Wednesday, January 14, 2026
spot_img

Latest Posts

නොරෙච්චෝලෙට ‘බාල ගල් අඟුරු’ දෙන්න ගිය Trident මෙහෙයුම එළියට: ඇමති කුමාර ජයකොඩිටත් ඇඟිල්ල දිගු වෙයි!

ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය බරපතල අනතුරකට ලක් කරමින්, සුදුසුකම් නොමැති බවට චෝදනා එල්ල වන සමාගමකට ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරයක් හේතුවෙන් ඉදිරියේදී රටම අඳුරට ඇද වැටීමේ අවදානමක් මතුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ටෙන්ඩරය ලැබුණු හැටි සහ “අතීත වතගොත”

පසුගිය 2025 සැප්තැම්බර් මස විවෘත කළ ගල් අඟුරු ටෙන්ඩරයේ අවම ලංසුව ඉදිරිපත් කර තිබුණේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදකයෙකු වන Aurbindo Pharmaceuticals සමාගමට අනුබද්ධ Trident Chemphar ආයතනයයි. ඖෂධ නිෂ්පාදනයට දක්ෂ වුවද, ගල් අඟුරු වෙළඳාමේ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව බලශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රශ්න මතු කරති. වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම සමාගමේ හිමිකාරිත්වයට සම්බන්ධ පුද්ගලයෙකු මීට පෙර ඉන්දියාවේදී මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට පත්ව සිටි අයෙකු වීමයි.

දේශීය නියෝජිතයා සහ දේශපාලන සම්බන්ධතා මෙම ගනුදෙනුවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ICC තහනමකට ලක්වූ හිටපු ක්‍රිකට් විශ්ලේෂකයෙකු වන සනත් බණ්ඩාර ජයසුන්දර බව වාර්තා වේ. මීට අමතරව, හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සහ වර්තමාන දේශපාලන ක්‍රියාධාරීන් කිහිපදෙනෙකුගේ නම් ද මෙම සමාගමේ සම්බන්ධතා ජාලය තුළ කියැවේ.

බාල ගල් අඟුරු සහ ඇමතිවරයාගේ මැදිහත්වීම?

අතිශය විශ්වාසදායක ආරංචි මාර්ග පවසන පරිදි, Trident Chemphar සමාගම විසින් මෙරටට එවූ පළමු ගල් අඟුරු නැව, නියමිත ප්‍රමිතිය නොමැති වීම (Quality Failure) හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇත. එහෙත් දෙවනුව පැමිණි නැවේ ගල් අඟුරු සම්බන්ධයෙන්ද මතුව ඇත්තේ එවැනිම ගැටලුවකි.

සාමාන්‍යයෙන් ගල් අඟුරු වල ගුණාත්මකභාවය හරියාකාරව තහවුරු වන්නේ ඒවා බොයිලරයට ඇතුළත් කර දහනය කිරීමෙන් පසුවය. එහෙත්, ක්ෂේත්‍රයේ පැතිර යන කටකතාවලට අනුව, විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නිලධාරීන්ට දැඩි බලපෑම් කරමින් සිටින්නේ පරීක්ෂණ ගැන නොබලා, ගබඩා කර ඇති පැරණි ගල් අඟුරු සමඟ මිශ්‍ර කර හෝ මෙම තොග භාවිතයට ගන්නා ලෙසයි.

දූෂණය පිටුදකින ආණ්ඩුවක “වෙනස්ම මුහුණුවරක්”?

හොරකම සහ දූෂණය තුරන් කිරීමට ජනවරමක් ලැබූ ආණ්ඩුවක අමාත්‍යවරයෙකුට මෙවැනි චෝදනා එල්ල වීමත්, අල්ලස් කොමිසමේ නඩු පවතින පුද්ගලයින්ට වගකීම් පැවරීමත් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වෙමින් පවතී. මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා නොරෙච්චෝලේ බලාගාරයට හානි සිදුවුවහොත්, එහි වගකීම අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බව විචාරකයෝ පෙන්වා දෙති.

Latest Posts

spot_imgspot_img