[Special Analytical Report]
The ongoing trial concerning the highly controversial pharmaceutical procurement scandal reached a critical nexus yesterday (May 22) before a three-judge trial-at-bar in the High Court. The testimony of Susantha Athula Kumara—the former Director General of the Department of State Enterprises under the Ministry of Finance—who took the stand for a fourth consecutive day, did more than expose bureaucratic dysfunction; it laid bare systemic fissures and procedural irregularities within the state’s emergency procurement apparatus.

Judicial Interrogation: The Burden of Accountability
At the commencement of the proceedings, the Trial Bench, led by the Presiding Judge and Judge Viraj Weerasuriya, initiated an incisive line of questioning, focusing heavily on the witness’s execution of official oversight.
- Judge Viraj Weerasuriya: “Why have approximately twelve individuals, outside of the formal committee members, been designated under the category of ‘Others’? Furthermore, why was this inclusion omitted in documents P-259 and P-261?”
- Witness: “I possess no knowledge regarding that matter, Your Honour.”
- Presiding Judge: “How many documents were available at the time of executing the Free Evaluation?”
- Witness: “To the best of my recollection, there were around twenty.”
This exchange illuminated a critical vulnerability in state governance: the tendency of high-ranking officials to execute legally binding endorsements based on implicit “institutional trust” rather than rigorous verification of the documentary evidence before them.
Cross-Examination: Bypassing the Cabinet Directive
Representing the State, the Deputy Solicitor General systematically dismantled the defense’s narrative of procedural compliance, exposing stark contradictions regarding the statutory framework of the transaction.
- Deputy Solicitor General Lakmini Girihagama: “Was a selected pharmaceutical procurement list presented at the committee meeting held on October 13?”
- Witness: “No, Your Honour.”
- Deputy Solicitor General: “Given that the Cabinet of Ministers had explicitly mandated procurement via the Board of Investment (BOI) utilizing the Indian Credit Line (ICL), did you, as a committee member, possess the legal authority to alter or override that executive directive?”
- Witness: “No, Your Honour.”
By securing this admission, the prosecution established a vital legal pivot: that the steering committee knowingly operated outside the parameters of its Cabinet-mandated jurisdiction when it transitioned into direct purchasing.
The Defense: Advancing the Doctrine of Necessity
Counsel for the defense aggressively cross-examined the witness to construct a robust narrative of justification, arguing that the deviations from standard protocol were compelled by an imminent humanitarian emergency.
- Defense Counsel: “You have previously testified that a total stockout of essential medicine at the Medical Supplies Division (MSD) was imminent. In light of that critical situation, did you and fellow committee members deliberate upon the potential risk to human lives if immediate action was not taken?”
- Witness: “Yes, Your Honour. We were fully cognizant of the fact that if the severe shortage was not addressed within the ensuing three weeks, a catastrophic public health crisis would materialise.”
- Defense Counsel: “Therefore, is it not correct to state that your endorsement of those procurement documents was executed in good faith, with the sole objective of averting this severe pharmaceutical shortage?”
- Witness: “The primary basis was that we were informed that the Indian Credit Line (ICL) process was delayed; hence, we collectively explored alternative avenues to expedite the imports.”
Legal Battleground: Defining the Procuring Entity

The trial escalated into a fierce adversarial debate when the prosecution attempted to pin down the statutory definition and boundaries of administrative accountability.
- Deputy Solicitor General Lakmini Girihagama: “In respect of the items procured under the BOI framework, did you, in your capacity as a steering committee member, have a clear understanding as to who the designated Head of the Procurement Entity was?”
(At this juncture, defense counsel representing multiple factions raised strenuous objections, arguing the question went beyond permissible limits.)
- The Trial Bench: “The defense objections are sustained. This specific question is hereby struck from the record.”
Analytical Commentary & Legal Implications
This session of the trial graphically underscores the friction between administrative non-compliance and the ‘Doctrine of Necessity’ during a national crisis. While the prosecution is building a formidable case around the palaver of procedural illegality and unauthorized deviations from Cabinet mandates, the defense is relying heavily on force majeure—arguing that procedural rigidity must yield to the immediate preservation of human life.
However, the witness’s frequent recourse to plea-like claims of “lack of knowledge” or “limited comprehension” regarding critical annexures undermines the defense’s position. It paints a picture of a flawed procurement process where major fiscal commitments were made with minimal due diligence.
