හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට වහාම පෞද්ගලික මට්ටමින් හෝ ආරක්ෂාව සලසා ගන්නා ලෙස විදේශ තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුම දැනුම් දී ඇති බවට වෙබ් වාර්තා කිහිපයක් පළව තිබෙනවා. පවතින වටපිටාව එතරම් යහපත් නොවන බවට පෙන්වා දෙමින් ඔවුන් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ, විශේෂයෙන්ම නාදුනන සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් වැලිගම නගරාධිපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය වීමේ සිද්ධියෙන් පසුව වීම මෙහි ඇති බරපතළම තත්ත්වයයි.
ආරක්ෂාව ඉවත් කිරීම සහ සැක සහිත පසුබිම
ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිවරයාව සිටියදී දියත් කළ ‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ගේ ජීවිත තර්ජනයට ලක්ව සිටින බවට ආරක්ෂක මණ්ඩල විසින් මීට පෙර නිර්දේශ කර තිබූ අතර, ඒ අනුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) ආරක්ෂාවක් ලබා දී තිබුණි. කෙසේවෙතත්, පසුගියදා විශේෂ නියෝගයක් මත එම STF භටයින් හයදෙනා වහාම ඉවත් කරන ලදී.
ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම සාධාරණීකරණය කරමින් වත්මන් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කර සිටියේ ටිරාන් අලස් ට කිසිදු ජීවිත තර්ජනයක් නොමැති බවට විමර්ශන මගින් තහවුරු වී ඇති බවයි.
ජීවිත තර්ජන පිළිබඳව රජයේ උදාසීනත්වයද?
එහෙත්, වැලිගම සිද්ධිය වැනි සංවිධානාත්මක අපරාධ නැවත හිස එසවීමේ අවදානමක් පෙන්වන පසුබිමක, විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් පෞද්ගලික මට්ටමින් ටිරාන් අලස් හට මෙලෙස දැනුම් දීමෙන් පෙනී යන්නේ, ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට තත්ත්වය සන්සුන් නොවන බවයි.
මෙමඟින් බරපතළ ප්‍රශ්න කිහිපයක් පැන නඟී:
- ටිරාන් අලස් හට සැබවින්ම මරණ තර්ජන තිබේද? ‘යුක්තිය’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අපරාධකරුවන්ගේ පළිගැනීම්වලට ලක්වීමේ අවදානම සැබෑ නම්, ආණ්ඩුව සිය හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාව ඉවත් කළේ ඇයි?
- රජයේ අරමුණ කුමක්ද?
- වත්මන් රජය මෙම තර්ජන පිළිබඳව නෑසූකන්වලා සිටින්නේ යම් යම් සමාජ චෝදනාවලින් ගැලවීමේ මාර්ගයක් ලෙසද? එසේත් නැතිනම්, හල්ඔලුව වැන්නන් මෙන්ම පෙරටුගාමී පක්ෂ වැනි පාර්ශ්වයන් විසින් එල්ල කරන ලද “ආයෝජන චෝදනා” විනාශ කර දැමීමේ උපක්‍රමයක් ලෙසින් ද?
ටිරාන් අලස් හිටපු පොලිස් ඇමතිගේ ආරක්ෂාව ඉවත් කිරීම, පොලිස් ක්‍රියාකාරිත්වය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින ගැටලුකාරී තත්ත්වය වඩාත් උග්‍ර කරයි. රජයේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක වශයෙන් පුද්ගල ආරක්ෂාවට තර්ජන එල්ල වුවහොත්, එහි අවසාන වගකීම රජය සතුවන බව අවධාරණය කළ යුතුය.
වැපිරූ අස්වැන්න සහ ටිරාන් අනුර සුසංයෝගය
මේ සියල්ල දෙස විමසා බැලීමේදී, ටිරාන් අලස් ට මෙන්ම, රට තුළ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින බව පවසන අනුර කුමාරලා, ටිල්වින්ලා, ආනන්ද විජේපාලලා ඇතුළු සෑම පාර්ශ්වයක්ම වටහා ගත යුතු කාරණාව වන්නේ, තමා වැපිරූ දේහි අස්වැන්නයි තමාට නෙලිය හැක්කේ කියාය. මුං වපුරා තල අස්වැන්නක් නෙලිය නොහැකිය.
පෞද්ගලික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් නීතිය සහ සාමය සම්බන්ධයෙන් ගන්නා තීන්දු, අවසානයේදී රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාවට තර්ජනයක් බවට පත් විය හැකිය.
කෙසේ වුවද ස්ථාවරත්වයේ මුවාවෙන් කෙරෙන අත්තනෝමතික ක්‍රියා සහ වගකීම් විරහිත ප්‍රතිපත්ති, හිටපු ඇමතිවරයෙකු පෞද්ගලිකව ආරක්ෂාව සොයා ගැනීමට සිදුවන තරමටම අස්ථාවර වූ රටක් බිහි කළ හැකි බවට මෙම සිද්ධිය කදිම නිදසුනකි.
දැන් අසරණ වී ඇත්තේ ටිරාන් ද? අනුර ද?
පිළිතුරු ලබාදීමේ අයිතිය:-
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

