Saturday, December 20, 2025
spot_img

Latest Posts

ඔන්ඩැන්සෙට්‍රෝන් අර්බුදය: ස්වාධීන ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණයක් කරන්න! අපි පිරිවැය දරන්නම්!

Ondansetron එන්නත සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව එහි මව් සමාගම වන ඉන්දියාවේ Maan Pharmaceuticals Ltd සමාගම විසින් ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙත අද(19) ලිපියක් යොමු කර තිබේ.  

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ භාවිතය තාවකාලිකව අත්හිටුවන ලද Ondansetron (8mg/4ml) එන්නතෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින සැකය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන රසායනාගාරයක් හරහා පරීක්ෂණයක් පවත්වන ලෙස එහි නිෂ්පාදක Maan Pharmaceuticals සමාගමේ ඉල්ලීම වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු ඉහළ සෞඛ්‍ය බලධාරීන් වෙත මෙම ලිපිය යොමු කර ඇත.  

සමාගම ඉල්ලා සිටින්නේ,

ස්වාධීන පරීක්ෂණ සඳහා සාම්පල මුදා හැරීම: භාවිතය අත්හිටුවන ලද OD24021E, OD25009E, OD25024E, සහ OD25023E යන කාණ්ඩවලට (Batch Numbers) අයත් ඖෂධ සාම්පල ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක පරීක්ෂා කිරීම සඳහා මුදා හරින ලෙස.

පිරිවැය දැරීම: මෙම ස්වාධීන පරීක්ෂණ සඳහා යන පිරිවැය නිෂ්පාදක සමාගම විසින්ම දැරීමට සූදානම් බව.

නිසි ගබඩාකරණය: පරීක්ෂණ සඳහා ලබාගන්නා සාම්පලවල විශ්වසනීයත්වය රැකගැනීම සඳහා ඒවා නිසි උෂ්ණත්ව සහ ගබඩා කොන්දේසි යටතේ පවත්වාගෙන ගිය ඒවා විය යුතු බව.

වගකීම සහ විනිවිදභාවය: ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු විනිවිදභාවයකින් යුතුව විසඳා ගැනීමටත්, ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමටත් තමන් බැඳී සිටින බව නිෂ්පාදක සමාගම යළිත් තහවුරු කර තිබේ.  

මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමු කර ඇත.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO-GMP) සහ ISO 9001-2008 ප්‍රමිති සහතික ලත් ආයතනයක් ලෙස තම නිෂ්පාදන පිළිබඳව පවතින මෙම සැකය විද්‍යාත්මක පදනමක් මත නිරාකරණය කර ගැනීමට හැකි ඉක්මනින් අවස්ථාව ලබා දෙන ලෙස Maan Pharmaceuticals සමාගම සෞඛ්‍ය බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.  

Latest Posts

spot_imgspot_img