As the High Court adjourned proceedings until May 25, the legal battle lines are drawn. The upcoming sessions will undoubtedly test whether the pressure of an emergency can legally absolve state officials from the strictures of statutory accountability.
Legal Editor’s Note: This report conforms strictly to international legal reporting standards. It is based entirely on documented court proceedings and maintains a neutral stance, respecting the sub-judice rule and the presumption of innocence until a final verdict is delivered.
විවාදාත්මක ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ (22) ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියෙහි විභාගයට ගැනිණි.
එදින සාක්ෂි දීම සඳහා කැඳවා සිටි මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පැටිකිරි ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා පැමිණීම විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වන බව දැනුම් දී තිබීම හේතුවෙන්, පෙරවරු 10.30 ට ආරම්භ වීමට තිබූ නඩු විභාගය පැය භාගයක් කල් තබා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.
සිව්වන දිනටත් සාක්ෂි දීම සඳහා පෙනී සිටි සුසන්ත අතුල කුමාර මහතාගෙන්, විනිසුරු විරාජ් වීරසූරිය මහතා ආරම්භයේදීම කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න කළේය.
විනිසුරු: HSEPC කමිටුවට ඇගයීම් කමිටුවක් තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
විනිසුරු: ඒ ගැන මාතෘකාව සහිතව සඳහන් කර තිබේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
විනිසුරු: පැ 259 සහ පැ 261 ලේඛනවල මේ පිළිබඳව සඳහන් වෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
විනිසුරු: කමිටුවේ සාමාජිකයින් හැර තවත් පුද්ගලයින් දොළොස් දෙනෙකු පමණ ‘others’ (වෙනත්) ලෙස යොදා තිබෙන්නේ ඇයි?
සාක්ෂිකරු: ඒ පිළිබඳව දැනුමක් නැහැ ස්වාමීනි.
විනිසුරු: පැ 259 සහ පැ 261 ලේඛනවලදී එසේ සඳහන් නොකළේ ඇයි?
සාක්ෂිකරු: දැනුමක් නැහැ ස්වාමීනි.
විනිසුරු: SC කමිටුවක් යනු කුමක්ද?
සාක්ෂිකරු: දේශීය සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී මිල තීරණය කරන කමිටුවක්.
විනිසුරු: පැ 259 සහ පැ 261 ලේඛනවල 'price committee' (මිල කමිටුව) ලෙස නම් කළ කමිටුවක් තිබුණාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
විනිසුරු: 259A ලේඛනය බලන්න. එහි ඇමරිකානු ඩොලර්වලින් මිල සඳහන් වෙනවා. ඒ මිල ගණන් ගණනය කර ඇත්තේ කෙසේද?
සාක්ෂිකරු: භාණ්ඩ ආනයනයේදී C කමිටු ලෙසත්, F නැව් ගාස්තු (Freight) ලෙසත් සඳහන් වෙනවා.
විනිසුරු: පැ 259 පිටු අංක 151 හි 1.4 ඡේදයේ සඳහන් දේ මට කෙටියෙන් කියන්න.
සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් අංශය (MSD) සතු තොගය ප්‍රමාණවත් නොවන අතර එය නරක තත්ත්වයේ පවතින බවත්, ඉදිරි මාස තුන ඇතුළත එය ශුන්‍ය (0) විය හැකි බවත් එහි සඳහන්. එමෙන්ම සර්ජිකල් (ශල්‍ය) අයිතම ද ශුන්‍ය වී ඇති බැවින් දැඩි හිඟයක් ඇති විය හැකි බවත්, ඉදිරි සති තුන ඇතුළත ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි බවත් එහි දක්වා තිබෙනවා.
විනිසුරු: 78 ගොනුවේ 1.8 ඡේදයේ සඳහන් වන්නේ කුමක්ද?
සාක්ෂිකරු: මේ වන විට අයිතම 22 ක් ලබා දී ඇති බවත්, තවත් අයිතම 32 ක් ලැබීමට ඇති බවත් MSD ආයතනය දැනුම් දී ඇති බව එහි සඳහන් වෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය කළ හරස් ප්‍රශ්න විමසීම
අනතුරුව නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළාය.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 1.6 ඡේදයේ 158 අංකයෙහි කමිටු තීරණයක් ගැන සඳහන්ව තිබේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 2022/10/13 සහ 10/18 දිනවල ගත් තීරණ අනුව, කිසිදු තීරණයක් ගත්තේ නැති බව ඔබ මීට පෙර අධිකරණයට ප්‍රකාශ කළාද? එහි සියලු තීරණවල එකතුව කීයක් තිබේද?
