Friday, December 19, 2025
spot_img

Latest Posts

ජවිපෙ ‘නව දේශපාලන සංස්කෘතියේ’ තථ්‍ය යාන්ත්‍රණය සහ අනුරගේ ප්‍රචාරණ උපක්‍රම

මෙවර අධික වර්ෂාව හේතුවෙන් මෙරට ප්‍රදේශ රැසක බරපතල ජල ගැලීම් තත්ත්වයක් නිර්මාණය වී ඇත. අවාසනාවන්ත ලෙස, මෙම ජල ගැලීම් උග්‍ර වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ/මාලිමාව) බලය ලබාගෙන වසරක් ගත වී ඇති පසුබිමකය.


මීට පෙර, විපක්ෂයේ සිටියදී, ජවිපෙ මනුෂ්‍යත්වයේ ‘රතු තරුව’ ගංවතුරින් පීඩාවට පත් ජනතාව අතර කරවටක් ගිලී ජන දුක් නිවාලීමට ඉදිරිපත් වූ අයුරු ජනතාවට මතකය. එකල සෑම ආපදා ස්ථානයකම එම ‘රතු තරුව’ දිලුණේය.

එහෙත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ බලයට පත්ව වසරක් ඉක්ම ගිය පසු, මෙවර ගංවතුරේදී එම ‘රතු තරුව’ හෝ එම කාර්යයේ නිරත වූ තරුණ පිරිස් දැකීමට නැත. ඇතැම් හිටපු ක්‍රියාකාරීන් පවසන්නේ, තමන් ගංවතුරේ ගිලෙමින් ඡන්ද හදා බලය ලබා දුන්නද, නායකයින් කෝටි ගණන් එකතු කරගනිමින් සිටින විට තමන්ට කුමක්ද ලැබුණේ යන කාරණයයි. වසරක් ඉක්මවූ දා ලැබී ඇති ප්‍රතිඵලයන් එසේය.

ජවිපෙ සහ මාලිමාවේ බොහෝ පාක්ෂිකයන් තම නායකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව දැන් හොඳින්ම දනිති. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි කඩේ වැසීමට යැයි සාමාන්‍ය විශ්වවිද්‍යාල සිසුන් පාරට බස්සවා විරෝධතා පවත්වද්දී, තමන්ගේ පුතා කොතලාවලින්ම උපාධිය ලබාගත් සතුට සැමරූ වටගල වැනි ක්‍රියා කලාපයන් තුළින් ඔවුන්ගේ ද්විත්ව ප්‍රමිතීන් ජනතාවට තේරුම් ගොස් තිබේ.

මෙවන් පසුබිමකත් සියල්ල තදින් අල්ලා පාලනය කරන්නේ කවරෙක්ද? ඒ කෙසේ ද?

ජවිපෙ පක්ෂයේ ප්‍රචාරණ උපක්‍රම සහ නායක අනුර කුමාර දිසානායකගේ සූක්ෂම ක්‍රියාකලාපයන් විමසා බලන කීර්ති රත්නායක ලියූ පහත තීරු ලිපිය වඩාත් වැදගත් වේ. එය ජවිපෙ ‘නව දේශපාලන සංස්කෘතිය’ ලෙස හඳුන්වා දුන් දේ පිටුපස ඇති තථ්‍ය යාන්ත්‍රණය පිළිබඳව විවරණයකි.


“විමල් ගේ ඉවත්ව යාමත් සමඟ ජවිපෙ ප්‍රචාරක ලේකම්  ධූරය හිස් විය. එම තනතුරට වෙනත් අයෙක් පත් කළද සැබෑ ලෙසම එහි  බර ඇද්දේ අනුරය. අනුරගේ ප්‍රචාරණ උපක්‍රමවල සාර්ථකභාවය මේ වන විට ඔප්පු වී හමාරය.

කීර්ති රත්නායක ලියූ තීරු ලිපිය: 

කොරෝනා වසංගතයත් සමඟ භූදේශපාලනය  නම් සාගරය ප්‍රචණ්ඩ විය.  

පොහොට්ටුව වැනි දැවැන්ත නැව් මුහුදු බත් විය.  

ප්‍රචණ්ඩ වූ සයුර දික් විජය කළ එකම කප්පිත්තා අනුරය.  

අනුරගේ ප්‍රචාරණ මාදිලිය ඔවුන් සතු බලවත්ම අවිය වෙයි.  

