Saturday, February 14, 2026
spot_img

Latest Posts

ජින්ගල් බෙල්ස් – ජින්ගල් “බේගල් ” වෙන හැටි

සංජීව බටුවත්ත විසිනි.

අපේ ජනාධිපතිතුමා කිව්ව විදියට, යාපනයේ ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රිඩාංගනයේ තරගයක් තියන්න තව දවස් 5යි තියෙන්නෙ. එතුමා පොරොන්දු උනා දෙසැම්බර් 31ට කලින් යාපනයේ මැච් එකක් ගහන්න.

අපි දේශපාලනිකව විරුද්ධ උනත් ජනාධිපතිතුමාට හැමදාම කියන්නෙ තමන් හැමදේම දන්නෙ නැති හින්ද උපදේශකවරු පත්කර ගන්න කියල මෙන්න මේ හින්දයි.

ක්‍රිඩාව සම්බන්ධ හොද උපදේශකවරයෙක් හිටිය නම් මේ වගේ කතා කියලා සවුත්ත වෙන්නෙ නැහැනෙ ජනාධිපතිතුමා.

තුමනි, ඔබතුමා මන්ඩතිව් ග්‍රවුන්ඩ් එක ගැන උජාරුවෙන් කියද්දිම මම දන්නවා ඔබතුමාව ඇන්දුවෙ කව්ද කියල.. මම එක දැන් කියන්නම්.

තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපතිකාලෙ ඔතන ග්‍රවුන්ඩ් එකක් හදන්න ට්‍රයි කලා. ඕකට පරිසර සංවිධාන විරෝධ විතරක් නෙමේ ඒ මඩ ගොඩේ පුළුවන් ඉස්සො කොටු දාන්න විතරක් හින්ද තිලංග ඒ වැඩේ අතඇරල දැම්මා.

එතකොට තිලංග ගෙ හොඳම ගෝලය සුජිව ගොඩලියද්ද. මේ පාරත් ශම්මි හරහා ඔය මඩ වගුර ගැන කියලා ඔබතුමා යාපනේ යද්දි ග්‍රවුන්ඩ් එකේ වැඩේ ගෙනාවෙ ශම්මි ඔන්න ඔහොමයි ජනාධිපතිතුමනි.

ශ්‍රීමාල්ට කියල ප්ලෙක්ස් බෝඩ් 20-30කුයි මාකි 3කුයි ගස්සල , ෆීසිබිලිටි වාර්තා නැතුව , ඇප්‍රෘඩ් නැති පරන ප්ලැනක් පෙන්නලා, පරිසර ක්ලියරන්ස් ,වෙරල සංරක්ෂණ වාර්තා මුකුත් නැතුව ග්‍රවුන්ඩ් එකක් එහෙම හිතුමනාපෙ හදන්න පුලුවන්ද ජනාධිපතිතුමනි.

ඔයාත් ඉතින් රෙද්ද පෙන්නුවහම කපල මහල ඇදගන්නවා.

ෂම්මි කිව්ව දේ අහලා ඔයා ගිහිල්ලා දෙසැම්බර් 31ට කලින් මැච් එකක් ගහලා , අවුරුදු 3කින් ජාත්‍යන්තර මැච් එකක් යාපනේට ගේන්නත් පොරොන්දු උනා. ඒ විතරක් නෙමේ සිංහල,දෙමල , මුස්ලිම්, බර්ගර් ටීම් එකක් ගැනත් කිව්වා.

ඔහොම ඇදගන්න එපා ජනාධිපතිතුමනි.

ඔයාට ක්‍රිඩාව බාරව උපදේශකයෙක් හිටිය නම් මෙහෙම වෙන්නෙ නැහැ.

යාපනේ කොල්ලො ටික් ටොක් එකේ ඔයාට කිංඩි දාද්දි වස ලැජ්ජයි ජනාධිපතිතුමනි.

අර සුගතදාස ග්‍රවුන්ඩ් එකේ ඉවෙන්ට් එකට අනුමැතිය දුන්නෙ කව්ද, ඇඩ්වාන්ස් ගත්තෙ කව්ද කියලත් හොයල බලන්න. අමතක කරන්න එපා ඒක ටුවරිස්ට් බෝඩ් එක අනුමත කරපු ඉවෙන්ට් එකක්. ඒකට එන්ඩෝසමන්ට් එක දුන්නෙ කිව්ද කියල විජිත හේරත්ගෙන් අහල බලන්න.

හරිනි චීෆ් ගෙස්ට් විදියට එන්න ෆික්ස්කලේ කව්ද කියලත් හොයල බලන්න.

ඔව්ව හොයල බැලුවෙ නැත්තං ඔය වගේ තක්කඩියෙක් ඇවිත් වෙලාවක ඔයාගෙ කලිසමත් ඔලුවෙන් ගලෝගෙන යයි.

ජින්ගල් බෙල්ස් – ජින්ගල් ” බේගල් ” වෙන්න ඔන්න ඔහොමයි තුමනි.

Sanjeewa Batuwatta ගේ මුහුණු පොතිනි.

Latest Posts

spot_imgspot_img