සාක්ෂිකරු: 188 ක් කියා වගේ මතකයි.
විනිසුරු: 2023 ජූනි මාසයෙන් පසු දිනක මෙයට අත්සන් කරද්දී, ඊට මාස 7 කට පෙර අත්සන් කරන ලද ලේඛන පිළිබඳව ඔබට අදහසක් තිබුණාද?
සාක්ෂිකරු: නැත.
විනිසුරු: ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
විනිසුරු: වෛද්‍ය සැපයුම් අංශය මේ සම්බන්ධයෙන් කළ යමක් 157 පිටුවේ සඳහන්ව තිබේද?
සාක්ෂිකරු: මිලදී ගැනීමේ ඇණවුම් (Purchase Orders) නිකුත් කළ බව සඳහන් වෙනවා.
විනිසුරු: ඒ ඇයි කියා ඔබ දන්නවාද?
සාක්ෂිකරු: ඒ පිළිබඳව අවබෝධයක් නැහැ ස්වාමීනි.
විනිසුරු: මේ ලේඛන ඉදිරිපත් කරද්දී එහි ඇති කරුණු තහවුරු කිරීමට වෙනත් ලේඛනයක් ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
විනිසුරු: ඒ අවස්ථාවේ දුන් තොරතුරු පිළිබඳව ඔබට කිසියම් බාධාවක් හෝ සැකයක් තිබුණේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
විනිසුරු: බලන්න, 158 පිටුවට අනුව 2023 ජූනි වන විට ලැබී තිබුණේ අයිතම 22 යි. ඉතිරි අයිතම 136 ම ලැබී නැහැ. ඉන්පසුව නැවත නිකුත් කළ අයිතම 23 ක් ගැන කියවුණා. ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කළාද?
සාක්ෂිකරු: නැත.
සභාපති විනිසුරු: 1.4 මිනිට් (සටහන්) හි ඇතුළත් කාරණය පිළිබඳව විමසීමේදී, MSD සැපයුම් අංශයේ මාස තුනක් ඇතුළත තොග ශුන්‍ය වන බවත්, ඒ වන විටත් සමහර තොග අවසන් වී ඇති බවත් කියවුණා නේද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී.
විනිසුරු: ඉදිරි සති තුන ඇතුළත ඒවා සම්පූර්ණ නොකළහොත් ඖෂධ පිළිබඳ බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවන බව එහි කියා තිබුණාද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
විනිසුරු: නිදහස් ඇගයීමක් (Free Evaluation) කිරීමට පැමිණෙන විට ලේඛන කීයක් තිබුණාද?
සාක්ෂිකරු: විසි ගණනක් වගේ මතකයි.
විනිසුරු: විත්තියේ නීතිඥවරුන් දිගින් දිගටම ඇසුවේ ඔබ වගකීමෙන් යුතුව මෙයට අත්සන් කළාද යන්නයි. ඔබ එයට "ඔව්" කියා පිළිතුරු දුන්නා නේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
විනිසුරු: අත්සන් තබද්දී ලේඛන කියෙව්වාදැයි ඇසූ විටත් ඔබ "ඔව්" කීවා.
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී.
විනිසුරු: හැඳින්වීම (Introduction) කොටස කෙරෙහි ඔබ අවධානය යොමු කළාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී, මම ඊට සම්බන්ධ නැහැ. කෙසේ වෙතත්, මෙම තොරතුරු පිළිබඳව මා තුළ කිසිදු අවිශ්වාසයක් තිබුණේ නැහැ.
ඉන්දියානු ණය සහ සෘජු මිලදී ගැනීම් පිළිබඳ මතභේදය
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔක්තෝම්බර් 13 වැනිදා අත්සන් කිරීම සඳහා මෙය ඉදිරිපත් නොවූ බව ඔබ ප්‍රකාශ කළා. එමෙන්ම 18 හෝ 25 යන දිනවලද ඉදිරිපත් නොවූ බවත්, පසු දිනක ඒවා අත්සන සඳහා පැමිණි බවත් ඔබ කීවා නේද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිශ්චිත දිනයක් තිබේද?
