[February 07, 2026 | Legal Analysis]
The high-profile trial concerning the importation of substandard Immunoglobulin has largely been portrayed in the media as a narrative of corruption involving a politician and a clique of officials. However, the evidence led yesterday (06) before the Colombo High Court Trial-at-Bar suggests a significant paradigm shift. The case is now moving beyond narrow political accusations toward exposing a catastrophic breakdown in state fiscal administration and diplomatic negotiation.
Testimony provided by Mr. R. M. P. Rathnayake, a former Deputy Secretary to the Treasury, has implicated not just the Ministry of Health, but the Treasury and the very framework of the diplomatic agreements governing the country’s debt.

The “Invisible” Clauses of the Indian Credit Line
The focal point of yesterday’s proceedings was the testimony regarding the Indian Credit Line (ICL). The witness’s admissions revealed startling details about the conditions under which Sri Lanka procured medicines—conditions that seemingly compromised national interest and public safety.
Under rigorous cross-examination by the defense, the witness made several damning admissions:
- Mandatory Procurement despite Lack of Accreditation: He claimed ignorance of a clause stipulating that pharmaceuticals manufactured in India must be purchased under this credit scheme, even if they lacked international recognition or accreditation.
- Immunity from Litigation: Perhaps most alarmingly, the witness admitted he was unaware of a liability waiver clause. This condition purportedly prevents Sri Lanka from initiating legal action in either Sri Lankan or Indian courts regarding any complications or side effects arising from the use of these imported drugs.
The gravity of this admission is compounded by the fact that this witness served as the Chairman of the committee tasked with formulating the guidelines for this very credit facility. His statement that he “does not recall reading the agreement in its entirety” paints a grim picture of negligence at the highest levels of the state bureaucracy.

A Tense Cross-Examination
The trajectory of the case shifted visibly during the heated cross-examination conducted by Defense Counsel. The following is an excerpt of the critical exchange between Attorney-at-Law Harendra Banagala (appearing for the 1st Accused) and the witness:
Counsel Banagala:
“Are you aware of a clause within this agreement stating that should any complication arise from the use of drugs imported under this scheme, no legal action or judicial proceedings can be instituted against it in either our country or India?”
Witness (Former Deputy Treasury Secretary): “I am unaware of such a condition, Your Honour.”
Counsel: “Do you claim you did not read the agreement?”
Witness: “I do not recall whether I read it in its entirety. It is not currently in my possession.”
Counsel: “You were the head of the committee that formulated the guidelines for implementation. Are you telling this court that you are ignorant of the very ‘invisible’ agreement upon which those guidelines were based? That you haven’t even seen it?”
Witness: “I do not recall perusing the agreement fully. However, I recall a provision stating that any disputes arising should be resolved via an arbitration panel.”
Political Pressure and Administrative Silence
The testimony also shed light on the political climate during the economic crisis. The witness conceded that there was immense pressure from the then-President and Minister of Finance, Ranil Wickremesinghe, to utilize the credit line rapidly.

“The President criticized state authorities for the delay and failure to take necessary steps to maximize the utility of these funds. Consequently, I directed letters to the Pharmaceutical Sub-committee and others to expedite the process,” the witness stated, referencing a Cabinet Memorandum that authorized the funding.
This raises a critical question: Did the executive pressure to “utilize funds” override essential due diligence and safety protocols?
Analysis: Individual Liability or Systemic Failure?
The revelations from yesterday’s proceedings compel a re-evaluation of the case. It appears the culpability extends beyond the Health Ministry.
- State Sector Inefficiency: Evidence revealed that while the private sector had utilized 99% of their allocated funds from the credit line, the State Pharmaceuticals Corporation (SPC) had managed to utilize only approximately 27% of its allocation (approx. $115 million). This highlights a severe operational paralysis within the state mechanism.
- Sovereign Debt & Public Burden: The witness acknowledged that regardless of the quality of the goods, the loan—and its interest—must be repaid by the Sri Lankan government after the four-year grace period. Ultimately, the tax-paying public is bearing the cost of this debacle.
