Saturday, February 14, 2026
spot_img

Latest Posts

ඉස්ලාම් ආගමික රාජ්‍ය සේවකයන්ට රාමසාන් ආගමික වතාවත්වලට විශේෂ චක්‍රලේඛයක්..

එළඹෙන රාමසාන් සමය තුළ ඉස්ලාම් ආගමික රාජ්‍ය නිලධාරීන්ට තම ආගමික වතාවත්වල නිරත වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මඟින්, රාමසාන් උපවාසය හා බැඳුණු ආගමික වතාවත් සඳහා අවශ්‍ය වන නිශ්චිත කාලසීමාවන් සැලකිල්ලට ගනිමින් වැඩ මුර ක්‍රමවේදයන් සකස් කරන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

මෙම වසරේ රාමසාන් සමය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

චක්‍රලේඛයට අනුව, බැතිමතුන්ට පහත සඳහන් කාලසීමාවන් තුළ ආගමික වතාවත්වල නිරත වීමට හැකි වන පරිදි සේවා මුරයන් ක්‍රියාත්මක කළ යුතුය.

  • අලුයම 3:30 සිට පෙ.ව. 6:00 දක්වා
  • පස්වරු 3:15 සිට ප.ව. 4:15 දක්වා
  • පස්වරු 6:00 සිට ප.ව. 7:00 දක්වා
  • පස්වරු 7:30 සිට රාත්‍රී 10:30 දක්වා

මීට අමතරව, සුදුසුකම් ලත් රාජ්‍ය සේවකයින් සඳහා රාමසාන් උත්සව අත්තිකාරම් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහි උපදෙස් ඇතුළත් වේ. 

ඒ අනුව, රාමසාන් උත්සව සමය අවසන් වීමට දින 14කට පෙර අදාළ අත්තිකාරම් මුදල් ගෙවා අවසන් කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Latest Posts

spot_imgspot_img