සාක්ෂිකරු: සැප්තැම්බර් 26.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඒ පිළිබඳව ඔබව දැනුවත් කළාද?
සාක්ෂිකරු: නැත.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: එසේ නම් ඔබට ස්වාධීන මතයක් දැරිය හැකිද?
සාක්ෂිකරු: මට ලේඛන පිළිබඳ විශ්වාසයක් තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 6 වන විත්තිකරු වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව පෙන්වා දුන් අවස්ථාව මතකද?
සාක්ෂිකරු: ඔව්, මා මීට පෙර එවැන්නක් දැක නොමැති බව එදින ප්‍රකාශ කළා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ එම ලේඛන දෙක සමඟ ලැබුණු ඇමුණුම් කෙරෙහි අවධානය යොමු කළාද? මෙම පිටුවල ඔබේ අත්සන තබා තිබියදී, අදාළ ලේඛනයට පමණක් අත්සන නොතැබුවේ ඇයි? 6 වන සහ 9 වන විත්තිකරුවන් වෙනුවෙන් පැ 259 සහ 261 ඇමුණුම් සියල්ල ඉදිරිපත් කිරීමට සිදු වූ බව පැවසුවත් ඔබ එය ප්‍රතික්ෂේප කළා. නමුත් 259A සහ 261A ඉදිරිපත් වූ බව ඔබ පිළිගත්තා නේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 259 පිටු අංක 150 හි තිබෙන්නේ ලංසු කැඳවීමට අදාළ ඇමුණුමයි. එය ඉදිරිපත් නොවූ බව ඔබ ප්‍රකාශ කළා.
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: HSEPC කමිටුව ලිඛිතව අවසර නොදුන්නද ලංසු කැඳවීමට අවසර දෙන බව පැවසුණාද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: කමිටුවට ඉදිරිපත් කළ 'Invitation for Bids' (ලංසු කැඳවීමේ) මාර්ගෝපදේශවල හෝ පැ 259 ලේඛනයේ කොහේ හෝ සඳහන් වෙනවාද BOI (ආයෝජන මණ්ඩලය) හරහා කැඳවීමක් කර ඇති බව?
සාක්ෂිකරු: නැහැ, ඒ සඳහා අනුමැතියක් ගෙන නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 2.2 කොටස බලන්න. එහි ලංසු කැඳවා ඇත්තේ කවුරුන් විසින් කියාද සඳහන් වන්නේ?
සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා තීරණය කළ බව සඳහන්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ලංසු කැඳවා ඇත්තේ කාගේ අනුමැතියෙන්ද?
සාක්ෂිකරු: HSEPC කමිටුවේ අනුමැතියෙන්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 10/13 දින රැස්වීමේදී තෝරාගත් ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් වුණාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 2.2 අංකය යටතේ BOI ලංසු කැඳවූ දිනයක් සඳහන් වෙනවාද?
සාක්ෂිකරු: ඔව්, 2022 සැප්තැම්බර් 27 කියා තිබෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: කමිටු සාමාජිකයෙකු ලෙස ඔබගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඖෂධ කීයක් සඳහා දැන්වීම් පළ කර තිබූ බව එහි සඳහන් වේද?
සාක්ෂිකරු: 285 ක් පමණ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: මා මීට පෙර විමසූ අවස්ථාවේ ඔබ පැවසුවේ අයිතම කීයක් කියාද?
සාක්ෂිකරු: 188 ක් කියා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: එසේ නම් ඔබ 185 හෝ 188 යනුවෙන් ප්‍රකාශ කරන්නේ නිශ්චිතවම මතකයෙන් පමණයි.
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පළමු විත්තිය විසින් ඇමුණුම 1 ඔබට පෙන්වනු ලැබුවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: අධිකරණය විසින් 10V 20 ලේඛනය පිළිබඳව විමසා සිටියා. එම මිනිට් සටහනේ දැක්වෙන කමිටු සාමාජිකයින් කවුදැයි ඔබ දන්නවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 2022/10/13 දින කමිටුව කැඳවූ අවස්ථාවේ මේ පිළිබඳව පැවසුවාද? එහිදී මිල හෝ කාලසටහන පරීක්ෂා කළාද? WR (ලියාපදිංචිය අත්හැරීමේ) සහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලන බව ප්‍රකාශ වුණා. කවුද ඒ පැහැදිලි කිරීම් සිදු කළේ?