- The “Unread” Contract: That a Deputy Treasury Secretary, responsible for external resources, admits to not fully grasping the terms of a sovereign loan agreement suggests a dereliction of duty that facilitated the subsequent crisis.
The trial is set to resume on February 9. As the proceedings continue, the court will likely determine whether this was merely a “medical scam” or a symptom of a much larger rot within Sri Lanka’s financial and administrative governance.

නඩු වාර්තාව
06/02/2026
අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් නැතත් ඖෂධවේදය යටතේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන මුදලින් ඖෂධ මිලදී ගැනීමේදී ලබාගත යුතු බවට කොන්දේසියක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුමේ අඩංගු බව තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක මහතා ඊයේ (6) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී විත්තියේ නීතිඥවරයෙකු නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
පෙර කී ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන යම් ඖෂධයක් භාවිතා කිරීමෙන් යම් සංකූලතාවයක් ඇති වුවත් එයට එරෙහිව අප රටේ දී හෝ ඉන්දියාවේ දී හෝ නීතිමය පියවර ගැනීමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවට කොන්දේසියක් ඇතැයි තමා නොදන්නා බවද පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බාණගල මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය. කෙසේ නමුත් තමා එකී ගිවිසුම සම්පූර්ණයෙන්ම කියවා බැලුවේදැයි මතකයක් නොමැති බවත් එය තමා සන්තකයේ නොමැති බවත් විත්තිය නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ එම සාක්ෂිකරු එකී ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලැබූ යම් දෙයක් සම්බන්ධයෙන් යම් කිසි ගැටළු සහගත තත්ත්වයක් මතුවුවහොත් බේරුම් කරන මණ්ඩලයක් මගින් එය නිරාකරණය කරගත යුතු බවද කොන්දේසියක් ඇතුලත් බවට මතකයක් ඇතැයි ද පැවසීය.
මේ එකල පැවති ඩොලර් සංචිත හිඟයට හා විදේශ විනිමය අවම වීම යනාදී ගැටලු නිසා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමක් අනුව ඉන්දියානු රජය එකී ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී තිබූ බවත්, ණයක් මිස ආධාරයක් නොවන එය වසර හතරකට පසුව මුදල පොලිය සමඟම යළි ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු වන්නේ යයි ද පැවසීය. එම නඩුවේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ රත්නායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රත්නායක මහතා පෙරවරු 9.30 ට පමණ විවෘත අධිකරණය හමුවට පැමිණියේය. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් විවෘත අධිකරණය හමුවේදී විත්තිකරුවන්ගේ නම් අඩ ගසනු ලැබුවාය. මේ වන විට විදේශගත වී සිටීම නිසා නමවන විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වෙන අතර සෙසු විත්තිකරුවන් එකොළොස් දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එවකට එනම් ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සැපයීමේ සිද්ධිය වන විට මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම ලබා සිටින එම සාක්ෂිකරු 2022.08.18 , 2022.09.02 හා 2022.12.19, 2022.04.07 සහ 2022.04.19 දිනැති ලිපි ඉදිරිපත් කර සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවා තිබිණි.
එම සාක්ෂිකරු පෙර සඳහන් කළ ලිපි ඉදිරිපත් කරමින් රජයේ අධිනීතීඥ කලන කොතලාවල , රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක යන මහත්වරුන් ඇතුළු රජයේ අධිනීතීඥ මණ්ඩලයක් සමග පෙනී සිටිමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නාය. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකරු මාර්ගයෙන් පෙර කී ලිපි මෙන්ම ඒවායේ අඩංගු සටහන් ද පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පෙරවරු 11.28ට පැමිණිල්ලේ මූලික සාක්‍ෂි මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
ජනාධිපති නීතිඥවරයා ;
2024.03.16 වන විට එකී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට ගිවිසුම් ගත ඇමරිකානු ඩොලර් 1000ක මුදලින් කොපමණ මුදලක් අදාළ ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබුණාද ?
