Wednesday, January 14, 2026
spot_img

Latest Posts

කල් ඉකුත් වූ බෙහෙත් : HEMAS වරද පිළිගනී!

හරි දේශය ගොසිප් කෝණරය:

බෙල්ලන පස්සේ පන්නන අනිල් සහ නලින්ද නීතිපති හමුවට ගොස් හිස් අතින් ගෙදර යති!

සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ අද වන විට මහා පරිමාණ දූෂණ සහ වංචාවල තෝතැන්නක් වෙලා. පසුගිය දවස්වල වැඩිපුරම කතාබහට ලක්වුණේ කල් ඉකුත් වූ ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය (Chemicals) රෝහල් පද්ධතිය තුළ භාවිත කිරීම පිළිබඳවයි. සිද්ධිය උනේ ජාතික රෝහලේ. රජයේ විගණන කණ්ඩායම හෙළිකරගත්තේ.

මේ සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කුණු” රෙදි එළියට එන්න පටන් අරන්.

නීතිපති හමුවට ගිය “නාට්‍යය”

අද දවසේ විශේෂම සිදුවීම වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයායි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාම යාමට ඔන්න මෙන්න ඉන්න ලේකම්වරයායි නීතිපතිවරයා හමුවීමට යාමයි. එහිදී ඔවුන්ට මුණගැසුණේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාවයි.

එතනදී ලේකම්වරයා අපූරු කතාවක් කියලා තියෙනවා:

“සෞඛ්‍ය ක්ෂේත්‍රයට එරෙහිව මෙහෙම චෝදනා (කල් ඉකුත් වූ බෙහෙත් ගැන) දැම්මොත් මේ ක්ෂේත්‍රය දුවන්නෙ නෑ. ජනතාවගේ විශ්වාසය බිඳෙනවා.”

ඒ විතරක් නෙවෙයි, මේ දූෂණය හෙළිදරව් කරමින් අල්ලස් කොමිසමට පවා කරුණු වාර්තා කළ රුක්ෂාන බෙල්ලනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලත් ඔවුන් ඉල්ලලා තියෙනවා.

හැබැයි දිලීප පීරිස් මහතාගෙන් ලැබිල තිබුණෙ  “කම්මුල් පාරක්” වැනි පිළිතුරක් කියලයි අපගේ ගොසිප් කෝණරයට නම් වාර්තා උනේ:

එහෙම කරන්න බැහැ, පුද්ගලයන්ට විරුද්ධව එහෙම නීතිය ක්‍රියාත්මක කරන්න පදනමක් නැහැ”

කියලා ඔහු කෙලින්ම කියලා තියෙනවා.

අන්තිමේදී ඇමති, ලේකම් දෙන්නටම සිද්ධ වුණේ හිස් අතින් ගෙදර යන්නලු.

💊 හේමාස් වරද පිළිගනී: “ඒක සුළු දෙයක්ද?”

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සහ ජාතික රෝහලේ නිලධාරීන් අතර පැවැති රහසිගත සාකච්ඡාවකදී තවත් බෝම්බයක් පිපිරිලා. එහිදී අමාත්‍යාංශයේ කල් පිරුනු “ලොකු ලොක්කෙක්” කියලා තියෙන්නේ, කල් ඉකුත් වූ බෙහෙත් තිබීම ලොකු දෙයක් නොවන බවත්, හේමාස් (Hemas) සමාගම ඒ වෙනුවට අලුත් බෙහෙත් ලබාදීමට (Replace කිරීමට) එකඟ වී ඇති බවත්ය.‍

අපේ ප්‍රශ්නය මේකයි:

1. හේමාස් සමාගම බෙහෙත් රීප්ලේස් කරන්න එකඟ වුණා කියන්නේම ඔවුන් අතින් වරදක් වූ බව පිළිගැනීමක් නේද?

2. වරදක් කරලා අහුවුණාම, “සොරි මම ඒක හදන්නම්” කිව්වම නීතියෙන් බේරෙන්න පුළුවන්ද?

3. කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොදාගැනීම නිසා රෝගීන්ට සිදුවූ අගතියට වගකියන්නේ කවුද?

ජනාධිපතිතුමනි, අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත!

විගණන වාර්තාවෙන් සියල්ල ඔප්පු වී තිබියදීත්, අමාත්‍යාංශයේ බලධාරීන් උත්සාහ කරන්නේ මේ මහා විනාශය යටගැසීමටයි. විෂය භාර ඇමතිවරයා තවමත් නිලධාරී මාෆියාවට නතු වූ “ළාමක ටිං ටිං” කෙනෙක් වගේ හැසිරෙන බව පෙනෙන්නට තිබේ.

නමුත් රටේ ජනාධිපතිවරයා මේ ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතුය. දූෂණයට එරෙහිව ආ ආණ්ඩුවක්, හොරුන් රකින්නට උත්සාහ කරන නිලධාරීන් සමඟ “ලැග්ගොත්”, නැගිටින්න වෙන්නේ “මැක්කන්” සමඟ බව අමතක නොකළ යුතුය. තව දින කිහිපයකින් විශ්‍රාම යන නිලධාරීන්ට රිසි සේ නීතිය නැමීමට ඉඩ නොදී, අශ්වයා ගියාට පසු ඉස්තාලය නොවසා.. විගණන වාර්තාව හරහා පෙන්වා දුන් මේ බරපතළ වංචාව ගැන වහාම ක්‍රියාත්මක විය යුතුය.

යුක්තිය ඉටුවන තෙක් අපි බලා සිටිමු!

  • හරි දේශය ගොසිප් කෝණරය

Latest Posts

spot_imgspot_img