සාක්ෂිකරු: වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔක්තෝම්බර් 13, 18 සහ 25 දිනවල සිදු වූ දේ පිළිබඳව ඔබ දැනටමත් සාක්ෂි දී තිබෙනවා. ඇගයීම් කමිටුව (Evaluation Committee) විසින් ඉදිරිපත් කරන ලද යම් ලේඛනයක් එහි තිබුණාද?
සාක්ෂිකරු: ඔව්, ලේඛනයක් තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: අතින් ලියන ලද එම ලේඛනය නිවැරදිව සකස් කර රැගෙන එන ලෙස ඔබ පැවසූ බවත්, පසුව එය යතුරු ලියනය කර ඉදිරිපත් කළ බවත් ඔබ ප්‍රකාශ කළා. එමෙන්ම 2022/10/25 දිනෙන් පසු ලේඛනවලට අත්සන් තබන විට කිසිදු ඇමුණුම් ලේඛනයක් නොතිබූ බවත්, ඔබ ඒවා දැක නොමැති බවත් ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු: නැත, මා දැක්කේ නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 261 ලේඛනය බලන්න. සාකච්ඡා කරන ලද ආයතන අතර 'අයිසොලේස් බයෝටෙක් ෆාමා' (Isolace Biotech Pharma) සමාගම තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඒ අනුව ඔබලා එම සමාගම සමඟ සාකච්ඡා කළ බව කියන කාරණය නිවැරදිද?
සාක්ෂිකරු: නිවැරදියි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 261A හි 99 අංකැති තීරණය වෙත ඔබේ අවධානය යොමු කරනවා. ඊයේ දිනයේදී 2V 26 ලේඛනය යටතේ මෙම කොටස වෙත ඔබේ අවධානය යොමු කළා නේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: තාක්ෂණික කමිටු නිර්දේශය දෙස බලන්න. මුලින් ඖෂධ ඒකක 7,500 ක් ගෙන්වීමට තීරණය කර තිබියදී, පසුව එය ඒකක 22,500 දක්වා වැඩි කළ බව ඔබ අධිකරණයට ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු: අදාළ ඖෂධය සම්පූර්ණයෙන්ම අවසන් වී (ශුන්‍ය වී) තිබූ බැවින්, රෝගීන්ගේ අවශ්‍යතාව පිළිබඳව සලකා බලා එම ප්‍රමාණය වෙනස් කරනු ලැබුවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: BC කමිටුව තීරණය කර තිබුණේ ඖෂධය කිනම් මිලකට මිලදී ගැනීමටද?
සාක්ෂිකරු: ඇමරිකානු ඩොලර් 160 කට.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබේ කමිටුව යෝජනා කළ මිල කීයද?
සාක්ෂිකරු: ඩොලර් 152 ක්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබට එරෙහි විනය පරීක්ෂණයට අදාළව ඔබ ලේඛන පරීක්ෂා කළා. එහිදී ඔබ නොදැන සිටි එකම කරුණ සැපයුම්කරු විසින් එවන ලද ලිපිය බව ඔබ ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු: අප ඖෂධ ප්‍රමාණය පිළිබඳව සාකච්ඡා කරද්දී, ඔක්තෝම්බර් 13 හෝ ඊට ආසන්න දිනයකදී මිල කේවල් කර ගැනීමට අපට හැකියාව ලැබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: තවත් එක් ඖෂධයක් සම්බන්ධයෙන් මිල කේවල් කර ගැනීමට නොහැකි වූ බව ඔබ පැවසුවා. ඒ පිළිබඳ ලේඛනය පෙන්වුවහොත් ඔබට එය හඳුනාගත හැකිද?
සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 72 වන ගොනුවේ 162 පිටුව බලන්න. මේ එම ලේඛනයද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 'හිමියුනෝග්ලොබියුලීන්' (Immunoglobulin) ඖෂධය සම්බන්ධයෙන් කමිටුව දුන් තීරණ මතකයි නේද? 2V25 ලේඛනයේ ඔබ ඖෂධ ප්‍රමාණය 22,500 ක් සහ ඒකක මිල ඩොලර් 160 ක් ලෙස සටහන් කර තිබෙනවා. පැ 252 පිටු අංක 42 බලන්න. එහි සඳහන් ප්‍රමාණය කොපමණද?
