Friday, December 19, 2025
spot_img

Latest Posts

📢 සන්නස්ගලගෙන් කාලීන දේශනාවක්: “පාංශුකූලේ වෙලාවේ ජෝගි නටන්න එපා!”

උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ මුහුණු පොතේ සටහන, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ගංවතුර හා ස්වභාවික විපත්වල පසුබිම මත, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය සහ නිලධාරීන් ඉගෙන ගත යුතු පාඩම් පිළිබඳව දැඩි විවේචනාත්මක සහ ප්‍රායෝගික අදහස් මාලාවක් ඉදිරිපත් කරයි.

මෙහිදී ඔහු අවධාරණය කරන ප්‍රධාන කරුණු වන්නේ:

විද්‍යාව විශ්වාස කිරීම: 2019 පාස්කු ප්‍රහාරය සහ වර්තමාන ගංවතුර තත්ත්වය උදාහරණ ලෙස දක්වමින්, "ආරංචි වුණා, මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ" යන ආකල්පයෙන් මිදී, කාලගුණ අනාවැකි වැනි විද්‍යාත්මක අනතුරු ඇඟවීම් වහාම පිළිගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.

කාලය කළමනාකරණය: ආපදා කළමනාකරණයට පෙර නිලධාරීන් කාලය කළමනාකරණය කර ගැනීමේ හදිසි අවශ්‍යතාව පෙන්වා දෙයි. බදුල්ලේ සිට කොළඹට පැමිණ පැය දෙකක රැස්වීමකට සහභාගී වී නැවත යෑමට වැයවන පැය 24ක කාලය, අර්බුදයකදී කොතරම් විනාශකාරීදැයි පෙන්වා දෙයි. ඒ වෙනුවට තාක්ෂණය භාවිත කරමින් රැස්වීම් පැවැත්වීමට යෝජනා කරයි.

ප්‍රායෝගික ක්‍රියාමාර්ග: රජයේ වියදම් කළමනාකරණය කරමින් (ශ්‍රී ලංකා ඩේ එක වැනි), එම මුදල් ආපදා තත්ත්වයට යෙදවීමටත්, නිවාඩු වෙනුවට රාජ්‍ය සේවකයන් යොදා ගෙන අත්‍යවශ්‍ය සේවා ගැසට් කිරීමටත් ඔහු යෝජනා කරයි.

උපදේශය: තීරණ ගන්නා බලධාරීන් (බේබිලා සෙට් එක) පොළොවට බැස ක්‍රියා කළ යුතු බව පවසන අතර, එහෙත් ඔවුන් රඟපෑම් නොකළ යුතු බවට දැඩි ලෙස උපදෙස් දෙයි.

සමස්තයක් වශයෙන්, මෙම සටහන, අර්බුදයකදී නිලධාරීන්ට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ විද්‍යාව නොසලකා හැරීම යන පොදු ගැටලු දෙකටම එරෙහිව නැගූ හඬක් ලෙස සැලකිය හැක.

‘ගහනව කියලා ආරංචි වුණා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ’

-2019 පාස්කු

‘ ගංවතුර සුළි සුළං එයි කියලා ආරංචි වුණා.

මෙහෙම ගලයි කියලා හිතුවේ නෑ.’

-2025 ගංවතුර

ආගමට උඩින් බලයට ඉහළින් විද්‍යාව විශ්වාස කරපල්ලා.

පරිසර විද්‍යාව ගැන කාලීන බණක් දේශනා කරපල්ලා.

12, 13, 14 ශ්‍රී ලංකා ඩේ එක දැම්ම ම කල් දාපල්ලා.

ඒකේ වියදම මිලියන් 300 ක්. මිලියන් 500 ක් දාල ඒක පස්සේ කරපල්ලා.

පාංශුකූලේ වෙලාවේ ජෝගි නටන්න එපා.

හත් දොහේ දානේ දෙනකල් හිටපල්ලා.

මූණ බලාගෙන උපදෙස් දෙන්න නියෝජිතයෝ කොළඹ ගේන්න එපා. තාක්ෂණය භාවිත කරපල්ලා.

බදුල්ලේ ඉදලා මන්ත්‍රී කොළඹ එන්න පැය 8 යි.

බදුල්ලට යන්න පැය 8 යි.

මීටිං එක පැය 2 යි.

පැය 24 ක් ඉවරයි.

බදුල්ල යටවෙලා දැන් පැය 20 යි.

ආපදාව කලමනාකාරණය කරන්න ඉස්සෙල්ලා කාලය කලමණාකරණය කර ගනිල්ලා.

රජයේ සේවකයන්ට නිවාඩු වෙනුවට අත්‍යවශ්‍ය සේවා ගැසට් කරපල්ලා.

බේබිලා සෙට් එක ලොකු ළමයි වගේ පොළොවට බැහැපල්ලා.

හැබැයි රඟන්න එපා.

කොල්ලෝ වීඩියෝ කරයි.

උපදෙස් දෙන්නේ තොට පාන්ද කියලා මගෙන් අහපල්ලා.

මිත්‍රවරුනි; බිග් කුච්චන් අප්පා..!

(උපුල් ශාන්ත සන්නස්ගල ගේ මුහුණු පොතෙන් උපුටාගති)

Latest Posts

spot_imgspot_img