ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත. ඝාතනය සඳහා ගිනි අවිය ගෙන ගිය පොත ලබා දීම සහ ව්‍යාජ නීතිඥ හැදුනුම්පත සෑකසීමට උදව් කර තිබෙන බව දැනගන්නට ඇත. නීතිඥ තමරා අබේරත්න බවට ආරංචි පැතිර යයි.
CID ය විසින් ඊයේ (ඔක්තෝබර් 28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම නීතිඥවරියට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට, පිස්තෝලය අධිකරණ පරිශ්‍රය තුළට රහසිගතව රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීම සහ ඉෂාරා සෙව්වන්දිට පලා යාමට හැකි වන පරිදි නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දීම ය.
මෙම ඝාතනය සඳහා වෙඩික්කරු නීතිඥයෙකු ලෙස වෙස්වලාගෙන අධිකරණ භූමියට පැමිණ ඇති අතර, අනතුරුව නීතිඥවරියක ලෙස වෙස්වලාගත් ඉෂාරා සෙව්වන්දි විසින් සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි ගිනි අවිය ලබාගෙන ඝාතනය සිදුකර තිබුණි. වෙඩික්කරු එදිනම අත්අඩංගුවට ගත්තද, ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟවී සිටියදී පසුගිය ඔක්තෝබර් 14 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
Updated
මහර උසාවියේ වැඩකරන තවත් නීතීඥවරයෙක් පිළිබඳවද මේ වනවිට පොලිස් ඇස යොමුව ඇති බව දැනගන්නට ලැබී තිබේ. අත්අඩංගුවට ගත් නීතීඥ තමරා අබේරත්න සමග එක්ව රාජකාරී කරන්නෙක් බව කියන මෙම නීතීඥවරයා මන්ත්‍රීවරයෙක් යැයි ද එකී ආරංචි මාර්ග පවසයි.
පිළිතුරු ලබාදීමේ අයිතිය:-
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

