Saturday, February 14, 2026
spot_img

Latest Posts

බේබද්දෙක් රංවලව බදාගෙන..

සංජීව බටුවත්තගේ වෝල් එකෙනි.

රංවලගේ නාටකය හින්ඳ පරන රස කතාවක් මතක් වුනා.

මගෙ වයිෆ්ගෙ තාත්ත වැඩ ඇරිල එද්දි තොරණ හන්දියෙ තිබ්න ෆබ් එකකින් ඩ්‍රින්ක් එකක් දාල තමා ගෙදර එන්නෙ. එයා වැඩකලේ හිල්ටන් එකේ.

සමහර දාට එක ෂොට් දෙක තුන හතර වෙන අවස්ථාත් තියෙනවා. කාර් එකෙත් කොයි වෙලෙත් බෝතලයක් දෙකක් තියෙනවා. හොටේලියර් හින්ද ඉතින් ජොලියෙන් හිටියෙ එයා.

දවසක් කඩවත දි මෙයාගෙ අලුත්ම කාර් එක [301 ශ්‍රී ]

පිටිපස්සෙන් ගිහින් වෙන කාර් එකක හැප්පුවා.තනිකර වරද අපේ කෙනාගෙ.

වාහන දෙකටම සෑහෙන්න ඩැමේජ්. හවස 5ට විතර නුවර පාරෙ. පස්සෙ පොලිසියෙන් ඇවිත් ,

කොහොම හරි කාර් දෙකම තල්ලු කරල කඩවත පොලිසියට දාල. [ඉස්සර පොලිසිය තිබුනෙ ඩොක්ටර් ජයවීරගෙ ක්ලින්ක් එක ගාව.දැන් කොහෙද දන්නෑ].

දැන් අපේ කෙනා අතේ මාට්ටු. පොලිසියෙන් ඇරෙස්ට් කරලා බීල කියල. හවස 7ට විතර රාගමට ඩොක්ටර් කෙනෙක් ගාවට ප්‍රොඩියුස් කරලා මට පනිවිඩේ ආවා කොහොම හරි ඩොක්ටර්ගෙ නමත් එක්කම [ බැලුම් පුම්බල නැද්ද කොහෙද මතක විදියට ] .

පස්සෙ මමත් මයෙ අයියවත් එක්කගෙන එහෙන් මෙහෙන් කෝල් ගහල කන්ටෑක් කීපයකුත් හදාගෙන ඩොක්ටර් ඉන්න තැන රාගමට ගියා.

මාමන්ඩියත් ඔය මග දිගට නොදන්න පොලිසියෙ අයෙක් නෑ.හැමෝත් එක්කම හිතවත්. විශේෂයෙන් කොටුව පොලිසියෙ හැමෝම වගේ යාළුවො .

අපි එතනට යනකොට ඩොක්ටර් චෙක් කරනවා. සැහෙන වෙලාවකට පස්සෙ වැඩේ ඉවරවෙලා ඩොක්ටර් එලියට ආවහම මම ගිහින් ඩොක්ටර්ට කතා කලා. ටිකක් අදුනන කෙනෙක්.

“ඔයාගෙ මාමන්ඩිය පොලිසියට , මට කටඋත්තර නැති පොයින්ට් එකක් නෙ දුන්නෙ” මාව උඩ ගියා .

ඔව් ඩොක්ටර් මම බාගෙකටත් වැඩිය බීල ඉන්නෙ. මගෙ අලුත්ම කාර් එක . හැප්පුනා මට මහන්සි හින්දා. මම මාර අප්සෙට්. කාර් එක පොලිසියට තල්ලු කරල දාපු ගමන් මම ඩිකියෙ තිබුන බෝතලයක් කඩල එක හුස්මට බිව්වා.මට එච්චරට දුකයි අලුත්ම කාර් එක. “

අපේ කෙනා උත්තර දීලා.

අශෝක රන්වල කියල තියෙනවාලු “බීල හිටපු කීප දෙනෙක් එක්ක එකතුවෙලා තුවාල තිබුන අයව රෝහලට යැව්වා. ඒ අයගෙ අරක්කු ගද වෙන්න ඇති මගේ ඇගෙන් එන්නෙ කියලා”

ආචාර්ය උපාධියක් නැති මගේ මාමන්ඩියගෙ මොලේ රංවලටත් තිබුනනං කියල හිතුනා.

මයෙ පවුලෙ සහ මාමණ්ඩිගෙ මිත්‍රයො දෙතුන් දෙනෙක් හරි මේක දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයා නැතිවෙලා දැන් අවුරුදු 10ක්. වයස 56න් නැතිවුනේ හදිසි හෘදයාබාධයකින්. ජීවිතේ ඉතාම සතුටින් ඉදලා නින්දෙන්ම නැතිවුන කෙනෙක්.

එයාට මොක් සුව ප්‍රාර්ථනා කරනව.

[ අශෝක රංවල , ඔයා බ්‍රේක් එකක් ගන්න. ලිස්ට් එකේ ඊළග කෙනාට මන්ත්‍රීකම දීල ඔයා තානාපති කමක් අරන් මෙහාට එන්න. ඒ වැඩේට ඔයා හොදයි . වයසත් එක්ක ඔය සෝෂල් මීඩියා ප්‍රෙෂර් එකත් එක්ක ඔයාට අමාරුයි ඉස්සරහට ]

සංජීව බටුවත්ත

පසු සටහන//

Latest Posts

spot_imgspot_img