සම්බන්ධයෙන් ලංකා රජය සහ දේශපාලන අධිකාරිය වහාම ක්‍රියාත්මක විය යුතුය:
- තානාපතිවරයා කැඳවීම: ලංකා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වී, කොළඹ සිටින සෞදි තානාපතිවරයාව කැඳවා රජයේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කළ යුතුය.

- නිල වාර්තා කැඳවීම: සෞදියේ සිටින ලංකා තානාපති අමීර් අජ්වාද් සහ ජෙද්දා කොන්සල් ජනරාල් (හිටපු අභියාචනාධිකරණ විනිසුරු) ලෆාර් තාහීර් වහාම මෙම ප්‍රශ්න කිරීම් පිටුපස ඇති කුමන්ත්‍රණය ගැන පූර්ණ වාර්තාවක් ලංකාවට එවිය යුතුය.
- නෛතික සහ දේශපාලන බලපෑම: ලංකාවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුස්ලිම් නීතිඥ සංගමය එක්ව, රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ ෂෙයික් අර්කම් වෙනුවෙන් සෞදි රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වන්දියක් සහ යුක්තියක් ඉල්ලා සිටීමට බලපෑම් කළ යුතුය.
අවසාන අදහස
ශුද්ධ වූ මක්කම යනු සෞදි පාලකයන්ට ලෝකයේ දේශපාලන පළිගැනීම් පිරිමසා ගැනීමට ඇති පෞද්ගලික බිම්කඩක් නොවේ. ලංකාවේ රජයේ තීන්දු තීරණවලට එරෙහිව ක්‍රියා කරන, සෞදි පුරවැසිභාවය ගත් ද්‍රෝහීන්ගේ කේලාම්වලට රැවටී, ලංකාවේ ආගමික නායකයන් දඩයම් කිරීමට සෞදි ආරක්ෂක අංශවලට ඉඩ දිය නොහැක. මේ සම්බන්ධයෙන් ලංකා රජය සෞදියට එරෙහිව කොන්ද කෙළින් තබා නිල විරෝධය පළ නොකළහොත්, ඉදිරියේදී ලංකාවේ ඕනෑම නිලධාරියෙකුට සෞදියේදී මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත.