සාක්ෂිකරු ;
එම මුදලින් සියයට පනහක් පමණ.
විත්තියේ නීතිඥ ;
පුද්ගලික අංශය ඔවුනට වෙන්කළ මුදලින් සියයට සියයක්ම එකී කටයුතු සඳහා යොදවා තිබියදීත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වැය කර තිබුනේ ඔවුනට වෙන් වෙන්කළ ඇමරිකානු ඩොලර් 115කට ආසන්න මුදලින් සියයට විසි හතක පමණ ප්‍රමාණයක් කියලයි ඔබ සාක්ෂි දුන්නේ.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ;
ඔබ සාක්ෂි දෙමින් කීවා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ මුදලින් අඩක්වත් නිසි ලෙස වැයකර නොතිබීම නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසට ඔබ ඖෂධ සැපයුම් අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පාර්ශ්ව වලට ලිපියක් මගින් දැනුවත් කළා කියලා. ඇයි එවැනි පියවරක් ගත්තේ ?
සාක්ෂිකරු ;
මෙම ණය මුදල එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මගින් අනුමත කරගෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කළ ඉල්ලීමක් අනුව ගිවිසුම් ගතව ලබා ගැනීමට පියවර ගත් මුදලක්. නිසි කාලය තුළදී එය ලබාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමයි අපේ අපේක්ෂාව වුණේ. ජනාධිපතිවරයා , සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා දෝශා රෝපණයට ලක්කලා රාජ්‍ය බලධාරීන් එකී මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නිසි පියවර ගැනීමට අසමත් වීම හා ප්‍රමාදය ගැන. එනිසයි මම එවැනි ලිපියක් ඖෂධ අනුකමිටුව ඇතුළු සෙසු අනුකමිටු සභාපතිවරුන් වෙත යොමු කළේය. පුද්ගලික අංශයට වෙන්කළ මුදලින් සියයට අනූ නමයක් ඔවුන් ඒ වන විට වැය කර තිබූ නිසා රාජ්‍ය අංශයට හෝ වෙනත් අංශයකට නොදී තිබූ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 35ක මුදලක් පෞද්ගලික අංශයට ලබා දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ;
මම ඔබට යෝජනා කළොත් රජයේ රෝහල් පවත්වාගෙන යාම හා අනෙකුත් සියලුම වෛද්‍ය පහසුකම් රටේ ජනතාවට සපයන්නේ මූල්‍ය ලාභ බලාගෙන නොව නොමිලේමයි කියලා කියලා ඔබ එය පිළිගන්නවාද ?
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
මෙම ණය මුදල පොලිය සමගම ලංකා රජය ඇමරිකානු ඩොලර් වලින් ආපසු ගෙවිය යුතු බවටත් මා ඔබට යෝජනා කරනවා ඒක හරිද ?
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී. ණය සහන කාලය වසර හතර අවසන් වූ පසු අපේ රජය එම ණය මුදල ගෙවිය යුතුයි. මේ දක්වා ණය මුදල ගෙවීම සිදුකර නැතත් පොලී මුදල් ගෙවීම ආරම්භ කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
විත්තියේ නීතිඥවරයා ;
කොහොම ගෙව්වත් ඒවා රජයේ මුදල්. ඒ කියන්නේ රටේ ජනතාවගේ මුදල්. ඔය සමයේ රට තුළ ඩොලරයේ විනිමය අනුපාතය වැඩිවීී තිබුණේ, භාණ්ඩවල මිල ගණන් වැඩිවී තිබුණේ, එමෙන්ම රටේ උද්ධමනය වැඩිවීී තිබුණේ කිව්වොත් ඔබ පිළිගන්නවාද ?
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;
උද්ධමනය වැඩිවීමේ අගය තීරණය කරන්නේ කොතනින්ද ?
සාක්ෂිකරු ;
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාමීනී.
සභාපති විනිසුරුවරයා ;
ඔබ රාජකාරි කළේ මහ බැංකුවේද මුදල් අමාත්‍යාංශයේද ?
