Wednesday, January 14, 2026
spot_img

Latest Posts

කොළඹ නගර සභාව දිනවන්න කෝටි 20ක ‘බජට් පැකේජ්’ එකක්! රනිල්ගේ ‘රිමෝට් කොන්ට්‍රෝල්’ මෙහෙයුම සහ අතුරුදන් වූ මන්ත්‍රීවරුන්ගේ රහස!

– හරි දේශය ගොසිප් කෝණරය

පළමු වටයේදී අසාර්ථක වී, දෙවැනි වටයේදී “අති සාර්ථක” ලෙස ජයගත් කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය පිටුපස ඇති අතිශය රහසිගත දේශපාලන ගේම් එක දැන් කරළියට පැමිණ තිබේ. අද (31) පැවති ඡන්ද විමසීමෙන් මාලිමාව අයවැය ජයග්‍රහණය කළද, එම ජයග්‍රහණය පිටුපස ඇති “ඩීල්” දේශපාලනයේ නියමුවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

කෝටි 20ක “අයවැය මෙහෙයුම”

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, පරාජය වීමට නියමිතව තිබූ කොළඹ අයවැය කෙසේ හෝ දිනවීම සඳහා රුපියල් කෝටි 20 දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර ඇතැයි දේශපාලන ගොසිප් පිටියේ සැරටම කතාවන්නකි.. මෙම අරමුදල් සපයා ඇත්තේ එජාපයේ සිට වත්මන් ජනාධිපතිවරයා සමග සම්බන්ධව සිටින ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසිනි.

මෙම රහසිගත ගනුදෙනු සම්බන්ධීකරණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇතැයි ආරාංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු එජාප සාමාජික සහ වත්මන් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට සහ එජාපයේ හිටපු නාගරික මන්ත්‍රී Nizer වෙතයි.

ලක්ෂ 50ක ලංසුව ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරු

මෙම “අයවැය දඩයමේ” වඩාත්ම කැපී පෙනෙන හෙළිදරව්ව වන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳ ආරංචියයි. මොහොමඩ් කාලිද් සහ අරුණි ප්‍රියංගිකා යන මන්ත්‍රීවරුන්ට අයවැයට පක්ෂ වීම සඳහා හෝ සහභාගී නොවී සිටීම සඳහා ලක්ෂ 50 බැගින් ලබාදීමට යෝජනා වී ඇතැයි පැවසෙන අතර ඔවුන් දෙදෙනාම එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අසනීප වූ අම්මලා සහ අතුරුදන් වූ මන්ත්‍රීවරු

ඡන්දය විමසන තීරණාත්මක මොහොතේදී ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය හාස්‍යජනක මෙන්ම සැකකටයුතුය:

  • රම්සි හාජියාර් (එජාප): රැස්වීමට පැමිණ සිටියද, ඡන්දය විමසන මොහොතේම “මවට අසනීප බව” පවසා සභාවෙන් පිටව ගොස් තිබේ.
  • ඉන්දික (ශ්‍රීනාත් පෙරේරාගේ පක්ෂය): කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සුවිශේෂී දිනයක් වූ  අද දින සභාවට පැමිණීම මග හැර තිබේ.
  • Shain Ram (සජබ): කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අද සභාවට පැමිණ නැති අතර ඊයේ රාත්‍රියේ සිට දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත.
  • සොහාරා බුහාරි (මුස්ලිම් කොංග්‍රසය): පක්ෂයේ තීරණයට පිටුපා පාලක පක්ෂයට පක්ෂව ඡන්දය ලබා දුන්නාය. ඇයට එරෙහිව මේ වන විටත් මුස්ලිම් කොංග්‍රසය විසින් විනය පරීක්ෂණ සූදානම් වෙමින් පවතී.

රනිල්ගේ “සජිත් විරෝධී” දේශපාලන තියරිය

දේශපාලන විචාරකයින් පවසන්නේ කොළඹ නගර සභාව තුළ මාලිමාව ලැබූ මෙම ජයග්‍රහණය ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගික ජයග්‍රහණයක් බවයි. සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන වශයෙන් වාසිදායක විය හැකි කිසිදු අවස්ථාවකට ඉඩ නොදීම රනිල්ගේ අරමුණ වී ඇත.

සජිත්ගේ බලය බිඳීමට අවශ්‍ය නම්, රනිල් ඕනෑම අවස්ථාවක ආණ්ඩු පක්ෂය (මාලිමාව) වෙනුවෙන් වුවද තිරය පිටුපස සිට “රිමෝට් එක” ක්‍රියාත්මක කරන බව මෙම කොළඹ නගර සභා අයවැය ජයග්‍රහණයෙන් නැවත වරක් තහවුරු වී තිබේ. ජනාධිපතිවරණයේදී රනිල්ගේ ක්‍රියාකලාපය ගැන ඔහුගේ සමීපතම හිතවතුන් පවා දැන් දැන් එව කොතෙක් අනුර දිසානායක වෙනුවෙන් සැළසුම් සහගතව ක්‍රියාකලාද යන්න පැහැදිල් කරමින් සිටිති.

කෙසේ වුවත් සජිත් ජයගන්නා ඕනෑම තැනක රනිල් රතු එළියක් දල්වන බව දැන් පැහැදිලිය!

‍ඔය සජබ+එජාප සාකච්ඡා යනු හුදෙක් රට කෝළම් පමණි.

සුභ නව වසරක් වේවා!

-හරි දේශය ගොසිප් කෝණරයේ අපි_

Latest Posts

spot_imgspot_img