Latest Posts

අජිත් ධර්මපාලගේ මහනුවර නිවසට ගිනි තැබීම පිටුපස වීසා ලබාගැනීමේ සැලසුමක්ද? ‘කයිවාරු.net’ හෙළිදරව්වක්

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අජිත් ධර්මපාල මහතාගේ මහනුවර පිහිටි නිවසට ගිනි තැබීමේ සිද්ධිය පිටුපස, විදේශයක දේශපාලන රැකවරණ (Asylum) හෝ ස්ථිර සංක්‍රමණික වීසා ලබාගැනීමේ උත්සාහයක් පවතින බවට ‘කයිවාරු.net’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව, මෙම සිදුවීම සංවිධානාත්මක පාතාල ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පැවතියද, කිසිවෙකුත් පදිංචිව නොසිටි පාළු නිවසක් ඉලක්ක කර මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ මෙරට තුළ තම ජීවිතයට දැඩි තර්ජනයක් පවතින බව විදෙස් පාර්ශව වෙත පෙන්වීමට සකස් කළ කෘත්‍රිම සිදුවීමක් ලෙසිනි.

විදේශගතව සිටින අජිත් ධර්මපාල මහතාට එම රට තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමේ අයිතිය තහවුරු කරගැනීම සඳහා මෙරටින් ප්‍රබල සාක්ෂි අවශ්‍යව තිබූ බවත්, ඒ සඳහා ක්‍රියාත්මක වූ බව කියන මෙම සැලසුම පිටුපස හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු මෙරට සිටින ඔහුගේ සමීප හිතමිතුරු ජාලයේ සෘජු සම්බන්ධීකරණය ලැබී ඇති බවත් අදාළ පුවතේ සඳහන් වේ.

තවද, උවිඳු කුරුකුලසූරිය ඇතුළු ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කරුණු විමර්ශනයකින් තොරව මෙම සිදුවීම පදනම් කරගනිමින් ආණ්ඩු විරෝධී ප්‍රචාර ගෙනයමින් සිටින බවටද එම වාර්තාව චෝදනා කරයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් (SOCO) මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති අතර, මෙම ගින්න සැබෑ අපරාධයක්ද නැතහොත් වීසා ගැටලුවකට පිළියමක් ලෙස සිදුකරගත් සැලසුම් සහගත නාටකයක්ද යන්න අපක්ෂපාතීව හෙළිදරව් කරගැනීම ආරක්ෂක අංශ සතු ප්‍රධාන වගකීමක් බව ‘කයිවාරු.net’ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

(මූලාශ්‍රය: කයිවාරු.net)

Latest Posts

spot_imgspot_img