සාක්ෂිකරු: ඒකක 7,500 යි ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: නමුත් එම ලේඛනයේම පැ 268 පිටු අංක 26 හි ප්‍රමාණය 22,500 ක් ලෙස සඳහන් වෙනවා. ඔක්තෝම්බර් 18 හෝ 25 යන දිනවල මිල කේවල් කර ගැනීමට නොහැකි වූ බවට ඔබ සාක්ෂි දුන්නා. හැඳින්වීමේ 4/20 කොටස සහ පැ 261 ලේඛනය දෙස බලන්න. එහි 64 වන පිටුවේ 'රිටක්සිමැබ්' (Rituximab) ඖෂධය පිළිබඳ සාකච්ඡාවේ කරුණු වගුවල ඇතුළත් බව ඔබ පිළිගන්නවාද?
¼සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: මෙම අයිතමයේ 'Offer Unit Price' (ඉදිරිපත් කළ ඒකක මිල) සඳහන්ව තිබේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ සාකච්ඡා කර ලබාගත් ඩොලර් 152 ක මිල එහි තිබේද?
¼සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පිටු අංක 150 හි ඒ ආකාරයට ලබාදුන් ඒකක මිල සහ සාකච්ඡා කර ලබාගත් මිලක් සටහන්ව තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 'අයිසොලේස් බයෝ ෆාමා' සමාගම පිළිබඳව පැ 261 පිටු අංක 66 හි ඇති වගුවේ තොරතුරු ඇතුළත් වී තිබෙනවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඇමුණුම 5 හි පිටු අංක 52 සිට 65 දක්වා ඔබේ අත්සන් තිබෙනවාද?
සාක්ෂිකරු: තිබෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 261 හි ඇමුණුම 1 හි දැක්වෙන පරිදි ඔක්තෝම්බර් 13 වැනිදා තීරණ ගනු ලැබුවාද?
සාක්ෂිකරු: නැහැ, අප තීරණ ගත්තේ ඔක්තෝම්බර් 18 වැනිදා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 13 වැනිදා සිදු කළ කිසිදු ක්‍රියාවක් හෝ ගත් තීරණයක් මිනිට් සටහන් ලෙස ඉදිරිපත් වුණේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ, කමිටුවේ සිටින සාමාජිකයින් තිදෙනා වන අප මිනිට් සටහන් තබා ගන්නේ නැහැ. ඒවා ලියනු ලබන්නේ කමිටු ලේකම්වරයා විසිනුයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 261 ඇමුණුම 1 හි යම් තීරණයක් ගැන සඳහන් වන නමුත්, ඔබ පවසන්නේ එවැනි තීරණයක් නොගත් බවයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, මම එසේ ප්‍රකාශ කළා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබට වෙනමම ඇමුණුමක් ලැබුණාද?
සාක්ෂිකරු: මෙම ලේඛන දෙක ලැබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ පවසන්නේ 259A සහ 259 ලේඛන ඔබට වෙන වෙනම ලැබුණු බවද?
සාක්ෂිකරු: ලැබුණු ලේඛන ටිකට මම අත්සන් කළා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඇමුණුම් 3 හි ඔබේ අත්සන නොමැති බව ඔබ පවසනවා. බලන්න මේ ලේඛනවල ඔබේ අත්සන තිබේද කියා.
සාක්ෂිකරු: නැහැ. මෙයට පදනම වී තිබුණේ, ඖෂධ ආනයනය කිරීමට තිබූ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Credit Line - ICL) ප්‍රමාද වන බව පැවසූ බැවින්, අප වෙනත් ක්‍රමයකින් හෝ ඖෂධ ආනයනය කිරීමට සොයා බැලීමයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ප්‍රමාද නිසා සෘජු මිලදී ගැනීම් සිදු කිරීමට උත්සාහ කළ බවද ඔබ තවමත් පවසන්නේ?