මහින්ද එකල සිය ප්‍රචාරණ යාන්ත්‍රණය බල ගැන්වීමට  ජනමාධ්‍යවේදීන්ට කෑම බීම ලෑම යන තුනම සම්පාදනය කළේය.  

රට සවාරි දුන්නේය. දරුවන්ට පාසල් දුන්නේය.

අඹුවන්ට වෙනම සැලකුවේය. සමහරෙක් නිවන් යැව්වේය.  

අනුර මාධ්‍යවේදීන්ට එලෙස සැලකුවේ නැත.  

එනමුත් මහින්දට වඩා මාධ්‍යවේදීන් කඩේ යවමින් වැඩේ ගන්නේය.

අනුරගේ සූත්‍රය ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් දීමය.  

යූ ටියුබ් සුදා අනුරට රෙදි නැතිව කඩේ යන අයෙකි. අනුර ඔහුට කිසිවක් දී නැත.  

සුදාගේ ෆලෝවස්ලා 90% ක් මාලිමා  පාක්ෂිකයන්ය.

මාලිමාවට කඩේ යාම මිස සුදාට අන් සරණක් නැති බව අනුර දනී.

යු ටියුබ් චමුදිත ( හිරු චමුදිත නොවේ) අනුරට කඩේ යන තවත් අයෙකි.

චමුදිත  අනුර වෙනුවෙන්  කඩේ යන්නේ සීතාම්බර සළු පැළඳය.  

චමුදිතගේ ගෙදරට ගූ ගැසීමේ ඇත්ත  කතාව අනුර දනී.  

එනයින් චමුදිත කඩේ යැවීමට  අදාළ ලාබම කෙසෙල් ගෙඩිය ඔහුට සම්පාදනය කොට ඇත.

ඒ පොලිස් බොඩි ගාඩ්ලා 2ක් දීමය.  

එකල්හි චමුදිත තම රැකියාව ආරක්ෂා කර ගැනීමට  උදේට රෙනෝට කඩේ යයි.   

හවසට බොඩි ගාඩ් ආරක්‍ෂාව වෙනුවෙන්  අනුරට කඩේ යයි. (යූ ටියුබ් එකෙන් )   අනුරට අවශ්‍ය පරිදි කාර්යය සාධනය සිදු නොවුවහොත්  එක පෑන් පහරින් පොලිස් ආරක්ෂාව ගලවා දමයි.   

එම වගන්තිය යටතේ ඊයේ ටිරාන් අලස්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කෙරුණි.( එම කතාව වෙනම ලිවිය යුත්තකි)  

කෙසේ වුවද  අනුර අරූට ගහපං මුට ගහපන් කියා මහින්ද පන්නයට කොන්ත්‍රාත් දෙන්නේ නැත.  

අනුර කොතරම් සූක්ෂමද යත්  චමුදිත සතු සම්පත් වලින්  ඒ ඒ පුද්ගලයාට පහර දීමට යොදාගත යුත්තේ  කවරෙක්ද යන්න පවා  දනියි.  

උදාහරණයක් ලෙස අනුර පසුගියදා නාකොටෙක් ලොක්කන් දෙදෙනාම මාරු කළේය. අනුක්‍රමිකව ඊට එරෙහිව ජන මතයක් ගොඩ නැගුණි.  

නාකොටික් ලොක්කන් කුඩු කිරීමට යොදාගත යුත්තේ  ” දෙහි ගෙදර ගෑණු ළමයා” බව අනුර දන්නේය.   

ටිරාන්ට සහ දේශබන්දුට එකට තියා ගැසීමට යොදාගත යුත්තේ වේදිනිගම  සාදු බව අනුර දනියි.  

චැනල් එකේ හවසට යූටියුබ් වැටෙන්නේ ඒ අනුවය.  

මේ ආකාරයට චමුදිතගේ යූ ටියුබ් එකට  අර්ථයෙන් සහ ධර්මයෙන් අනුර ලබා දායකත්වය පොඩි නැත.  

අනුර සම අධ්‍යක්ෂණය කරන වීඩියෝවක් හරහා කුමක් සමාජ ගතකළ ද නඩු වැටෙන්නේ නැත. ආරක්ෂක ඇමැති  අනුර ඒවා ගැන බලා ගනියි”.  

@Keerthi Ratnayake

පිළිතුරු ලබාදීමේ අයිතිය:-

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.

ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..

Email – [email protected]
WhatsApp – +94771474028

Latest Posts

spot_imgspot_img