සාක්ෂිකරු ;
මුදල් අමාත්‍යාංශයේ ස්වාමීනි
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
ඔබ එවකට මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කළ ඉහළම නිලධාරියෙක්, අතිරේක ලේකම්වරයෙක්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඔබ යටතේ නේද විදේශනය සම්පත් දෙපාර්තමේන්තුව තිබුනෙත්. එහෙම නම් ඔබට සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕනනේ. ඩොලරයේ වටිනාකම කීයද ? ඩොලරය ඉහළ ගියාම භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව ඔබට දැනුමක් තිබිය යුතුයි නේද? ඔබ ගරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවා ඔබ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසත් කටයුතු කළ බව.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කළ ගිවිසුම ඔබ හරියට දැක නැති බවත් ගිවිසුමේ පිටපතක් ඔබ දැක නැති බවත් ඔබ කීවා.
සාක්ෂිකරු ;
ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කළ කාලය මතක නෑ.
නීතිඥ හරේන්ද්‍ර බානගල ;
මතක නැතිද ඒ පිළිබඳ දැනීමක් නැද්ද ? මතක නෑ කියන්නේ ඒ ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියන එකද ? ඔබනේ එකී ගිවිසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මාර්ගෝපදේශ හැදූ කමිටුවේ ප්‍රධානියා. මාර්ගෝපදේශ හදන්න පාදක කරගත් ඒ අදෘශ්‍යමාන ගිවිසුම ගැන ඔබ දන්නේ නෑ කියලද කියන්නේ. ඒක දැකලා නෑ කියලද ඔබ කියන්නේ ? ඔබ කලින් කීවා ඉන්දියානු ණය ගිවිසුම හදන්න ඔබ ප්‍රමුඛ කමිටුව දායකත්වය දැක්වූවා කියලා. දැන් කියනවා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් දැක්වූයේ නෑ කියලා. මම ඔබට යෝජනා කරනවා ඔබ ඒ ගිවිසුම දැකලාවත් නෑ කියලා.
සාක්ෂිකරු ;
සම්පූර්ණයෙන්ම ගිවිසුම පරිශීලනය කලාද මතක නෑ. ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය කොන්දේසි වලට මා අත්සන් කළා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
ඔබ නඩුවකට සාක්ෂි දෙන්න අධිකරණයකට ආව පළමු අවස්ථාව මේක කියලා ඔබ කීවා. මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණක් ගැන කියලා ඔබට දළ වශයෙන් හෝ දැනුමක් තිබුණාද ?
සාක්ෂිකරු ;
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරමින් දේශීය වශයෙන් මිලදී ගත් එන්නත් පිළිබඳව ගැටලුවක් කියලා දැනගෙන හිටියා. මට දන්වා තිබුණේ ලිපි කීපයක් ගැන සාක්ෂි දෙන්න එන්න කියලයි.
හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතාද එහිදී එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඔබ කීවා ඔබ පෙර සඳහන් කළ ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය චන්ද්‍රාණී වික්‍රමසිංහ මහත්මියට යැව් ලිපියේ පිටපත් සෙසු අනුකමිටු වෙත මෙන්ම ජනාධිපති ලේකම්වරයාටත් යැව්වා කියලා. එකී පිටපතක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතාටත් ඔබ යොමු කලානේ. ඔහුට එම පිටපත යොමු කරන්න විශේෂ හේතුවක් තිබුණාද ?
සාක්ෂිකරු ;
එතුමා මම පෙර කිව්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කර තිබුණේ. එහිදී රාජ්‍ය නිලධාරීන් ලෙස අපිට දෝෂාරෝපණ එල්ල වුණා අදාල ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දේවල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ ප්‍රමාදය ගැන. එය නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා බවට මා පොරොන්දු වුණා. ඒ අනුව තමයි සාගර කාරියවසම් මහතාට ඊට අදාළ ලිපියේ පිටපතක් යැව්වේ.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 9 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි
සටහන - සුජීවා