සාක්ෂිකරු: ඔව්, එය ඔක්තෝම්බර් 18 සහ 25 යන දෙදින තුළ ගනු ලැබූ සාමූහික තීරණයක්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 6 වන විත්තිකරු සහ සරත් ලියනගේ යන අය ඉන්දියානු ණය ප්‍රමාද බව පැවසූ කරුණු මතද ඔබ මෙම අයිතම ගෙන්වීමට කටයුතු කළේ?
සාක්ෂිකරු: මුල් අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ බැවින් අප මෙම තීරණයට එළඹුණා.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නෛතික බලය පිළිබඳ නීතිමය තත්ත්වය
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: මෙම මිලදී ගැනීම් සිදු කිරීමට කමිටුව තීරණය කළේ කුමන නෛතික පදනමක් මතද? කැබිනට් තීරණයකින් ඒ සඳහා බලය ලැබුණු බව ඔබ මීට පෙර අධිකරණයට ප්‍රකාශ කළා. BOI යටතේ, ICL (ඉන්දියානු ණය) ක්‍රමයෙන් මේවා මිලදී ගන්නා ලෙස දන්වා තිබියදී, කැබිනට් මණ්ඩලයේ එම තීරණ වෙනස් කිරීමට HSEPC කමිටුවට අවසර තිබේද?
සාක්ෂිකරු: අප වෙත ලබා දී ඇති මාර්ගෝපදේශ (Guidelines) සහ අපගේ කමිටුව පත් කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසිනුයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: සෘජු මිලදී ගැනීම් සිදු කරන්නේද නැතහොත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගන්නේද යන්න තීරණය කිරීමට කමිටු සාමාජිකයෙකු ලෙස ඔබට බලය තිබෙන බව ඔබ අධිකරණයට ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement) ආරම්භ කළේ කුමන ක්‍රමවේදයකින්ද?
සාක්ෂිකරු: BOI ක්‍රමය යටතේ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 259 ලේඛනයේ අවසානයෙහි මෙම අයිතම මිලදී ගැනීම ගැන සඳහන් වෙනවා. එහිදී සෘජු මිලදී ගැනීම්වලට යාමට හැකියාව ලැබුණේ කෙසේද?
සාක්ෂිකරු: ඉන්දියානු ණය ක්‍රියාවලිය ප්‍රමාද බව අනෙක් සාමාජිකයින් දෙදෙනා ප්‍රකාශ කළා. එමෙන්ම ඖෂධ කඩිනමින් මිලදී ගත යුතු බවත් අප දැන සිටියා. ඒ හේතුවෙන් අප සෘජු මිලදී ගැනීම් (Direct Purchasing) වෙත යොමු වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: එය ඔවුන් තනිව තීරණය කළ දෙයක්ද? අමාත්‍යවරයා පැමිණි රැස්වීමකදී එම තීරණය ගත් බව අනෙක් සාමාජිකයින් පවසනවා.
සාක්ෂිකරු: අපව පත් කළේ කැබිනට් මණ්ඩලයෙන්. ඊට අමතරව කැබිනට් තීරණයකට අනුව BOI ලංසු කැඳවා, එම ක්‍රමය යටතේ මිලදී ගන්නා ලෙස දන්වා තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: කැබිනට් මණ්ඩලය විසින් BOI යටතේ, ICL (ඉන්දියානු ණය) මඟින් ලබාගන්නා ලෙස නියෝග කර තිබියදී, ඔබට එම තීරණය වෙනස් කළ හැකිද?
සාක්ෂිකරු: නොහැකියි ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 261 සහ පැ 259 ලේඛනවල HSEPC තීරණ සටහන් වන ස්ථානයේ ‘ICL තීරණ’ හෝ වෙනත් ආකාරයකින් සඳහන්ව තිබෙනවා. පැ 280 ලේඛනයේ තීරණ 17 ක් දක්වා තිබෙනවා. මෙම ලේඛනයත් ඔබ වෙත යොමු කළ අතර හරස් ප්‍රශ්නවලදී ඔබ පිළිතුරු දුන්නා. මෙම මිනිට් සටහන් ඔබ සකස් කළ ඒවා නොවන බවත්, ඒවා ඔබේ අත්සන සඳහා රැගෙන ආ බවත් ඔබ ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු: ඔව්, එහි කැබිනට් මණ්ඩල පත්‍රිකාවද තිබෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 1.9 ඡේදය යටතේ මුලින් ඉන්දියානු ණය ක්‍රමයෙන් මිලදී ගැනීමට තීරණය කර, පසුව එය වෙනස් කිරීම පිළිබඳව ඔබ දැනුවත්ව සිටියාද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ මෙම තීරණවලට අත්සන් තබන්නේ 2023 ජූනි 28 වැනි දිනට පසුව බව ප්‍රකාශ කළා. 10 වන චූදිතයා වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේදී, අදාළ ප්‍රසම්පාදන ආයතනය (Procurement Entity) කුමක්දැයි ඔබෙන් විමසූ විට ඔබ දුන් පිළිතුර කුමක්ද?
