මෑතකදී ඇති වූ දරුණු රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (ජා.ජ.බ.) පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා දැඩි මහජන විවේචනයට ලක් විය. මන්ත්‍රීවරයාගේ රිය අනතුර සහ අනතුරෙන් තුවාල ලැබූවන් පිළිබඳව සමාජය පුරා කතාබහට ලක් වූ අතර, බොහෝ දෙනෙකු මෙම සිදුවීම විපක්ෂයේ දේශපාලනය හා සම්බන්ධ කරමින් දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න මතු කළහ.
මේ අතර, අශෝක රංවල මහතා මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව සිදු කිරීමට නියමිත පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් වැදගත් ප්‍රකාශයක් සිදු කර ඇත.
අශෝක රංවල මහතා අනතුරින් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින්, මේ දක්වා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ මත්පැන් පානය කර තිබේද යන්න පරීක්ෂා කිරීමට පොලීසියට නොහැකි වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ශරීරගත මධ්‍යසාර ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා ගතවන නිශ්චිත කාලයක් පවතී. ඒ අනුව, මන්ත්‍රීවරයාගේ මත්පැනි පානය කර සිටියා නම් ශරීරගත ඇල්කොහොල් මට්ටම දැනටමත් අවසන් වී ඇත්නම්, අනතුර සිදුවන අවස්ථාවේ පැවති තත්ත්වය තහවුරු කර ගැනීම අභියෝගාත්මක විය හැකිය.
මෙම පසුබිම තුළ, දේශපාලන විශ්ලේෂිකාවක් වන සුභාශිනී විෆ්ලර් විසින් තම සමාජ මාධ්‍ය සටහන ඔස්සේ"අනුරගේ ආණ්ඩු කිරීම හා රංවලගේ රිය පැදවීම"අතර සමාන්තරයක් දක්වමින්, ආපදා කළමනාකරණය සහ දේශපාලන ප්‍රතිචාර පිළිබඳව ආණ්ඩුවට සහ ජාතික ජන බලවේගයට එරෙහිව බරපතල විරෝධයක් සහ විවේචනයක් එල්ල කර ඇත.
අනුරගේ ආණ්ඩු කිරීම හා රංවලගේ රිය පැදවීම.
සුභාශිනී විෆ්ලර් විසිනි.
මේ දෙකම එක හා සමාන ය. ආපදාවට අනුර ක්‍රියාත්මක වුයේ ජනාධිපති වූ දා සිටම රංවල බීමත් ව රිය පැදවුවා මෙනි.
බීමත්ම රිය පැදවීම යනු මාවත් බාවිතා කරන ඕනෑම කෙනෙකුට කරන මරණ තර්ජනයක් වේ. රංවල මන්ත්‍රී කමකටවත් සුදුසු නැත. එහෙත් තෙල් හිඟය මවා ආණ්ඩු පෙරළු පස් දෙනාගේ කල්ලියේ ප්‍රධාන චරිතය රංවල ය. අනිත් අය තිරයෙන් පිටුපසය. ආණ්ඩුවේ වෙළඳ වරප්‍රසාද භුක්ති විඳිති. ඒ නිසා අනුර ට ඔහු දෙවියෙකි. ඩෝබින් ට ඔහු ආණ්ඩුව ආරක්ෂා කරන දෙවියාය. කථානායක ධුරයෙන් එලවා ගැනීමට සමාජ මාධ්‍ය විසින් සෑහෙන සටනක් කරන ලදී.
වරදක් කර සොරි කීමට හා කෝචෝක් කිරීමට උපන් හපන් අනුරගේ කණ්ඩායම විපතට පත් මිනිසුන්ට ඇඩ් දමමින් කෝචෝක් කරමින් සිටි. මනුස්සකම් නැති ආපදාව දේශපාලන මෙවලමක් කරගත් අනුර ට මගේ දැඩි පෞද්ගලික විරෝධය එම ඇඩ් වෙනුවෙන් දක්වමි. අමනුස්සයන් වත් එවැනි කෝචෝක් කරන්නේ නැත.
