Saturday, February 14, 2026
spot_img

Latest Posts

ලංකාදීප පත්තර කන්තෝරුව වැහෙන ලකුණු – සේවකයන්ට පඩිත් නෑ

පද්මකුමාර මෙත්තසේන ලියයි.

හෙළ දෙරණේ අද්විතීයම පුවත් පත් ආයතනය වූ විජය පුවත් පත් ආයතනය හෙවත් ලංකාදීප, සන්ඩේ ටයිම්ස්, ඩේලි මිරර්, සිරිකත පත්තර කන්තෝරුව තම ප්‍රකාශන ජනතාව අතරට ගෙන යෑමේ අවසාන දිනය දුරස්කර ගැනීමේ වෑයමක මේ දිනවල නිරතවී සිටී.

ආයතනයේ නිර්මාණය කළ සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමා මෑවූ සුපිරි පුවත්පත් ආයතනයේ කඩාවැටීම මූල්‍ය පරිපාලනයේ පරිනත බවක් ඉසිලූ කමනී නානායක්කාර මැතිණියගේ සමුගැනීම ත් සමගම ඇරඹුණි.

මා පුවත් ආයතනයේ සේවය කළ වසර විසිපහේ විශිෂ්ට හා සොඳුරු පුද්ගලයකු වූ එවකට අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන (රුවන් විජයවර්ධන ගේ අයියා) මීට ටික කාලයකට පෙර සභාපති පුටුවේ වාඩි වීමත් සමගම ආයතනයට කණ කොකා හැඩුවේය. සිල්වර් සිලිපර් කැසිනෝ අධිපතිත්වය දැරූ කතෝලික පවුලක දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වූ රමාලි ( මොවුන් ගේ හෝම් කමින් ෆොටෝ ග්‍රැෆර් මම) හා විවාහයෙන් පසුව සුජාන් රමාලිගේ දැඩි පාලනයකට යටත් වී සිටින බව තතු දත්තෝ කියති.

මේ විවාහයට දැඩිව විරෝධය පෑ හුණුපිටිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ අද අප අතර නැත. පහුගිය කාලයේ ආයතනය ලද දැන්වීම් ආදායම පවා සුජාන්ගේ බුහුට්ටෙකු හරහා රමාලිගේ ගිණුම් වලට හරවා ඇති අතර ආයතනයේ ආදායම් ලැබීය යුතු සුජාන් ගේ සොයුරිය ඉරුෂි (මැගේ මංගල සාදය හා හෝම් කමින් ෆිටෝග්‍රැෆර් මම) ට හා සොයුරු රුවන් විජයවර්ධන ට නොදී රමාලි යටි මඩි ගසා ගන්නා බව ආරංචීයි.

සිදුවූ ව්‍යසනය සමග අරමුණු කර ගත් වාහන දැන්වීම් හා නත්තල් ප්‍රවර්ධන දැන්වීම් දෙසැම්බරයේ ලංකාදීප හා ටයිම්ස් වෙත නැත. ආයතනයේ කේළම් අප්පුහාමි වන තිස්ස කුඩාතිහිගේ කේළම් ආයතනයේ කෙළවීමට විශාල ලෙස හේතුවී ඇති අතර ඔහුව කලකට ඉහත ආයතනයෙන් ඉවත් කිරීමේ ඔරොප්පුව සදහටම සමනය කර ගැනීමේ වෑයම තිස්ස සුපිරියටම ක්‍රියාත්මක කරන බව සැලයි.

2026 පෙබරවාරියේ ආයතනය වසා දැමීමට අලුතෙන් පාලනය ගත් අන්දන්නන්ගේ පිහිට හා අවශේෂ සියලු උපද්‍රව දැන් ලංකාදීප සන්ඩේ ටයිම්ස් වැළද ගෙන ඇත. කමණි ගේ මූල්‍ය පාලනය තිබූ කාලයේ පැයතුන හතරෙන් ගෙවීම් සියල්ල සුපිරියට කල ලංකාදීප සන්ඩේ ටයිම්ස් සේවක මඩුල්ලට තවමත් ඔක්තෝබර් වැටුප් ලැබී නැත. මම ඇතුළු වැඩකරුවන්ට කෙළවීම පරිපාලනයට සැපතක් වුවද ආයතනයට කෙළවීම අපට නම් දුකකි. සුජාන් අද අවාසනාවේ කැඩපතක් බවට පත්වී හමාරය.

https://harigossip.com වෙබ් අඩවියෙන් උපුටා ගැනිනි.

Latest Posts

spot_imgspot_img