Saturday, February 14, 2026
spot_img

Latest Posts

[BREAKING NEWS]ප්‍රෙස්ටීජ් රබර්ස් සභාපති Shasni Kamadeen හික්කඩුවේදී අත්අඩංගුවට!

හික්කඩුව:

ප්‍රෙස්ටීජ් රබර්ස් (Prestige Rubbers) ආයතනයේ සභාපති ශස්නි කමාඩීන් පොලිස් මූලස්ථානයේ විශේෂ කණ්ඩායමක් විසින් අද (18) දින අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා විමර්ශන අංශයේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති (DIG) දර්ශිකා කුමාරි මහත්මියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සැකකරු හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව සැඟව සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. ඔහු සමග ඔහුගේ නිවසේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද එහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සභාපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ඒමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව හෝ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වයි.

Latest Posts

spot_imgspot_img