රංවල මන්ත්‍රී කෙනෙක් වුවද බීමත් වීමේ අයිතිය ඇත. එහෙත් බීමත්ව රිය පැදවීමේ අයිතිය කාටත් නැත. රංවලගේ මත්වීම පරික්ෂා වී නැත. මාධ්‍යයට බ්‍රේක් නැති වී ගිය බවත් පාක්ෂික කාන්තාවක් ලවා ප්‍රකාශ කර තිබෙනු දුටිමි. ඒ ගැහැණියට අර තුවාල වී සිටින දරුපවුල පෙන්වා දෙමින් මනුස්සකම් උගැන්වීමට කව්රුත් නැද්ද?
අනුර ආණ්ඩු කරන්නේද මෙලෙසින්ය. හෝදා ගැනීමට කරන පරිශ්‍රමය වලක්වා ගැනීමට හෝ හරියට ආණ්ඩු කිරීමට නැත. දෙන්නාම එකම ඝනයේ පුද්ගලයන් ය. බලවේගයම එවැනි 160 දෙනෙකුගෙන් රටට බරක් වී තිබේ. රටේ බදු මුදල් ගිලිමින් සිටි.
රන්වල ට රියදුරු බලපත්‍රයක් තිබේද? ඔහු මත් වී සිටියේද යන්න පරික්ෂා කිරීම පොලීසිය හා වෛද්‍යවරුන්ගේ කාර්යයකි. අවාසනාවට ඕවයේ දැන් ඉන්නේ අනුරගේ මිනිසුන්ය. එය අර යාලුවාගේ කැබිනට් පේපරය ට වූ දේ වැනිය. අල්ලස් කොමිසමට කබ්රාල් ගේ නඩුව වැනිය. අනුරට ආපදා කටයුතු අමාත්යංශය වැනිය.
මෙය හිනා විය යුතු දෙයක් නොවේ. චන්දය දුන් 68 ලක්ෂයක් පොලවේ පස් කමින් තමන් විසින් තමන්ගේ දරුවනට කල හානිය. තමන්ගේ රටට කල හානිය හා රටේ දිනෙන් දින හානි වන මිනිස් ජිවිත වලට වන හානිය ගැන හඬා වැටි ජාතියෙන් සමාව ගත යුතුය. හැකිනම් හැකි ඉක්මනින් ඔවුන්ම පාරට බැස මේ අපරාධ ආණ්ඩුව එලවා දමන වැඩේ ඔවුන් විසින්ම කල යුතුය. අපරාධ කර සෝදා ගැනීම, අපරාධ කිරීම හා සේදීම හැර වෙන යමක් මේ මාස 13 ට ආණ්ඩුව කර තිබේද? නැත.
හිතන්න දවසේ වෙඩිල්ල දැන්.. සිදු නොවේ. දවස් 1000 කදී වෙන මරණ වල තෘප්තියට වඩා ආපදාව ආණ්ඩුව තෘප්තිමත් කර ඇත. මේ වියරුවට තිත තැබිය යුතුය. අනුර ආණ්ඩුකරන්නේ රංවල රිය පැදවූ ආකාරයෙනි. මේ පිරුළ සටහන් කර තබා ගන්න. අනුර උපදෙස් ගන්නේද රංවලලා වැනි කරටි කැඩෙන්නට බීමත්ව උපදෙස් දෙන අයගෙනි. ඉතින් මේ පිරුළ ඔහුට හොඳින් ගැලපේ. සජිත් එක්කෝ ඔබ යන්න නැතිනම් විපක්ෂය ලෙස ආණ්ඩුවේ කටයුතු නිවැරදි කරන්න.
ටිකිරි සුභාෂිණි විෆ්ලර්
නීතිවේදිනි , අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)
විධායක අධ්‍යක්ෂිකා- ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)
විදේශ ලේඛම් – මහජන බලය පක්ෂය- ශ්‍රී ලංකාව.
Subhashini Wipfler මුහුණුපොතෙනි.