සාක්ෂිකරු: ඔව්, මම ඒ සඳහා 'සෞඛ්‍ය අමාත්‍යාංශය' යනුවෙන් පිළිතුරු දුන්නා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද?
සාක්ෂිකරු: අප ගණකාධිකාරීවරුන් වශයෙන් ප්‍රසම්පාදන ආයතනයක් ලෙස හඳුනා ගන්නේ වැය ශීර්ෂයක් සහිත, ආයතන ප්‍රධානීන් සිටින ආයතනයි. වෛද්‍ය සැපයුම් අංශය (MSD) යනු එම ආයතනයේ පවතින එක් සුවිශේෂී අංශයක් පමණයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔක්තෝම්බර් 13 වැනිදා ප්‍රසම්පාදන ආයතනය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළාද?
සාක්ෂිකරු: නැහැ, පැහැදිලි කළේ නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: කැබිනට් මණ්ඩල තීරණයක් තිබූ අවස්ථාවේදීවත් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: මෙම BOI යටතේ කැඳවන ලද අයිතම මිලදී ගැනීමේදී, ප්‍රසම්පාදන ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යුත්තේ කවුද යන්න පිළිබඳව කමිටු සාමාජිකයින් ලෙස ඔබට අවබෝධයක් තිබුණාද?
(සාක්ෂිකරුගෙන් මෙම ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් පාර්ශ්ව දෙකකින් ඊට දැඩි විරෝධය පළ කළ අතර, ඒ හේතුවෙන් විනිසුරු මඩුල්ල විසින් සාක්ෂිකරු සභාවෙන් පිටතට යවා ඒ පිළිබඳව සාකච්ඡා කොට, පසුව අදාළ ප්‍රශ්නය ඉවත් කිරීමට තීරණය කරන ලදී.)
ප්‍රසම්පාදන ආයතනයේ වගකීම
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ගණකාධිකාරීවරයෙකු ලෙස ප්‍රසම්පාදන ආයතනයක් යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?
සාක්ෂිකරු: ගණකාධිකාරීවරයෙකු වශයෙන් මගේ අදහස නම්, ප්‍රතිපාදන වෙන් කර ඇති සහ ගෙවීම් සිදු කරනු ලබන ප්‍රධාන ආයතනය ප්‍රසම්පාදන ආයතනයයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: 2 වන චූදිතයා වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමේදී, අදාළ ප්‍රසම්පාදන ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය විය යුතු නේදැයි ප්‍රශ්න කෙරුණා. මෙම BOI කැඳවූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන ආයතනය පිළිබඳව සාකච්ඡා වුණාද? ඔබට ඒ පිළිබඳව දැනුමක් තිබුණාද, නැතහොත් ඒ ගැන දැනගැනීමට අවශ්‍යතාවක් තිබුණාද?
සාක්ෂිකරු: නැහැ, මම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසම්පාදන ආයතනය ලෙස සලකා කටයුතු කළා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: පැ 259 ලේඛනයේ 1.2 ඡේදය දෙස බලන්න. ඖෂධ නියෝජිතයින්ගෙන් සෘජුවම මිලදී ගැනීම් සිදු කරන්නේ කිනම් ආයතනයද?
සාක්ෂිකරු: MSD (වෛද්‍ය සැපයුම් අංශය) ආයතනයයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: අඩුම තරමින් කැබිනට් පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදීවත් මෙම ගනුදෙනුව සිදුවන ආකාරය ගැන ඔබට පැවසුවේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ එය සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස වටහා ගත්තේ ඒ නිසාද?
සාක්ෂිකරු: ඔව්.
වැඩිදුර සාක්ෂි විභාගය 2026 මැයි මස 25 වැනි දිනට කල් තැබිණි.



